(නිමන්ති රණසිංහ )
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් 7 දෙනකු කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි බවට කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (13) අධිකරණයේදි සටහන් තැබුවේය.
මෙම සැකකරුවන් අධිකරණයෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලිපි මගින් දන්වා යවන ලෙස මහෙස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ට්‍රාර්වරියටද නියෝග කළේය.
අභියාචනාඅධිකරණයේ නියෝග ප්‍රකාරව තමන් ඉදිරියේදී නඩුව කැඳවූ බවත් , ඒ සම්බන්ධයෙන් නියෝගයක් ලබා දීම සඳහා තමන්ට අවසර ලබා දී නැති හෙයින් හා පැමිණිම පමණක් සටහන් කරීමට නියෝග ලැබීම හේතුවෙන් මෙලෙස පැමිණිම සටහන් කරන බවද මහෙස්ත්‍රාත්වරයා එහිදී සඳහන් කළේය.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ විධායක අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂිස්, එහි සභාපති ජෙෆ්රි ඇලෝසියස්, ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන,චිත්ත රංජන් හුළුගල්ල ඇතුළු 7 දෙනකු අද අධිකරණයේ පෙනී සිටියහ.
මහබැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධ සැකකරුවන් ලෙස වරෙන්තු ලබා සිටින සැකකරුවන්ට අද සවස 4 ට කොටුව අධිකරණයට පැමිණෙන්නැයි අභියාචනාධිකරණයෙන් අද උදෑසන නියෝග කෙරිණි. ඒ අනුව මෙම පිරිස අද සිය නීතීඥයින් සමඟ පැමිණ අධිකරණය හමුවේ පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටවෙලා යනකොට වෙඩි තියන්න කෙනෙක් නැද්ද? රජීව් ගාන්ධිට ගහන්න කෙනෙක් හිටිය මගේ රටට අබ සරණයි.
සුගන්ධිකාලා, රන්ජන්ලා කියපුව ඇත්ත නේද ?
කොයි ආණ්ඩුව ආවත් හොරු නිදහස්. දුප්පතාට පමණයි නීතිය.
මෙයාලට අමුතු නීති. පුදුම රටක් මේක.
මේ වගේ පාපතරයන්ට උණ්ඩයක්වත් පාවිච්චි කිරීම අපරාධයක්. කොහොම උනත් මේ ඔක්කොම තොග වශයෙන් කනවා ස්වභාවධර්මයාගෙන්. අතීතයේ සම "හරක් " මහ පාරේම වන්දි ගෙව්වේ ඒ මහජන සාපයේ ප්‍රතිඵල නිසායි. එබැවින් මේ අයටත් ස්වාභාව ධර්මයේ නීතියේ වෙනසක් නැත. මොවුන් අනේකවිද දුක්විදින බව ස්ථිරය.
මහ කාළකන්නි, නීතිය බල්ලට ගිය රටක්.
දුප්පතෙකුට හෝ සාමාන්‍යය ජනතාවට මේවගේ නීති බලපානවද නැතිනම් දේශපාලුවන්ට පමණද ? බල්ලට ගිය රට.
පැමිණීම සටහන් කළ නිසා නිදොස් කොට නිදහස් කරයිද?
මේවා සේරම සැලසුම් සහගතයි. කොහෙද අධිකරණයේ ස්වාධීනත්වය? වරෙන්තුකාරයෙක්ට අධිකරණයට මෙහම ඇවිල්ලා යන්න පුළුවන් නම්......
රට ජාතිය බේරගන්න කියලා උඩදාගෙන ආපු දේශප්‍රේමී වීරයාගේ කෙරුවාව. හිටන් තව හොඳයි. තරු ගහපු අයගේ කතාවෙනම් ඇත්තක් තියෙනවා.
"ගෞරවනීය විනිශ්චයකරුවනි, ඔබ හොරකමක් සම්බන්ධව විත්තිකරුවෙකුට එරෙහිව නඩුවක් විභාග කරන විට ඔහු කොතරම් කාලයක් රක්ෂාවක් නැතිව සිටියේද, ඔහුට ජීවත් කිරීමට දරුවන් කී දෙනෙක් සිටියේද, සතියේ කී දවසක් ඔහු බිරිඳ හා ළමයින් සමග නිරාහාරව සිටියේද යනුවෙන් ඔබ ප්‍රශ්න කරන්නේ නැත. ඔහුගේ පරිසර තත්වය ගැන ඔබට තැකීමක් නැත. බඩගින්නට හොරකම් කළ දුප්පත් අයව ඔබ දඟගෙට යවනු ඇත. එහෙත් රජයෙන් මිලියන ගණනින් හොරකම් කරන,දූෂණයට මුල්තැන දෙන එක්කෙනෙක්වත් ඔබ හිරගෙදරට යවන්නේ නැත. ඒ ඔබ ඒ අය සමග රාත්‍රී භෝජනය ගන්නා නිසාය. ඒ අයගෙන් ඔබ යැපෙන නිසාය". - ෆිදෙල් කැස්ත්‍රෝ (1953 ජූලි 23 කියුබාවේ හවානා නුවර පැවති නඩු විභාගයකදී,
දැන් බලාගෙන ගියහම යටින් ඩිල් දමන දේශපාලන හොරුන්ට විපක්ෂයේ ඉන්නකොට ආණ්ඩුවේ හිටියට වැඩිය ලේසියෙන් බේරිලා ඉන්න පුළුවන්. හොර ආණ්ඩුවේ ඉන්නකොට විපක්ෂය නිතරම ආණ්ඩුවට ඇඟිල්ල දිගු කරනවා. දැන් කවුරු හරි ආණ්ඩුවට ඇඟිල්ල දිගු කළොත් ආණ්ඩුව කියාවි අපි දේශපාලන පලිගැනීම් කරන්නේ නැහැ පොලිසියට ඕනේ දෙයක් පොලිසිය කරපුදෙන් අධිකරණයට ඕන දෙයක් අධිකරණය කරාවී කියලා. අනේ දුප්පත් අපේ බදු මුදල්......අලුතෙන් ඉපදෙන ළදරුවත් උපදිනකොටම ණයකාරයෙක්, ප්‍රකෝටි ගණන් හොරකම් කරන දේශපාලනයට සමබන්ධ හොරු කරන හොරකම් වලින් 80% අහුවෙන්නෙම නැහැ. අහුවුනත් අර ඩොලර් මිලියනයක් හොරකම් කළ ශ්‍රීලන්කන් එකේ හොරාට වගේ නඩු වැටුනොත් සතියක් දෙකක් ඇතුළේ ඉඳලා බේරෙන්න පුළුවන්. මේ හොරකම ඩොලර් මිලියන කිහිපයක් නිසා හොරාට රිමාන්ඩ් එකට නොයාම බේරිලා ඉන්න පුළුවන්. රුපියල් ලක්ෂයක් දෙකක් හොරකම් කළානම් අනිවාර්යයෙන්ම රිමාන්ඩ්.
දැන් අධිකරණ වලින් කරන්නේ නම් ලකුණු කිරීමද?.
කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහත්තයා මේ "සැක කරුවන්ට" උසාවියට එන්න කියන්න ඇත්තේ ඒ අයගේ මුහුණ බලන්න මිස වෙන මොන මගුලකටද කියා මගේ ආච්චි අහනවා..! සැකකරුවන්ගේ මුහුණු බලා එය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලිපි මගින් දන්වා යැවීමත් කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහත්තයාට පැවරී ඇති අලුත්ම රාජකාරිය වග මේ පුවතින් අනාවරණය වෙනවා. කවුද අනේ මෙවැනි ජොබ් එකක් අධිකරණය වෙත පවරා තිබෙන්නේ? ඕවගේ ජොබ් එකක් කරන්න අවුරුදු ගණනක් නීති විද්‍යාලවල තපින්න ඕනෑද?
දින ගණන් කට්ටි පැණීම වරදක් නොවේද?
රනිල්, මහින්ද ඉන්නකම් රවීට මගුල්... හොරුන් තවත් හොරෙක් රකිනවා කොහොමත්...
නඩුත් රජුගේ. බඩුත් රජුගේ. මේ හොර සල්ලි බෙදා හදාගෙන .. රවිට නිදහස දෙන්න දැන් ඕනෑතරම් නීතිමය බලවතුන් ඉදිරිපත්වෙලා ඉන්නවා.