’ඇඳිරි නිතිය කඩකරන්නන්ට පොලිසියෙන් සමාවක් නෑ’ දිවයිනටම ඇඳිරි නීතිය පනවා තිබියදීත් එම නීතිය කඩකරමින් හැසිරෙන හා මාර්ගවල වාහනවලින් ගමන් ගන්නා පුද්ගලයන්ට පොලීසිය කිසිදු අනුකම්පාවක් නොදක්වන බව නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 20 March 2020
කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ සංඛ්යාව 70 දක්වා ඉහළට කොරෝනා වයිරසය ආසාදිත තවත් පුද්ගලයින් පස් දෙනකු පිළිබඳව තොරතුරු තහවුරුවී ඇතැයි සෞඛ්ය අමාත්ය පවිත්රා දේවි වන්නිආරච්චි මහත්මිය විශේෂ ප්රකාශයක් කරමින් පැවසූවාය. 20 March 2020
ආසාදිත ශ්රී ලාංකිකයින්ගේ සංඛ්යාව 65 දක්වා ඉහළට කොරෝනා වයිරසය ආසාදිත තවත් පුද්ගලයින් හය දෙනකු පිළිබඳව තොරතුරු තහවුරුවී ඇතැයි සෞඛ්ය අමාත්යංශය කියයි. 20 March 2020
පස්වරු 6.00 සිට දිවයිනටම ඇදිරිනීතිය මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි අද (20) පස්වරු 6 සිට සදුදා උදෑසන 6 ඇඳිරි නීතිය පන වන බව පොලිස් මාධ්ය ප්රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි. 20 March 2020
කොරෝනා ආසාදිත ශ්රී ලාංකිකයන්ගේ ගණන 59 දක්වා ඉහළට කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයින් 07 දෙනකු පිළිබඳව අද අනාවරණය වී ඇතැයි සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා අද (18) පැවසීය. 19 March 2020
මහ මැතිවරණය කල් යයි මහ මැතිවරණය අප්රේල් 25 වැනිදා පැවත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා කීවේය 19 March 2020
රාජ්ය-පෞද්ගලික අංශයන්ට සතියක් නිවසේදී රැකියා කටයුතු කරන්නැයි උපදෙස් හෙට(20) සිට ලබන සිකුරාදා(27) දක්වා වූ කාලය නිවසේ සිට රාජකාරී කටයුතු කරන කාලසීමාවක් ලෙස රජය ප්රකාශයට පත්කර තිබේ. 19 March 2020
බ්රිතාන්යයේ සිට ගුවන් යානයක් අද දහවල් කටුනායකට දැනට ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් රාජධානියේ රැඳී සිටින ශ්රී ලාංකිකයන් පිරිසක් රැගෙන ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරණ ගුවන් යානයෙන් අද (19) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. 19 March 2020
ඖෂධ හිඟ මුදල් ගෙවීමට බිලියන 10 ක් පසුගිය වසරේ( 2019) ශ්රී ලංකාවට ගෙන්වූ ඖෂධවල හිග මුදල් බිල්පත් ගෙවීම සඳහා රුපියල් බිලියන 10 ක් වෙන් කිරීමට රජය තීරණය තිබේ. 19 March 2020
ගුවන් මගීන් සඳහා කටුනායක වසාදමයි කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපළ අද(19) අලුයම 4.00 ට පැමිණීමේ ගුවන් මගීන් සඳහා වසා දැමීමට පියවර ගත් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්රකාශ කළේය . 19 March 2020
කොරෝනා ආසාදිත ලාංකිකයින්ගේ සංඛ්යාව 50 දක්වා ඉහළට කොරෝනා වයිරසය අසාදිත වූ තවත් ශ්රී ලාංකික පුද්ගලයින් 9දෙනකු අද(18) හඳුනා ගෙන ඇතැයි සෞඛ්ය ඇමැති පවිත්රාදේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. 18 March 2020
පුත්තලම-හලාවත-කොච්චිකඩේ පොලිස් බල ප්රදේශ 19 ක ඇදිරිනීතීය පුත්තලම පොලිස් බල ප්රදේශයේ ප්රදේශ 11 කට , හලාවත පොලිස් බල ප්රදේශයේ ප්රදේශ 7 කට සහ මීගමුව පොලිස් කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් බල ප්රදේශයට අද පස්වරු 4.30 සිට නැවත දැනුම් දෙනතුරු ඇදිරීනිය පනවා ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 18 March 2020
ලොකු ලූනු කිලෝව 150 යි අද (18) සිට ක්රියාත්මක වන පරිදි ලොකු ලුනු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 150 දක්වා අඩුකර ඇතැයි පාරිභෝගික අධිකාරිය පවසයි. 18 March 2020
කොරෝනා ආසාදිතයින් 43 දක්වා ඉහළට කොරෝනා ආසාදිත තවත් රෝගීන් 9 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්යස්ථානය වාර්තා කරයි. 17 March 2020
කොරෝනා ආසාදිත සංඛ්යාව 34 දක්වා ඉහළට කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්යාව අද(17) දිනයේදී 34 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්ය ඇමැති පවිත්රාදේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. 17 March 2020
ගුවන් යානා පැමිණිම සති දෙකකට නතර කරයි අද (17) සිට ක්රියාත්මක වන පරිදි සති දෙකක් කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොලට ගුවන් යානා පැමිණිම නතර කිරීමට කටයුතු යොදා තිබේ. 17 March 2020
කටාර්-බහරේන්-කැනඩා ගුවන් ගමන් අත්හිටුවයි කොරෝනා වයිරසය තදින් පැතිර යමින් තිබෙන තවත් රටවල් තුනක ගුවන් මගීන් ශ්රී ලංකාවට ඇතුළු කර ගැනීම අද (17) සිට නැවැත්වීමට රජය පියවර ගෙන ඇතැයි ශ්රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කරයි. 17 March 2020
අද සිට දින තුනක නිවාඩුවක් අද (17) සිට දින තුනක විශේෂ නිවාඩුවක් ලබාදීමට රජය ඊයේ (16) රාත්රියේ දී තීරණය කර ඇත. 17 March 2020
කොරෝනා ආසාදිත ශ්රී ලාංකිකයින්ගේ ගණන 28 දක්වා ඉහළට කොරෝනා වයිරසය ආසාදිත තවත් ශ්රී ලාංකික පුද්ගලයින් හය දෙනෙකු පිළිබඳව තහවුරු කරගෙන ඇතැයි සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා කියයි. 16 March 2020
කොරෝනා ආසාදිත ශ්රී ලාංකිකයින්ගේ ගණන 22 දක්වා ඉහළට කොරෝනා වයිරසය ආසාදිත තවත් ශ්රි ලාංකික පුද්ගලයකු පිළිබඳව අද ( 16) තහවුරු කරගෙන ඇතැයි සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය අනිල් ජා සිංහ මහතා කියයි. 16 March 2020
කොරෝනා ආසාදිත ශ්රී ලාංකිකයින්ගේ ගණන 21 දක්වා ඉහළට කොරෝනා වයිරසය ආසාදිත තවත් ශ්රි ලාංකික පුද්ගලයින් තිදෙනකු පිළිබඳව අද ( 16) තහවුරු කරගෙන ඇතැයි සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය අනිල් ජා සිංහ මහතා පැවසීය. 16 March 2020
රියදුරු බලපත් ආශ්රිත කටයුතු නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි රියදුරු බලපත්ර ලබා ගැනීම, අලුත් කිරීම, විභාග කටයුතු ඇතුළු ඒ ආශ්රිත සියලු කටයුතු මාර්තු 31 වැනිදා තෙක් තෙක් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව සීමා කිරීමට ප්රවාහන කළමණාකරණ සේවා අමාත්යංශය හා මෝටර් රථ දෙපාර්තමේන්තුව අද (16) පියවර ගෙන තිබේ. 16 March 2020
සෑම දිස්ත්රික්කයකම කොරෝනා මර්දන කාර්යාල කොරෝනා වයිරසය ශ්රී ලංකාවේ තවදුරටත් ව්යාප්තවීම වළක්වා ගැනීම සඳහා සෑම දිස්ත්රික් ලේකම් කාර්යාලයකම කොරෝනා මර්දන තොරතුරු වාර්තා මධ්යස්ථානයක් ආරම්භ කළ යුතු යයි රාජ්ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්යංශය නව චක්රලේඛයක් නිකුත් කර තිබේ. 16 March 2020
ඌව වෙල්ලස්ස සරසවියේ නවක සිසුන් බඳවා ගැනීම කල් යයි ඌව වෙල්ලස්ස විශ්වවිද්යාලයේ නවක සිසුන් බදවාගැනීම නැවත දැනුම් දෙන තුරු කල් දැමූ බව ඌවවෙල්ලස්ස.විශ්වවිද්යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි . 16 March 2020
කොරෝනා ආසාදිතයින් ගණන 18 දක්වා ඉහළට ශ්රී ලාංකික කොරෝනා ආසාදිත තවත් රෝගීන් හත් දෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 15 March 2020
මහ මැතිවරණය සැලසුම් කළ පරිදි පෙර සැලසුම් කළ පරිදි අප්රේල් 25 වැනිදා මහ මැතිවරණය පැවැත්වෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (15) පැවසීය. 15 March 2020
ශ්රී ලාංකික 11 වැනි ආසාදිතයාත් හමුවෙයි කොරෝනා වයිරසය ආසාදිත ශ්රි ලාංකික 11 වැනි පුද්ගලයා පිළිබඳව තහවුරු කරගෙන ඇතැයි සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය අනිල් ජා සිංහ මහතා කියයි. 15 March 2020
‘විදෙස්ගත ලාංකිකයන්ගේ පැමිණිමට කිසිදු සීමාවක් පනවා නැහැ‘ විදේශයන්හි සිටින ශ්රී ලාංකිකයින්ට මෙරටට පැමිණීම සම්බන්ධයෙන් කිසිම සීමාවක් පනවා නැතැයි ආගමන විගමන පාලක ජනරාල් සරත් රූපසිරි මහතා පැවසීය. 15 March 2020
රැඳවියකුට කොරෝනා වැළඳුනේ යැයි සැකයට බන්ධනාගාර නිලධාරීහු වැඩ වරති අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකුට කොරෝනා රෝගය වැළදී ඇතැයි සැකයට අනුරාධපුර ශීක්ෂණ රෝහලට ඇතුළත් කළ රෝගියාට බියෙන් බන්ධනාගාර නිලධාරින් සේවයට වාර්තා නොකිරිමෙන් බන්ධනාගාරයේ රාජකාරි කටයුතු වලට බාධා ඇති වී තිබෙන උසස් නිලධාරියකු අද (15) පැවසීය. 15 March 2020
වන්දනා ගමන්-ආගමික උත්සව නවත්වන්නැයි උපදෙස් සියලු වන්දනාගමන් නවතා දමන ලෙසත් ජනතාව සහභාගී වන ආගමික උත්සව අවලංගු කරන ලෙසත් බුද්ධ ශාසන අමාත්යාංශය නිවේදනයක් නිකුත් කර ඇත. 15 March 2020
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026