මහ මැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීවේය.
කොරෝනා වයිරස් රෝගය ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවද තත්ත්වය පාලනය වන තුරු මැතිවරණයක් පැවැත්වීම ගැන සිතිය නොහැකි බවද සභාපතිවරයා කීවේය.
මේ ව විට පැවැත්වෙන මැතිවරණ කොමිෂන් සභාවේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදී සභාපතිවරයා මේ බව සඳහන් කළේය.
ඒ අනුව මහ මැතිවරණය අප්‍රේල් 25 දින නොපැවැත්වෙන අතර ඊට දින 14කට පසු කොරෝනා තත්ත්වය පාලනව වන ආකාරය අනුව මැතිවරණය පැවැත්වෙන දිනය දැනුම්දෙන බව ඒ මහතා කීය.
(ඡායාරූප - ඉෂාන් සංජීව)

COMMENTS
නාමයෝජනා ගැනීම අවසන් වනතුරුම හිටියා නේද? ඔය ටික කියන්න...
ජයවේවා..!! ස්තුතියි මහත්මාණෙනි...
නාම යෝජනා දීලා ඉවරවෙනකන්නේ බලන් හිටියේ.... රටකට ගිය කලක්...
නන්දසේන දුන්න පොර ටෝක් ආයෙත් හබක්.. ඔයා නම්... සිරිසේන ඔයාට වඩා ඉදිරියෙන්..
දේශපාලුවන්ට මැකො දුන්න කනේ පාර මාස ගානක් රැව් දෙයි... මේ වගේ මනුස්යෙක් රටේ නායකයා නොවෙන්නේ අපේ අවාසනාවටද මන්දා.. කොහොම උනත් ආදරෙයි මැකො...
මෙය තමා වියයුත්තේ . දැන් ජනපතිතුමාට තමන්ට අවශ්‍ය පරිදි පාලක කමිටුවක් පත්කරගෙන කොරෝනා මර්ධන කටයුතු අවසන් වනතුරු කකුල් වලින් ඇදීමකින් තොරව කටයුතු කරගෙන යන්න
කවදා ඡන්දෙ තිබ්බත් බයියන්ට 2\3 නම් දෙන්න එපා...
ව්‍යවස්තාව අනුව මැතිවරණ කොමිසම නිවැරදියි.ජනතාවට මේ ව්‍යවස්ථාව වැරදි නම් කල යුත්තේ කුමක්දැයි කියන්න වුවමනා නැහැනේ...
මැ.කො... ගේ කොන්ද මාර හයියයිනේ... මෙ වගේ ජනාධිපති කෙනෙකුත් අපට හිටියා නම්...
ජනාධිපති විසින් මැතිවරණය කල් දැමීම නොකර මැතිවරණ කොමසාරිස් ලවා මැතිවරණය කල් දැමීම.
මේවා මැකෝ නෙවෙයී තීරනය කරන්නේ. ප්‍රකාශ කරනවා විතරයි. ඡනාධිපතිත් නෙවෙයි අගමැති තමා තීරන ගන්නේ. නාම යෝඡනා දෙනකම් හිටියා. දැන් එයාලට ප්රචාරක වැඩට ඕනතරම් කල් තියෙනවා.
චන්දයට වඩා වටින්නේ ජනතාවගේ ජීවිතයි...
අපේ රට 225 වයිරස් එකෙන් බේරුනා
අමල්, මැ.කෝ ගේ කොන්දහයියයි ඔය ඡන්දෙ ඉල්ලන අයට හයියෙන් පත, පත බෙදලා දුන්නනම් පොරකන එක නවත්තගන්න පුලුව මගේ හිතේ....
ඒ කියලා මැතිවරණ ප්රතිඵලවල ලොකු වෙනසක් වෙන්නෙ නෑ.
මැකෝ මේ වනතුරු හිටියේ ජනාධිපතිට සහ කැබිනෙට්ටුවට ඕනවිදියට බලේ තියාගන්න ඉඩදෙන්න. ජනාධිපති කල් දැම්මනම් ඔහුටම පාර්ලිමේන්තුව කැඳවන්න වෙනවා. එතකොට බහුතර බලය තියෙන්නේ පාර්ලිමේන්තුවේ විපක්ෂයටයි.
ඕක කියන්න මෙච්චර කාලයක් හිත හිත ඉන්න ඕනෙද?
මෑ. කෝ ට තියන පණ ආණ්ඩුවට නෑ
නාමයෝජනා භාරදෙනකන්ම බලන් හිටියා කියන මහත්වරුන් වෙත - මැතිවරණ නීති අනුව නාමයෝජනා භාරදීමට පෙර මැතිවරණයක් කල්දැමීමට හැකියාවක් මැතිවරණ කොමිසමට නොමැති අතර, එතෙක් එම බලය ඇත්තේ ජනපතිවරයාට පමණකි. මැතිවරණ කොමිසම මැතිවරණයක් කල්දැමීම සදහා බලාත්මකවන්නේ නාමයෝජනා භාරදීමෙන් පසුව පමණකි. නිවැරදි කරුණු අවබෝධ කරගන්නට ඇතැයි සිතමි.
මැ.කෝ මේ ටික කියන්න තිබුනේ නාම යෝජනා දීමට පෙර නේද? දැනට දින තුනකට පමණ පෙර ඔහුගේ මෙම තීරණය ප්‍රකාශ කර නාම යෝජනාවත් අලවංගු කරා නම් රටට කොතරම් මුදලක් ඉතිරිකරගැනීමට තිබුණාද? එම විශාල මුදල දැනට පවතින කොවිඩ් 19 වෙනුවෙන් යොදාගෙන ජීවිත කීයක් බේරා ගැනීමට ඉඩ තිබුණාද?