කොරෝනා වයිරසය ආසාදිත තවත් ශ්‍රි ලාංකික පුද්ගලයකු පිළිබඳව අද ( 16) තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා කියයි.
වයස අවුරුදු 73 ක පුද්ගලයකු වන ඔහු වන විට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.
අද(16) වාර්තා වූ සිව්වැනි ආසාදිතයා සමඟ මේ වන විට ශ්‍රී ලාංකික ආසාදිතයින්ගේ සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින්ගේ ගණන 22 දක්වා ඉහළට
MOHOMED Monday, 16 March 2020 11:30 AM
මේ ඔක්කෝටම රජය තමයි වග කියන්න ඕනේ..
CiscoMonday, 16 March 2020 12:24 PM
අපේ තියෙන නොසැලකිල්ල නෙවෙයිද? ලෙඩක් කියලා දැනගත්ත ගමන්ම වෛද්‍ය උපදෙස් පිළිපැදීමයි කළයුත්තේ... එ්ත් අපේ මිනිස්සු මොකද කරන්නේ...? රජයේ සහ වෛද්‍ය උපදෙස් නොසලකා හරින එක වීරකමක් ලෙස කල්පනා කරන්නේ...
raviMonday, 16 March 2020 02:15 PM
හරි ලස්සන අදහසක්.. පසුගිය ආණ්ඩුකාලයේදී ගංවතුර ගලපු වෙලාවේ.. පොහොට්ටුවෝ පාරට බැහැලා මොරදුන්නා. රජය තමයි මෙව්වට වගකියන්න ඕනේ කියලා.. මෛත්‍රී මහත්තයාව පීචං කෙරුවා. ඒ නිසා වෙන්න ඇති.. දෙයියෝ වර්තමාන ආණ්ඩුවට වසංගතයක් දීලා තියෙන්නේ... තාම පටන් ගත්තා විතරයි.
සංජීව Monday, 16 March 2020 12:11 PM
මෙයා කරාපිටියෙන්. එ් කියන්නේ නිරෝධායනයට හසුනොවුණු කෙනෙක්. අවුරුදු 73ක් කියන්නේ රට ඉඳලා ආව කෙනෙක් වෙන්නත් අමාරුයි. එතකොට කොහොමද මෙයාට මේක බෝවුනේ..? ඇයි මේ අය ගැන වැඩි විස්තර කියන්නේ නැත්තේ...?
jeewakaMonday, 16 March 2020 02:58 PM
ගාල්ලේ කියන්නේ ආපු සංචාරකයෙක්ගෙන් වෙන්න බැරිද ? ඔය ඔක්කොම විස්තර මිනිස්සුන්ට කියන්න අමාරුයි. මෙයා ආශ්‍රය කරපු අයව , ආගිය තැන් දැනුවත් කරයි. නැතුව මුළු ලංකාවටම මේ ලෙඩ්ඩු ගැන කියන එක හරි වැඩක් නොවෙයි.
Kumara Monday, 16 March 2020 01:14 PM
සුපර් මෑන්... කොහේද දන්නේ...?
ආන්ජලෝ(රෝමය) Monday, 16 March 2020 03:19 PM
රජය හොද තීරන අරන් තියෙනවා. මේ ඉතාලියෙත් ගොඩාක් ප්‍රමාදවෙලයි අද භයානක තත්වයක ඉන්නේ. පරිස්සම් වීමට හොදම ක්‍රමය මේ ඉදිරි සති 2ක අත්‍යාවශ්‍ය කරුනකට හැර පුලුවන්තරම් ගෙදරට වි සිටිම, මේ පොලිසිය පාරේ නිකරුනේ ගැවසුනොත් දඩ සහ නඩු දමනවා. මේ වගේ තත්වයක් ලංකාවේ ඇති නොවිමටනම් හොදට දැනුවත් වී පිලිපදින්න.