( ඉන්දිකා රාමනායක )
පුත්තලම පොලිස් බල ප්‍රදේශයේ ප්‍රදේශ 11 කට , හලාවත පොලිස් බල ප්‍රදේශයේ ප්‍රදේශ 7 කට සහ මීගමුව පොලිස් කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 4.30 සිට නැවත දැනුම් දෙනතුරු ඇදිරීනිය පනවා ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
පුත්තලම පොලිස් බල ප්‍රදේශයේ ආණමඩුව, සාලිය වැව, නවගත්තේගම, මුන්දලම, උඩප්පුව, නොරොච්චෝලේ ,කල්පිටිය, වනාතවිල්ලුව, පල්ලම, කරුවලගස්වැව
හලාවත පොලිස් බල ප්‍රදේශයේ ආරච්චිකට්ටුව, හලාවත, මාදම්පේ, මාරවිල , වෙන්ප්පුව, කොස්වත්ත,දන්කොටුව
සහ මීගමුව පොලිස් කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශය ඇතුළුව පොලිස් බල ප්‍රදේශ 19 ට මෙලෙස ඇදිරිනීතිය පනවා තිබේ.

COMMENTS
මේ මොකද? ඉතාලියෙන් ආපු ඇත්තෝ මේ ප්‍රදේශයේ සැඟවී සිටිනවාද?
ඇත්තටම මේ තත්වය මුළු රටටම බලපාන අන්දමට ක්‍රියාත්මක කළයුතු වෙලාවක් මේක. පළවෙනි කොරෝනා ආසාධිතයා දැනගන්නට ලැබුණු අවස්ථාවේ ගුවන් තොටුපල සහ වරාය වසාදම්මා නම් අද අපි මුහුණදෙන තත්වය බොහෝ වශයෙන් අවම කරගන්නට තිබුණා. කොහෙද අපි ඉතින් කවදාවත් ඉගෙන ගන්න ජාතියක් නෙවේනේ... රටට හෙණ ගැහුවත් ඡන්දයක් තියල තුනෙන් දෙක ගන්න ඕනෑමයි කියන මිනිස්සුනේ මේ රටේ ඉන්නේ...
තක්කාලි සහ ඔලිව් වතුවල වැඩට ඉතාලි ආව වෙන්නප්පු, හලාවත සහ කල්පිටියේ සෙට් එකක්ම හොරෙන් පැනලා තියෙනවලු.
මේක නම් ඉතාමත් වටින තීරණයක්... අපේ රටේ ඉන්න ගොඩක් අයට මේ වයිරසය ව්‍යාප්තවීම කොච්චර භයානක අන්දමින් වෙනවද කියල තේරුම් කරන්න අමාරුයි. පාසල් දරුවන්ගේ අධ්‍යාපනය අතරමගදී නවත්තලා රට බොහෝ පාඩු විඳගෙන රාජ්‍ය සහ පුද්ගලික ආයතන නිවාඩු දිලා තියන්නේ මොඩයින් වගේ රට වටේ යන්න, පාටිදාන්න නෙවෙයි. මගෙ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ඔයාලා හැම දෙනෙක්ම අඩුම ගානේ ඔයාලගෙ දරුවන්, දෙමව්පියන්, සහෝදර සහෝදරියන් ගැන හිතලාවත් ගෙවල්වල ඉන්න...
ආණ්ඩුවට කිසි සැලැස්මක් නැතිබවයි මේකෙනුත් පේන්නේ... ලොක්ඩවුන් කරන්න හේතුවක් නැහැයි කියපු ජනාධිපතිම දැන් ඇඳිරි නීතිය දානවා. පවිත්‍රා කිව්වා ලංකාවම ලොක් ඩවුන් කරන්න බැහැ හුඟක් මිනිස්සු එදා වේල හොයන කන මිනිස්සු හින්දා කියලා. දැන් ඇඳිරි නීතිය දැම්මාම එදා වේල හොයන් කන මිනිස්සුන්ට මොකද වෙන්නේ..? ජනාධිපති සහ ආණ්ඩුව ඉතාම වගකීම් විරහිතව හැසිරෙන්නේ... මේක මේ ත්‍රස්තවාදයක් වගේ දෙයක් විදිහට සලකලා නෙමෙයි මානුෂික පැත්ත ගැන බලලා තීරණ ගන්න ඕනේ වෙලාවක්. ජනාධිපති රුපියල් බිලියන් 10ක් අතේ තියන් ඉන්නවා ඡන්දෙට... ආසියානු බැංකුව ඩොලර් ලක්ෂ 6ක් දුන්නා කොරෝනාවෙන් මිනිස්සු ආරක්ෂා කරන්න. තව දැන් චීනෙන් ඇමරිකන් ඩොලර් මිලියන 500ක ණය ගිවිසුමකුත් අත්සන් කරලා... කොරෝනා වලින් මිනිස්සුන්ව බේරාගන්න නම් මිනිස්සුන්ට ගෙවල්වල ඉන්න පුළුවන් විදිහට සහන දෙන ක්‍රමයක් සහ රස්සාවල් කරන මිනිස්සුන්ට ගෙදර ඉන්න කාලෙත් මුළු වැටුපම ගන්න පුළුවන් විදිහට හාම්පුතුන්ටත් ව්‍යාපාර සහන ක්‍රමයක් හදන්න ඕනේ. මාස 3ක් උඩ බලන් ඉඳපු ජනාධිපති දැන් එකපාරට තක්කු මුක්කු වෙලා ඇඳිරි නීතිය දානවා...
ඉතාලිය තුළ මේ සිදුවෙමින් පවතින තත්වය තුළ, අනාගතයේදී, ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට මුහුණ පාන්නට සිදුවෙන ඛේදවාචකය ගැන සිතා ඔවුන් සතුව ලංකාවේ තිබෙන දේපළ කොල්ලකෑමේ අරමුණෙන්ම සමහර වෙන්නප්පුවේ පිරිමි ලංකාවට පැමිණි බවත් ආරංචියි. කූඨලේඛන හැදීමට ප්‍රසිද්ධියක් ලබන නීතීඥයින් ලඟින් ඇසුරු කරන මොවුන් හට, දෛවයේ සරදමින් බාගෙට කොරෝනා වලන් දීඇති නිසා මේ මොහොතේ ඔවුන්ගේ නිවෙස් තුළ සැඟවී සිටින බවත් ආරංචියි. අම්මෝ මෙහෙමත් මිනිස්සු...