මරදානේ කොරෝනා ආසාදිතයා සිටි නිවාස සංකිර්ණය වසාදමයි ‘කොවිඞ් 19’ හෙවත් ‘නව කොරෝනා’ වයිරසය ආසාදනය වී මියගිය තෙවන පුද්ගලයා පදිංචිව සිටි මරදාන ‘ෆොබර්ස් ලේන්’නිවාස සංකීර්ණය හුදකලා කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තේය. 02 April 2020
කොරෝනා ආසාදිතයන් 148 දක්වා ඉහළට කොරෝනා වයිරසය ආසාදනය වු තවත් පුද්ගලයින් දෙදෙනකු වාර්තා වු බව සෞඛ්ය ප්රවර්ධන කාර්යංශය පවසයි. 02 April 2020
අකුරණ ආසාදිත කාන්තාවන් දෙදෙනා ගිය අවමඟුල් උත්සවයට එක් වූ පිරිස් සොයයි අකුරණ තෙළඹුගහවත්ත ප්රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිත කාන්තාවන් දෙදෙනා ප්රදේශයේම කාන්තාවකගේ අවමඟුල් උත්සවයකට සහභාගී වී ඇති බැවින් එහිදී එම අවමඟුල් උත්සවයට සහභාගී වූ පිරිස්වලට ඉදිරිපත් වන ලෙස අකුරණ සෞඛ්ය වෛද්ය නිලධාරි කාර්යාලය ඉල්ලා සිටී. 02 April 2020
ශ්රී ලංකාවේ තුන්වැනි කොරෝනා මරණය කොරෝනා වයිරසය ආසාදනය වී ප්රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි නිල නොවන ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ. මෙම මරණය සිදුවී ඇත්තේ අඟහරුවාදා රාත්රී 11.30 ට පමණ බවද වාර්තා වේ. 02 April 2020
අදත් කොරෝනා ආසාදිතයන් තිදෙනකු හමුවෙයි කොරෝනා අසාදිත තවත් පුද්ගලයින් තිදෙනකු අද(1) හමු වූ බව සෞඛ්ය සේවා අද්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා කියයි. 01 April 2020
අකුරණ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයම වසයි අකුරණ තෙළඹුගහවත්ත ප්රදේශයෙන් හමුවූ මධ්යම පළාතේ මුල්ම කොරෝනා ආසාදිත රෝගියා මගින් වයිරසය ආසාදනය වීමට වැළැක්වීමේ අරමුණ ඇතිව අකුරණ ප්රාදේශිය ලේකම් කොට්ඨාසයේ සියලු ග්රාම නිළධාරි වසම් සම්පර්ණයෙන් මේ වන විට වසා ඇති බව අකුරණ ප්රාදේශිය ලේකම් ඉන්දිකා කුමාර අබේසිංහ මහත්මිය ප්රකාශ කළාය. 01 April 2020
කොරෝනා ආසාදිතයින් 143 දක්වා ඉහළට කොරෝනා අසාදිත පුද්ගලයින් 21 දෙනකු මේ වන විට වර්තා වී ඇතැයි සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශය කියයි. 31 March 2020
කොරෝනා ආසාදිතයින් සංඛ්යාව 142 දක්වා ඉහළට කොරෝනා වයිරසය ආසාදිත වූ පුද්ගලයින්ගේ සංඛ්යාව 142 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්ය ප්රවර්ධන කාර්යංශය පවසයි. 31 March 2020
වෛද්ය නිලධාරීන්ගේ සංගමයෙන් රජයට දැඩි නිර්දේශ කොරෝනා රෝග ව්යාප්තවීම වැළැක්වීමේ අරමුණීන් පනවනු ලැබ ඇති ඇඳිරි නීතීය විටින් විට ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතු යැයි රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි. 31 March 2020
තවත් කොරෝනා රෝගීන් 10 දෙනෙක් කොරෝනා අසාදිත පුද්ගලයින් 10 දෙනකු අද වර්තා වී ඇතැයි සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශය කියයි. 31 March 2020
දිස්ත්රික්ක 6 ක ඇඳිරිනීතිය නැවත දැනුම් දෙනතුරු බලාත්මකයි කොළඹ , ගම්පහ, කලුතර, පුත්තලම,මහනුවර සහ යාපනය යන දිස්ත්රික්කයන්හි දැන් ක්රියාත්මක වන ඇඳිරිනීතිය නැවත දැනුම් දෙනතුරු බලාත්මක කර තිබේ. 31 March 2020
ඇඳිරිනීති බලපත්ර නැත්නම් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගන්නවා තම සේවා හැදුනුම්පත ඇදිරි නීති බලපත්රයක් වශයෙන් භාවිතා කිරීමට අවසර ලත් තැනැත්තන් හා එම වාහන වලට හැර ඇදිරිනීති බලපත්ර නොමැතිව මහා මාර්ග හා අතුරු මාර්ගවල ගමන් ගන්නා සියලූම පුද්ගලයන් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගෙන නීරෝධාන නීතිය යටතේ සහ අපරාධ නීතිය යටතේ නඩු පවරන බව පොලිස් මාධ්ය ප්රකාශක පොලිස් අධිකාරි නීතිඥ ජාලිය සේනාරත්න මහතා පවසයි. 31 March 2020
කළුබෝවිල රෝහලේ ආසාදිතයා සමඟ සිටි අයෙක්ගේ නිවසක පිරිසක් නිරෝධායනයට කලුබෝවිල ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී හමුවූ කොරොනා ආසාදිතයා රැඳී සිටි 5 වාට්ටුවේ ප්රතිකාර ලබමින් සිට රෝහලින් පිටව ගොස් තිබූ පුද්ගලයකුට අයත් කහපොල රෙජිඩෙල්වත්ත වත්ත ප්රදේශයේ නිවසක් අද( 31) උදෑසන නිරෝධායන නිවසක් බවට නම් කළ බව කැස්බෑව සෞඛ්යය වෛද්ය නිලධාරී කාර්යාලය පවසයි. 31 March 2020
කොරෝනා ආසාදිතයෙක් හමුවීමෙන් කළුබෝවිල රෝහලේ වාට්ටුවක් වහයි කලුබෝවිල ශික්ෂණ රෝහලේ අංක 5 වාට්ටුවේ ප්රතිකාර ලබමින් සිටි පුද්ගලයකුට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බව වෛද්ය වාර්තාවලින් තහවුරු වීමත් සමග එම වාට්ටුව වසා දැමීමට කටයුතු කළ බව රෝහල් අධ්යක්ෂක අසේල ගුණවර්ධන මහතා පැවසීය. 30 March 2020
ශ්රී ලංකාවේ කොරෝනා ආසාදිත දෙවැනියාත් මරුට කොරෝනා වයිරසය ආසාදනය වී මිගමුව දිස්ත්රික් රෝහලේ ප්රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයකු මිය ගිය බව සෞඛ්ය අමාත්යාංශය පවසයි. 30 March 2020
දිස්ත්රික්ක 6 කට ඇඳිරි නීතිය දිගටම කොළඹ,කළුතර,ගම්පහ, පුත්තලම,යාපනය සහ මහනුවර දිස්ත්රික්ක වලට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම බලාත්මක බව රජය පවසයි. 30 March 2020
කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්යාව 122 දක්වා ඉහළට ශ්රී ලංකාවේ කෙරෝනා ආසාදිතයන්ගේ සංඛ්යාව 122 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්යා අංශය කියයි. 30 March 2020
ශ්රී ලංකාවේ කොරෝනා ආසාදිත ගණන 120 දක්වා ඉහළට ශ්රී ලංකාවේ කෙරෝනා ආසාදිතයන්ගේ සංඛ්යාව 120 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්යා අංශය කියයි. 30 March 2020
නාවික හමුදා රාජකාරියට බාධා කළ ආරච්චිකට්ටුව ප්ර.ස. මන්ත්රී අත්අඩංගුවට ආරච්චිකට්ටුව කරුක්කුපනයේ නාවිකහමුදා අණුුඛණ්ඩයේ රාජකාරියේ යෙදී සිටි නාවික හමුදා නිළධාරීන්ගේ රාජකාරියට බාධා කළ ආරච්චිකට්ටුව ප්රාදේශීය සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්රී වරයෙකු අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි. 30 March 2020
බදුල්ල දිස්ත්රික්කයේ ප්රධාන නගර හතරක් හෙට වැසේ ඇඳිරි නීතිය ඉවත් කළ ද හෙට (30) වැලිමඩ , බණ්ඩාරවෙල , හපුතලේ සහ දියතලාව යන නගර හතරම වසා දැමීමට පියවර ගත්බව බණ්ඩාරවෙල පොලිස් අධිකාරී අතුල ද සිල්වා මහතා පැවසීය. 29 March 2020
දිස්ත්රික්ක 6ක ඇදිරීනීතිය දිගටම කොළඹ, ගම්පහ , කළුතර ,යාපනය , පුත්තලම සහ මහනුවර යන් දිස්ත්රික්ක සඳහා නැවත දැනුම් දෙනතුරු ඇදිරිනීතිය දිගටම ක්රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. 29 March 2020
ශ්රී ලංකාවට ගුවන් මගීන් රැගෙන ඒමේ තහනම දීර්ඝ කරයි ශ්රී ලංකාවට ගුවන් මගීන් රැගෙන පැමිණෙන සියලුම මගී ගුවන් යානා කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපළට පැමිණිමට පනවා තිබූ තහනම අප්රේල් මස 07 වැනිදා තෙක් දීර්ඝ කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ . 29 March 2020
ශ්රී ලංකාවේ කොරෝනා අසාදිත සංඛ්යාව 115 දක්වා ඉහළට ශ්රී ලංකාවෙි කොරෝනා අසාදිතයින්ගේ සංඛ්යාව 115 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්යා අංශය කියයි. 29 March 2020
අයිඩීඑච් රෝහලේ ප්රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයෙක් මරුට කොරෝනා ආසාදනය වී කොළඹ අයිඩීඑච් රෝහලේ ප්රතිකාර ලබමින් සිටි පුද්ගලයකු මිය ගිය බව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා කියයි. 28 March 2020
හොරොව්පොතානේ මුස්ලිම් පල්ලි 23 ක දොරගුළු දමයි හොරොව්පොතාන ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇති මුස්ලිම් පල්ලි 23 හි දොරගුළු නැවත දැනුම් දෙන තුරු වසා දැමු බව හොරොව්පොතාන මහ පල්ලියෙ සභාපති ඒ.එම් සියාම් මහතා (28) පැවසීය. 28 March 2020
ශ්රී ලංකාවේ කොරෝනා ආසාදිත සංඛ්යාව 110 දක්වා ඉහළට කොරෝනා අසාදිත තවත් පුද්ගලයින් සිව්දෙනෙකු අද (28) සොයාගෙන ඇතැයි සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශය කියයි. 28 March 2020
හමුදා කෝප්රල්වරයකු හා තවත් පුද්ගලයකු පුත්තලමෙන් කුරුණෑගලට පුත්තලම තබ්බෝව යුද හමුදා කදවුරේ සේවය කරමින් සිටි කෝප්රල්වරයකු හා ඉන්දුනීසියාවේ සංචාරයක නිරත වු අයකු කොරෝනා රෝග ලක්ෂණ මතු කිරීමත් සමග ආරක්ෂීතව පුත්තලම මුලික රෝහලින් කුරුණෑගල ශීක්ෂණ රෝහල වෙත යැවීමට කටයුතු කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි . 28 March 2020
අටුළුගම ආසාදිතයාගේ පියාත්-සහෝදරියත් රෝහලට අටුළුගම මාරාව කොරෝනා වයිරසය ආසාදිත යැයි තහවුරු වූ පුද්ගලයාගේ පියා සහ සහෝදරියද එම රෝග ලක්ෂණ පහල කිරීම හේතුවෙන් මීට සුලු මොහොතකට පෙරදී 1990 සුවසැරිය ගිලන් රථයෙන් කලුතර නාගොඩ මහ රෝහල හරහා පිටත් කල බව බණ්ඩාරගම සෞබය වෛද්ය කාර්යාලය කියයි. 28 March 2020
අටුළුගම ගම්මානයට අගුළු දමයි නව කොරෝනා වයිරසය පැතිරයාම වළැක්වීමේ අරමුණින් කලුතර දිස්ත්රික්කයේ අටුළුගම ග්රාමය අද (2) පස්වරුවේ සිට සම්පුර්ණයෙන් වසා තැබීමට ආරක්ෂක අංශ පියවර ගත්තේය. 27 March 2020
බ්රිතාන්ය අගමැතිටත් කොරෝනා තමන්ට කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වෛද්ය පරීක්ෂණවලින් තහවුරු වූ බවත් ස්වයං-නිරෝධායන ක්රියාවලියට යොමුවන බවත් බ්රිතාන්ය අග්රාමාත්ය බොරිස් ජොන්සන් අද (27) පැවැසීය. 27 March 2020
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026