ජනපති කොමිසම හමුවට හෙට එන්න බැහැ’යයි අගමැති කියයි කෘෂිකර්ම අමාත්‍යාංශය පිහිටි රාජගිරිය ඩී.පී.ජේ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් වන පැමිණිලි විභාගයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ හෙට (12) පෙරවරු 9.30ට පෙනී සිටිය නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම කොමිසමට නිල වශයෙන් දන්වා ඇතැයි එම කොමිසම සඳහන් කර සිටී. 11 September 2019
ප්‍රීමා සමාගම තදින් සිටී වැඩි කළ තිරිගු පිටි මිල කිසිසේත් අඩු නොකරන බව ප්‍රීමා සමාගම ලංකාවේ සියලුම තිරිගු පිටි අලෙවි කරන එජන්තවරුන් වෙත අද (11) දැනුම් දි ඇත. 11 September 2019
වජිරගේ කැබිනට් සංදේශය දෙවන වරටත් ප්‍රතික්ෂේප වෙයි සංවර්ධන කමිටු සභාපතිධූර දරන පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයට රුපියල් ලක්ෂ දෙකක මාසික දීමනාවක් ගෙවීමට අනුමැතිය ඉල්ලා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයක් අද (10) පැවැති කැබිනට් රැස්වීමේදී දෙවන වරටත් ප්‍රතික්ෂේප වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 10 September 2019
රටින් ගෙන්වූ කසළ පෙට්ටි 333 කට පුරවා තබයි එක්සත් රාජධානියේ සිට මෙරටට ගෙන්වා කටුනායක අපනයන සැකසුම් කලාපයේ එළිමහනේ ගොඩ ගසා තිබූ කුණු තොගය මේ වන විට කන්ටේනර් පෙට්ටි 333කට ඇතුළත් කර එහි තැන්පත් කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුර දේවප්‍රිය මහතා පැවසීය. 10 September 2019
තෙවරප්පෙරුම ඇතුළු 5ක් රිමාන්ඩ් නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පස්දෙනෙකු සැප්තැම්බර් 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය. 10 September 2019
රනිල් - සජිත් - කරූ අද හමුවෙති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ කතානායක කරූ ජයසූරිය යන මහත්වරුන් අතර තීරණාත්මක සාකච්ඡාවක් අද(10) පස්වරු 6.00ට අරලියගහ මන්දිරේදී පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. 10 September 2019
උතුරේ හෙද සේවා සහයක නව පත්වීම් අවලංගු කරන්න ආණ්ඩුකාරගෙන් නියෝගයක් උතුරු පළාතේ සෞඛ්‍ය සේවා සහයකයින් බඳවා ගැනීමේදී පැවැති සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල වහාම අවලංගු කරන්නැයි උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අදාළ නිලධාරීන්ට නියෝග කර ඇත. 09 September 2019
ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 17 ක් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට අපේක්ෂකයින් 17 දෙනෙකු මැතිවරණ කොමිසමට දැනුම් දී ඇතැයි එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ලංකාදීපයට පැවැසීය. 08 September 2019
රනිල්-සජිත් හමුව කල්යයි එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුව අනිද්දා (10) පැවැත්විමට නියමිතව ඇතැයි එ.ජා.ප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 08 September 2019
අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කරගන්න ගිය දෙදෙනෙක් එලොව යති අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කිරීමේ වැඩසටහනකට සහභාගී වීමට පැමිණි පිරිසක් අතරින් රෝගී ව සිටි කාන්තාවක සහ පුද්ගලයකු මියගොස් අසාධ්‍ය තත්වයෙ පසු වූ තවත් 18 දෙනෙකු රෝහල්ගත කර ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි. 08 September 2019
රාජ්‍ය බුද්ධි අංශයේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක් අතුරුදන් රාජ්‍ය බුද්ධි අංශයේ සේවය කරන තම සැමියා අතුරුදන්ව ඇතැයි පවසමින් එම අංශයේම සේවය කරන පොලිස් පරීක්ෂක කාන්තාවක් අද (06) පැමිණිල්ලක් කළ බව නාරාහේන්පිට පොලිසිය කියයි. 06 September 2019
රනිල් - සජිත් අතර විශේෂ හමුවක් ඉරිදා එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පමණක් හමුවන විශේෂ හමුවක් ඉරිදා (8) පැවැත්වීමට නියමිතය. 06 September 2019
ඇල්පිටියේදී බස් රථයක වෙඩි තැබීමක්: අයෙක් මරුට ඇල්පිටිය අලුත්ගම ප්‍රධාන මාර්ගයේදී අලුත්ගම සිට ඇල්පිටිය දක්වා ගමන් කළ ලංගම බසයක සිටි පුද්ගලයකුට බසයේ සිටි තවත් පුද්ගලයකුම වෙඩිතබා ඝාතනය කර ඇතැයි ඇල්පිටිය පොලීසිය කියයි. 06 September 2019
පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 41කගේ බැංකු ගිණුම් 100ක් අත්හිටුවයි පාස්කු දින එල්ල වු බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති ත්‍රස්තවාදී සැකකරුවන් හා ඔවුන්ට ආධාර අනුබල දුන් 41 දෙනකුට අයත් බැංකු ගිණුම් 100 ක් අත්හිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 05 September 2019
නීතිවිරෝධීව රැඳී සිටි ඉන්දියානු කම්කරුවෝ 44ක් අත්අඩංගුවට වීසා කාලය ඉක්මවා නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටිමින් ඉදිකිරීමේ වැඩබිමක සේවය කළ ඉන්දියානු ජාතිකයින් 44දෙනෙකු ආගමන විගමන විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද(05) කොම්පඤ්ඤවීදියේ වැඩබිමකදී අත්අඩංගුවට ගෙන ඇත. 05 September 2019
ග්‍රෑන්ඩ්පාස් ඝාතන සිද්ධියේ මහ මොළකරු ‘කුඩු රොෂාන්’ සහ 6ක් අල්ලයි ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය සුසානභූමියේ පුද්ගලයන් දෙදෙනෙකු මන්නා පිහිවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු බව කියන ‘කුඩු රොෂාන්’ නමැත්තා ඇතුළු හත්දෙනෙකු අද(05) පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එම බලකාය කියයි. 05 September 2019
ශ්‍රීලනිපයේ 5 කට විනය ක්‍රියාමාර්ග ගන්න ලිපි බාරදෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට අදාළව පක්ෂය ලිපි බාර දී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය. 04 September 2019
‘විස්සයි - විස්ස අලුත් ආණ්ඩුවක් හදනවා’ ’ශ්‍රීලනිපයට 68 යි. මටත් 68 යි. 68 කියන්නේ පරිණතයි. අපි යෝධ බල යෝධ ශක්තියක් යොදවා දේශපාලන පරිවර්තයක් කර 20 – 20 අලුත් ආණ්ඩුවක් හදනවා’ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීය. 03 September 2019
ශ්‍රිලනිප යේ සමුළුව ඇරැඹේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි මහා සමුළුව මීට ටික වේලාවකට පෙර අරැඹිණි. 03 September 2019
විශ්වවිද්‍යාල 15ක අනධ්‍යයන කාර්ය මණ්ඩලය 10වැනිදා වැඩවර්ජනයක ශ්‍රී ලංකාවේ රජයේ විශ්වවිද්‍යාල 15ක අනධ්‍යයන කාර්ය මණ්ඩලය ලබන 10වන දින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස අඛණ්ඩ වැඩ වර්ජනයක් පවත්වන බව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල එකාබද්ධ වෘත්තීය සමිති නියෝජිතයෝ කියති. 03 September 2019
මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගන්න නීතිපතිගෙන් ලේඛන මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීම සඳහා සිංගප්පූරූ රජය වෙත ඉල්ලීමක් කිරීමට අවශ්‍ය නීතීමය ලේඛන අඩංගු ගොනු නීතීපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට හා ආරක්ෂක අමාත්‍යාංශයට අද (02) බාර දෙන ලදී. 02 September 2019
රාජ්‍ය නිලධාරීන් 70 ක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට කැඳවීමට යයි ලිංගික අපයෝජන, නීතිවිරෝධී ලෙස බලපත්‍රදීම ආදී චෝදනා ලැබූ දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් 70 දෙනකු ඉදිරි දිනකදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට කැඳවීමට නියමිතව ඇතැයි වාර්තා වේ. 01 September 2019
ජනපතිවරණය ගැන පියවර ගන්න 10 වැනිදායින් පසු මැතිවරණ කොමිසමට බලය ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය පියවර ගැනීමට මේ මස 10 වැනි දිනෙන් පසුව මැතිවරණ කොමිසන් සභාවට බලය හිමිවන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය. 01 September 2019
රිෂාඩ් බදියුදීන්ට ජනතා විරෝධය වෘත්තීය පුහුණු කටයුතු සහ නිපුනතා සංවර්ධන අමාත්‍යංශය විසින් අහංගම අහන්ගම්කන්දේ ඉදිකරවන ලද සංචාරක හෝටල් පාසැල වෘත්තීය පුහුණු නිපුනතා සංවර්ධන, පුද්ගලයින් නැවත පදිංචිකරවීම සහ සමුපකාර ඇමති රිෂාඩ් බදියුදීන් මහතා අතින් අද (31) විවෘත කිරිමට නියමිතව තිබුණද එම උත්සවයට විශාල පිරිසක් විරෝධය පල කිරිම නිසා දැඩි උණුසුම් තත්වයක් ඇති විය. 31 August 2019
මැදමුලන නඩුව ඔක්තෝබර් 15 දා සිට දිනපතා විභාගයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ගොනු කර ඇති නඩුව ඔක්තෝබර් 15 වැනි දා සිට දිනපතා විභාගයට ගැනීමට අද (30) අධිකරණය නියම කෙරිණි. 30 August 2019
දුම්රියේ ලොරියක් ගැටී මගීන් 8 ක් රෝහලේ දෙහිවල පීටර් ලේන් මාර්ගය අසළදී ගඩොල් පටවාගත් ලොරි රථයක් පසු පසට ධාවනය කිරීමේදී කොළඹ සිට මාතර දෙසට ගමන් ගත් දුම්රියක ගැටීමෙන් පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 29 August 2019
එස්බී - ඩිලාන් පොහොට්ටුවේ සාමාජිකත්වය ගනිති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක සහ ඩිලාන් පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබේ. 29 August 2019
සුප්‍රසිද්ධ නඩු 3කට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලු 3ක් රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල සිදුකිරීම, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් මරාදැමීම සහ ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑම යන සිද්ධීන්ට අදාළ නඩු විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලු තුනක් අද (28) පත් කරන ලදී. 28 August 2019
ශ්‍රී ලංකන්-මිහින් ලංකා අක්‍රමිකතා සෙවූ කොමිෂන් සභාවේ වාර්තාව නීතිපතිට ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදුවු බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ වාර්තාවේ සඳහන් නිර්දේශ අනුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා එය නීතිපතිවරයා වෙත යොමු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 28 August 2019
දුම්රිය ගැටීමට යාමේ සිද්ධියට 4කගේ වැඩ තහනම් දුම්රිය දෙකක් එකට ගැටීමට යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මරදාන සිට කළුතර බලා ධාවනය වෙමින් තිබූ අංක 741 දරන දුම්රියේ රියදුරු, රියදුරු සහායක, ප්‍රධාන නියාමක හා උප නියාමකගේ වැඩ තහනම් කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි. 28 August 2019
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026