IMG-LOGO

කළුබෝවිල රෝහලේ ආසාදිතයා සමඟ සිටි අයෙක්ගේ නිවසක පිරිසක් නිරෝධායනයට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
 
කලුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී හමුවූ කොරොනා ආසාදිතයා රැඳී සිටි 5  වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට රෝහලින් පිටව ගොස් තිබූ පුද්ගලයකුට අයත් කහපොල රෙජිඩෙල්වත්ත වත්ත ප්‍රදේශයේ නිවසක් අද( 31) උදෑසන නිරෝධායන නිවසක් බවට නම් කළ බව කැස්බෑව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
 
මෙම නිවසේ එම  පුද්ගලයාගේ බිරිඳ ,පුතා , ලේලිය සහ කුඩා දරුවකු ද සිටින බව සෞඛ්‍ය වෛද්‍ය වෛද්ය නිලධාරි කාර්යාලය කියයි.
 
මෙම පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඉකුත් 28 දා රෝහලින් පිටව ගොස් නිවසට නිවසට පැමිණ ඇති අතර ඒ බව දැනගත් අසල්වාසීන්  පිළියන්දල  පොලිස් ස්ථානය දැනුවත් කිරීමත් සමඟ අද 31 දා අලුයම පොලිස් නිලධාරීන් එම නිවසට පැමිණ නිවසේ පදිංචි කරුවන්ට නිවසින් පිටතට නොයන ලෙසට උපදෙස් ලබා දුන් බව  පැවසේ.
 
පසුව  මේ පිළිබඳව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය දැනුවත් කිරීමක් කිරීමත් සමග කහපොල මහජන සෞඛ්‍යය පරීක්ෂක අසිත හසිත ලක්ෂාන් මහතා ඇතුළු නිලධාරීන්  31 දා උදෑසන 8.30 ට පමණ එම නිවසට පැමිණ නිවැසියන්ට සෞඛ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපදෙස් ලබාදී අදාල නිවස නිරෝධායන නිවසක් බවට නම් කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වැඩිදුරටත් කියා සිටි.



අදහස් (8)

කළුබෝවිල රෝහලේ ආසාදිතයා සමඟ සිටි අයෙක්ගේ නිවසක පිරිසක් නිරෝධායනයට

sanjeeva Tuesday, 31 March 2020 04:00 AM

මෙය මුස්ලිම්ද ? නැතුව ඇතිනේ ?

:       111       18

krishanthaTuesday, 31 March 2020 04:23 AM

ඒකේ වැදගත්කමක් තියනවද ?වයිරස් ආසාදනයට සහ පැතිරීමට ජාතිය බලපානවද ?

:       0       58

athuraTuesday, 31 March 2020 05:20 AM

බූරු අදහස් දරන අය සිටිනකන් නරින්ට රජ මගුල්.

:       0       0

sanjeevaTuesday, 31 March 2020 04:58 PM

නැත මැතිතුමනී.. ඔබටයි මටයි ඊට එහාට හිතන්න පුළුවන්කමක් තියෙනවා.

:       1       0

ravinTuesday, 31 March 2020 05:15 AM

නැතුව ඇති.

:       0       0

Anton AustriaTuesday, 31 March 2020 12:51 PM

මොලේ අමාරුවක් ඇති බව මං හිතනවා. ඔබ සංජීව කියන බොරු නමින් සිටින මුස්ලිම් ජාතිකයෙක්. අපි ඔබ එක්ක තරහා නෑ ඒත් ගොන් කතා කියන්න එපා .

:       0       0

Sl Tuesday, 31 March 2020 06:08 AM

ආගම් ජාති ගාවගෙන මේ ප්‍රශ්නේ කතාකරන පිරිසක් ඉන්නවා. ඔවුන්ව ඉක්මනි් නිරෝධායනය කරන්න.

:       0       0

ලැවොයිසියර් Tuesday, 31 March 2020 06:17 AM

තුට්ටු දෙකේ සමහරකට ඒවත් බලපානවා වගෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 279 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 450 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site