IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


‘විදෙස්ගත ලාංකිකයන්ගේ පැමිණිමට කිසිදු සීමාවක් පනවා නැහැ‘

(ඩයනා උදයංගනී)
විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින්ට මෙරටට පැමිණීම සම්බන්ධයෙන් කිසිම සීමාවක් පනවා නැතැයි ආගමන විගමන පාලක ජනරාල් සරත් රූපසිරි මහතා පැවසීය.
 
නමුත් කොරෝනා වයිරසය ව්‍යාප්තවීම සමඟ එම රටවල්වලින් යම් යම් සීමා පනවා ඇති නිසා ඔවුන්ට ගමනා ගමන කටයුතු දුෂ්කර විය හැකි බව ආගමන විගමන පාලකවරයා සඳහන් කළේය.
 
එබැවින් යළි මෙරටට පැමිණීමට උත්සාහ කිරීමට වඩා එම රටවලම රැඳී සිටීම ආරක්‍ෂිත බව ද ඔහු ප්‍රකාශ කළේය.
 
ශ්‍රී ලංකාවට පැමිණියත් ගුවන් යානයේදී හෝ වෙනත් ස්ථානයකදී කොරෝනා වයිරසය ආසාදනයවීමේ අවදානමක් ඇති නිසා අත්‍යාවශ්‍ය නම් පමණක් ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි ඔවුන්ගෙන් ඉල්ලා සිටින බව ද සරත් රූපසිරි මහතා කීවේය.

ආගමන විගමන පාලක ජනරාල්වරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවටත්, හැඳුනුම්පත් ලබාගැනීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවටත් දිනපතා විශාල පිරිසක් පැමිණෙන බව කී රූපසිරි මහතා අත්‍යාවශ්‍යම කාරණාවලට හැර ඒ වෙත නොපැමිණෙන්නයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද කීවේය.

විදේශ රටවලට වීසා නිකුත් කිරීම මේ වන විට සීමා කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

 



අදහස් (5)

‘විදෙස්ගත ලාංකිකයන්ගේ පැමිණිමට කිසිදු සීමාවක් පනවා නැහැ‘

siri Sunday, 15 March 2020 12:18 PM

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ශ්‍රී ලංකාවට එන්නේ නැතිව දැනට ඔවුන් ඉන්නා රටවලම නැවතී ඉන්න එකයි වඩාත් ප්‍රායෝගික වෙන්නේ... කොරෝනා වයිරසය දැන් ලෝකයේ බොහෝ රටවල පැතිරී ඇති බැවින් ඒ රටවල ඉන්නා ශ්‍රී ලාංකිකයින් ලංකාවට පැමිණීමෙන් වෙන්නේ අපේ රටේ රෝග නිවාරණය සඳහා යොදාගැනීමට ඇති සීමිත සම්පත් අනවශ්‍ය පරිදි අපතේ යාමක් පමණයි. ගුවන් යානා හෝ බස්රථ දුම්රිය හෝ නැව් මඟින් ගමන්කිරීමේදී වසංගතය වැළඳීමේ ප්‍රවණතාවය ඉතාම ඉහළ මට්ටමක ඇති බැවින් එසේ ගමන් නොකර ඔවුන් ඉන්නා රටවලම හිටියොත් මේ වසංගතය වැළඳීමේ ඉඩකඩ ඉතාම අවම වන නිසා එය තමා කළයුත්තේ... අපේ රටට ආදරයක් ඇත්නම් මේ වෙලාවේ පිටරටවල ඉන්නා අය ඒ රටවලම නැවතී සිටීම තමා කළහැකි හොඳම වැඩේ. ලංකාවේ දැනට මේ වසංගතය බෝවී ඇත්තේ විදෙස් රටවල සිට පැමිණි පිරිස් සහ විදේශිකයින් ඇසුරුකළ අයට බව මෙහිදී මතක තබාගත යුතුයි.

:       240       454

Sena Sunday, 15 March 2020 01:12 PM

සුපුරුදු විදිහට ඉස්සෙල්ලා වැරදි තීරණයක් අරගෙන අනාගෙනයි ඉන්නේ... අද යන්තම් තීරණය වෙනස් කළා.

:       10       19

Champa Sunday, 15 March 2020 01:15 PM

වැරදි කතාවක්. වියත්තු වටකරන ආපු ජනාධිපති කිව්වට අඩුගානේ මෝඩ ආණ්ඩුව තවම කොරෝනා රෝගයේ බරපතලකම තේරුම අරන් නැතිබවයි පේන්නේ... කොරෝනා කියන්නේ වාතය මගින් බෝවෙන රෝගයක් වගේම බෝවීම මේ තරම් විශාල වශයෙන් මුළු ලෝකය පුරාම ව්‍යාප්ත වුනේ සංචාරකයන් මගින්... මේක තමයි මේ රෝගයේ මූලික කරුණු දෙක... තුන්වෙනි එක තමයි මේ රෝගය පැතිරෙන රටාව. ඒ කියන්නේ මුලින්ම කොරෝනා චීනයෙන් පටන් ගත්තම කවුරුවත් හිතුවේ නැහැ... මේක ඇමරිකානු රටවලට යුරෝපය දක්වා ව්‍යාප්ත වෙයි කියලා. බොහෝ අය හිතුවේ චීනෙන් නවතියි කියලා. ඒ හින්දා ලෝක නායකයින් වැඩ කලේ වගකීම් විරහිතව. චීනේ විතරයි තමන්ගේ රටින් පිටට යන පිරිස්වලට කොරෝනා පරීක්ෂණ කලේ. අනෙත් රටවල නගරවල් සීල් තිබ්බට රටින් පිටට යන මිනිස්සු චෙක් කලේ නැහැ. රෝගය බෝවුණු මුල්ම කාලේ චීනෙත් අසරණ වුණා. සිය ගණන් මිනිස්සු මැරිලා වැටුණා. අද ඒකම ඇමරිකාවේ මැදපෙරදිග බ්‍රිතාන්‍යයේ යුරෝපයේ වෙනවා. මේක යන රටාව අනුව ඊළඟට අප්‍රිකාව වෙන්න පුළුවන්. ලෝකය පුරා කොරෝනා තවත් පැතිරෙන එක නවත්තන්න පුළුවන් එකම විදිහ සංචාරකයන් නවත්තන එක. චීනේ ඇරුණාම වැඩිපුරම මිනිස්සු මැරුණේ ඉතාලියේ. හේතුව යුරෝපයේ වැඩිම වැඩිහිටියන් ඉන්න රට ඉතාලිය වීම...

:       0       0

Akila Sunday, 15 March 2020 01:43 PM

ඒ ගොල්ලෝ තමයි මේ ලෙඩේ ලංකාවට අරන් එන්නේ..?

:       0       0

Bamunuarachchi Monday, 16 March 2020 02:44 AM

එන්න. ආ විගස නිරෝධායන වෙන්න ඔබටත් හොඳයි, රටටත් වගේම, මිනිස් වර්ගයාටත් හොඳයි. එයාපෝට් එකේ කචල් දැම්මොත් කණට පාරක් ගහලා නැවත රට පටෝනවා...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අගුණකොළේ බන්ධනාගාරයේ රැඳවියා මැරුවාදැයි සැකයක්
2025 මැයි මස 05 39 0

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී මියගිය රැදවියා බන්ධනාගර රෝහලේ රදවා සිටියදී ඔහුගේ කළහකාරී හැසිරීම හේතුවෙන් අනෙක් රැදවියන්ගේ යම් පහර කෑමකට ලක්ව ඇති බවට


කොටස් වෙළෙඳපොළ හෙට කලින් වහයි
2025 මැයි මස 05 23 0

කොළඹ කොටස් වෙළෙඳපොළ ගණුදෙනු පළාත් පාලන මැතිවරණය හේතුවෙන් හෙට (6) පෙරවරු 9.30 සිට පස්වරු 12.30 දක්වා පමණක් ක්‍රියාත්මක වන බව එම වෙළෙඳපොළ පවසයි.


ලංකාව - වියට්නාමය අතර ගිවිසුම් පහක්
2025 මැයි මස 05 147 0

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාලව අවබෝධතා ගිවිසුම් 4ක් හා එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක හා වියට්නාම්


අල්ලසක් ගත් වවුනියා ඩිපෝවේ ලොක්කෙකු රිමාන්ඩ්
2025 මැයි මස 05 127 0

මගියෙකුට ටිකට් පතක් ලබා නොදී මුදල් ලබා ගැනීමෙන් සේවය අහිමි වූ බස් කොන්දොස්තරවරයෙකුට යළි රැකියාව ලබාදීමේ ලිපිය නිකුත් කිරීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ල


ඩෙංගු, චිකන් ගුන්යා රෝගීන්ගේ වැඩිවීමක්
2025 මැයි මස 05 135 0

මෙරටින් චිකන් ගුන්යා ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වාර්තාවීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


මැතිවරණ රාජකාරියට පොලිසියේ 65,000ක්
2025 මැයි මස 05 71 0

පළාත් පාලන ඡන්දය පැවැත්වෙන හෙට (6) දින ඡන්ද මධ්‍යස්ථානවල සහ ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිසියේ හැට පන්දහසක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 714 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 184 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1221 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site