රතනහිමියෝ උපවාසය අත්හරිති ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දින හතරක් පුරා උපවාසයක නිරත වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ එම උපවාසය මීට සුළු මොහොතකට පෙර අවසන් කළහ. 03 June 2019
හිස්බුල්ලා-අසාත් සාලි ඉල්ලා අස්වෙති නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි, යන මහත්වරුන් එම තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත බාර දී තිබේ. 03 June 2019
රතනහිමිගේ උපවාසයට රට වටේම සහය පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ උපවාසයට සහය දක්වමින් දිවයින පුරා ස්ථාන රැසක භික්ෂුන්වහන්සේලා, ගිහි පිරිස් උපවාස සහ විරෝධතා සඳහා එක්ව සිටිති. 03 June 2019
‘යළි ඉදිරිපත්වීම ගැන තවම තීරණයක් නෑ’ මේ වසර අගදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීම සම්බන්ධයෙන් තමන් තවමත් තීරණයක් ගෙන නැතැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (31) පැවසීය. 31 May 2019
බදියුදීන්-අසාද් සාලි-හිස්බුල්ලා ඉවත්කරන්නැයි රතන හිමි උපවාසයක අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා යන මහත්වරුන් ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කරන්නැයි ඉල්ලමින් අතුරලියේ රතනහිමියෝ මහනුවර ශ්‍රී දළදා මාලිගාව අසළ උපවාසයක් ඇරැඹුහ. 31 May 2019
අලුතෙන් බඳවාගත් අයට වැටුප් ගෙවන්න කෝටි 11ක අමතර වියදමක් දකුණු පළාතේ පාසල්වලට අලුතෙන් බඳවා ගන්නා ලද අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින්ට සහ අලුතෙන් පත්වීම් ලබාදුන් ගුරුවරුන්ට වැටුප් ගෙවීම සඳහා දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට මසකට රුපියල් මිලියන 117 ක අමතර වියදමක් දැරීමට සිදුව තිබේ. 30 May 2019
පාස්කු ප්‍රහාරය ගැන සෙවීමේ කමිටුව හමුවට නාලක ද සිල්වා කැඳවයි පාස්කු ප්‍රහාරය ගැන විභාග කරන කමිටුව හමුවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන සතියේ කැඳවීමට නියමිතය. 30 May 2019
ජනපතිට එරෙහිව අතුරු නියෝගයක් ඉල්ලයි තමන්ව පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම වළකාලමින් ජනාධිපතිවරයාට එරෙහිව අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද ( 29) ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදි. 29 May 2019
මුදල් අමාත්‍යංශයේ ප්රවෘත්ති අධ්යක්ෂ අත්අඩංගුවට මුදල් අමාත්‍යංශයේ ප්රවෘත්ති අධ්යක්ෂවරයාගේ නිවසේ තිබී බෝර 12 ගිනි අවි සඳහා යොදන ජීව උණ්ඩ 93 ක් සමඟ ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසය කියයි. 29 May 2019
සෞඛ්‍ය ඇමැතිගේ කමිටුවට සාක්කි දීම ප්‍රතික්ෂේප කරයි ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා විසින් වඳ සැත්කම් සිදු කළැයි පැවසෙන කතාවේ සත්‍ය අසත්‍ය සෙවීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පත්කර එවන ලද කමිටුව හමුවේ සාක්ෂි ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයම තීරණය කර ඇත. 28 May 2019
ජනපතිගෙන් හිස්බුල්ලාට නව තනතුරක් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් සම්බධීකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබ තිබේ. 28 May 2019
වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ විමර්ශන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාරගනී වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියට අදාලව විමර්ශන පොලිස්පතිවරයාගේ නියෝග මත තම කොට්ඨාසය භාරගත් බව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය අද (27) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියංන්ත ලියනගේ මහතාට දැනුම් දුන්නේය. 27 May 2019
රිෂාඩ්ට - හිස්බුල්ලාට එරෙහිව සීඅයිඩීයට පැමිණිලි 2 ක් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ එල් ඒ එම් හිස්බුල්ලා යන මහත්වරුන් එරෙහිව පොලිස් මුලස්ථානය වෙත ලැබී තිබු පැමිණිළි දෙකක් විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව වෙත යොමුකළ බව පොලිසිය කියයි. 26 May 2019
කුරුණෑගල ශික්ෂණ රෝහලට කාන්තාවන්ගෙන් පැමිණිලි චෝදනා කීපයක් සම්බන්ධයෙන් සැකපිට මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයාට එරෙහිව කාන්තාවෝ දෙදෙනෙක් අද(26) කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය වෙත පැමිණිලි කළහ. 26 May 2019
අන්තවාදයට සම්බන්ධ වට්ස්ඇප් ජාලයක් මෙහෙයවූ 3 ක් අත්අඩංගුවට ’දර්ගා ටවුන් බ්‍රේකින් නිව්ස්’ නමින් සාමාජිකයන් 100ක් අතර අන්තවාදයට පක්ෂපාත ’වට්ස්ඇප්’ ජාලයක් මෙහෙයවූ මහ මොළකාර සැකකරු සමඟ තවත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 26 May 2019
අසීමිත වත්කම් සහිත වෛද්‍යවරයෙක් කුරුණෑගලින් අත්අඩංගුවට සනාථ කළ නොහැකි ආකාරයට අසීමිත ලෙස වත්කම් උපයාගෙන සිටීම යන චෝදනා යටතේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු ලෙස සේවය කරන මොහොමඩ් ෂාෆි ෂිහාබ්ඩීන් මහතා අද(25) අලුයම සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 25 May 2019
ජමාත් කල්ලියේ කෝටි 14 ක් තහනම් කරයි තවුහීත් ජමාත් ත්‍රස්ත සංවිධානය සමඟ සම්බන්ධකම් පැවැත්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තවේ හා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨසයේ අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ට අයත් බැංකු ගිණුම් 41 ක් දැනට තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 24 May 2019
ජමාත් කල්ලියේ තවත් 5 ක් හොරොව්පොතානෙන් අල්ලයි සහරාන් හසීම් නමැත්තා හා තව්හීත් ජමාත් සංවිධානය සමඟ සමීප සබඳතා පවත්වමින් දිස්ත්‍රික්ක දෙකක අන්තවාදී දේශන සිදුකළ සංවර්ධන සහකාරවරයකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු හොරොව්පොතාන කිවුලේකඩ සහ කැබිතිගොල්ලෑව ඇල්ලැව යන ප්‍රදේශවලදී අද (24) අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි. 24 May 2019
ගොඩකවෙලදී සිදු වූ අනතුරකින් 19 ක් රෝහලේ පෞද්ගලික බස් රථයක් නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් බස් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් 19 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කළ බව රක්වාන පොලිසිය කියයි. 24 May 2019
ඥානසාර හිමිට ජනපති සමාව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද (23) ජනාධිපති විශේෂ සමාව ලැබිණි. 23 May 2019
බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට පක්ෂ නායකයෝ විරසක වෙති පාර්ලිමේන්තුවේදී අද පැවැති පක්ෂ නායක රැස්වීම එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ. 23 May 2019
ඥාණසාර හිමිට සමාව සිරදඬුවම් විඳින බොදුබලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ ලිපියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද පස්වරුවේ අත්සන් තබා ඇතැයි වාර්තා වේ. 22 May 2019
‘ආණ්ඩුවට-බදියුදීන්ට එරෙහිව ගෙනා විශ්වාසභංග පරාජය කරනවා‘ ආණ්ඩුවට මෙන්ම බදියුදීන්ට එරෙහිව ගෙනා විශ්වාසභංග දෙකම පරාජය කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද පැවසීය. 22 May 2019
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකට රජයට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව අද (21) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින් කථානායක කරූ ජයසූරිය මහතාට බාරදුන්නේය. 21 May 2019
හැන්සාඩ් නිලධාරියා රඳවා ප්‍රශ්න කරන්න අවසර අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවේ සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියා මාස තුනක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කුරුණෑගල පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමකට අද (20) ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ලැබී තිබේ. 20 May 2019
හේමසිරිට - පූජිතට එරෙහිව සීඅයිඩීයෙන් පරීක්ෂණයක් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරු අනුව ක්‍රියාත්මකවීමට අසමත්වීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 19 May 2019
ජනපති ගලගොඩ අත්තේ හිමියන් හමුවෙයි වෙසක් පොහෝ දිනයට සමගාමීව සිරකරුවන් 762දෙනෙකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට ඊයේ (18) ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන් අනතුරුව, වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ගොස් සිර දඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් හමුවී සාකච්ඡා කර ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග අනාවරණය කරයි. 19 May 2019
බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයේ දිනය වරද්දාගනී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කතානායක කරු ජයසූරිය මහතා වෙත භාරදුන් විශ්වාසභංග යෝජනාව වැරදි දිනයක් සහිතව ඉදිරිපත් කිරීම හේතුවෙන් නැවත ඉදිරිපත් කිරීමට සිදුව ඇතැයි වාර්කා වේ. 17 May 2019
ඇමැති රිෂාඩ් හමුදාපතිගෙන් උදව් ඉල්ලයි පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියෙන් පසු යුද හමුදාව දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවකු සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා තමාගෙන් අවස්ථා දෙකකදී කරුණු විමසා උදව්වක් ඉල්ලු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද (16) කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 16 May 2019
විපතට පත්වූවෝ වන්දි උත්සවය වර්ජනය කරති කටුවාපිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට වන්දිගෙවීම සඳහා අද(16) මීගමුවේ කාදිනල් කුරේ මධ්‍යස්ථානයේදී පැවැත්වූ උත්සවයේදී, මාධ්‍ය කැඳවා ප්‍රචාරණාත්මක වාසි සහ දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කළේ යැයි විරෝධය පළකරමින් වන්දිලාභීහු පිරිසක් වන්දිගෙවීමේ උත්සවය වර්ජනය කර පිටව ගියහ. 16 May 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025