‘මරණ දණ්ඩනය ඉවත් කරන්න පනතක් ගෙනාවොත් එදා ජාතික ශෝක දිනයක් කරනවා’ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ඕනෑ විදියට මරණීය දණ්ඩනය ඉවත් කිරිම සඳහා පාර්ලිමේන්තුවට පනතක් ගෙනාවොත් ඊට විරුද්ධව ඒ දවස ජාතික ශෝක දිනයක් බවට ප්‍රකාශ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14) ඇඹිලිපිටියේ දී පැවසීය. 14 July 2019
මුහුදු රළට හසුවී දැරියක් මරුට හලාවත මුහුදු වෙරළෙහි රළ පාගමින් විනෝදවෙමින් සිටි මවක හා දරු තිදෙනෙකු මුහුදට ගසා ගෙන ගියත් ඉන් දරු දෙදෙනෙකු හා මවගේ ජීවිතය බේරා ගත හැකිවූ අතර ඔවුන් අතර සිටි සිඟිති දැරියක් මුහුදෙහි ගිලි මිය ගිය බව හලාවත පොලිසිය කියයි. 13 July 2019
කිලෝ 60ක මත්කුඩු සමග 9ක් අත්අඩංගුවට ගාලු වරායට ආසන්න මුහුදේදී විදෙස් යාත්‍රාවක තිබී හෙරොයින් බවට සැකකරන මත්කුඩු කිලෝ 60ක් සමග පුද්ගලයන් නවදෙනෙකු අද(12) අත්අඩංගුවට ගෙන ඇත. 12 July 2019
වෛද්‍ය සාෆි 25 තෙක් රිමාන්ඩ් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය මොහොමඩ් සාෆි ශිහබ්දීන් ලබන 25 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා නියෝග කළේය. 11 July 2019
පාස්කු දා ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි තරුණියක් මිය යයි පාස්කු දා මඩකළපුව සියෝන් දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක අද දහවල් මියගොස් ඇත. 11 July 2019
වෛද්‍ය සාෆි ගේ නඩුව විමසීම සවස 1 තෙක් කල් තබයි කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය මොහොමඩ් සාෆි මහතා , අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් අද කුරුණෑගල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වීමට ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා නොමැතිවීම හේතුවෙන් නඩුව විමසීම සවස 1 දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. 11 July 2019
කුණු කන්ටේනර් ආපහු යවන්න නියෝග එංගලන්තයේ සිට මෙරටට නීතිවිරෝධීව ගෙන්වන ලදැයි කියන කුණු කන්ටේනර් 98 වහා ආපසු යවන්නට පියවර ගන්නැයි මධ්‍යම පරිසර අධිකාරිය ශ්‍රී ලංකා රේගුවට උපදෙස් දී ඇත. 10 July 2019
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග විවාදය ඇරඹෙයි ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී මීට මොහොතකට පෙර ඇරඹිණි. 10 July 2019
ලංවීම තෙල් සංස්ථාවට කෝටි 8000 ක් ණයයි විදුලිය ජනනය කිරීම සඳහා ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 8000 ක් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ණය වී තිබේ. 09 July 2019
අවි පුහුණුව ලැබූ සහරාන්ගේ ගෝලයෙක් පේරාදෙණියේදී අත්අඩංගුවට තවුහිත් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් නැමැත්තා සමඟ මහනුවර අරුප්පල ප්‍රදේශයේදී අවි පුහුණුව ලැබූ පුද්ගලයෙක් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (09) පේරාදෙණිය දවුලගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. 09 July 2019
සංස්ථාවෙන් ලංවීමට තෙල් නිකුත් නොකිරීමෙන් විදුලිය කැපීමේ අවදානමක් ඛණිජතෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට ඉන්ධන නිකුත් නොකිරීම නිසාවෙන් නැවතත් විදුලිය කැපීමේ අවදානමක් මතුව තිබෙන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (09) පැවැසීය. 09 July 2019
හේමසිරිට-පුජිත්ට ඇප හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන් රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (09 ) නියෝග කළාය. 09 July 2019
‘කුණු ප්රශ්නය නොවිසඳුණහොත් මාතර පාසල් වහනවා’ මාතර කුණු කසල ප්‍රශ්නයට විසඳුමක් නොලැබුණහොත් අනිද්දා සිට මාතර නගරයේ පාසල් තාවකාලිකව වසා දැමීමට දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයාට තමා අවසර දෙන බව දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා අද (08) මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී පැවසීය. 08 July 2019
මැදගොඩ අභයතිස්ස හිමිගේ ප්‍රකාශයක් ගැන සීඅයිඩී පරීක්ෂණ කාන්තන්කුඩි ප්‍රදේශයේ පුද්ගලයන් 20 දෙනෙක්ට ෂරියා නීතිය යටතේ මරණී දඩුවම ලබා දී ඇති බවට තමා සතුව තොරතුරු ඇතැයි මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් පසුගියදා කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇති බව පොලිස් මූලස්ථානය කියයි. 08 July 2019
මුස්ලිම් මන්ත්‍රීවරු 10 වැනිදා විශේෂ සාකච්ඡාවක පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලූම මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් බදාදා (10) වැනිදා පෙරවරුවේදී පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (එ.ජා.ප) එච්.එම්.එම් හාරිස් මහතා ලංකාදීපයට අද (7) පැවැසීය. 07 July 2019
පුරාවිද්‍යා භූමියේ ලිප් 150 ක් බැඳ ගිනිදල්වති මුලතිව් නයාරු ගුරුකන්ද විහාරස්ථානයේ පිහිටුවා ඇති කොවිලේ දේව පූජාවක් සඳහා උතුරු පළාතේ දෙමළ දේශපාලන නායකයින් වන මාවෙයි සේණාධිරාජා, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා සහ හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ඇතුලු දෙමළ දේශපාලඥයෝ රැසක් අද (06) සහභාගි වූහ. ඔව්හු එහිදී පුරාවිද්‍යා භූමියක් ලෙස නම් කොට තිබු මෙම ප්‍රදේශයේ ලිප් 150 ක් පමණ බැද ගිනි දල්වමින් පූජාවක් පැවැත්වූහ. 06 July 2019
ඇවන්ට් ගාඩ් සභාපති - විශ්‍රාමික කොමදෝරු රට පනිති ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කර ඇති ‘ඇවන්ට් ගාඩ්’ සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික කොමදෝරු විශ්වජිත් නන්දන දියබලනගේ රටින් පිටව ගොස් ඇති බව රහස් පොලිසිය විසින් හෙළි කරගෙන ඇත. 05 July 2019
මරණ දඬුවම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරැදිකරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ඔක්තෝබර් 30 වැනිදා තෙක් වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. 05 July 2019
සති දෙකක් තුළ වර්ජන නොකළොත් ගැසට්ටුව ඉවත් කරන බව ඇමැති කියයි දුම්රිය වෘත්තීය සමිති ඉදිරි සතිදෙක තුළ වර්ජන ක්‍රියාත්මක නොකළොත් දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය ඉවත් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. 05 July 2019
හැඳුනුම්පත් එක්දින සේවාව අදට නවතී පරිගණක පද්ධතියේ පවතින දෝෂ හේතුවෙන් අද (5) දවස තුළ ජාතික හැඳුනුම්පත් එක්දින සේවාව ක්‍රියාත්මක නොවන බව පුද්ගලයින් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. 05 July 2019
පොහොට්ටුව හා ශ්රීලනිපය අතර එකඟතාවක් ඉදිරි මැතිවරණවලදී එක්ව තරඟ කරන්නේ නම් ‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ’ නමින් ඉදිරිපත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර එකඟතාවක් ඇතිවී තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, මහින්ද අමරවීර මහතා පැවසීය. 04 July 2019
හමුදා සෙබළාගේ වෙඩි පහරින් පුද්ගලයෙක් මරුට ගාල්ල විද්‍යාලයක ප්‍රාථමික අංශයේ ගේට්ටුවේ ආරක්ෂාවට යොදා සිටි යුද හමුදා භටයකු කළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයකු කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරිමෙන් පසු මිය ගිය බව අක්මීමණ පොලිසිය කියයි. 04 July 2019
හේමසිරි ප්‍රනාන්දු ගෙවන වාට්ටුවකට කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද( 04) පෙරවරුවේදී ජාතික රෝහලෙහි ගෙවන වාට්ටුවකට මාරු කර ඇත. 04 July 2019
හේමසිරි - පූජිත් 9 තෙක් රිමාන්ඩ් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජූලි 9වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(03) නියෝග කළාය. 03 July 2019
හේමසිරි - පූජිත් රිමාන්ඩ් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හෙට(03) දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද සවස නියෝග කළාය. 02 July 2019
හේමසිරි ප්‍රනාන්දු අත්අඩංගුවට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 02 July 2019
හිටපු ආරක්ෂක ලේකම් අද සීඅයිඩීයට නොපැමිණෙයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද(02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණෙන බව දැනුම් දී ඇත. 02 July 2019
හිටපු ආරක්ෂක ලේකම්-පොලිස්පති අත්අඩංගුවට ගන්න නියෝග පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන් වහාම සැකකරුවන් වශයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියම කර ඇත. 01 July 2019
ඇමෙරිකානු හමුදාවට මෙහි එන්න පාස්පෝට් ඕනෑ නෑ ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ඉදිරියේදී අත්සන් කිරීමට යෝජිත ද්විපාර්ශ්වික ආරක්ෂක ගිවිසුම හෙවත් “සෝෆා” ගිවිසුමේ ඇතැම් වගන්තිවලින් ශ්‍රී ලංකාවේ ස්වෛරිභාවයට හානියක් සිදුවන බව එම ගිවිසුමේ කෙටුම්පත විමර්ශනය කිරීමේදී පෙනීයන බව සන්ඬේ ටයිම්ස් දේශපාලන ලියුම්කරු කීය. ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව මේ වන විට එම ගිවිසුම ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා පවත්වමින් තිබේ. 01 July 2019
උතුරු නැගෙනහිරට ඒකාබද්ධ ස්වයං පාලනයක් ඉල්ලයි උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරමින් ස්වයං පාලන ව්‍යූහයකින් යුත් දේශපාලන විසදුමක් ගෙන ලබාදීම ඇතුළු ඉල්ලීම් 11කට බලකරන යෝජනාවක් රජයට ඉදිරිපත් කිරීමට ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ ජාතික සම්මේලනයේදී අද(30)තීරණය විය. 30 June 2019
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026