(ඩී.ජී.සුගතපාල)
අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රි පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රි වීරසිංහ ආරච්චිගේ ක්‍රිශාන්ත පුෂ්ප කුමාර හෙවත් රත්තරං සහ ඔහුගේ රියදුරුවන විතානගේ කැලුම් සමිර හෙවත් සුදා යන සැකකරුවන් අප මත මුදා හැරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය අද (05) නියෝග කළාය.
එක් අයෙකු රුපියල් දස දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරිර ඇප දෙකක් මත ඔවුන් මෙසේ මුදා හැරිණි.
සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය බාරයට ගැනිමටද අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. තිස් හය හැවිරිදි චීන ජාතික කාන්තාවක් දූෂණය කිරිම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනාට එරෙහිව පැමිණිල්ල ගොනුකර ඇත.
දූෂණයට ලක්වු බව කියන චීන ජාතික කාන්තාව 2018 වසරේ ලංකාවට පැමිණ ඇති අතර ඇය පළමුවන සැකකාර මන්ත්‍රිවරයා හඳුනාගෙන ඔහුගේ නිවසේ ටික කලක් නතරව සිට පසුව ගාල්ල කළුවැල්ලේ නිවසක නතරව ඇත. ඒ අතරතුරදී මෙම චීන ජාතික කාන්තාව මෙම අතවරයට ලක්ව ඇත.
මේ අතර ඇය 2019 මැයි 3වැනි දින ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට පැමිණ තමන් එම දෙදෙනා සමග අඹු සැමියන් ලෙස හැසිරුණේ කැමැත්තකින් නොවන බවට පැමිණිල්ලක් කර තිබේ.පසුව පොලිසිය 2019 මැයි 6 වැනි දින අධිකරණයට කරුණු වාර්තාකොට විමර්ශණ අවසන්කර එහි උද්ධෘත නිතිපති වරයා වෙත යවා ඇත.
ඒ අනුව නිතිපතිවරයාගේ උපදෙස් පරිදි සැකකරුවන් දෙදෙනො මෙසේ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදි.සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නිතිඥ කපිල වෛද්‍යරත්න මහතා සමග නිතිඥ ශ්‍රිමාල් විජේසේකර මහතා පෙනි සිටියේය. වැඩිදුර විභාගය 18 වැනි දිනට කල් තැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. දේශපාලුවන් ඕනෙම දෙයක් කළත් ප්‍රශ්නයක් නැහැ...
අනේ ඉතින් රත්තරන් ලාභ වුණාම මම මගේ පොඩි කෙලීට කරාබු දෙකක් අරන් දෙන්න හිටියේ...
දේශපාලුවන්ට, සල්ලිකාරයින්ට ඇප දෙන්න නම් අපේ නීතිය රකින ආයතන හරිම කාර්යක්ෂමයි. පොඩි මිනිහෙක් පොල් ගෙඩියක් හොරකම් කළොත් අඩු තරමින් දවස් 14ක් වත් රිමාන්ඩ්... කුමට මෙරට අධිකරණය නීතිය සහ පොලිසිය..
මේ ඔබ හමුවට, එසේත් නැතිනම් 'මහජන අධිකරණය' හමුවට පමුණුවා තිබෙන්නේ වත්මන් ශ්‍රී ලාංකික දේශපාලුවන්ගේ කැඩපතකි.
ආණ්ඩුවට සල්ලි නැතිනම් මෙයාව හෙට්ටිවිදීයට අරන් යන්න නමුත් එතැනින් කියයි. හරක් මරණ තැනට දීලා සල්ලි ගන්න කියලා..
පොඩි ගැහැණු දරුවෙකුටත් හිංසා කළා නේද? අනේ ලංකාවට ගියකලක්...
අපූරුයි. ඡන්දෙ ඉල්ලන්න ලැහැස්ති වෙන්න වෙන්නැති. මේ එක අපරාධයක්. දවස් 100ක් ඇතුලේ යූටර්න් ජනාධිපතිට ඕනේ තරම් ඉඩ තිබුණු කාන්තා සහ ළමා අතවර වළක්වන්න නීති තදකරන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඒ වගේ පනතකට විපක්ෂය විරුද්ධ වෙන්නේ නැහැ. ඡන්දයක් ළඟ හින්දා... යූටර්න් ජනාධිපතිම ඉල්ලලා ගිහි පැවිදි හොර දේශප්‍රේමීන් පොළවේ හැපෙන කොට මම ඉංග්‍රීසි සිංහල දෙකෙන්ම කමෙන්ට් ලිව්වා.. මොහු කාන්තාවන් සහ දරුවන් ගැන කැක්කුමක් තියෙන කෙනෙක් නෙමෙයි. ඒ ගැන කිසි දෙයක් කලේ නැහැ. කරපු එකම දේ පොලිස් වෙබ් අඩවියේ ඒ දත්ත හංගපු එක විතරයි කියලා. අදටත් 2012 පළවෙනි කාර්තුවේ දත්ත විතරයි තියෙන්නේ. 2013 අවුරුද්දේ ජේවීපී එක අහපු පාර්ලිමේන්තු ප්‍රශ්නයකින් තමයි...
මේ රත්තරන් නෙවෙයිනේ....
තව කියනවා මේ ආරම්භ වෙන්නේ ගෝඨාභය පරිච්චේදයලු. ඒ වගේම යූටර්න් ජනාධිපති ප්‍රතිපත්තිගරුක පුද්ගලයෙක්ලු. මේ කියන්නේ මොන ප්‍රතිපත්තිද මම දන්නේ නැහැ. කාන්තාවන් සහ දරුවන් ආරක්ෂා කිරීම ගැන යූටර්න් ජනාධිපතිට කිසි ප්‍රතිපත්තියක් නැති බව අලුත්ම දත්ත වලින් පෙන්වනවා. 2020 අවුරුද්දේ මුල් මාස දෙකේ විතරක් කාන්තා සහ ළමා හිංසන 2500ක් වාර්තා වෙලා තියෙනවා. මේක මහා බිහිසුණු කාලයක ආරම්භයක්. යූටර්න් ජනාධිපතිම ඉල්ලලා ගිහි පැවිදි හොර දේශප්‍රේමීන් වැලපෙන කොට මම ලිව්වා මොහු ජනාධිපති වුණොත් කාන්තාවන් සහ දරුවන්ට මහා දරුණු කාලයකට මුහුණ දෙන්න වෙනවා කියලා. එ්ක දවස් 100න් ඒක ඇත්ත වෙලා තියෙන හැටි දැක්කහම මටත් මහා කම්පාවක් දැනෙනවා. ඉතාම කෘෘර විදිහට දරුවන්ට අතවර කරලා තියෙන සිද්ධි කියවනකොට ඇස් වලින් කඳුළු වැටෙනවා. පහුගිය අවුරුදු 5 තිස්සෙම කියපු විදිහට සිංහල බෞද්ධයින්ට තියෙන ලොකුම ප්‍රශ්නේ ආර්ථිකය කඩා වැටීම නෙමෙයි. සිංහල බෞද්ධ සමාජය ඉතා දරුණු විදිහට බිඳ වැට්ටවීම. ගෙදර බුදුන් විදිහට සලකපු අම්මලත් හිස අතගාලා ආදරය පෙන්නපු දරුවනුත් ඉතා දරුණු විදිහේ අතවරවලට ලක්වෙනවා. වෙනසක් කරන්න ගෙනාපු යූටර්න් ජනාධිපති වගේ වගක් නැතුව ඉන්නවා.
අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යක්ෂක තනතුරට අමතරව පාසල් සිසුවියන් ටිකත් මේ අම්බරුවාගේ නමටම ලියලා දුන්නා නම් නේද හොඳ? එක අතකට ඉතින් මෙවැන්නන් රජකරන රටක මීට වඩා යමක් බලාපොරොත්තු වෙන්නත් බැහැ. ඡන්දෙත් ළඟ නිසා මේ වගේ අයගේ වටිනාකම ඉහළ නිසා හිරේ දාලත් බැහැ..
ඔක්කොම හොරු... හොරුන්ට ඡන්දෙ දෙන අපිත් හොරු ... එහෙව් ක්‍රමයක් ලංකාවේ තියෙන්නේ... කෝ අර හාමුදුරුවරු..?
නොදකින් මේ අයනේ මහජන සේවයට හතිදාගෙන දුවගෙන එන්නේ බලෙන්ම මහජනයා වෙනුවෙන් පණ හරි දෙන්නම් කියාගෙන... මිනිසුන් කට කහනවට නොවේ කියන්නේ දියවන්නා ඔයේ මීහරකුන් 225 හේ පට්ටිය කියලා...
බෙලෙක් වැඩ කරපු එකාට රත්තරන් කියන්නේ හරක්.
මේයාට ඡන්දෙ දුන්න අයට ජය වේවා... තව පාරක් කතිරය ගසා මොහු උත්තරීතර පාර්ලිමේන්තුවට යවනු මැනවි...
හැමදේම දේශපාලනයට ගාව ගත්තම ඒ ඒ අය දකින්නේ තමන් කැමති පක්ෂයේ අය හොඳයි අනිත් සේරම වැරදියි කියලයි. මම මේ මනුස්සයා ගැන හෝ ඔහුගේ පක්ෂය ගැන නොදනිමි. මේ චීන ජාතික කත ඔහුගේම නිවසේ කාලයක් නතර වී සිට ඇත. දූෂණයක් කෙසේ වූවාදැයි සිතාගත නොහැකිය..