(ඉන්දිකා රාමනායක)
වනවාසල ප්‍රදේශයේ සුවිසල් නිවසක තිබිදී හෙරොයින් කිලෝ 10 ග්‍රෑම් 300 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනකු විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ විසින් අද (2) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් හෙරොයින් වල වටිනාකම කෝටි 10 ඉක්මවන බව විශේෂ කාර්ය බළකාය පවසයි.
මෙම හෙරොයින් තොගය ඇෆ්ගනිස්ථානයේ සිට මෙරටට ගෙන්වා ඇති බව සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
මෙම හෙරොයින් තොගය තිබූ නිවස වෙලේසුදා නම් මත්කුඩු ජාවාරම්කරුට අයත් බවද තොරතුරු හෙළිව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චර අහුවෙනවා නම් මේවා පිටුපස ඉන්න මහමොල හඳුනාගන්න බැරි පොලිසියක් අපට මොකටද? එහෙම නැතිනම් මේ පිටුපස ඉන්න අයව පොලිසිය ඕනෑකමින්ම සඟවනවා. දේශපාලනමය හෝ මුදල්මය කරුණු නිසාවෙන් හෝ බයට...
ඡන්දෙන් පස්සේ හිටපු ගමන් කුඩු වෙළඳාම ඉහළ ගියේ ඇයි? හිරේඉන්න කෙනෙක් මේකට සම්බන්ධද? මෙයාට කාගැන හෝ යම් ආවරණයක් ලැබෙනවද?
දවස ගානේ අල්ලන කුඩු ප්‍රමාණය බලපුවාම අපේ රටේ නීතියක් හෝ ආරක්ෂාවක් නැද්ද කියලත් හිතෙනවා. කොහෙන්ද මේ තරමට කුඩු රටට එන්නේ...? අනික මේ දවස ගානේ අල්ලන කුඩුවලට මොනවද වෙන්නේ? මේවායේ මහ මොලකරුවන් කවදාවත් අහුවෙන්නේ නැත්තේ ඇයි? ඔවුන්ට දේශපාලන රැකවරණ ලැබෙන නිසාද..? කරුණාකර මේ ව්‍යවසනයෙන් අපේ අනාගත පරපුර රැකගන්න. අර පිලිපීනයේ කළා වගේ යම්කිසි කාලසීමාවක් දෙන්න ඔවුන්ට මේවා නවත්වා භාරවෙන්න. නැත්නම් ඉතින් කෙළින්ම මරණ දඬුවම තමයි. ඒකත් නමට විතරක් නොවී ක්‍රියාත්මක කරන දඬුවමක් විය යුතුයි.
අල්ලගන්න කුඩු ආයෙත් පස්ස දොරෙන් එළියට එනවාද කොහෙද...?
කලින් හිටපු ජනාධිපති උත්තමයා කඩුව වනලා කිව්වනේ මත් ද්‍රව්‍ය හොරුන්ව එල්ලනවා කියලා. ඒක නිසා ඒ ගොල්ලෝ මත් කුඩු ගෙනෙන එක නැවැත්තුවා. ඊට කලින් හිටපු ජනාධිපතිතුමා මතට තිත තිබ්බ නිසා පස්සේ ආ කෙනාට පහසු වුණා.. ඔය පත්වෙන ජනාධිපතිලා තදින්ම ක්‍රියාකරන නිසා සහ ආරක්ෂාව හොඳින් ඇති නිසා දැනට 69 ලක්ෂයකට අවුලක් නැහැ. ඉතිරි හතලිස් පන් ලක්ෂය සහ සීයට තුනේ අය තමයි කුඩු කාරයින්ගෙන් බේරිලා ඉන්න ඕනේ...
කුඩු අල්ලන ප්‍රමාණයේ නම් අඩුවක් නැහැ.. මේවායේ පිටිපස්සේ ඉන්න මොලකාරයන් නම් බේරෙනවා. මෙහෙම ගියොත් අපේ තරුණ පරපුර විනාශ වෙන එකයි සිද්ද වෙන්නේ.
කී දෙනෙක් ඇල්ලුවද මේ අයට ප්‍රසිද්ධියේ දඬුවම් දෙන්නේ නැත්තේ මොකද? නව ජනාධිපතිටවත් බැරිද තද තීරණ ගන්න මේ සම්බන්ධව....? හැමදාම අල්ලනවා... ඉවරයක් කරන්න බැරි හේතුව ගැන ගෝඨාභය ගැනත් මහජනතාව සැකයෙන් බලන්න කලින් මොනවා හරි කඩිනමින් කරොත් හොඳයි...
කුඩු කිලෝ 50ක් එකතු කරලා සයනයිඩ් කිලෝ 10ක් කලවම් කරලා නැවත බෙදාහැරියා නම් නිකන් දුන්නත් කුඩු බොන්නේ නැහැ ආපහු... මොකද රටේ නීතිය අනුව. ආගමානුකූලව සංස්කෘතියත් රැකගෙන මානව හිමිකම් රැකගෙන මේ වසංගතේ නැති කරන්න බැහැ කවදාවත්...
වෙලේ සුදා අල්ලලා දැන් කොයි කාලයක් වෙනවද? තාම බැරිවුණා එයාගේ කෙරුම් නවත්තන්න. කිසිම ආණ්ඩුවක් නැහැ. කිසිම ආණ්ඩුවකට බැහැ මේ අයව නවත්තන්න.
මේ අයගේ පත්වෙන ජනාධිපතිගෙන් ජනාධිපතිට හිතෙන සංකල්ප වලට අනුව මේ රට දියුණු කරන්න කවදාවත් බැහැ. එක මිනිහෙක්ට හිතෙන දේවල් අනුව වැඩ කරලා කිසිම රටක් දියුණු වෙලා නැහැ. ඒකට තියෙන්න ඕන රාජ්‍ය ප්‍රතිපත්තියක්. ඒ රාජ්‍ය ප්‍රතිපත්තිය හරියටම අනුගමනය කරන්න තමයි පත්වෙන ජනපති සහ ආණ්ඩුව සහ රාජ්‍ය නිලධාරීන් කටයුතු කරන්න ඕන. නිතියට කිසිම දේශපාලකයෙක් ඇඟිලි ගහන්න හොඳ නැහැ . එහෙම වෙන්න ඉඩ තියන්නත් හොඳ නැහැ වගේම එහෙම හිතනවත් දෙන්න හොඳ නැහැ. මේ කුඩු අංශ ගැන කතා කළොත් කියන්න වෙන්නේ එක දෙයයි. කුඩු ලංකාවට එන්නේ පැකට් වලට කකුල් ඇවිත් ඇවිදගෙන. ගෙනාපු කෙනෙක් කවදාවත් අල්ලාගෙන දඬුවම් දීලා නැහැ. දඬුවම් දුන්න නම් ඔහුට නැවත ගෙන්න බැහැ. නමුත් වෙන්නේ බන්ධනාගාරගත වෙන කුඩුකාරයා එළියේ ඉන්නවට වඩා ලේසියෙන් බන්ධනාගාරේ ඇතුලේ ඉඳන් වෙළඳාම් කරනවා. කවුද මෙතන වැරදි ? බන්ධනාගාර නිලදාරීන් සහ පාලන තන්ත්‍රය නෙමෙයිද ? මිනිස්සුත් මේ වගේ පුවත් බලලා ඔහේ ඉන්නවා. තමන්ගේ කෙනෙක් මේ කුඩු බොන්න ඇබ්බැහි උනදාට තමයි ඒ මිනිස්සුන්ටත් තරු පෙන්නේ. නැත්නම් වෙන ඕන එකෙක් බිව්වට සහ කුඩු මුදලාලිලා කොච්චර අහු උනත් කමක් නැහැ.
මැතිවරණේ කිට්ටු කරලා ගෙන්වනවා වැඩි වෙලා වගේ.
අපරාදේ කඩුව මුවහත් තියල කුඩු කාරයෝ එල්ලුම්ගස් යවලා වැඩ දමන්න හදනකොට කුඩුකාරයෝ ටික එකතුවෙලා දක්ෂ, අවංක , ජනතාවට බොරු නොකියන, හාල් , වැලි පස් ජාවාරම්කාරයෝ නැති දුප්පත් ගොවි පවුලකින් පැවත එන සරල ජනපති වරයකු වන සිරිසේන මහත්මයට ඡන්දේ නොඉල්ලන ලෙසට වැඩ සැලසුවේ. එතුමා කොළඹ නිල නිවාස බෙන්ස් කාර් සියල්ල එපා කියල පොළොන්නරු ගියානේ.
225ම ඇතුළට දාන්න.. බලන්න පුළුවන් ප්‍රතිඵල...
තහනම ඉවත් කරලා කුඩු ලීගලයිස් කරලා සුරාබදු එකෙන් බද්දක් ගැහුවා නම් මාසෙන් ණය කන්ද ඉවරයි. එතකොට ඊ ළඟ මාසෙ ඉඳන් පුලුවන් රටේ සංවර්ධනය ගැන හිතන්න.... හා නැද්ද මම කියන්නේ..?
ඇෆ්ගනිස්ථානයේ සිට වනවාසලට අහසින් වැටි තිබේ. අයියා මල්ලී දෙන්නම මතට තිත. කුඩුකාරයන් පූසන්ට චිකන් කවකවා දැන් ෆුල් ටයිම් එකම ජාතියට කුඩු වෙන්න කුඩු දෙනවා. විල්පත්තුව, බුර්කාව, අන්‍ය අාගම්, ජාතිවාදය රඟ දක්වනවා. කෝ මේවට කෑගහන අයට මරණ දඬුවම දීලා ජාතිය බේරාගන්න නොකියන්නේ ...?
අංක එක ජාතික ආරක්ෂාවත් විනයගරුක රටක් හැදීමත් කියාගෙන ආපු වීරයා කළ එකම වීර වැඩේ මහජන මුදල් කෝටි ගණනක් වියදම් කරලා චීනේ යසට හිටපු ළමයි ටිකක් මහා යුද මෙහෙයුමකින් මෙන් අරන් ඇවිත් මරණෙන් බේරාගත්තා කියා තාමත් අඬබෙර ගහන එක විතරයි. අධීක්ෂණ මන්ත්‍රීතුමා හිරේ ඉඳලා මොනවා කරනවද කවුද දන්නේ? “ළූණු ගණන් ගියත් කුඩු නම් රටේ එමට ඇතේ...”
කුඩු ජාවාරම් කාරයින්ගේ පිහිටෙන් ඡන්ද ව්‍යාපාරය කරගෙන යන දූෂිත මැති ඇමතිවරු ඉන්න රටේ ඕවා නවත්වන්න ලෙහෙසි නැහැ. දේශපාලුවන් කරන්නෙත් එතනෝල්කාරයින්, කුඩු මුදලාලිලා රැකපු එක...
මේ පෙර ආණ්ඩුවෙ අය ඕඩර් කරපුවා වෙන්න ඕනෑ.