එළඹෙන මහමැතිවරණයේදී එජාපය දිස්ත්‍රික්ක 22 සඳහාම තරග කරන බව එජාප ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.
එළඹෙන මහමැතිවරණයේදී එජාපය දිස්ත්‍රික්ක 22 සඳහාම තරග කරන බව එජාප ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අකිලගේ බොරු කයිවාරු... මෙයා තමයි රනිල්ට පන්දම් අල්ලලා UNP එක නැති කලේ. රනිල් ඇතුළු මේ නඩේ ඉදිරි ඡන්දෙදී ජනතාව කුණුබක්කියටම දානවා නියතයි. සුවහසක් රටේම UNP පාක්ෂිකයෝ විශාල උද්යෝගයකින් සජිත්ගේ සමගි ජනබලවේගය ඉදිරි ඡන්දයෙන් ඉහළින්ම දිනවනවා.
අයියෝ සජිත්...
අපේ රටට දේශපාලන දේශසීමා යළි සලකුණු කිරීමත්, ඒ සීමා තුළ දේශපාලන ප්‍රතිපත්ති මුද්‍රාඵලක එසැවීමත් අත්‍යාවශ්‍යවම තිබෙයි. මොකුන් මොකුන් හරි එකතු කරගෙන බලයේ ඉන්න ඔවුන්ට කෙළවන්නට යාම බලය නැති උන්ගේ පරමාභිලාශයයි.
අන්ත පරාජයක් නියතයි.. වාසිය මහින්දට, මේක ඩීල් එකක්...
ජයවේවා! එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාට. හොඳ නිවැරදි තීරණයක් ගත්තට බොහොමත්ම ස්තුතියි. ඔහොම තමයි තීරණ ගන්න ඕනේ... කොන්ද කෙලින් තබා ගන්න. අලුත් කණ්ඩායමක් හදාගෙන ඉදිරියටම යන්න. ඔබටත්, පක්ෂයටත් ජයෙන් ජය...
රනිල් සහ ඔහුම හොඳයි කියමින් 26 වසරක් එජාපය විනාශ කළා. 10 දෙනෙකුට අඩු හෙන්චයියන් පිරිස නොදන්න දේ තමයි තමන්ව එජාප පාක්ෂිකයින්ගේ වෛරයට සහ කේන්තියට අප්‍රසාදයට පත්වී ඇති බව...
නියමයි.. කටටියම එකවර ගෙදර යවන්න පුලුවන්. කුරැඳු වත්තේ දේශපාලනයේ නිමාව..
විසිදෙකෙන්ම පරදින්නේ නැහැ. කොටි කොහොමත් අලින්ට කැමැතියිනේ..
ආව ඇයෝ ගියා... ගිය ඈයෝ ආවා. කවුරු කොහෙන් ආවත්, ගියත් අපි නම් හිටිතැනමනේ..! අපිට හිටි තැනත් නැතිකර නොගියොත් ඇතිනේ... !
පසුගිය ජනාධිපතිවරණයේදීත් අපි දුටුවා... එජාපයට හැම දිස්ත්‍රික්කයකින්ම ඡන්ද ලැබූ හැටි. ඡන්දය වෙනුවෙන් රට කැබලි කර ලබාදී හෝ ජයගැනීමට ඔවුන් නොපැකිලෙන බවත් අපි දන්නවා. මෙවරත් බොහොමයක් අන්තවාදී කණ්ඩායම්වලට විවිධාකාරයේ පොරොන්දු දැනටමත් ලබා දී ඇති.
ධනපති රොත්තගේම ගමනක අවසානය සනිටුහන් කළ වගයි...!!! එජාපයට අනිච්ඡාවත සංඛාරා.
දැන් සමගි ජන බලවේගයට "අපි යූඑන්පී" කියලා කියන්න කිසිම අයිතියක් නොමැත. එහෙම කිව්වත් කමක් නැහැ මොකද එ්කේ වාසිය. ඔර්ජිනල් "යූඑන්පී" අයටයි.
මේ ප්‍රශ්නය මතුකරේ අජිත් පෙරේරා සහ හරින් කල්ලිය නේද? ඔවුන් තමයි රටටම කියලා කෑගහලා බලය උදුරන්න සජිත්ව පෙළඹුවේ. මෙය රනිල් මතුකරපු ප්‍රශ්නයක් නෙවෙයි. දැන් පාස්කු හරින් සහ ෆුට්නෝට් අජිත්, සුජීව ඇතුළු අැලෝසියස්ගෙන් මිලියන් ගණන් ගත්ත කට්ටිය හොඳ බබාලා..
අයියෝ ශ්‍රී ලංකා...
"ගුරා" කියන උතුම් වචනයටත් නිගා කරමින් කමෙන්ට් කළ තැනැත්තාට කියන්න කැමතියි දිස්ත්‍රික්ක 22කක ඉන්නේ බහුතරය සිංහලුන් බවයි. ලංකාවේ දිස්ත්‍රික්ක 24ක් ඇති බව අද ඉගෙන ගන්න. 2ක් අදාලම නැහැ. එ්කයි 22ක් කියලා තියෙන්නේ. මේ වගේ කමෙන්ට් නොදා ඉන්න කරුණාකරලා.
ඉතාම හොඳ තීරණයක් අකිල. ඔබ, නවින්, රුවන් වැනි හිටපු තරුණ මන්ත්‍රී වරුන් සමග අලුතින් උගත් කාර්යශුර තරුණ අපේක්ෂකයන් ආසන සංවිධායකයන් ලෙස පත් කර මැතිවරණයට ඉදිරිපත් කරන්න. සජිත් සමග ගිය පැරණි කාපාළුවන් අන්ත පරාජයට පත් කර අපේ ශක්තිමත් සහා පැරණිම පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය නව ගමනකට යොමු කරවන්න. අදටත් සියලු ජාතින් නියෝජනය කරලා ශක්තිමත්ම තනි පක්ෂය එජාපයයි. ඔබට ජය...!!!
උණුසුම් සුබපැතුම්...!!!
රනිල් යනු, දකුණු ආසියාවේ සිටින කෘතහස්ත නිහඬ දේශ පාලකයකු වේ.
ලැවොයිසියර්, ඔයා කොයි රටෙන්ද? නම තමයි නම... ඔයා පොහොට්ටුවෙන්ද? ඔයා දන්නේ නැතිව ඇති කෝටිපති ලැයිස්තුවේ පර්සි මහෙන්ද්‍ර රාජපක්ෂ නොහොත් මහින්ද පස්වැනියා. එජාපයට අනිච්ඡාවත සංඛාරා... කියන්න කලින් ඒවා ගැන හිතලා බලන්න. ඒ පවුලේ අනෙක් අයගේ වත්කම් නොකියා මේ කියන්නේ.
නායකයින් මාර්කට් කරනවා වෙනුවට, ඡන්දයකදී ආර්ථික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ කවුද? ආර්ථික දැක්මකින් තොර නායකත්වයකින් ඵලක් නැති බව ලෝකයේ බොහෝ දියුණු රටවලින් උදාහරණ ගතහැකියි.
කුණු ගොඩකි... ඇත්තේ දුර්ගන්ධයම පමණයි.
පිරිමි ඇඳුම් ඇදගත්ත මේ ගැහැණු ටික බල තණ්හාවෙන් බරිත වෙලා U.N.P එක නැත්තටම නැති කළා මදිවට රටත් නැත්තටම නැතිකළා.
ඔය ඔක්කොම එකයි.. මකබෑවිලාම ගියා නම් ඉවරයි.
පුළුවන් තරම් ඡන්ද කඩලා පොහොට්ටුව තනියම 2/3 ගන්න එක වළක්වලා ව්‍යවස්ථාව ඒ කට්ටියට ඕනෑ විදියට වෙනස් කරන එක වළක්වන්න මෙදාපාර පෙරමුණු දෙකකින් සටන් වදින්න වගෙයි යන්නේ... අලින්ගේ ඡන්ද අලියාටම අරගෙන පියාණෝගේ ඡන්ද පුතාණෝට අරගත්තම ඇත්තටම පොහොට්ටුවට 2/3 නොලැබෙන්නත් ඉඩ තිබෙනවා. එ් කියන්නේ අර පරණ විදියටම දිනන පැත්තට පනින අවබෝධතාව සදා පවතිනවා. අලුතින් කාචයක්වත් දැම්මද?
හොඳම අවස්ථාවක් ලැබිලා තියෙනවා එජාප පාක්ෂිකයන්ට. අපි බලමු සජිත් දිනයිද ? රනිල් දිනයිද කියලා.....
මුල අමතක අයට එජාපය තුළ ඉඩක් නැත.
ඉතින් අපිට පාන්ද ?
මේක බලන කවුරුහරි කියනවද ලංකාවෙ දිස්ත්‍රික්ක ගණන හරියට..............
අන්තපරාජයක් ලැබීමට නියමිතයි. වැඩිම වුනොත් ජාතික ලැයිස්තු මන්ත්‍රීදූර දෙකක් ලැබෙයි.
රාජපක්ෂ කල්ලිය දිනවීමට කරන රනිල්ගේ උපාය මාර්ගය.
අනේ අකිලය නොදුටු මොක් පුර..................
අලියා සජිත්ට දීලා ඔබලා පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන්න.
ඉතාම හොඳ තීරණයක්. උගත් වැදගත් මිනිස්සු ටිකක් ඡන්දෙට දන්න. පුතානෝගේ කට්ටිය කැඩිලා යන එක රටට හොදයි.
මේ නඩේ ඉදිරි ඡන්දෙදී ජනතාව කුණු බක්කියටම දානවා. මහ බැංකු හොරු ටිකත් නිවට නායකයෝ ටිකත්..............
අපේ රටට වෙලා තියෙන්නේ ඕක තමා. මේ කාලකන්ණි දේශපාලුවෝ නිසා රටම අගාධේ. කවුද උනන්දු වෙන්නේ රට ගොඩගන්න ? මේත් ඒ ජාතියේම එක්කෙනෙක් තමා.
ලේකම්ලා තමයි පක්ෂ කන්නේ. සිරී, දයා SLFP කෑවා. මෙයා එජාපය කනවා.
රාජපක්ෂලා ඡන්ද දිනනවා කියලා ඔවුන්ගේ පොරොන්දු ඔවුන්ගේ විදිහ කොපි කරලා විරුද්ධ පක්ෂයට ජයගන්න බැහැ. සජිත්ගේ අදහස තවත් මහින්ද කොපියකට මිනිස්සු ඡන්ද දෙයි කියලා. එව්වා හීන ඉතින්. කොහොම වුනත් එක්සත් ජාතික පක්ෂය අනෙක් පක්ෂ එක්ක එක්කාසු වෙන් නැතිව මැතිවරණයකට යන එක කෝකටත් හොදයි. දැන් මුස්ලිම් කොංග්‍රසය සහ අනෙක් ඔක්කොම අන්තවාදීන් ඉන්නේ සජිත් එක්ක. ඇත්තටම ප්‍රතිපත්ති ගෙනියන්න පුලුවන් හොද සෙට් එකක් එකතු කරගෙන අලුත් ගමනක් යන්න අකිල සහ පිරිසට පුළුවන් වෙයි.
එක එක්කෙනාගේ ලණු කාලා හැමදාම ජන්දයක් කිට්ටු වෙනකොට නායකකමක් ඇදන් පක්ශය විනාශ කළේ සජිත්. කිව්වේ කොහොමද ? ඕනි ලකුණකින් එනවා කියලා දෙන්න පුලුවන් හැමදේම දුන්නා. සජිත් එක්ක ඉන්න ගොඩාක් මන්ත්‍රීවරුන් පක්කාලි වැඩ කරන අය. අද මහින්ද වුනත් එක එක දේවල් වලට යට වෙලා ඉන්නේ.රනිල් විතරයි කාටවත් යට වුනේ නැත්තේ. අන්තිම කෘත්‍යාධීකාරී මණ්ඩලයට එන්න කිව්වම සජිත්ලා කට්ටිය අවේ නැතුව ලිස්ට් එක හැදුවා නේද? ඉතිං ලකුණ එදා හොයාගන්න බැරිවුනාද දන්නේ නෑ. මේ රටට නිදහස අරන් දෙන්න මූලිකත්වය ගත්තු පක්ෂය , රටේ ජාතික කොඩිය නිර්මාණය කරපු පක්ෂය , රටේ ජාතික ගීය නිර්මාණය කරපු පක්ෂය ඉන්දියාවේන් මෙහෙට ආපු කල්ලතෝනි බාස් කෙනෙක්ට දෙන්න නෙමෙයි පක්ෂයට අඩිය තියන්නවත් දෙන්නේ නෑ. මේ ගත්තු උදාර තීරණයට පාක්ෂිකයන් ලෙස අපි ඉන්නවා. ගමට යන්න බැරි දිනලා පාක්ෂිකයින් නොසලකා හැරිය අයට. ලංකාවේ ග්‍රාම නිලධාරී වසම් 14000 වැඩියෙන් තියනවා.ඒ හැම එකකටම රනිල්ට යන්න පුලුවන්ද?ඒකට තමයි මන්ත්‍රීවරයෙක් ඉන්නේ. ජන්දෙන් පස්සේ ගමට ගිහින් පාක්ෂිකයින්ට උදව් කළේ නැත්තේ රනිල්ද නැත්නම් ජඩයොද?
දිනන්න බැරි නායකයෙක්ගෙන් වැඩක් නෑනේ. හැමදාම අලුත් කණ්ඩායම් ලැබුනා නමුත් නායකයා නෝන්ජලයෙක්. හරි නන් 2005 ගෙදර යා යුතු වූ චරිතයක් තමයි රනිල් කියන්නේ.
ඔයා දැනගන්න යූ.එන්.පී එක මුලින්ම කාලා ගියේ "තිස්ස අත්තනායක"ට අත්සන් ගහලා කියන වග... දැන් ඒ සේරම හොරු.. අන්න සජිත් වට කරගෙන ලකුණු හොයලා හොයලා හති වැටිලා ලබන සතියේ කියන බවක් කියන අතරේ ලකුණු වෙනස් කරන අයට සහනයකුත් 9 වෙනිදා වෙනකම් මැතිවරණ කොමිසමෙනුත් පොඩි තල්ලුවක් දීලා තිබෙනවා. දැන් ටෙලිෆෝනයද? අරකද? මේකද? හොයාගන්න ඔන්න ලෙහෙසි කරලා...
බෙදිලා ඉල්ලුවොත් අන්ත පරාජයක් නියතයි...!!!
රාජපක්ෂලාගේ පාලනයේ දී රට ඉඳන් සල්ලි එවන ඔයාලට රටට එන්නවත් පුලුවන්ද? වාසියක් නම් එන්න දෙනවා. එ්ත් මේ වර ඔයාලට ඡන්දෙ දන්නවත් දෙන්නේ නැහැ. එ් නිසා යූඑන්පී එක දිනවන එක නරකද හිතට එකඟව සිතන්න. "නිවාඩු ගත කිරිම සඳහා ඉතාලියේ හා දකුණු කොරියාවේ සිට අත්‍යාවශ්‍යම කරුණකට නැවත ශ්‍රී ලංකාවට පැමිණිමට සැලසුම්කර ඇති ශ්‍රී ලංකා ජාතිකයින් නැවත ඒ පිළිබඳව සළකා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කළේය. මාධ්‍ය පිරිසක් සමග පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. දින 21ක නිවාඩුවක් ගත කිරීම සඳහා නැවත ශ්‍රී ලංකාවට පැමිණියත් එම රටවලින් පැමිණෙන ජනතාව දින 14ක නිරෝධායනයකට ලක්කිරීමට මේ වනවිටත් සැලසුම්කර ඇති හෙයින් ඔවුන්ගේ පැමණීම එතරම් ඵලදායි නොවන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය."
මේ අය ඉන්නකම් පක්ෂයට දිනුමක් නෑ.
දිස්ත්‍රීක්ක 22 ක් ගැන කියන්නේ එතකොට අනිත් දෙක මොනවද ? ඒවායින් තරග කරන්න බයද? නැත්නම් එව්වා දීලා දාලා ඉවරද ?