(අජන්ත කුමාර අගලකඩ)
රූපවාහිනී සංස්ථාවේ සේවකයන්ට මේ වසරේ වැටුප් ගෙවීම සඳහා මාසිකව රුපියල් 48,000,000 ක් මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන්නැයි තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කර ඇත.
ඒ සඳහා අනුමැතිය ඉල්ලා තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති සහ උසස් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
රූපවාහිනි සංස්ථාව මුල්‍යමය අර්බුදයකට මුහුණ දී ඇති බැවින් රජයේ වැඩසටහන් ප්‍රචාරය කිරිම වෙනුවෙන් නොමිලේ දෙන ගුවන් කාලයේ වටිනාකම ද සැළකිල්ලට ගෙන මෙම මුදල ලබා දෙන්නැයි අමාත්‍යාංශය ඉල්ලා ඇත.
රූපවාහිනි සංස්ථෘවේ සේවකයන් ගණන 930 ක් පමණ වන අතර ඔවුනට වැටුප් ගෙවීමට මාසිකව රුපියල් කෝටි 5 ක් වැයවනු ඇතැයි පැවසේ.
මීට අමතරව අනෙකුත් දීමනා ආදිය සඳහා තවත් රුපියල් කෝටි 4 ක පමණ වැය වන බවද දැනගන්නට ලැබී ඇත.
රූපවාහිනි සංස්ථාව 2017 වසරේදී රුපියල් කෝටි 40 ක පමණ 2018 වසරේදී රුපියල් කෝටි 44 ක පමණ ද වටිනා ගුවන් කාලයක් රජයේ වැඩසටහන විකාශය සඳහා කිසිදු අයකිරිමකින් හෝ අනුග්‍රාහකත්වයකින් තොරව ලබාදී ඇතැයි ද අගමැතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
3-2 දෙන්න එතකොට දෙයි.
රජයේ වැඩසටහන් වලටත් මුදල් අය කළානම් මෙවැනි තත්වයක් ඇති වෙන්නේ නැහැ.
බලාගන ඉන්න. මේ දෙගොල්ලන්ම තව අවුරුදු 100ක් බලයේ හිටියත් හරි මේ රට ගොඩනගන්නේ නැහැ.
නිසි කළමනාකරණයක් නැතිකම නිසා ඇතිවන ගැටළු... අන්තිමට රූපවාහිනියේ සේවකයන්ටත් පඩි ගෙවන්න වුනේ බදු ගෙවන ජනතාවට. කරුණාකර ජනතා මුදල් විනාශ නොකර මේ ආයතනවලට කාර්යක්ෂම නිලධාරීන් පත් කරන්න. (දේශපාලකයන්ගේ සුරතලුන් නොවේ) ... ඔවුන්ට ස්වාධීනව වැඩ කරන්න දෙන්න. රජය විසින් යම්කිසි ගුවන් කාලයක් ලබා ගනී නම් ඒ සඳහා ගෙවීම් කළයුතු බවට නීති සකසන්න. බොහෝ විට අප දැක තිබෙනවා රජයේ දැන්වීම් අනෙකුත් පාර්ශවයන්ට මඩ ගසන අයුරු. මේවා නතර කර පලදායි කටයුත්තකට පමණක් අදාළ කාලයන් වෙන් කිරීමට කටයුතු කරන්න.
අනේ ඉතින් ඒකෙත් හැටි... පුද්ගලික නාලිකා තමන්ගේ චැනල් බලනවට මිනිස්සුන්ගේ ගෙවල්වලට ගිහින් සල්ලි බෙදනවා. රජයේ පාලනය යටතේ තියෙන නාලිකා සේවකයන්ගේ පඩියවත් ගෙවාගන්න බැරුව දඟලනවා. රජයේ ආයතන සියල්ලේම හැටි ඔහොම තමයි. මේ වගේ ආයතන ජනතාවට මොන සේවයක් කරනවටද ජනතා බදු මුදලෙන් නඩත්තු කරන්නේ? ජපන්නු නොමිලේ දුන්නු හින්දා මිසක් එහෙම නොවුන නම් අදටත් අපිට රූපවාහිනියක් නොතිබෙන්න තිබුණා. හොඳ වැඩසටහනක් දානවා නම් ජනතාව ඒවා බලනවා. එහෙම නම් ඕනෑතරම් අනුග්‍රාහකයන් හොයාගන්න පුළුවන්... සත පහකට වැඩක් නැති බොරු දේශපාලන පුරාජේරු ජනතාව බලන්නේ නැහැ...
සේවකයන් 930ක් මොනවද කරන්නෙ? බහුතරය නිකන් ඉඳන් පින් පඩි ගන්නවා. දේශපාලකයන් විසින් තමන්ට වැඩ කල හෙන්චයියන්ට මහජන මුදලින් පින් පඩි ගෙවීම නතර නොකලොත් මේ රට ගොඩ ගන්න බෑ.
පොහොට්ටුවේ ගුණ වයන්න ගුවන් කාලය ගත්තම ලාභයක් කොහෙන්ද? ණය ගන්නම උපන් ආණ්ඩු තියෙන්නේ ලංකාවේ...
තමන්ට නඩත්තු වීමට නොහැකි අයගේ පවුලක් නඩත්තු කිරීමට මං දායක වෙන්නේ ඇයි?
2017, 2018 ප්‍රතිපල තමයි ඔය
එ්කත් මකර කටට...
දැන් බලාගෙන ගියහම දුර්වලයි කියා අපි ප්‍රතික්ෂේපකල රජය වත්මන් රජයට වඩා බොහොම දක්ෂයිනේ. ඒ මිනිස්සු රජයේ සේවකයින්ගේ වැටුප් රුපියල් දහදාහකින් වැඩිකර තෙල් ගෑස් බෙහෙත් ඇතුළු භාණ්ඩ ගණනාවක මිලත් අඩුකර ණයත් ගෙවාගෙන වැඩ වර්ජන ආදී බාදක මැද රජය කරගෙන ගියානේ දැන් ණය ගෙවන්නත් බැහැ කියනවා පඩි ගෙවන්නත් බැරි නම් අපි වැඩේ අල්ලදාමු.
හොඳට ලාබ උපයන්න පුළුවන් ආයතනයක් නේ. ඇයි බදු මුදල් වලින් පඩි ගෙවන්නේ. ජනාධිපතිවරනෙට මාකටින් කලේ නොමිලේ වෙන්න ඇති.
කිසි දෙයකට බයවෙන්න එපා.. රජයේ සියලු පාඩුලබන ආයතන ලාභලබන ආයතන බවට පත්කරන බවට ජනාධිපති ඡන්ද කාලේ පොරොන්දු වුණා. මේක කරන්න බැරි නම් පොරොන්දු වෙන එකක් නැහැනේ..
මේ කන්නේ පුද්ගලික අංශයේ, ස්වයං රැකියාවල සහ විදෙස් ශ්‍රමිකයින්ගේ ලේකඳුළු වලින් උපයන සල්ලි... නැතිව රජයේ සේවයේ හෝ පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ ඉපැයීම් නොවෙයි. අනිත් නාලිකා හොඳින් සල්ලි හොයා ලාභ ලබනකොට මේ සේවයේ ඉන්න හොර හැත්ත පාඩු ලබන්නේ කිසිම රහක් නැති වැඩසටහන් ඉදිරිපත් කිරීමත් අනවශ්‍ය ගණනක් සේවකයින් වැඩිපුරම හෙන්චයියෝ සහ කිකිලියන් දමාගෙන ඉන්න හින්දා. ඔවුන්ව දැන්වත් පන්නලා දමන්න...
දැන් සැපද? තවම වුනේ නෑ. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු. මේ ආණ්ඩුව ඇවිත් භාණ්ඩාගාරයට අලුතෙන් තඹ සතයක් ගෙනාවද? නෑනේ... හම්බවෙන්න තිබුණු ආදායමත් මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට බදුසහන දීලා නැති කළා. කොහොමද අපේ විරුවා රටට කෙලවන හැටි? දැන් සැපද? රස්තියාදුකාරයින් ඉන්න ආණ්ඩුවකට පුලුවන්ද රටක් ගොඩ නගන්න...
මෙම ආයතනය හැකිතරම් ඉක්මණින් පුද්ගලික කළමනාකරණයට යටත්කොට ලාභලබන තත්වයට ගෙන ආ යුතුයි. නැත්නම් වසාදැමිය යුතුයි.
ජනතා මුදලින් යැපෙන ආයතනයක් නම් මීට පස්සේ පොදු මහ ජනතාවට බලන්න පුළුවන් වැඩ සටහන් දාන්න. තුට්ටු දෙක දේශපාලකයෝ ගෙන්නගන බලන්න බැරි දේශපාලන වැඩසටහන් තව දුරටත් දමනවානම් දේශපාලන පක්ෂ වල මුදල් වලින් නඩත්තු කරන්න.
තනිකර දේශපාලන හෙන්චයියෝ දාලා ඕවා දුවනන්කොට කොහෙද ලාබයක්? ආණ්ඩු මාරු වෙන මාරු වෙන හැටියට ඉන්න මිනිස්සුත් වෙනස් වෙනවා. රාජ්‍ය ආයතන ඔක්කොම එකයි.
මම හිතන්නේ කලාකාරයින්ගේ කර්තෘභාවයට ගෙවන්න ගිහින් හිඳිලා වගේ...
මාසික වැටුප් සහ දීමනා සඳහා රුපියල් කෝටි 5+4 = 9. සේවකයන් ගණන = 930 එක් අයකු සඳහා දල (average) වැටුප රු. 96,774.00 මේ තරම් පඩියක් අරන් මහජනතාවට කරන සේවයකුත් නැත්නම්, තමන්ගේ නඩත්තුවටවත් අවශ්‍ය මුදල් හොයාගන්නත් බැරි නම්, කරුණාකරලා වහලා දාන්න. බදුසල්ලි වලින් කරන්න තව වැඩ තියෙනවා රටේ...
ඔය චැනෙල් එකේ නමත් අමතකයි. දැන් මේ අධි තාක්ෂණික ක්‍රමයකට ඔය වගේ චැනල් එකක් මොකටද? පිටරට චැනල් බලන්න පුළුවන් රුපියල් 750ක් දුන්නම.. ඕක වහල දාන්න.
කමෙන්ට් දාලා බනින්නනම් කට්ටිය ඕනතරම් ඉන්නවා. ඒත් ඡන්දෙ දෙන්න ගිහාම ඒ අයටමනේ දෙන්නේ. අපි නම් රට අත ඇරලා ඇවිල්ලා දැන් වෙන දෙයක් බලාගෙන ඉන්නවා. වෙන මොනව කරන්නද...
මේ නාලිකාව වෙළෙඳ දැන්වීම්වලින් උපයන මුදල කොපමණද.? ඒ මුදල වැටුප් ගෙවීමට ප්‍රමාණවත් නැද්ද.?