( තිළිණි ද සිල්වා )
කොරෝනා වෛරසය ආසාදනය වූ මුල්ම ශ්‍රී ලාංකිකයා ඉතාලියෙන් වාර්තා වී ඇතැයි ඉතාලි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙලෙස එම වෛරසයට ආසාදනය වී ඇත්තේ උතුරු ඉතාලියේ බ්‍රේස්සියා ප්‍රදේශයේ පදිංචි ලාංකික කාන්තාවකි.
ඇය 46 හැවිරිදි වියේ පසුවන්නියක වේ.
ඇය මේ වන විට බ්‍රෙස්සියා ප්‍රදේශයේ රෝහලක ප්‍රතිකාර ලබන අතර ඇය තත්ත්වය බරපතල නොවන බවද තානාපති කාර්යාලය ආරංචි මාර්ග සදහන් කරයි.
ඇය හොරණ ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ඉතාලියේ කොරෝනා ආසාධිත රෝගීයකු රැක බලාගැනීමට ගිය අවස්ථාවේදී මෙලෙස රෝගය ආසාදනය වී තිබේ.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
741
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොරෝනා ආසාදිත ප්‍රථම ලාංකිකයා ඉතාලියෙන්
ravi Tuesday, 03 March 2020 05:25 AM
හැබැයි මේ වෙනකන්, මේ වසංගතයෙන් බේරිලා ඉන්න හැටි තේරුම් කරනවා වෙනුවට... අහන්න, කියවන්න ලැබුනේ පුරසාරම් පමණයි.
sunil perera Tuesday, 03 March 2020 07:00 AM
ඉතාලියේ සිට එන සංචාරකයන් ,දකුණු කොරියාව, ඉරානය ආදී මේ වසංගතය වේගයන් පැතිරෙන රටවලට තාවකාලික ව සංචාරක විසා වහාම අත්හිටවිය යුතුයි. එසේ නැතිනම් එම රටවල අයට නිරෝධායන කාලයකින් පසු රටට අැතුල්කරගැනීම වඩා සුදුසුයි.
පිටිගල මිලානෝ Tuesday, 03 March 2020 07:26 AM
අපි මිලානෝ නුවරට වෙලා බලාගෙන ඉන්නේ රසායනික යුද්ධයකදී මෙන් ඇඳුම් ඇඳගත්, ගෙදරටද නොකියා වුහාන් ගොස් තිස්තුන්දෙනෙක් බේරාගෙන පැමිණි ගුවන්සේවිකාවන් ටික පැමිණ අපිවද බෙරාගන්නකල්. ඒ විතරක්ද නොව, රණවිරුවෝ ගුවන්තොටුපලට විත් අපිව පිළිගෙන පොලිස් මුරකාවල් මැද්දේ අපිව දියතලාවට රැගෙන යනකල්. දැන් පෙනෙනවා නේද රජයක් කෙනෙක්ව වීරයෙක් කරන්න ලියපු තිරනාටකය පුස්සක් කියලා? කාවද රැවටුවේ? කවුද රැවටුනේ? කාගේ මුදල්ද වියදම් කලේ?
රුවන්තක මිලානෝ Tuesday, 03 March 2020 11:56 AM
ඇත්ත පිටිගල අයියේ, ඔබ හාස්‍යයෙන් පවසන දේ අපට තේරෙනවා. ලංකාවේ අපිට පහර කන්න වෙලා තියෙන්නේ කොරෝනාවෙන් විතරක් නෙවෙයි කොරෝනා විෂබීජයද දුෂණයට ලක්කළ කොරෝනා මිශ්‍ර දේශපාලනයෙන්.
චමින්ද ජයනාත් ජයසූරිය Tuesday, 03 March 2020 07:28 AM
ගිලනුන්ට උපස්ථානය කිරීම බුදු හිමියන් දේශනා කලේ එය තමනට කරනා වූ උපස්ථානයක් හා සමවයි... මම දන්නා තරමින් ඇයට මෙම රෝගය වැළදුනේත් ඒ හා සමාන රෝග ලක්ෂණ සහිත තවත් රෝගියෙකුට ඇය ඇප උපස්ථාන කිරීමට ඉදිරිපත් වීම තුලිනුයි. ඒ කුසලය හේතුකොටගෙනම තෙරුවණ් සරණින් ඇයට ඉක්මන් සුවය අප සැවොම ප්‍රාර්ථනා කරමු....!!!
ලේක්කෝ ගලබඩ Tuesday, 03 March 2020 01:18 PM
මෙවන් අවස්තාවක අදහසක් දෙන්න ලෙඩේ පාලනය කරගෙන අනිත් අයට බෝවීම අවම කිරීමට. ඔයා කියන විධියට වෙනවානම් අපි ඉස්පිරිතාලේ වහලා දොස්තරලා සහ හෙදියන්ව අනිවාර්ය නිවාඩු යවමු.
[email protected] Tuesday, 03 March 2020 07:47 AM
ඔයා අඬන්න බය වෙන්න එපා. 98% ක් කොරෝනා වලින් හොඳ වෙනවා. ඔබේ වයස 47 ක් නිසා වැඩිහිටි අයට තරම් අනතුරක් නෑ. ඉක්මනින් සුව වේවායි පතමි !
SHAN MILANO Tuesday, 03 March 2020 06:58 PM
ලෝකේ කොහෙවත් නොකරන විධියට ලංකාවේ එක්තරා නාලිකාවකින් ඉතාලියේ සිටින ලාංකික රෝගියාව පෙන්නුවා. රෝගියාට මොන තරම් අපහාසයක්ද ඔවුන් කරේ. ලංකාවේ ඉපදුනේ අපරාදේ කියලා හිතෙන්නේ මේ වගේ වෙලාවල් වලට.
Jayen-New York Tuesday, 03 March 2020 11:41 PM
දූමො පල්ලියේ දේව හාස්කම රැසයි ඇසින් දුටුවනම් ඔබ උනත් එය සිතයි... කොරෝනා ගිණි කන්ද ඇවිලුණා සිත නිවාගන්න තවම බැරි වුණා...