( නිමන්ති රණසිංහ )
හිටපු අමාත්‍ය මන්ත්‍රී රවි කරුණානායක මහතා ඇතුළු 12 දෙනාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (04) නියෝගයක් නිකුත් කළේය.
එමෙන්ම ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳව නියෝගය ලබන සිකුරාදා ලබා දෙන බවද මහෙස්ත්‍රාත්වරයා එහිදී දැනුම් දුන්නේය.
බැඳුම්කර වෙන්දේසි වල සිදු කරන ලද අපරාධමය වැරදි වලට සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ. විදෙස් ගමන් තහනම පැනවූ සැකකරුවෝ 12 කි.
1 .පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ්
2 . සන්ද්‍රේශ් රවින්ද්‍ර කරුණානායක
3 .ලක්ෂ්මන් අර්ජුන මහේන්දුන්
4 .අර්ජුන් ජෝසෆ් ඇලෝෂියස්
5 .පළිසේන අප්පුහාමිලාගේ දොන් කසුන් ඕෂධි
6 .ජෙෆ්රි ජෝසෆ් ආලෝෂියස්
7 .චිත්ත රංජන් හුළුගල්ල
8 .මුත්තුරාජා සුරේන්ද්‍රන්
9 .අජාන් ගාර්දියෙ පුංචිහේවා
10.තුයිය හැන්නදිගේ බුද්ධික සරත්චන්ද්‍ර
11.සංගරපිල්ලේ පදුමනාපන්
12.පදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා මොලකාරයා රනිල් ගන්නේ කවද්ද?
දැන් තිබෙන අලුත්ම ප්‍රවණතාවය නීතිපති පොලිසියට නියෝග දුන්නට පොලිසිය ගණන් ගන්නේ නැහැ.. රවියා කියන්නේ රනිල්ගේ දකුණු අත... රනිල් කියන්නේ මහින්දගේ ගෝලයෙක්.., මොන පැත්ත ආවත් රනිල් සහ රවී දිනුම්, පරදින්නේ පුරවැසි අපි. මේ ක්‍රමය තව අවුරුදු 10ක් ක්‍රියාත්මක වුණොත් රටේම තිබෙන සියලු වටිනා දේපල සහ මුදල්වලින් 80%ක් විතර දේශපාලක පැලැන්තිය හිමිකර ගන්නවා. එතකොට පුරවැසි අපට වෙන්නේ මොවුන්ට වහල්කම් කරමින් ජිවත් වෙන්න.
ඇයි මට පන යන්න අසාධ්‍යයි මම වගේ අහිංසකයකුට විදේශ රටකට ගිහින් බෙහෙත් හේත් ටිකක් අරගෙන නිවිහැනහිල්ලේ විවේක අරගෙන නොඑන්න ඉඩ නොදෙන තරමට මිනිසුන් අමනුස්යෝ වෙලා හත් දෙවියනේ..