IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


නිල නිවාස බාර නොදුන් ඇමැතිවරුන්ට නඩු

(අජන්ත කුමාර අගලකඩ)

ඉකුත් ආණ්ඩුවේ නිල නිවාස බාර නොදුන් හිටපු ඇමැතිවරුන් 13 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු කරගෙන යයි.

ඇමැතිධූර අහිමි වී මාස තුනක් ගතවී ඇතත් මෙතෙක් නිල නිවාස බාර නොදුන් හිටපු ඇමැතිවරුන් 13 දෙනෙකුට එරෙහිව මෙසේ නඩු පවරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.

ඇමැතිධූර අහිමි වූ හිටපු ඇමැතිවරුන්ට නිල නිවාස ඉකුත් 20 වැනිදාට පෙර ආපසු බාරදෙන ලෙස දැනුම් දුන්නද එසේ නිල නිවාස ආපසු බාරදී ඇත්තේ  කිහිපදෙනෙකු පමණක් බව කී එම නිලධාරියා තවත් 13 දෙනෙකු එම නිවාස බාරදී නැති බව කීවේය.

හිටපු ඇමැතිවරුන් එම නිල නිවාස ආපසු බාරදී නොමැති නිසා වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරුන් රැසකට නිල නිවාස බාරදීමට නොහැකි වී ඇති බවද හෙතෙම සඳහන් කළේය.



අදහස් (9)

නිල නිවාස බාර නොදුන් ඇමැතිවරුන්ට නඩු

Mahee Wednesday, 04 March 2020 06:36 PM

අපිව පාලනය කරන්න එන අයගේ විනය ගැනත් උන් අයිති දේශපාලන පක්ෂවල විනය ගැනත් ඒ පක්ෂ නායකයින්ගේ විනය ගැනත් මේ වැඩවලින්ම පේනවා.

:       0       30

Bamunuarachchi Thursday, 05 March 2020 03:08 AM

මොන නඩුද, ඊලගට එම නිවාස හිමි ඇමතිට කියන්න බලෙන් ගිහිල්ලා පදිංචි වෙන්න කියලා. දැන් ඔවුන් ඇමති වරු නොවෙයි.

:       0       14

රවින් Thursday, 05 March 2020 06:09 AM

බමුණු, පාර්ලිමේන්තුව විසිරුවාට කැබිනට් ඇමතිවරුගේ නිලයන් තාවකාලික පදනම මත එසේම පවතී. විශේෂ අවස්තාවලදී ඔවුනට රැස්වී තීන්දු ගතහැකිය. ඔවුන්ගේ තනතුරු අහෝසිවෙන්නේ අගමැති ඉල්ලා අස්වුවොත් පමණි. ඒක ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු තිබෙන හැම රටකටම පොදු වේ. එම තනතුරු අලුතින් පත්වන ආණ්ඩුව දිවුරුම් දෙනතුරු පවතියි. මෙහිදී වැදගත් වන්නේ ඊට ඉස්සෙලා හිටපු ඇමැතිවරුත් තාම නිල නිවාස වළලු. එහෙම නිල නිවාසවල ඉන්න එක පහුගිය දිනවල මාධ්‍ය තුලින් නම් දැක්කා. තව විදියකින් කිවොත් ඇමති පට්ටම් ගහලා ගිහිල්ලා අවුරුද්දකටත් වැඩියි. හැබැයි තාම නිලනිවාසයේ.

:       0       0

Perera Thursday, 05 March 2020 03:59 AM

ඔය නඩුඅහලා තීන්දු දෙනකොට මේ මැති ඇමතිලා මැරිලත් අවුරුදු ගාණක් ගිහින් තියේවි...

:       0       29

Abaran Thursday, 05 March 2020 04:06 AM

මොන නඩුද? බෙල්ලෙන් අල්ලලා එලියට දමන්නේ නැතිව...

:       0       0

Raveendra Thursday, 05 March 2020 04:10 AM

දවසක් හරි පිනටම වැඩ ටික කරගන්න හැමවිටම උත්සාහ කරන පිං මාමලා ටිකක් තමයි අපේ දේශපාලුවන් 225ම...

:       0       152

rihan Thursday, 05 March 2020 04:21 AM

අාසාවනේ පව්... තව ටිකක් කල් දෙන්න.

:       0       0

sharm warn Thursday, 05 March 2020 04:53 AM

මේ ගොල්ලන්ට ඡන්දෙ දුන්නේ කවුද ඉතින්? මේ පාරත් මේ ගොල්ලන්ටම දෙන්නකෝ දැන් බැන බැන ඉඳලා.. හැමදාම කරන්නේ ඒකනේ...

:       0       28

Bamunuarachchi Thursday, 05 March 2020 11:47 AM

"බමුණු, පාර්ලිමේන්තුව විසිරුවාට කැබිනට් ඇමතිවරුන්ගේ නිලයන් තාවකාලික පදනම මත එසේම පවතියි. විශේෂ අවස්ථාවලදී ඔවුන්ට රැස්වී තීන්දු ගතහැකියි. "මේ ඔබේ කතාව... මෙන්න අමාත්‍යංශයේ කතාව... "ඇමැතිධුර අහිමි වී මාස තුනක් ගතවී ඇතත් මෙතෙක් නිල නිවාස බාර නොදුන් හිටපු ඇමැතිවරුන් 13 දෙනෙකුට එරෙහිව මෙසේ නඩු පවරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 102 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 254 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 599 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site