(ඩයනා උදයංගනී)
උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ බඳවාගත් අයට පුහුණුව ලබාදීමේ කටයුතු අත්හිටුවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සමඟ අද (5) සාකච්ඡා කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
එම වැඩසටහන දේශපාලන ව්‍යාපෘතියක් නොවන නිසා ඔවුන්ගේ පුහුණු කාලය අවහිර කිරීමේ අර්ථයක් තිබේද යන්න කල්පනා කර බලා මැතිවරණ කොමිසමේ විද්වතුන් සාධාරණ තීන්දුවක් ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
එම බඳවාගත් උපාධිධාරීන්ට පුහුණු කාලයේදී ගෙවිය යුතු රුපියල් 20,000 ක මාසික දීමනාව ලබාදීම මෙම මාසයේ සිට සිදුකරන බව ද ඇමතිවරයා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (5) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් 50,000 ක් රජයේ රැකියාවලට බඳවා ගැනීම සඳහා පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් පත්වීම් ලිපි තැපැල් කර තිබිණි.
පුහුණු කාලයේදී ගෙවීමට පොරොන්දු වී ඇති පරිදි අයකුට රුපියල් 20,000 ක් බැගින් උපාධිධාරීන් 50,000 ක් දෙනාගේ වැටුප් සඳහා මාසිකව රුපියල් බිලියනයක් හෙවත් රුපියල් කෝටි 100 ක මුදලක් අවශ්‍ය වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් විහිලු...
ඔය වැටුප ඡන්දෙට ඉස්සෙල්ලා දීලා ඡන්දෙට පසුවටත් දිගටම දෙනවද?
මේවා අපේ බදු සල්ලි නේද?
පඩි දෙනවා නම් පුහුණුව අත් හිටවන්නේ මොන හේතුවකටද?
මෙතැනදී තවත් පොදු ජනමාධ්‍යක කියනවා ඇහුනා " කැබිනට් එකට තේරෙන්නේ නැහැ කියලා." තේරුම් ගන්න හරිහමන් මොලයක් තියන කීදෙනෙක් ඉන්නවාද ඔය කියන කැබිනට් එකේ. මොලේ තියෙන්නේ කොමිස් ගහන්නයි, ජඩ වැඩ කරන්නයි මිසක් රටේ අනාගතේ ගැන හරි හමන් තීන්දුවක් ගැනීමට නම් නොවේ. හොරු, වංචාකාරයෝ. කොටින්ම කියතොත් ශරීරයේ තියෙන සියලුම හිඩස් වලින් පුහු වදන් කථාකරන කිසිම වැඩගම්මකට නොමැති බඩ මහතා අය මිසක් වැඩකට ඇති අය නම් නොවේ.
මටනම් මතක පසුගිය ජනාධිපති ඡන්දෙ කාලෙ සමෘද්ධි, නිවාස අධිකාරියෙ පත්වීම් දෙනකොට මැකෝ කිව්වෙ කලින් සැලසුම් කල ක්‍රියාකාරීකම් මැතිවරණ සමය කියා අවලංගු නොකරන බවයි. මැකෝ දනී අපි නොදනී.
තුනෙන් දෙක ගන්න මහජන මුදල් මහජනයාටම අල්ලස් දීම ලෙසයි මම මෙය දකින්නේ. අයියගේද, රට හදන්න ආපු මල්ලිගේද නැත්නම් සීයට දහයේ කෙනාගේද මේ ටිකිරි මොලේ? මා සිටින යුරෝපයේ ඡන්දදායකයා බොහොම බුද්ධිමත් බැවින් දේශපාලකයෝ මෙවැනි වැඩ කරන්නේ නැත.
කවදා ඉවර වෙයිද මේ අයගේ වැඩ.
රැකියා විරහිත උපාධිධාරීන් 50,000ක් සඳහා ගෙවන මේ මුදල ගැන කවුරුවත් තැවෙන්න ඕනෑ නැහැ. පුහුණුව අත්හිටෙව්වා නම් වැටුප් ගෙවන එක සාධාරණයි. වැටුප් දෙකක් අරන් කොමිෂන්වල ඉන්න අයට මේවා තේරෙනවා මදියි...
ඊටපස්සේත් දිගටම වැටුප් ගෙවන්න...