( ඩබ්ලිව් ඒ පියතිලක)
ද්‍රව්‍යම අල්ලසක් ලබාගත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොළොන්නරුව කාර්යාලයේ ව්‍යාපෘති කළමනාකාරවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොළොන්නරුව ශාඛාවේ ආපනශාලාවේ නව ටෙන්ඩරය ලබා දීම සඳහා පුද්ලගයකුගෙන් රුපියල් 17,250 ක් පමණ වටිනා මස් සහ චීස් ඇතුළු ආහාර තොගයක් අල්ලස ලෙස ලබා ගැනීමේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
අල්ලස් කොමිසම බාරයට ගත් භාණ්ඩ අතර කුකුළු මස් කිලෝ 02 , ඌරු මස් කිලෝ 02 , චීස් පැකට් 02, සෝඩා , මත්පැන් බෝතලයක් ඇතුළු තවත් ආහාර ද්‍රව්‍ය කිහිපයක් තිබූ බව අල්ලස් කොමිසමේ ප්‍රකාශිකාවක් පැවසුවාය.
සැකකරු ගම්පොල, කුරුදුවත්ත පදිංචි කරුවෙක් වන අතර ඔහු අද (05) පොළොන්රුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd