IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


අන්තරේ කැඳවුම්කරු ඇතුළු සිසුන් 22 දෙදෙනකු අත්අඩංගුවට

(දසුන් රාජපක්ෂ) 


අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ  කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි ඇතුළු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් 22 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය පවසයි.

අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් බ්‍රහස්පතින්දා සිට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිත ශිෂ්‍යයන් පිරිසක් අට්ටාලයක් ඉදි කරගෙන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත ව සිටි අතර ඒ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබිණි.

 



අදහස් (17)

අන්තරේ කැඳවුම්කරු ඇතුළු සිසුන් 22 දෙදෙනකු අත්අඩංගුවට

Bamunuarachchi Sunday, 01 March 2020 04:20 AM

දැන් විශ්වවිද්‍යාල ත්‍රස්තවාදීන් සිවුරු පොරවාගත්ත හාදයෝයි. මොවුන් දුටුතැන හමගැසුවාට පව් නැත.

:       92       102

චන්න Sunday, 01 March 2020 04:25 AM

මොවුන් ජාතික වීරවරයින්. මගේ සෞභාග්‍යමත් රටට මෙවන් පින්බර පුතුන් බිහිවීම අප සමගේ මහත් වූ පිනක ප්‍රතිඵලයක්.

:       33       19

sigithi Sunday, 01 March 2020 05:21 AM

ඇයි මේ ළමයින් මේ තරම් දරුණු ? මේ ළමයින්ගේ වැඩිහිටියන්ට මේ ළමයින් පාලනය කරගන්න බැරිද ?ඒ මදිවට හාමුදුරු කෙනෙකුත්. මෙයාගේ පන්සලේ මෙයාව පාලනය කරන්න නායක හාමුදුරු කෙනෙක් නැතිද ? මේ තරම් හික්මීමක් නැති හැසිරෙන මේ අයට උපරිම දඩුවම් දිය යුතුයි. විශ්වවිද්‍යාල පැත්ත පළාතකවත් යන්න බැරි වෙන්න තහනම් කළ යුතුයි. එතකොට ඊළග කට්ටියවත් හැදේවිනේ. අද ලෝකයේ ඇති වෙලා තියෙන තත්වය ගැනවත් මේ ළමයින්ට හැගීමක් නැති හැටි.

:       11       28

Sanath KandySunday, 01 March 2020 10:52 AM

මෙතන කමෙන්ට් දාන කවුරුවත් මේ ළමයින්ගේ ගැටළු මොනවද කියලා දන්නවද? තමන්ට තමන්ගේ දූ දරුවන්ට විශ්වවිද්‍යාලයකට යන්න වරම් නැති වුණාට කුහකවෙන්න එපා. මේ දරුවන් අරගල කරන්නේ උසස්පෙළ සමත් වී විශ්වවිද්‍යාලයට යාමට නොහැකි සියලු දෙනාට සරසවි වරම් හිමිකර දීමට... අන්තරය ප්‍රමුඛ ශිෂ්‍ය සංවිධාන අරගල නොකරන්න මේ රටේ පාලකයන් මෙලහකටත් නිදහස් අධ්‍යාපනය වලලා දමලා... ගම්වල අහිංසක දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට උසස් අධ්‍යාපන වරම් හිමිකර ගැනීමට ඇති එකම මග නිදහස් අධ්‍යාපනයයි.

:       305       143

rohanaMonday, 02 March 2020 07:32 AM

අනේ මේගොල්ලෝ සටන් කරලා තමයි මේ නිදහස් අධ්‍යාපනය රැකිලා තියෙන්නේ... මේ ගොල්ලෝ සටන් කරලා නිදහස් අධ්‍යාපනයට ලබා දීපු එක කෙහෙල්මලක් තියනවා නම් කියන්න. මේ ගොල්ලන් පසුපස සිටින කාලකන්නි රතු අලි පැටව් සහ පෙරටුගාමී කුහකයන් මොවුන්ගේ මොල සොද්මින් පීරිසි කෝප්ප වල කිඹුල්ලු පෙන්නමින් මේ තරුණ පරපුර නොමග යවනවා. මුලින්ම ඔවුන්ව අත්අඩංගුවට ගෙන නිසි දඬුවම් දෙන්න.

:       1       1

ramani Sunday, 01 March 2020 05:34 AM

ජාතියත්, රටත් විනාශ කොට මමත් විනාශ මුඛයට යමි කියන න්‍යායෙන්ද මේ අය වැඩ කරන්නේ? උපරිමෙන් දඩුවම් දිය යුතුයි. අනුකම්පා නොකළ යුතුයි මොවුන් ගැන.

:       1       55

saman Sunday, 01 March 2020 06:06 AM

දේශපාලන බලපෑම් වලින් තොරව අධිකරණ නියෝග කඩකිරීමේ වරදට මෙම මැරයින්ට අධිකරණය මගින් දඩුවම් දියයුතුය. එසේම එම දඩුවම් මොවුන්ගේ ඉදිරි උද්ඝෝෂණ හමුවේ ලිහිල් නොකළ යුතුය. එසේ නොමැතිව මේ රට විනය ගරුක රටක් කල නොහැක. අපි දැන් වත් නිවැරදි දේ කිරීම අරඹමු.

:       0       111

Ruhunu Sunday, 01 March 2020 06:35 AM

හිමිවරුන්ට පිරිවෙනින් පමණක් අධ්‍යාපනය ලබා දිය යුතුයි.

:       0       89

Raveendra Sunday, 01 March 2020 07:08 AM

සරසවි සිසුන් යනු මෝඩයන් නොවෙන බවත් කිසිවෙකුට මෙම සිසුන් රැවැට්ටිය නොහැකි බවත් අප හොදින්ම දන්නා කරුණකි. නමුත් "මේ මෝඩ ගොන් තඩියන් රැල"කෙසේ දියවන්නා ඔයේ ඉන්න රතුහැට්ටකාරන් රවටා තම නුගත් තකතීරු වැඩවලට යොදාගත්තේද යන්න අවංකව අපටනම් ගැටලුවකි. ඒ නිසා එක්කෝ මෙම සිසුන් යයි කියනා ගොන් තඩියන් රැල සරසවි පිවිසුම්පෙල විභාග හොරට සමත්වී ඇති බව සිතිය හැක.එබැවින් මෙම විභාග කෙසේ සමත්වුයේද යන්න සොයා බැලීමෙන් මෙම විනාශකාරී ක්‍රියාවලට විසදුමක් සොයාගත හැකි බව අප තරයේ විස්වාස කරන්නෙමු. නිසිලෙස විභාග සමත් බුද්ධිමත් දරුවන්ව කිසිවෙකුට රවටා තම අභිමතයන් සපුරාගැනීමට නොහැකි බැවින් මෙම ගොන් බුරුවන් රැල හොරට විභාග සමත්වී ඇති බව අප තරයේ විශ්වාස කරන්නෙමු. කරුණාකර මෙම ගොන් රැළගේ උසස්පෙළ විභාග ප්‍රතිපල නැවත පරික්ෂා කරන මෙන් අදාළ ආයතනවලින් ඉල්ලා සිටින්නෙමු. එසේත් නැත්නම් මේ අය මානසික රෝගීන්ය. එබැවින් මෙම මිහරකුන්ගේ මොලයන් පරික්ෂා කිරීමට අදාළ අංශවලට යොමුකිරිම කළ යුතුය.

:       2       81

Dr. Vajira Fernando Sunday, 01 March 2020 07:21 AM

මේ ආණ්ඩුවත් ශිෂ්‍යන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ පරණ විදිහටම මර්දනයෙන් තමා. විශ්වවිද්‍යාලවල CCTV කැමරා සවි කළා කියලා ශිෂ්‍යන්ගේ ගැටළු විසදෙන්නේ නැහැ.

:       199       55

lakshithaMonday, 02 March 2020 09:36 AM

මේ රටේ මිලියන ගණනක් වූ මිනිසුන්ට සත්‍ය හෝ යතාර්ථය නොවැටහෙන, නොහැඟෙන නොතේරෙන එසේ නැත්නම් තේරුම් ගන්නට උත්සාහ නොකරන මේ අතිශයින්ම අභාග්‍යසම්පන්න ආකල්පමය පසුබෑම කුමන හේතුවක් නිසා ඇතිවූවක්දැයි විශ්ලේෂණය කිරීමට උත්සාහ කිරීමම අනුවණකමකි. ශ්‍රේෂ්ඨ බෞද්ධ දර්ශනයක ආභාෂය ඇති පසුබිමක ඇති බහුතරයක් උදේට පන්සිල් අරගෙන මල් පහන් පුදා සුළු මොහොතකින් පන්සිල් පද පහම කඩමින් හැසිරෙන්නේ වගේවගක් නැති ගාණටය. ප්‍රගතිශීලි ආකල්පමය වෙනසක් අවශ්‍ය බව සැබැය. එහෙත් ඊට අනුගත වන්නෙකු සොයාගත නොහෙන තරමටම මේ රට දරුණු පසුබෑමකට ලක්ව ඇත. දුප්පත් වූවත් ලෝකයේම පළමු ශ්‍රේණියේ සිට විශ්ව විද්‍යාලය දක්වාත්, විශ්ව විද්‍යාලයේ නිදහස් අධ්‍යාපනය සහ මහපොළ ශිෂ්‍යත්වයකුත් ලබන සිසුපිරිසක් ඇති දුප්පත්ම රට වන්නේ මේ ශ්‍රී ලංකාවයි. සාමාන්‍ය ජනජීවිතයට අවහිර කරමින් විශ්ව විද්‍යාල සිසුන් මේ කරන නාඩගම කෙසේ ඉවසා සිටිය හැකිද.? රටට ආදරය කරන රජයකට නම් කෙසේවත් ඉඩ දිය නොහැකිය. එසේ නැත්නම් ඔවුන්ගේ Civil Rights අහිමි කිරීමයි. ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සපයා ගැනීමයි.

:       0       373

lakshitha Sunday, 01 March 2020 07:31 AM

තලේබාන් වගේ කාලකන්නි අපේ සහ අපේ දරුවන්ගේ අධ්‍යාපනය පරම්පරා ගණනාවක් තිස්සේ විනාශ කරලා දැම්මා. මාස ගණන් විශ්වවිද්‍යාල දේශනවලට යන්නේ නැතිව රස්තියාදු වෙන්න සිදුවුනා මොවුන්ගේ මෝඩ තකතීරු අමනකම් නිසා මේ විනාශ කරන්නේ රටේ මිනිසුන් විවිධ බදු මගින් රජයට ගෙවන මුදල් ඒ කියන්නේ මොවුන් මේ විනාශ කරන්නේ අපි දුක් මහන්සියෙන් උපයාගන්නා මුදල්. ඒ නිසා මේ රටේ ජනතාවට විශාල අයිතියක් තිබෙනවා මොවුන් කරන මේ විනාශයන්ට විරුද්ධව නැගී සිටින්න. අපි අද ශ්‍රි ලංකාවේ කළ යුත්තේ මෙන්න මෙයයි රජයට යම් සීමාවන් ඇත නමුත් කුපිතවූ මහජනතාවට ඒ සිමාවන් අදාළ නැත. අපේ මුදල් මේ නොහික්මුණු දේශපාලන ඉත්තන්ට විනාශ කිරීමට ඉඩ දිය නොහැකියි. එසේම අපේ දරුවන්ගේ අධ්‍යාපනය මෙසේ මාස ගණන් උදුරාගන්නට මේ අතෙළාස්සක් වූ අමනයන්ට ඉඩ දිය නොහැකියි. ඒ නිසා මහජනතාවෙනි, දෙමාපියනි මේ අළුගෝසු අන්තරේ පෙරටුගාමී විනාශ කාරයන්ට විරුද්දව පෙළ ගැසෙමු ගහලා පන්නමු. අපේ දේපල හෙවත් රජයේ දේපල අපි ආරක්ෂා කරමු.

:       0       21

විදුහල Sunday, 01 March 2020 07:49 AM

ව්‍යාකරණ රකින ලංකාදීප ඔබට ස්තුතියි.

:       0       0

ලුම්බිණි Sunday, 01 March 2020 07:52 AM

අපේ මහානායක හිමිවරුන්ට නරකද නීතිරීති මාලාවක් පැනෙව්වා නම්...? මේ හාමුදුරුවරුන්ට අඩු වශයෙන් ආගමානුකූලව ජීවත්වෙන විදියවත් කියලා...

:       0       18

Raveendra Sunday, 01 March 2020 08:02 AM

බුද්ධිමත් දරුවන් කිසිවිට මෙවැනි ගොන් තකතීරු ක්‍රියාවන්වලට නැඹුරු නොවෙන බැවින් මේ ද බුද්ධිමත් දරුවන්ව කිසිඳු අයෙකුට රැවටිය නොහැකි බවත් හොඳින්ම පැහැදිලිය. එබැචින් මේ සියලුම මැරයන් හොරට උසස්පෙළ සමත්වී සරසවිවලට ඇතුළුවී ඇතිබව නම් පැහැදිලිය. එසේ නොමැති නම් මෙම මැරයන් මානසික රෝගීන් බැවින් මානසික රෝග විශේෂඥයෙකුට ඉදිරිපත් කර නිසි වාර්තා ලබාගත යුතුය. නොඑසේ නම් මෙම කාලකන්නින් කසිප්පු, ගංජා, හෝ කුඩු පානයට ඇබ්බැහි වූ මූසලයින්ය. අපගේ මාතෘභූමියේ අනාගතය බාරගැනුමට සිටින තරුණ පරපුරේ ඉගෙනීමේ අයිතිය නැතිකර දමන මෙම පාපතරයින්ට දඬුවම් දෙන ලෙස අප වගකිවයුතු ආයතනවලින් ඉල්ලා සිටින්නෙමු. මුන් අප රටට කිසිඳු වැඩක් නැති කාලකන්නින් පිරිසකි.

:       0       29

jayath Sunday, 01 March 2020 08:43 AM

රවීන්ද්‍ර මේ හරක් හොරාට පාස්වෙච්ච අද නෙමෙයි, හුඟක් අය දිස්ත්‍රික් ක්‍රමයට පින්සිද්ද වෙන්න ගමෙන් ආපු අය. ඔවුන්ට හීනමානේ තියෙනවා. ඊර්ෂ්‍යාව තියනවා අපි කාටත් වගේ... පාදඩ පෙරෙට්ටුවන් අරුන්ට කොක්ක ගහනවා. ඕක තමයි ඇත්ත.. මේක කලා පීඨවල වැඩියි බලන්න මොරටුවේ.. පේරාදෙනිය ඉංජිනේරු පීඨය, අඩුතරමින් ගාල්ලේ ලබුදූවේ ඉංජිනේරු පීඨයේවත් මේක මේ තරමට නැහැ. මොවුන් කාලයක් සයිටම් අල්ලාගෙන නැටුවා දැන් අලුත් එකෙක් පටන්ගෙන මම කියන්නේ මහාචාර්ය අමරසේනවගේ 5 ක් හොයා ගෙන ඕවට දමන්න. මොවුන් එ්ත් දැඟලුවොත් දාන්න හමුදාව හරි... එස්.ටී.එෆ් එක හරි. මේ හැතිකරේ අපේ ජීවිත කාලෙදීම ඉවරවෙනවා දකින්න අපි කැමතියි.

:       3       102

sampath Monday, 02 March 2020 12:54 AM

සිඟිති පාතාලයේ අය මොනවද මේ කරන්නේ. රට හදන්න ඉගෙන ගන්න ඉස්සෙල්ලා. මේවට පොළඹවන අය හිරේ යන්නෙත් නැහැ ගුටි කන්නෙත් නැහැ මේ ළමයි දුක් විඳිනවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට
2025 මැයි මස 05 590 0

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ


හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 152 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 75 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 590 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 527 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 183 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 719 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 186 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1226 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site