(දසුන් රාජපක්ෂ)
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි ඇතුළු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් 22 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය පවසයි.
අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් බ්‍රහස්පතින්දා සිට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිත ශිෂ්‍යයන් පිරිසක් අට්ටාලයක් ඉදි කරගෙන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත ව සිටි අතර ඒ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් විශ්වවිද්‍යාල ත්‍රස්තවාදීන් සිවුරු පොරවාගත්ත හාදයෝයි. මොවුන් දුටුතැන හමගැසුවාට පව් නැත.
මොවුන් ජාතික වීරවරයින්. මගේ සෞභාග්‍යමත් රටට මෙවන් පින්බර පුතුන් බිහිවීම අප සමගේ මහත් වූ පිනක ප්‍රතිඵලයක්.
ඇයි මේ ළමයින් මේ තරම් දරුණු ? මේ ළමයින්ගේ වැඩිහිටියන්ට මේ ළමයින් පාලනය කරගන්න බැරිද ?ඒ මදිවට හාමුදුරු කෙනෙකුත්. මෙයාගේ පන්සලේ මෙයාව පාලනය කරන්න නායක හාමුදුරු කෙනෙක් නැතිද ? මේ තරම් හික්මීමක් නැති හැසිරෙන මේ අයට උපරිම දඩුවම් දිය යුතුයි. විශ්වවිද්‍යාල පැත්ත පළාතකවත් යන්න බැරි වෙන්න තහනම් කළ යුතුයි. එතකොට ඊළග කට්ටියවත් හැදේවිනේ. අද ලෝකයේ ඇති වෙලා තියෙන තත්වය ගැනවත් මේ ළමයින්ට හැගීමක් නැති හැටි.
ජාතියත්, රටත් විනාශ කොට මමත් විනාශ මුඛයට යමි කියන න්‍යායෙන්ද මේ අය වැඩ කරන්නේ? උපරිමෙන් දඩුවම් දිය යුතුයි. අනුකම්පා නොකළ යුතුයි මොවුන් ගැන.
දේශපාලන බලපෑම් වලින් තොරව අධිකරණ නියෝග කඩකිරීමේ වරදට මෙම මැරයින්ට අධිකරණය මගින් දඩුවම් දියයුතුය. එසේම එම දඩුවම් මොවුන්ගේ ඉදිරි උද්ඝෝෂණ හමුවේ ලිහිල් නොකළ යුතුය. එසේ නොමැතිව මේ රට විනය ගරුක රටක් කල නොහැක. අපි දැන් වත් නිවැරදි දේ කිරීම අරඹමු.
හිමිවරුන්ට පිරිවෙනින් පමණක් අධ්‍යාපනය ලබා දිය යුතුයි.
සරසවි සිසුන් යනු මෝඩයන් නොවෙන බවත් කිසිවෙකුට මෙම සිසුන් රැවැට්ටිය නොහැකි බවත් අප හොදින්ම දන්නා කරුණකි. නමුත් "මේ මෝඩ ගොන් තඩියන් රැල"කෙසේ දියවන්නා ඔයේ ඉන්න රතුහැට්ටකාරන් රවටා තම නුගත් තකතීරු වැඩවලට යොදාගත්තේද යන්න අවංකව අපටනම් ගැටලුවකි. ඒ නිසා එක්කෝ මෙම සිසුන් යයි කියනා ගොන් තඩියන් රැල සරසවි පිවිසුම්පෙල විභාග හොරට සමත්වී ඇති බව සිතිය හැක.එබැවින් මෙම විභාග කෙසේ සමත්වුයේද යන්න සොයා බැලීමෙන් මෙම විනාශකාරී ක්‍රියාවලට විසදුමක් සොයාගත හැකි බව අප තරයේ විස්වාස කරන්නෙමු. නිසිලෙස විභාග සමත් බුද්ධිමත් දරුවන්ව කිසිවෙකුට රවටා තම අභිමතයන් සපුරාගැනීමට නොහැකි බැවින් මෙම ගොන් බුරුවන් රැල හොරට විභාග සමත්වී ඇති බව අප තරයේ විශ්වාස කරන්නෙමු. කරුණාකර මෙම ගොන් රැළගේ උසස්පෙළ විභාග ප්‍රතිපල නැවත පරික්ෂා කරන මෙන් අදාළ ආයතනවලින් ඉල්ලා සිටින්නෙමු. එසේත් නැත්නම් මේ අය මානසික රෝගීන්ය. එබැවින් මෙම මිහරකුන්ගේ මොලයන් පරික්ෂා කිරීමට අදාළ අංශවලට යොමුකිරිම කළ යුතුය.
මේ ආණ්ඩුවත් ශිෂ්‍යන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ පරණ විදිහටම මර්දනයෙන් තමා. විශ්වවිද්‍යාලවල CCTV කැමරා සවි කළා කියලා ශිෂ්‍යන්ගේ ගැටළු විසදෙන්නේ නැහැ.
තලේබාන් වගේ කාලකන්නි අපේ සහ අපේ දරුවන්ගේ අධ්‍යාපනය පරම්පරා ගණනාවක් තිස්සේ විනාශ කරලා දැම්මා. මාස ගණන් විශ්වවිද්‍යාල දේශනවලට යන්නේ නැතිව රස්තියාදු වෙන්න සිදුවුනා මොවුන්ගේ මෝඩ තකතීරු අමනකම් නිසා මේ විනාශ කරන්නේ රටේ මිනිසුන් විවිධ බදු මගින් රජයට ගෙවන මුදල් ඒ කියන්නේ මොවුන් මේ විනාශ කරන්නේ අපි දුක් මහන්සියෙන් උපයාගන්නා මුදල්. ඒ නිසා මේ රටේ ජනතාවට විශාල අයිතියක් තිබෙනවා මොවුන් කරන මේ විනාශයන්ට විරුද්ධව නැගී සිටින්න. අපි අද ශ්‍රි ලංකාවේ කළ යුත්තේ මෙන්න මෙයයි රජයට යම් සීමාවන් ඇත නමුත් කුපිතවූ මහජනතාවට ඒ සිමාවන් අදාළ නැත. අපේ මුදල් මේ නොහික්මුණු දේශපාලන ඉත්තන්ට විනාශ කිරීමට ඉඩ දිය නොහැකියි. එසේම අපේ දරුවන්ගේ අධ්‍යාපනය මෙසේ මාස ගණන් උදුරාගන්නට මේ අතෙළාස්සක් වූ අමනයන්ට ඉඩ දිය නොහැකියි. ඒ නිසා මහජනතාවෙනි, දෙමාපියනි මේ අළුගෝසු අන්තරේ පෙරටුගාමී විනාශ කාරයන්ට විරුද්දව පෙළ ගැසෙමු ගහලා පන්නමු. අපේ දේපල හෙවත් රජයේ දේපල අපි ආරක්ෂා කරමු.
ව්‍යාකරණ රකින ලංකාදීප ඔබට ස්තුතියි.
අපේ මහානායක හිමිවරුන්ට නරකද නීතිරීති මාලාවක් පැනෙව්වා නම්...? මේ හාමුදුරුවරුන්ට අඩු වශයෙන් ආගමානුකූලව ජීවත්වෙන විදියවත් කියලා...
බුද්ධිමත් දරුවන් කිසිවිට මෙවැනි ගොන් තකතීරු ක්‍රියාවන්වලට නැඹුරු නොවෙන බැවින් මේ ද බුද්ධිමත් දරුවන්ව කිසිඳු අයෙකුට රැවටිය නොහැකි බවත් හොඳින්ම පැහැදිලිය. එබැචින් මේ සියලුම මැරයන් හොරට උසස්පෙළ සමත්වී සරසවිවලට ඇතුළුවී ඇතිබව නම් පැහැදිලිය. එසේ නොමැති නම් මෙම මැරයන් මානසික රෝගීන් බැවින් මානසික රෝග විශේෂඥයෙකුට ඉදිරිපත් කර නිසි වාර්තා ලබාගත යුතුය. නොඑසේ නම් මෙම කාලකන්නින් කසිප්පු, ගංජා, හෝ කුඩු පානයට ඇබ්බැහි වූ මූසලයින්ය. අපගේ මාතෘභූමියේ අනාගතය බාරගැනුමට සිටින තරුණ පරපුරේ ඉගෙනීමේ අයිතිය නැතිකර දමන මෙම පාපතරයින්ට දඬුවම් දෙන ලෙස අප වගකිවයුතු ආයතනවලින් ඉල්ලා සිටින්නෙමු. මුන් අප රටට කිසිඳු වැඩක් නැති කාලකන්නින් පිරිසකි.
රවීන්ද්‍ර මේ හරක් හොරාට පාස්වෙච්ච අද නෙමෙයි, හුඟක් අය දිස්ත්‍රික් ක්‍රමයට පින්සිද්ද වෙන්න ගමෙන් ආපු අය. ඔවුන්ට හීනමානේ තියෙනවා. ඊර්ෂ්‍යාව තියනවා අපි කාටත් වගේ... පාදඩ පෙරෙට්ටුවන් අරුන්ට කොක්ක ගහනවා. ඕක තමයි ඇත්ත.. මේක කලා පීඨවල වැඩියි බලන්න මොරටුවේ.. පේරාදෙනිය ඉංජිනේරු පීඨය, අඩුතරමින් ගාල්ලේ ලබුදූවේ ඉංජිනේරු පීඨයේවත් මේක මේ තරමට නැහැ. මොවුන් කාලයක් සයිටම් අල්ලාගෙන නැටුවා දැන් අලුත් එකෙක් පටන්ගෙන මම කියන්නේ මහාචාර්ය අමරසේනවගේ 5 ක් හොයා ගෙන ඕවට දමන්න. මොවුන් එ්ත් දැඟලුවොත් දාන්න හමුදාව හරි... එස්.ටී.එෆ් එක හරි. මේ හැතිකරේ අපේ ජීවිත කාලෙදීම ඉවරවෙනවා දකින්න අපි කැමතියි.
සිඟිති පාතාලයේ අය මොනවද මේ කරන්නේ. රට හදන්න ඉගෙන ගන්න ඉස්සෙල්ලා. මේවට පොළඹවන අය හිරේ යන්නෙත් නැහැ ගුටි කන්නෙත් නැහැ මේ ළමයි දුක් විඳිනවා.