කැබ්නට් රැස්වීම සුපුරුදු පරිදි ලබන සතියේ සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සුපුරුදු ආකාරයට ලබන සතියේ සිට කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි පැවැත්වීමට මේ වන විට එකඟතාවය පළවී තිබේ. 13 June 2019
වැඩබලන ඇමතිවරු පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනියි මුස්ලිම් ඇමැතිවරුන්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අමාත්‍යාංශ තුනකට වැඩබලන ඇමැතිවරුන් තිදෙනෙකු පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවමින් දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 12 June 2019
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී මාධ්‍යයට දොර වැසෙයි පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කරුණු විභාග කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී රටේ ජාතික ආරක්ෂාවට අදාළ කරුණු ප්‍රකාශ වෙද්දී ඒ අවස්ථා මාධ්‍යයට විවෘත නොකිරීමට එකඟතාවයක් ඇති කර ගෙන තිබේ. 12 June 2019
එජාපය යැවූ නම් ජනපති ප්‍රතික්ෂේප කරයි කැබිනට් ඇමැතිධූරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමැතිවරුන්ගේ අමාත්‍යංශවල වැඩ බැලිමට පත්කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය විසින් යවන ලද ඇමැතිවරුන්ගේ නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්රතිකේෂප කරනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. 11 June 2019
හිස්බුල්ලාට අගමැතිගෙන් තරවටුවක් ශ්‍රී ලංකාවේ සුළු ජාතියක් වුවත් ගෝලීය වශයෙන් මුස්ලිම්වරුන් මහ ජාතියක් බවත් කාගේත් බලපෑම්වලට මුස්ලිම්වරුන් යටත් නොවන බවටත් නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම් හිස්බුල්ලා මහතා කළ ප්‍රකාශය හෙළා දකින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. 11 June 2019
මංගලගේ නමත් ගමෙන් ඉවත් කරයි කිරින්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දැනට ලියාපදිංචි වී තිබෙන “මංගල සමරවීර පෙදෙස”යන නම තම ගමෙන් ඉවත් කර ඒ වෙනුවට “ළිඳ ගාව වත්ත මාවත”යන නම යොදන ලෙස එම ගමේ පදිංචිකරුවන් පිරිසක් විසින් කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාව වෙත ඉදිරිපත් කළ යෝජනාවක් අද (11) වැඩි ඡන්ද තුනකින් සභා සම්මත විය. 11 June 2019
කැබිනට් රැස්වීම හෙට නොපැවැත්වෙයි සතියේ අඟහරුවාදා පෙරවරුවේ සුපුරුදු පරිදි පැවැත්වෙන කැබිනට් රැස්වීම හෙට (11) දිනයේ නොපැවැත්වෙන බව රජයේ ආරංචි මාර්ග කියයි. 10 June 2019
සක්විති රණසිංහට ඇප මහජනතාවගෙන් රුපියල් කෝටි 162 කට අධික මුදලක් වංචනිකව ලබාගෙන මුදල් සමාගම් පණතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යෑම ඇතුළු චෝදනා ලැබ සිටින සක්විති රණසිංහ නමැත්තා අත්අඩංගුවට පත්වී වසර 10කට පසු අදාළ නඩු වලට කොළඹ මහාධිකරණය හමුවේ ඇප තැන්පත් කිරීමෙන් අනතුරුව අද (10) මුදා හැරිණි. 10 June 2019
වැඩබලන ඇමැතිවරු තිදෙනෙක් දිවුරුම් දෙති වැඩබලන ඇමැතිවරු තිදෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (10) පෙරවරුවේ දිවුරුම් දුන්හ. 10 June 2019
දෙමළ සන්ධානයට මෝදිගෙන් පොරොන්දුවක් උතුරු නැගෙනහිර ජනවාර්ගික අර්බුදයට ස්ථිර දේශපාලන විසඳුමක් කඩිනමින් ලබාදීම සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයක් යොමුකරන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දෙමළ ජාතික සන්ධාන පිරිවර හමුවේ අද (9) පොරොන්දු වී තිබේ. 09 June 2019
ඇමැති තනතුරු අත්හළ මුස්ලිම් මන්ත්‍රීවරු මහින්ද හමුවෙති ආණ්ඩුවේ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැති ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරු පිරිසක් අද (08) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ. 08 June 2019
කැකිරාවේ අනතුරකින් දරුවන් තිදෙනෙකු මරුට කැකිරාව අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ කැකිරාව තිබ්බටුවැව කොරසගල්ල හන්දියෙදී අද (08) උදේ සිදුවූ රිය අනතුරකින් පාසල් දරුවන් තිදෙනෙකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා තවත් සිසුවියන් දෙදෙනෙකු අනූනවයෙන් දිවි බේරා ගෙන ඇතැයි කැකිරාව පොලීසිය කියයි. 08 June 2019
ජනපතිගෙන් කැබිනට් මණ්ඩලයට අනතුරු ඇඟවීමක් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමෙන්තු විශේෂ කාරක සභාව ජාතික බුද්ධි සේවයත් ජාතික ආරක්ෂාව ගැනත් තැකීමක් නොමැතිව දිගින් දිගටම කටයුතු කරන්නේ නම් තමා ආණ්ඩුවේ කිසිම කටයුත්තකට සහය නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (07) රාත්‍රියේ පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 07 June 2019
පොලිස් නිලධාරීන් රැකගැනීමට ජනපති ඉදිරිපත් වෙයි දැනට සේවයේ නිරතව සිටින ආරක්ෂක අංශවලට අයත් කිසිඳු නිලධාරියෙකු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ඉදිරිපත් නොකරන අතර එම සියලු දෙනා පිළිබඳව වගකීම තමා බාර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ. 07 June 2019
‘සුළු ජාතීන්ට මුහුණ පෑමට සිදුව තිබෙන තත්ත්වය ගැන මෝදි සමඟ සාකච්ඡා කරනවා‘ ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ට මුහුණ දීමට ඇති තත්වය සහ ජාතික ගැටලුවට දේශපාලන විසදුම් ගෙන ඒම ඇතුළු කාලීන තත්වය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී සාකච්ඡා කරන බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා සදහන් කරයි. 07 June 2019
පාසල් බස් රථ අනතුරකින් සිසුන් 15කට තුවාල සිසුසැරිය බසයක් සහ ඇඟළුම් කම්හලක සේවකයින් ප්‍රවාහනය කරන බසයක් අද (07) උදෑසන කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඉබ්බාගමුව පාන්ගොල්ල මංසන්ධියේදී ගැටීමෙන් වූ අනතුරකින් සිසුසිසුවියන් 15 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි ගොකරැල්ල පොලිසිය කියයි. 07 June 2019
මුස්ලිම් මන්ත්‍රීවරු 8ක් අස්වීමේ ලිපි බාරදෙති කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැති ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් නවදෙනෙකුගෙන් අටදෙනෙකු සිය ඉල්ලා අස්වීමේ ලිපි අද(06) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත බාර දී ඇතැයි ජනාධිපති කාර්යාලය ආරංචි මාර්ග කියයි. 06 June 2019
හේමසිරිට-පූජිතට එරෙහි පෙත්සම් විභාගයට සත් සාමාජික විනිසුරු මඬුල්ලක් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම තුළින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇති බවට චෝදනා කරමින් ගොනු වී ඇති සියලු පෙත්සම් සත් සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අද (06) තීරණය කළේය. 06 June 2019
මුස්ලිම් ඇමතිවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි තවම සාක්කුවේ කැබිනට් ,රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිධූරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් නව දෙනා සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත මෙතෙක් භාරදී නැතැයි ජනාධිපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි. 05 June 2019
නැගෙනහිර ආණ්ඩුකාර ධුරය ෂාන් විජයලාල්ට නැගෙනහිර පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස දකුණු පළාත් සභාවේ හිටපු මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතා අද (05) මීට සුළු මොහොතකට පෙර ජනාධිපති නිල නිවසේදී දිවුරුම් දුන්නේය. 05 June 2019
මංගලට - රාජිතට - චතුරට ගම්පහ විහාරස්ථාන තහනම් මහා සංඝරත්නයට අපහාස වන ලෙස ප්‍රකාශ සිදුකළ අමාත්‍යවරුන් වන මංගල සමරවීර සහ රාජිත සේනාරත්න මෙන්ම චතුර සේනාරත්න මන්ත්‍රීවරයා ගම්පහ ප්‍රදේශයේ කිසිඳු විහාරස්ථානයකට නොගැනීමට ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමය අද (04)තීරණය කළහ. 04 June 2019
බස්නාහිර ආණ්ඩුකාර පුටුව මුසම්මිල්ට බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර ලෙස ඒ.ජේ. එම්. මුසම්මිල් මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන්නේය. 04 June 2019
මුස්ලිම් ඇමතිවරු තනතුරු අත්හරිති රජයේ අමාත්‍යධූර දැරූ රිෂාඞ් බදියුදීන්, රවුෆ් හකීම්, කබීර් හෂීම් යන මහත්වරුන් ඇතුළු සියලු මුස්ලිම් නියෝජිතයින් එම ධූරයන්ගෙන් ඉවත්ව තිබේ. 03 June 2019
රතනහිමියෝ උපවාසය අත්හරිති ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දින හතරක් පුරා උපවාසයක නිරත වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ එම උපවාසය මීට සුළු මොහොතකට පෙර අවසන් කළහ. 03 June 2019
හිස්බුල්ලා-අසාත් සාලි ඉල්ලා අස්වෙති නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි, යන මහත්වරුන් එම තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත බාර දී තිබේ. 03 June 2019
රතනහිමිගේ උපවාසයට රට වටේම සහය පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ උපවාසයට සහය දක්වමින් දිවයින පුරා ස්ථාන රැසක භික්ෂුන්වහන්සේලා, ගිහි පිරිස් උපවාස සහ විරෝධතා සඳහා එක්ව සිටිති. 03 June 2019
‘යළි ඉදිරිපත්වීම ගැන තවම තීරණයක් නෑ’ මේ වසර අගදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීම සම්බන්ධයෙන් තමන් තවමත් තීරණයක් ගෙන නැතැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (31) පැවසීය. 31 May 2019
බදියුදීන්-අසාද් සාලි-හිස්බුල්ලා ඉවත්කරන්නැයි රතන හිමි උපවාසයක අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා යන මහත්වරුන් ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කරන්නැයි ඉල්ලමින් අතුරලියේ රතනහිමියෝ මහනුවර ශ්‍රී දළදා මාලිගාව අසළ උපවාසයක් ඇරැඹුහ. 31 May 2019
අලුතෙන් බඳවාගත් අයට වැටුප් ගෙවන්න කෝටි 11ක අමතර වියදමක් දකුණු පළාතේ පාසල්වලට අලුතෙන් බඳවා ගන්නා ලද අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින්ට සහ අලුතෙන් පත්වීම් ලබාදුන් ගුරුවරුන්ට වැටුප් ගෙවීම සඳහා දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට මසකට රුපියල් මිලියන 117 ක අමතර වියදමක් දැරීමට සිදුව තිබේ. 30 May 2019
පාස්කු ප්‍රහාරය ගැන සෙවීමේ කමිටුව හමුවට නාලක ද සිල්වා කැඳවයි පාස්කු ප්‍රහාරය ගැන විභාග කරන කමිටුව හමුවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන සතියේ කැඳවීමට නියමිතය. 30 May 2019
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026