( ජයන්ත සමරකෝන් )
යහපාලන රජය සමයේ දේශපාලනඥයින් ඇතුළු විවිධ ප්‍රද්ගලයින් සඳහා ලංකා බැංකුව රුපියල් කෝටි 8,000 ක ණය මුදලක් නිකුත් කර ඇතැයිද , මේ වන විට එම ණය මුදල් අය කර ගැනීමට නොහැකිව කල් ඉකුත් වූ අංශයට මාරු කර ඇතැයිද ප්‍රගති බැංකු සේවක සංගමයේ සභාපති නිශාන්ත සමරසිංහ මහතා පැවසීය.
ආචාර්ය ඇන් ඇම් පොරේරා කේන්ද්‍රෙය් අද ( 06) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභලයින් සිව් දෙනකු ද මේ අතර වන බවද සභාපතිවරයා පැවසූවේය. මෙම කාලය තුළ ලංකා බැංකුව විසින් කපා හැර ඇති බොල් ණය ප්‍රමාණය රුපියල් කෝටි 500 ක් ඉක්මවන බවද ඔහු සඳහන් කළේය.
ලංකා බැංකුවේ හිටපු මහා කළමනාකරුට ලබා දුන් රුපියල් ලක්ෂ 250 ක ප්‍රාඩෝ නිල රථය ඔහු විශ්‍රාම යන විට රුපියල් ලක්ෂ 6 ක් ගෙවා නිවසට රැගෙන ගොස් ඇතැයි ද ඒ මහතා අනාවරණය කළේය.මේ පිළිබඳව අල්ලස් කොමිසමට, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට පැමිණියද අද වන තෙක් විමර්ශනයක් හෝ සිදු කර නැතැයි ඔහු කීවේය.
හිටපු මහ බැංකු කලමණාකාරවරයා අද වන විට ඊ ටී අයි ආයතනයේ පවතින ගැටලු සොයා බැලීමට පත් කළ ජනපති කොමිසමේ සාමාජිකයකු බවද ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙන් රුපියලක් එන්න තිබුනානම් නඩු පිට නඩු. මේවා ඔය නිලදාරීන්ගේ පඩියෙන් කපාගන්න තීරණ ගෙනාපු අයගේ දේපොළ රාජසන්තක කරන්න. ණය දෙනකොට එපා තියලා ඇතිනේ. දැන ඕවා ජනතාවගේ පිට දාන්න එපා.
රුපියල් ලක්ෂ 250 ක ප්‍රාඩෝ නිල රථය ඔහු විශ්‍රාම යන විට රුපියල් ලක්ෂ 6 ක් ගෙවා නිවසට රැගෙන ගොස් ඇත. මේ බැංකුවල අයට දෙන වරප්‍රසාදයක් නොවේද ?
අර අම්පාරේ රැවුලා එකෙක් ...කාලකන්නි.පක්ෂ බේදයකින් තොරව අවුරුදු 5 කට වරක් ඒ අයයි දේ අයයි රට කනවා. නන්නාදුනන තුවක්කුකරුවාණෙනි මෙන්න බිලි 4 ක්. ඔලුවටම...
මිස්ටර් බීන්ගේ යහපාලනය......සජිත්ගේ සංවර්ධනය................
ඇයි අර අහිංසක දුප්පත් මිනිස්සුන්ට කරනවා වගේ නඩු දාලා අය කරගන්න බැරිද ? ඉහළින් බලපෑම්ද ?
පොඩි මිනිහෙක් නැත්නම් ගොවියෙක් ණයට ගත්තහම අය කරගන්න හැටි අපි හොදින් දනී. ඉන්න ගෙදරින් දොට්ට දාලා ණය අය කරන්නේ. ලොක්කෝ ණයට ගත්හම ඉල්ලන්න බයයි. මරු නීතිය.
ණය දුන්නානම් ඒ අයගෙන්ම අයකර ගන්න එකනේ තියෙන්නේ. දුෂිත දේශපාලුවන්ගේ තියෙන වත්කම්වල හැටියට ඒ අයගෙන් අයකර ගන්න බැරි මොකෝ.
දේශපාලකයන්ගේ වැටුපෙන් මෙම මුදල අඩුකර ගත නොහැක්කේ ඇයි ? වැටුප් හා දීමනා ලෙස විශාල මුදලක් ලබා ගන්නා ඔවුන්ගේ ණය අයකර ගැනීමට නොහැකි බැංකු පොඩි මිනිසාගේ, ගොවීන්ගේ ඉඩ කඩම්ද වෙන්දේසි කර තම ණය මුදල් අයකර ගන්නා අයුරු අප දැක ඇත.
බලන්ඩ ඕන රජයෙ බැංකුවකට ගියාම පෞද්ගලික අංශයේ සේවකයෙක් ඒ අය අහන්නෙ හරියට අපි ලක්ෂයක්වත් ගන්ඩ ගියාම අපිට ණය ගන්න උවමනාවක් නැති විදියට අපි හැසිරෙන්ඩ ඕන. මොකද බැංකුවෙ අය අහන්නෙ බැංකුව අපෙන් ලෝන් ගන්නවා වගේ.
රජ පාලනෙත් යහපාලනෙත් මේ දෙකෙන්ම කළේ රටේ සම්පත් බැංකු හිස් කරන එක.
ජරා පාලන වසර 4.5 දී මහබැංකුව පමණක් නෙවේ එහෙනම් හොරකම් කොරාලා තියෙන්නේ. අනිකුත් රාජ්‍ය බැංකුවලටත් සිරිසේන-රනිල්-අනුර කුමාර පූට්ටුව විදලයි පැනලා ගිහින් තියෙන්නේ. මේ "හොර සිරා" වත්, රතු අලි පැටව් වත්, බබාලවත් පාලනයට සම්බන්ධ කොර ගත්තොත් නම්, ගෝඨාභය මහත්මයා කොච්චර ශිලාචාර, අවංක වුවත් අපි නම් ඡන්දෙ දෙන්නේ නැත. ගෝඨාභය තනියම මහින්දත් එක්ක ආවොත් මේ පාර මිලියන 6.9 නවතින්නේ. ඡන්ද ප්‍රමාණය මිලියන 10 ක් වෙලා. කෝප් කමිටුවේ හිටපු සභාපතිට මේ අපරාද පෙනුනේ නෑනේ. අනේ රතු අලි පැටව් ටික. 1971 සහ 1988/89 රට කැවා මදිවට, කොළ අලින්ට පුට්ටුත් වුනානේ.
ණය දුන්න නිලධාරීන්ට විරුද්ධව පියවර ගන්න. සාමන්‍ය මනුස්සයෙක් ගන්න ගියහම ලංකා බැංකුව සෑහෙන දේවල් බලනවා. අනික පොඩි පොඩි මිනිස්සුගෙන්නම් ණය බලෙන්ම ගන්නවා. ලංකා බැංකුව එක්ක බැලුවම අනිත් රාජ්‍ය බැංකු ඉතා හොදයි.
දුවලා දුවලා ගිහිල්ලා ගත්තා ඉතිහාස පොත. මේ තියෙන්නේ. මිට ඉස්සෙල්ලා හිටපු කට්ටිය කියපු ඒවා. අකුරු අතරින් මතු උනා , ඊට ඉස්සෙල්ලා කට්ටියත් රාජ්‍ය ආයතනවලට ඔය විදියට පොල්ල තිබ්බාය කියලා. දැන්නේ තේරුනේ. ඌ මට ගහනවා. මට ඌ ගහනවා. දැන් කවුද ගුටි කෑවේ ?
යහපාලනයට ඉස්සර කාලේ කපා හැරපු ණය ගැනත් කියන්නනකො.
ඔබට සිහින දකිනට අයිතිය ඇත. එහෙත් ගෝටා යටතේ එම සිහින සැබෑ නොවේ. මෙයට අනුර කුමාර ඇතුලු ජවිපෙ ඈදා ගැනිම ඔබගේ ආවේගය කරන ක්‍රියාවකි. මෙම එක අකටයුත්තකට ඔවුන් සම්බන්ධ නම් ඔප්පු කරන්න.
රට බංකලොත් කර ජනතාව නන්නත්තාර කිරීම කලින් ඉඳපු කෙනාගේ ඒකායන අරමුනයි. එවිට රට පරසතු කිරීම පහසුයි.
බැංකුව මෙහෙම අසරනනම් ජනතාව කොහොම අසරණ ද කියලා තේරෙනවද ? 77 න් පස්සේ දිගටම මේක තමා උනේ.
ඇයි අන්තිමට තියන ටික කියවගන්න බැරිද? රන්ජන් කිව්වෙත් ඕකම තමයි.
ඔය බැංකුව නම් කරදර බැංකුවක්.
අපේ රු 10-15000 ක් තියෙනවා ඒකටත් මොනා වෙයිද දන්නේ නැහැ?
ගොඩ දෙනෙක්ට සීමිත සමාගම්, පෞද්ගලික සමාගම් පොදු සමාගම් කියල ව්‍යාපාර තියෙන බව, පුද්ගලික ණය සහ ව්‍යාපාරික ණය කියන්නේ බොහොම වෙනස් දේවල් කියලා තේරුමක් නැහැ වගේ, සමාගමක කොටස්කරුවන්ට තියෙන්නේ සීමාසහිත වගකීමක්, ලිමිටඩ් ලයබිලිටි කියන්නේ එක, සමාගම ගත් ණය සඳහා වගකිව යුතු වන්නේ සමාගමයි, කොටස්කරුවන් නොවේ, අයකරගන්න බැරි ණය තියෙනවා නම් නඩු පවරලා සමාගමේ වත්කම් වෙන්දේසි කරලා ණය අය කරගන්න පුළුවන්, තනි තනිව වෙළඳාම් කරන සිල්ලර වෙළෙන්දන් සහ පෞද්ගලික ණය සමාගම් ණය යටතට වැටෙන්නේ නැහැ, ඔවුන් තමන් ගත් ණය සඳහා වගකිව යුතුයි.
මේවාට රැකියා පත්වීම් දෙන්නෙත් පස්ස දොරින් දේශපාලු හිතවතුන්ගේ පවුල් වල උදවියට. ඉතින් කොහෙද ආයතනයක් විදියට ඉදිරියට යන්නේ. කිසිම වෘත්තීය නිපුනත්වයක් උගත්කමක් නැති , ඉංග්‍රීසියෙන් ලියුමක් ලියා ගන්න බැරි , පරිගණයක අකුරු හොයන්න දවසම යන්න කට්ටියට , මුල්‍ය කළමනාකරණය භාර දීලා, දැන් නහයෙන් අඩනවා.
ලෝන්ඩ්‍රී වැඩ කරන කුක්කන්ට එහෙම තමා පෙන්නේ. කොමිස් හොරා කාලා නැහැනේ.?
සාමාන්‍ය මිනිස්සුන්ගෙන් වාරික අයකරගන්නා විදියටම අදාල පුද්ගලයන්ගෙනුත් අයකරගත්ත නම් හොදයි. ඒ අයටත් ඇපකරුවන් අනිවාර්ය විය යුතුයි.
ලංකා බැංකුවෙන් මම නිවාස ණයක් ගන්න මාර දුකක් වින්දේ. මාස 6ක් දුක් විදලත් දුන්නේ නෑ. පුද්ගලික බැංකුවකින් මාසෙන් දුන්නා. ලස්සනට මම ඒක ගෙවාගෙන යනවා.
මේ ප්‍රකාශයට වැඩිය කලබලවෙන්න අවශ්‍ය නැහැ. හේතුව මෙය කිසියම් පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් මිස ලංකා බැංකුවේ නිල ප්‍රකාශයක් නොවෙයි. අති විශාල ණය පහර හැරීම් තියෙන්න පුළුවන්. නමුත් මෙම සංඛ්‍යාවේ සත්‍යතාවය දැනගත හැක්කේ විගණනය කරලන ලද ගිණුම් තොරතුරු ඇසුරෙන් පමණයි.
මම දේපල උකසට තබා ණය මුදලක් වැටුපෙන් කැපීමට ඉල්ලුවා මාස ගණනාවකට පස්සේ ඔප්පුවේ කිසියම් අඩුපාඩුවක් මෙම බැංකුවට තියෙනවාලු, ණය අනුමත නැති බව ලිඛිතව පැවසුවා. එම ඔප්පුවම ඉතිරි කිරීමේ බැංකුවට ගැටළුවක් නැති බව පැවසුවා. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපකෘත ගුරුවරුන් වෙත අනුමත චක්‍රෙල්ඛයකට ද බැංකු අනුමැතිය නැති බව ලිඛිතව පැවසූවා චක්‍රෙල්ඛයකට ද ණය දීමට නොහැකි බව ලිඛිතව දැන්වූවා. ජාතියේ මහා පහන් ටැඹ.
මරු තමයි.