දිමුත් පොලිස් ඇප මත මුදාහරී රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පොලිස් ඇප මත මුදා හැර ඇති බව වාර්තා වෙයි. 31 March 2019
මධූෂ් ගැන විමර්ශනයට හත් දෙනෙක් ඩුබායි සිට ශ්‍රී ලංකාවට එවීමට නියමිත මාකඳුරේ මධූෂ් සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවීමට හත් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් පත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 29 March 2019
ආණ්ඩුව වැය ශීර්ෂ කිහිපයක් පරදියි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ සහ මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂ දෙක අද පරාජයට පත් විය. 28 March 2019
කංජිපානි ඉම්රානුත් රහස් පොලිස් බාරයට ඩුබායිහිදී අත්අඩංගුවට ගත් කංජිපානි ඉම්රාන් නම් සැකකරු ද ලංකාවට එවනු ලැබ රහස් පොලිසිය බාරයේ සිටින බව පොලිස් ආරංචි කියයි. 28 March 2019
මධුෂ්ගේ පුංචි අම්මා ගොනු කළ පෙත්සම විසිවෙයි ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර උදර්පණ නීතියක් නොමැති හෙයින් මාකඳුරේ මධුෂ් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී විශේෂ කාර්ය බලකාය සහ රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බැවින් ඔහුව අත්අඩංගුවට ගැනීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහුගේ පුංචි අම්මා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය. 27 March 2019
විමල්ගේ බැංකු ගිණුම් වාර්තා පරීක්ෂාවට අධිකරණයෙන් අවසර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ බැංකු ගිණුම් වාර්තාවල නිරවද්‍යභාවය පරීක්ෂා කිරීමට අවසර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදි මහතා එම නඩුව ලබන ජුලි මස 29 වැනිදා කැදවීමට නියම කළේය. 27 March 2019
නදීමාල් පෙරේරා මුදා හරියි - බන්ධනාගාර නිලධාරියා සීසීඩී බාරයට බුඩායිහිදී අත්අඩංගුවට පත්ව සිට ශ්‍රී ලංකාවට එවන ලද ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මුදා හැරි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 27 March 2019
ලංකාවට එවූ නදීමාල් සීඅයිඩීය බාරයට මාකදුරේ මධුෂ් සමඟ ඩුබායිහිදී පැවැති සාදයකදී අත්අඩංගුවට ගත් සංගීත ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ බන්ධනාගාර නියාමකවරයකු වන කෝදාගොඩ ආරච්චිගේ ලලිත් කුමාර නැමැත්තා ලංකාවට පැමිණිමෙන් පසු අද (27) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 27 March 2019
නාලක ද සිල්වා නඩුවෙන් මුදා හරිනවාදැයි තීන්දුව 9 වැනිදා හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා එම නඩුවෙන් නිදහස් කරනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන අප්‍රේල් 09 වැනිදා නිකුත් කරන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද ප්‍රකාශ කළේය. 26 March 2019
බැඳුම්කර සිද්ධියට අත්අඩංගුවට ගත් 5 දෙනා රිමාන්ඩ් මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා ලබන 5 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (25) නියෝග කළාය. 25 March 2019
පර්පෙචුවෙල් සභාපති අත්අඩංගුවට බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමුහයේ සභාපති ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස් මහතා අද (25) අත්අඩංගුවට ගනු ලැබීය. 25 March 2019
බැඳුම්කර සිද්ධියට මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඇතුළු හතරක් අත්අඩංගුවට මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය අද තවත් සැකකරුවෝ හතර දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. 25 March 2019
හෙරොයින් ප්‍රවාහනය කළ ඉරාන ජාතිකයෝ 9 ක් අත්අඩංගුවට බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි ඉරාන ජාතිකයන් 9 දෙනෙකු හෙරොයින් මත්කුඩු කිලෝ 100 කට අධික ප්‍රමාණයක් සමඟ අද (24) දකුණු මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා පැවසීය. 24 March 2019
විල්පත්තු රක්ෂිතයේ බිම් අගලක් කාටවත් දුන්නේ නෑ ගත වූ වසර හතරක කාලයේදී එනම් තමා බලයට පත්වූ පසු විල්පත්තු රක්ෂිතයේ බිම් අගලක් හෝ කිසිවෙකුටත් දී නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවරදී අද (23) පැවසීය. 23 March 2019
අරුවක්කාලු විරෝධතාකරුවන් හඹා එද්දී ජනපති සැලසුම් වෙනස් කරයි අරුවක්කාලු කසල අංගනයට විරෝධය දක්වන පිරිසක් අද (22) පුත්තලමට පැමිණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට අවස්ථාව දෙන්නැයි උද්ඝෝෂණය කරන්නට වූහ. 22 March 2019
වෙඩි වැදුණු බෙලිඅත්ත ප්‍රා.ස විපක්ෂනායක මිය යයි වෙඩි වැදීමෙන් තුවාල ලබා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බෙලිඅත්ත ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක කපිල ප්‍රියදර්ශන අමරකෝන් මහතා අද(22) අලුයම මියගොස් ඇත. 22 March 2019
මානව හිමිකම් සැසිවාරයට ලංකාව පිළිබඳ ඉදිරිපත් වූ යෝජනා සම්මත වෙයි ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හතක සම අනුග්‍රහාකත්වයෙන් ඉදිරිපත් වූ යෝජනාව අද (21) ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. 21 March 2019
මන්නාරම් සමූහ මිනීවළ ගැන අවසන් සාකච්ඡාව හෙට මන්නාරම් සමූහ මිනීවළේ කැණීම් ඉදිරියට සිදුකිරීම හෝ නතරකිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා වූ සාකච්ඡාව හෙට (22) මන්නාරම් මහෙස්ත්‍රාත් ටී. සර්වනරාජ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්වෙන බව සමූහ මිනීවළේ කැණීම් භාරව සිටි විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියාසිටියි. 21 March 2019
බෙලිඅත්ත ප්‍රා.ස විපක්ෂ නායක වෙඩි වැදී රෝහලේ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවෙ විපක්ෂනායකවරයා අද(20) උදෑසන වෙඩි වැදීම නිසා බරපතල තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි. 20 March 2019
ගුවන් - නාවික ප්‍රහාරක යාත්‍රා මිලදී ගැනීමට බාධා කරලා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ නාවික හමුදාවට පසුගිය වසර හතර පුරාම ගුවන් යානා සහ නාවික යාත්‍රා මිලදී ගැනීමට නොහැකි වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (19) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ. 19 March 2019
ජොන්ස්ටන්ගේ නඩු 4 ක් ඉල්ලා අස්කර ගනී වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විරුද්ධව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාව පවරා තිබු වත්කම් බැරකම් නඩු 4 ක් අද (19) එම කොමිසන් සභාව විසින් අධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගනු ලැබිණි. 19 March 2019
නොරොච්චෝල බලාගාරයේ යන්ත්‍රයක දෝෂයකින් රට පුරා විදුලිය කැපීමේ අවදානමක් නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ එක් යන්ත්‍රයක් අද හදිසියේ ක්‍රියාවිරහිත වීමත් සමඟ රටපුරා විදුලිය විසන්ධි වීමේ දැඩි අවධානමක් හටගෙන ඇතැයි ලංවීම ආරංචි මාර්ග සඳහන් කරයි. 18 March 2019
රිය අනතුරකින් 4ක් මරුට -7 කට තුවාල පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ නාගවිල්ලුව ප්‍රදේශයේ දී අද (18) අලුයම වූ රිය අනතුරකින් සිව් දෙනෙකු මරණයට පත්ව 07 දෙනෙකු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි. 18 March 2019
ඇඹිලිපිටිය ප්‍රා. සභාපතිගේ ධුරය අහෝසියි රාජකාරීයේ නියුතුව සිටි පොලිස් නිධාරීන් දෙදෙනකුට පහර දී රාජකාරීයට බාධා කළැයි ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති එම් කේ අමිල් මහතාගේ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) සභාපති ධුරය සහ සභික ධුරය අහෝසි කිරීමට මැතිවරණ දෙපාර්තමේනතුව තීරණය කර තිබේ. 17 March 2019
බදුල්ලේ පොලොව හෙල්ලුම් කෑවාලු අද (16) පෙරවරු 8.20ට පමණ බදුල්ල, පස්සර, හාලිඇල ප්‍රදේශවලට විශාල ශබ්දයක් සහිත භූ චලනයක් ඇතිවූ බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ උදය කුමාර මහතා පැවසීය. 16 March 2019
පුපුරණ ද්‍රව්‍ය කිලෝ 250 ක් හම්බන්තොටින් අල්ලයි හම්බන්තොට පහළ අන්දරවැව ප්‍රදේශයේදී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 250 කට වැඩි ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නා ලදි. 15 March 2019
මධූෂ් අත්අඩංගුවට නොගන්නැයි පුංචි අම්මාගෙන් පෙත්සමක් ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර උදර්පන නීතියක් නොමැති හෙයින් මාකඳුරේ මධුෂ් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී විශේෂ කාර්ය බළකාය සහ රහස් පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බැවින් ඔහු අත්අඩංගුවට ගැනීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මධූෂ්ගේ පුංචි අම්මා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළාය. 14 March 2019
වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට මොරටුමුල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙනෙකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි. 14 March 2019
දකුණේ විශේෂ විමර්ශන ඒකකයේ ආයුධ ගබඩාව රහස් පොලිස් බාරයට රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කර සිරුරු පුලුස්සාදැමූ බවට චෝදනා එල්ල වී තිබෙන දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පරිහරණය කළ අවි ආයුධ සහිත සේප්පුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (13) සිය භාරයට ගත්තේය. 13 March 2019
ඡන්දයක් නැතිවම ජනපති වැය ශීර්ෂය සම්මත වෙයි ඡන්දයකින් තොරව ජනාධිපති වැය ශීර්ෂය අද පාර්ලිමේන්තුවේ දී සම්මත විය. 13 March 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025