(නාලක සංජීව දහනායක)
ඉදිරි වසර තුනක කාලයක් ගතවනතුරු අමාත්‍යවරුන්ට හා රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීම නතර කරන ලෙසට ආයතන ප‍්‍රධානීන්ට ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව දැනට අමාත්‍යංශ හා රාජ්‍ය ආයතන සතු වාහන සංචිත පිළිබඳව ගණනය කිරීම සිදුකර වඩාත් ප‍්‍රරතිඵලාදායක ලෙස ඒවා කළමනාකරණය කර ගැනීමේ ක‍්‍රමවේදයක් මේ වනවිටත් ආරම්භ කර තිබෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
යම් හෙයකින් අමාත්‍යවරයකුට හෝ රාජ්‍ය ආයතනයකට අලුතින් වාහනයක් අත්‍යාවශ්‍ය බවට යෝජනා වුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි සොයාබැලීමක් සිදුකර ඒ ඉල්ලීම ඉටුකිරීමට නියමිතය.
මේ වනතෙක් රාජය සතු වාහන කළමනාකරණය කිරීමක් සිදුව නොමැති අතර විවිධ හේතු දක්වමින් විටින් විට වාහන මිලදී ගැනීම නිසාවෙන් මහජන මුදල් කෝටි ගණනින් අපතේ යන බවට අණාවරණය වී ඇති බැවින් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට නිවැරැදි පාරේ ගමන් කරවන මේ උත්සාහයට සැමගේ ආශීර්වාදය හිමිවෙයි...
හොඳ අදහසක්. මෙය දැඩිව ක්‍රියාවට නැගිය යුතුයි.
බත්තරමුල්ලේ පාසල් ඉදිරිපිට තියෙන රථ ගාල් වල වාහන ටික වෙන්දේසි කරලා අලුත් වාහන ගන්න.
අනේ පස්වහන් දහසකට ජනපතිතුමනි , ජනතාව බස්, දුම්රිය වල පාපුවරුවේ එල්ලී, ජීවිතය පරදුවට තබා, රාජකාරියට ගොස් ගෙවන බදු වලින් වරලත් අයට, කළමනාකරණයක් නොමැතිව මහජන මුදල් කාබාසිනියා කරන්න දෙන්න එපා .
අලුත් වාහන ගන්න දෙන්නේ නැතිනම් මන්ත්‍රීකමෙන් වැඩක් නැහැ.. පරණ වාහනවල යන්න බැහැ බෙල්ල රිදෙනවා.
ඔබට ලබාදුන් ඡන්දයට දිනෙන් දින වටිනාකමක් එකතු වෙනවා දකිනකොට ඇත්තටම සතුටුයි ජනාධිපතිතුමනි. නිර්භයව තීරණ ගන්න. රටෙ අති මහත් ජනතාව ඔබ සමඟයි..
නියමයි, අපි කතිරය ගසා සිදුකර ඇත්තේ ඉතා නිවැරැදි දෙයකි.
ඕනෑම අලුත් වහනයක් කිසිම ලෙඩක් නැතිව අවුරුදු 10 පදින්න පුළුවන්. අපේ ඇමතිවරුන්ට තියෙන ලෙඩේ මොකක්ද කිසිම ලෙඩක් නැති වහනය අයින්කර අලුත් ඒවා ගන්න. මේ කට්ටිය ගේ වැටුපෙන් කැපෙන්න වැඩ සැලැස්සුවනම් මේ අමාරුව නැති වෙයි.
ඉතා හොද අදහසක් .
හොඳම හොඳ තීරණයක්.
අපි ඔබ සමගයි එදා මෙන් අදත් හොදට සුද්ද කොට නීති ගරුක විනය ගරුක මිනිසුන් ඇති රටක් බිහි කරන්න. රටේ ඉහලම නිලධාරියාගේ (මැති ඇමැතිවරු කියන) සිට මහජනතාව දක්වා නීතිය රකින නීතියට ගරු කරන පිරිසක් කරන්න. මැති ඇමැතිවරු යනු රටේ සේවකයන්ය. එම නිසා වාහන බලපත්‍ර දීමෙන් වලකින්න. ඒ අයටත් බදු ගෙවා මිලදී ගන්න ඉඩ දෙන්න. ඒ අයට රටේ නිෂ්පාදිත වාහන තිබේ නම් ඒවා පාවිච්චි කරන්න නීති ගේන්න. ආදර්ශමත් කරන්න.
මට තියෙන බය මැති ඇමතිලා ජනාධිපතිව පන්නා ගනීද කියන එක
බොහොම හොඳ තීරණයක් හැබයි ඕකට බෙහෙවින් විරුද්ධ මැති ඇමති පිරිසක් සිටින බවත් ඔවුන් විසින් පත් කරන ලද නිලධාරින් පිරිසකුත් සිටින බවත් නොරහසක්.
තව විදියකට කිවොත් "ඩිල් " දාලා පැති පනින කට්ටියගේ ගණන ටිකක් අඩුවෙයි. මිට පස්සේ සලකන්න වෙන්නේ 'කුට්ටියෙන්' තමා. රාජ්‍ය ආයතන කියියක තියනවාද දුවිලි කකා දිරාපත්වන වාහන? අනික තමා ආයතන සියක් ඇමති විෂය පථයට අයත්ව තිබුනත් එක ඇමති කෙනෙකුට ඇමති නිල වාහන ලෙස ලබාදිය යුත්තේ, වාහන දෙකක් පමණි. නැතිනම් ඉන්න ඔක්කොම කුක්කොයි, බල්ලොයි තම තමන්ට රිසිසේ වාහන අරගෙන මහජන මුදලින් නඩත්තු වෙනවා. එකම වර්ගයේ හා කාණ්ඩයේ වාහන පාර්ලිමේන්තු වාහන සංචිතයට ඇතුලත් කර සියලුම ඇමති වාහන නිකුත්කිරීම පාර්ලිමේන්තුවෙන් පමණක් නිකුත් කිරීමට සැලසීමෙන් ඇමති කුක්කන්ගේ බලපෑම් නැත්තට නැති කරගත හැකි වෙනවා වගේම නඩත්තු වියදම්ද අවම කරගත හැක. පාරේ බැහැල යන්න බැරිනම් කිරි පණු ගාය හැදිල්ලට මහජන සේවයටයි කියලා එන්නේ? සියලුම ආයාතනවල එක්තරා විධායක ශ්‍රේණියක නිලධාරින්ට හැර අනිකුත් සියලු දෙනාහට පොදු සංචිතයේ වාහන භාවිතයට සැලසීම.
එතකොට ඡන්දෙට ලක්ෂ ගණන් ණය වෙලා ඇමති කට්ටක් ගත්තොත් , ඩියුටි ෆ්‍රී වාහනයක් දෙන්නේ නැතෙයි? නෝනයි , දරුවොයි , බල්ලයි අරන් යන්න වෙන වෙනම වාහන දුන්නා නම් තමා හොඳ .ඉස්සර නම් එහෙමයි. අනේ මන්දා මේවා ලංකාවට ගැලපෙයිද?
බොහොම හොදයි ඔබතුමාගේ වැඩපිළිවෙල ඉතා අගයකරමි.
ඉතාම විශිෂ්ට තීරණයක්. ජනාධිපතිට බය බව නම් පේනවා. නිලධාරීනුත් ගැස්සිලා ඉන්න බව පේනවා. ඒක රටට ඉතාම හොඳයි. දියාරු නොවී ඔහොම ගියොත් රට ගොඩ එන්නත් බැරි නෑ.
ඔක්කොටම ඉස්සෙල්ලා පොලිසියේ පොලිස් අධිකාරිවරයාගේ සිට ඉහළට ඉන්න අයගේ බිරින්දෑලාට දෙන වාහන සහ දරුවන් පාසල් යවන වාහන නතර කරන්න ඕනේ...
මේ තීරණයට කීදෙනෙක් විරුද්ධ වෙයිද කියන්න බැහැ.. සමහරුන්ට තියෙන්නේ රථගාය. මහජනතාවගේ බදු මුදල් මිසක් තමුන්ගේ අතින් මිටින් යනවා කියලද?
රජයේ වාහන සංචිතයක් සහ එම වාහන අලුත්වැඩියාවට රජයේ ස්ථාන සෑම පළාතකම ස්ථාපිත කරන්න රජයේ වාහන අලුත්වැඩියාව කියන්නේ ධන නිධානයක්... හැමදාම වාහන කැඩෙනවා. ඒ විතරක්ද තමන්ගේ වාහන දාලා ලොකු ගණන් ගන්නවා. රජයට බඳවා ගැනීමටත්, සේවා සැපයීමටත් ස්ථාන ආයතන ස්ථාපිත කළොත් ටෙන්ඩර් පටිපාටියෙන් තොරව මිලදී ගන්නත් පුළුවන්...
අලුතින් වාහන ගැනීම පමණක් නොව විශ්‍රාම අරන් ගෙදර යනකොට වාහනේ අරන් යන එකත් නවත්වන්න.
ඔය "හතු පිපෙනවා" වගේ ගන්නා තීරණවල කිසිම වැදගත්කමක් නැහැ. ගැලරිය පිනවන්න දෙන ටෝක්ස් දින, සති, මාස ගතවෙන කොට බොඳවී යන බව අතීතයේ අප දුටුවා. අනාගතයේදීත් සිදුවේවි... මොකද ඉතින් දැන්කාලේ සිදු නොවෙනවා කියා හිතන්නේ?
ආයතනවල කාමර වායු සමීකරණය කරලා නවීන උපකරණ, කැරකෙන පුටු ඇති නවීන පරිගණක තමයි ඉතින් නැත්තේ... හොයලා බලමුද මේවත් ටිකක්?