විදුලි අර්බුදය නැවතීමට සූර්ය බල ව්‍යාපෘතියට අනුමැතිය ඉල්ලයි පවතින විදුලි අර්බුදයට දිගුකාලීන විසඳුමක් ලෙස මේ වනවිටත් අයදුම් කර ඇති භූමියෙහි ස්ථාපිත කරන මෙගා වොට් පහට අඩු සූර්ය බල ජනන ව්‍යාපෘති සඳහා වහා අනුමැතිය ලබා දිය යුතු යැයි සූර්යබල කර්මාන්තකරුවන්ගේ සංගමය රජයට යෝජනා කරයි. 18 April 2019
මහියංගන අනතුරින් මියගිය 10 දෙනාගේ අවසන් කටයුතු අද මහියංගණ ජාතික පාසල ඉදිරිපිට දී සිදුවු රිය අනතුරෙන් මියගිය එකම පවුලේ 10 දෙනාගේ මෘත දේහයන් හදිසි මරණ පරීක්ෂණවලින් පසු පවුලේ ඥාතීන්ට බාරදුන් බව මහියංගනය පොලිසිය පවසයි. 18 April 2019
මහියංගනයේ මහ අනතුරකින් 10 ක් මරුට මහියංගණය - බදුල්ල මාර්ගයේ මහියංගණය මහා විද්‍යාලය ඉදිරිපිටදී අද (17) වෑන්රථයක් හා බස්රථයක් ගැටී සිදුවූ අනතුරකින් වෑන්රථයේ ගමන් කළ පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් ඇතැයි මහියංගණය පොලිසිය පවසයි. 17 April 2019
ජල විදුලිය නිපදවීම සියයට 10 දක්වා අඩුවෙයි ජල විදුලි බලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම තවමත් අඩුම මට්ටමක පවතින හෙයින් ජල විදුලි නිෂ්පාදනය මේ වන විට 10 % පමණ දක්වා අඩුවී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. 16 April 2019
මධ්‍යම පළාතේ දිරිය කතත් සැමියාත් ඝාතනය කෙරේ ගලේවෙල දේවහුව එකේ ඇළ නිවසක කපා කොටා ඝාතනය කළැයි සැකකරන අඹු-සැමි යුවළගේ මළ සිරුරු දෙකක් සොයා ගත් බව ගලේවෙල පොලිසිය කියයි. 16 April 2019
මුද්‍රණ දෙපාර්තමේන්තුව ඉඩම් අමාත්‍යංශයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අයත් ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සහ රජයේ මුද්‍රණ හා ප්‍රකාශන කටයුතු යන විෂයන් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය යටතට පවරා තිබේ. 12 April 2019
ආවා කල්ලිය යාපනයේ නවක වදය නතර කරයි නවකවදය තහනම් බව පවසමින් ආවා කල්ලිය විසින් සකසන බව සඳහන් දැන්වීම් යාපනය සරසවියේ කලා අංශයේ අලවා තිබූ බවත් සරසවිය තුළ නවකවදය නොදෙන බවට පොරොන්දු වෙමින් එහි ශිෂ්‍ය සංගම් විසින් ද පෝස්ටර් දැන්වීම් අලවා ඇති බවත් යාපනය විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි. 12 April 2019
සීමා නිර්ණ වාර්තාව ජනපතිට බාර දෙන්න - මැතිවරණ කොමිසම පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණ සමාලෝචන වාර්තාව ජනාධිපතිවරයා වෙත බාර දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ ලිපියක් යවමින් අද (11) ඉල්ලීමක් කර තිබේ. 11 April 2019
‘මංගලට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන එනවා’ මෙවර අයවැය යෝජනාවෙන් වැරදි දත්ත ඉදිරිපත් කර ඇති බව පවසමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා කොළඹදී පැවසීය. 11 April 2019
මණ්ඩතිව් කඳවුරු භූමිය මනින්න ආ මිනින්දෝරුවරු ආපසු යති යාපනය වේලනෙයි මණ්ඩතිව්හි පිහිටි නාවික හමුදා කඳවුරු භූමිය ප්‍රමාණයෙන් විශාල කිරීමට රජයෙන් ගෙන ඇති තීරණයට අනුව එම කඳවුරු භූමියේ මැනුම් කටයුතු කිරීමට අද (11) පැමිණි මිනින්දොරුවරු පිරිසකට දෙමළ ජාතික සන්ධානයේ හිටපු උතුරු පළාත් මන්ත්‍රීවරයකු වූ එම්.කේ සිවාජිලිංගම් ඇතුළු පිරිසක් විරෝධතාවක් සංවිධානය කර තිබිණි. 11 April 2019
වසර 5 ක් විදුලිය මිලට ගන්න රවීගෙන් යෝජනාවක් ඉදිරි වසර 5 ක කාලයක් සඳහා විදුලිය මිලදී ගැනීමේ යෝජනාවක් විදුලිබල බලශක්ති හා ව්‍යාපෘති සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා විසින් අද (9) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබු බව වාර්තා වේ. 09 April 2019
අද රෑ සිට පෞද්ගලික බස් රථ වර්ජනයක් පෞද්ගලික බස් රථ සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක් ඇරැඹීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික බස් සේවක සංගමය පවසයි. 09 April 2019
මාකඳුරේ මධූෂ් මේ සතියේදී ලංකාවට ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මේ සතිය ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පීරීස් මහතා අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතාට දැනුම් දුන්නේය. 09 April 2019
ලංවිම වැටුප් ගැටළුව ගැන වෘත්තීය සංගම් තීරණයකට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සහ ලංකා විදුලි පොදු සේවක සංගමය ඇතුළු අනෙකුත් වෘත්තිය සංගම් අද (08) කොළඹ දී ස්ථාන දෙකකදී රැස්වී ලංවිම සේවක වැටප් ගැටළුව පිළිබඳව තීරණ කිහිපයක් ගෙන තිබේ. 08 April 2019
‘ලසන්ත’ ඝාතනයට ගෝඨාට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක නඩුවක් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක නඩුවක් ගොනු කර ඇතැයි ආරංචි මාර්ග පවසයි. 08 April 2019
පළාත් මැතිවරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්නැයි කොමිසමෙන් ඉල්ලීමක් පළාත් සභා මැතිවරණය පවත්වන්නේ කුමන පනතකින්ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීමක් කරන්නැයි මැතිවරණ කොමිසම ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබේ. 07 April 2019
රජයේ විධායක නිලධාරීහු 35,000 ක් සංවර්ධන කමිටු වලින් ඉවත් වෙති රජයේ දීප ව්‍යාප්ත හා සමාන්තර සේවා විධායක නිලධාරීන් අප්‍රේල් 16 වැනි දා සිට රජයේ සියලුම සංවර්ධන කටයුතුවලින් මෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවලින් ඉවත්වීමට තීරණය කර ඇතැයි පවසයි. 07 April 2019
විදුලිය දෙන ව්‍යාපෘති යටගහලා රාජ්‍ය ආයතන සතුව ඇති මෙගාවොට් 200 ක විදුලි ජනන යන්ත්‍ර යොදා ගැනීමට අවසරය හා මෙගාවොට් 1400 ක් සුළං බලයෙන් විදුලිය ලබා ගැනීමට ඉල්ලුම් කළ 650 දෙනාට එම අවස්ථාව ලබාදී තිබුණා නම් කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකියාව තිබූ බව වාර්තා වේ. 07 April 2019
වෙලේ සුදාගේ මරණ දඬුවම ස්ථිරයි හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරුකොට මරණ දඬුවම් නියම කර සිටි ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැත්තාට පනවා තිබූ එම දඬුවම අද(05) ස්ථිර කළ අභියාචනාධිකරණය එම දඬුවමට එරෙහිව වෙළේ සුදා විසින් ඉදිරිපත් කළ අභියාචනය නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය. 05 April 2019
බණ්ඩාරගම ප්‍රා. සබේ ගාලගෝට්ටියක් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ පැවති විශේෂ සභා රැස්වීමේ දී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අද (5) ගුටි බැට හුවමාරුවක යෙදුණහ. 05 April 2019
මධූෂ් ගේන්න මාරපන ඩුබායි යයි ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 04 April 2019
අරලියගහ මැදුරේදී වෙඩි තබාගැනීමකින් එස්ටීඑෆ් සෙබළෙක් මරුට කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපිටදී පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළෙකු මීට සුළු මොහොතකට පෙර වෙඩි තබාගෙන මියගොස් ඇතැයි වාර්තා වේ. 04 April 2019
හදිසියට විදුලිය මිලදී ගන්න සමාගම් තුනක් විදුලි අර්බුදය විසඳීමේ අරමුණින් මෙගාවොට් 100 ක ධාරිතාවයක් හදිසි මිලදී ගැනීමක් ලෙස සිදු කිරිමට පෞද්ගලික සමාගම් තුනක් තෝරාගෙන ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 03 April 2019
අයවැයට ශ්රීලනිපය විරුද්ධ නොවන්නේ නම් ඒකාබද්ධය සාකච්ඡාවලින් ඉවත් වෙනවාලු අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධව ඡන්දය පාවිච්චි නොකරන්නේනම් නව දේශපාලන සන්ධානයක් ගොඩනැඟීම සදහා ඔවුන් සමඟ පවත්වන සාකච්ඡවලින් වහාම ඉවත්විය යුතුයැයි එකාබද්ධ විපක්ෂයේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විපක්ෂනායකවරයාට දැනුම්දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 03 April 2019
ලංවිම-කොමිසමේ ගැටුම විසඳෙන තෙක් කැබිනට් රැස්වීමට එන්නේ නෑ ලංකා විදුලි බල මණ්ඩලයත් , මහජන උපයෝගිතා කොමිෂන් සභාවත් අතර ඇති වී තිබෙන අර්බුදය විසඳා ගන්නා තෙක් තමා කැබිනට් රැස්වීම්වලට සහභාගි නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (2) කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 02 April 2019
විදුලිබල අමාත්‍යංශ ලේකම් ජනාධිපති කොමිසම හමුවට කැඳවයි විදුලිබල මණ්ඩලය සඳහා පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදීගැනීම සහ විදුලි බලාගාර වෙනුවෙන් ඉන්ධන ගෙන්වීමේදී සිදුවී ඇති බව කියන මහ පරිමාණ මුදල් වංචා සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු සඳහා කරුණු දැක්වීමට විදුලිබල අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතාට අද (02) සිදුවිය. 02 April 2019
රථවාහන වැරදි 5 ක අවම දඩය 25,000 රථ වාහන වැරදි පහක අවම දඩය රුපියල් 25,000 දක්වා වැඩි කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. 02 April 2019
මධුෂ්ගේ තවත් ගෝලයෝ දෙදෙනෙක් සීඅයිඩීය බාරයට පාතාල කල්ලි නායක මාකදුරේ මධුෂ්ගේ ඩුබායිහි පැවැත්වූ සාදයකට සහභාගී වී සිටියදී අත්අඩංගුවට ගත් පාතාලයට සම්බන්ධ තවත් පුද්ගලයින් දෙදෙනකු අද (02) උදෑසන කටුනායක ගුවන්තොටුපොලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 02 April 2019
කොකේන් කිලෝ 769 ක් විනාශ කිරීම ඇරැඹේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් පසුගිය වසර තුන තුළ මෙරටදී අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 10935 කට අධික වටිනාකමකින් යුත් කොකෝන් මත්ද්‍රව්‍ය කිලෝ 769 ක් සහ ග්‍රෑම් 464 ක ප්‍රමාණයක් විනාශ කිරීමේ කටයුතු කැලණිය ගෝනවල පිහිටි ඩී.එන්.එස් ගබඩා සංකීර්ණ පරිශ්‍රයේ දී මේ වන විට ආරම්භ වී තිබේ. 01 April 2019
මෙගාවොට් 100ක විදුලිය මිලදී ගන්න යයි මෙගාවොට් 100ක විදුලි ධාරිතාවයක් හදිසි මිලදීගැනීමක් ලෙස පෞද්ගලික අංශයෙන් ලබාගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ. 31 March 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025