ජනපතිට එරෙහිව අතුරු නියෝගයක් ඉල්ලයි තමන්ව පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම වළකාලමින් ජනාධිපතිවරයාට එරෙහිව අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද ( 29) ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදි. 29 May 2019
මුදල් අමාත්‍යංශයේ ප්රවෘත්ති අධ්යක්ෂ අත්අඩංගුවට මුදල් අමාත්‍යංශයේ ප්රවෘත්ති අධ්යක්ෂවරයාගේ නිවසේ තිබී බෝර 12 ගිනි අවි සඳහා යොදන ජීව උණ්ඩ 93 ක් සමඟ ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසය කියයි. 29 May 2019
සෞඛ්‍ය ඇමැතිගේ කමිටුවට සාක්කි දීම ප්‍රතික්ෂේප කරයි ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා විසින් වඳ සැත්කම් සිදු කළැයි පැවසෙන කතාවේ සත්‍ය අසත්‍ය සෙවීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පත්කර එවන ලද කමිටුව හමුවේ සාක්ෂි ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයම තීරණය කර ඇත. 28 May 2019
ජනපතිගෙන් හිස්බුල්ලාට නව තනතුරක් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් සම්බධීකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබ තිබේ. 28 May 2019
වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ විමර්ශන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාරගනී වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියට අදාලව විමර්ශන පොලිස්පතිවරයාගේ නියෝග මත තම කොට්ඨාසය භාරගත් බව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය අද (27) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියංන්ත ලියනගේ මහතාට දැනුම් දුන්නේය. 27 May 2019
රිෂාඩ්ට - හිස්බුල්ලාට එරෙහිව සීඅයිඩීයට පැමිණිලි 2 ක් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ එල් ඒ එම් හිස්බුල්ලා යන මහත්වරුන් එරෙහිව පොලිස් මුලස්ථානය වෙත ලැබී තිබු පැමිණිළි දෙකක් විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව වෙත යොමුකළ බව පොලිසිය කියයි. 26 May 2019
කුරුණෑගල ශික්ෂණ රෝහලට කාන්තාවන්ගෙන් පැමිණිලි චෝදනා කීපයක් සම්බන්ධයෙන් සැකපිට මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයාට එරෙහිව කාන්තාවෝ දෙදෙනෙක් අද(26) කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය වෙත පැමිණිලි කළහ. 26 May 2019
අන්තවාදයට සම්බන්ධ වට්ස්ඇප් ජාලයක් මෙහෙයවූ 3 ක් අත්අඩංගුවට ’දර්ගා ටවුන් බ්‍රේකින් නිව්ස්’ නමින් සාමාජිකයන් 100ක් අතර අන්තවාදයට පක්ෂපාත ’වට්ස්ඇප්’ ජාලයක් මෙහෙයවූ මහ මොළකාර සැකකරු සමඟ තවත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 26 May 2019
අසීමිත වත්කම් සහිත වෛද්‍යවරයෙක් කුරුණෑගලින් අත්අඩංගුවට සනාථ කළ නොහැකි ආකාරයට අසීමිත ලෙස වත්කම් උපයාගෙන සිටීම යන චෝදනා යටතේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු ලෙස සේවය කරන මොහොමඩ් ෂාෆි ෂිහාබ්ඩීන් මහතා අද(25) අලුයම සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 25 May 2019
ජමාත් කල්ලියේ කෝටි 14 ක් තහනම් කරයි තවුහීත් ජමාත් ත්‍රස්ත සංවිධානය සමඟ සම්බන්ධකම් පැවැත්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තවේ හා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨසයේ අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ට අයත් බැංකු ගිණුම් 41 ක් දැනට තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 24 May 2019
ජමාත් කල්ලියේ තවත් 5 ක් හොරොව්පොතානෙන් අල්ලයි සහරාන් හසීම් නමැත්තා හා තව්හීත් ජමාත් සංවිධානය සමඟ සමීප සබඳතා පවත්වමින් දිස්ත්‍රික්ක දෙකක අන්තවාදී දේශන සිදුකළ සංවර්ධන සහකාරවරයකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු හොරොව්පොතාන කිවුලේකඩ සහ කැබිතිගොල්ලෑව ඇල්ලැව යන ප්‍රදේශවලදී අද (24) අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි. 24 May 2019
ගොඩකවෙලදී සිදු වූ අනතුරකින් 19 ක් රෝහලේ පෞද්ගලික බස් රථයක් නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් බස් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් 19 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කළ බව රක්වාන පොලිසිය කියයි. 24 May 2019
ඥානසාර හිමිට ජනපති සමාව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද (23) ජනාධිපති විශේෂ සමාව ලැබිණි. 23 May 2019
බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට පක්ෂ නායකයෝ විරසක වෙති පාර්ලිමේන්තුවේදී අද පැවැති පක්ෂ නායක රැස්වීම එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ. 23 May 2019
ඥාණසාර හිමිට සමාව සිරදඬුවම් විඳින බොදුබලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ ලිපියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද පස්වරුවේ අත්සන් තබා ඇතැයි වාර්තා වේ. 22 May 2019
‘ආණ්ඩුවට-බදියුදීන්ට එරෙහිව ගෙනා විශ්වාසභංග පරාජය කරනවා‘ ආණ්ඩුවට මෙන්ම බදියුදීන්ට එරෙහිව ගෙනා විශ්වාසභංග දෙකම පරාජය කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද පැවසීය. 22 May 2019
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකට රජයට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව අද (21) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින් කථානායක කරූ ජයසූරිය මහතාට බාරදුන්නේය. 21 May 2019
හැන්සාඩ් නිලධාරියා රඳවා ප්‍රශ්න කරන්න අවසර අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවේ සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියා මාස තුනක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කුරුණෑගල පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමකට අද (20) ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ලැබී තිබේ. 20 May 2019
හේමසිරිට - පූජිතට එරෙහිව සීඅයිඩීයෙන් පරීක්ෂණයක් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරු අනුව ක්‍රියාත්මකවීමට අසමත්වීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 19 May 2019
ජනපති ගලගොඩ අත්තේ හිමියන් හමුවෙයි වෙසක් පොහෝ දිනයට සමගාමීව සිරකරුවන් 762දෙනෙකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට ඊයේ (18) ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන් අනතුරුව, වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ගොස් සිර දඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් හමුවී සාකච්ඡා කර ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග අනාවරණය කරයි. 19 May 2019
බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයේ දිනය වරද්දාගනී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කතානායක කරු ජයසූරිය මහතා වෙත භාරදුන් විශ්වාසභංග යෝජනාව වැරදි දිනයක් සහිතව ඉදිරිපත් කිරීම හේතුවෙන් නැවත ඉදිරිපත් කිරීමට සිදුව ඇතැයි වාර්කා වේ. 17 May 2019
ඇමැති රිෂාඩ් හමුදාපතිගෙන් උදව් ඉල්ලයි පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියෙන් පසු යුද හමුදාව දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවකු සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා තමාගෙන් අවස්ථා දෙකකදී කරුණු විමසා උදව්වක් ඉල්ලු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද (16) කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 16 May 2019
විපතට පත්වූවෝ වන්දි උත්සවය වර්ජනය කරති කටුවාපිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට වන්දිගෙවීම සඳහා අද(16) මීගමුවේ කාදිනල් කුරේ මධ්‍යස්ථානයේදී පැවැත්වූ උත්සවයේදී, මාධ්‍ය කැඳවා ප්‍රචාරණාත්මක වාසි සහ දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කළේ යැයි විරෝධය පළකරමින් වන්දිලාභීහු පිරිසක් වන්දිගෙවීමේ උත්සවය වර්ජනය කර පිටව ගියහ. 16 May 2019
ලාංකික තිදෙනෙක් සිරියාවේ අයිඑස් ත්‍රස්ත පුහුණුවක සිරියාවේ අයි.එස්. ත්රස්තවාදීන් සමඟ පුහුණුව ලබන ශ්‍රී ලාංකිකයන් තිදෙනකු විසින් මෙරටට එවන ලද රුපියල් ලක්ෂ 40කට අධික මුදලක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනූජා ජයතුංග මහත්මියට ඊයේ (15) දැනුම් දුන්නේය. 16 May 2019
සහරාන්ගේ බිරිඳ - දියණිය සීඅයිඩීයට තවුහීත් ජමාත් සංවිධානයේ නායක සහ මෙන්ම ෂැංගි‍්‍රලා හෝටලයේ බෝම්බකරුවකු වන මොහොමඩ් සහරාන් හසීම් නැමැත්තාගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා කාදර් නැමැත්තිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 15 May 2019
වැල්ලම්පිටිය පොලිස්ථානාධිපති සහරාන් කල්ලියට ඇප දීමේ ඇත්ත කතාව කියයි පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ ඉන්සාෆ් අහමඩ් නැමැත්තාට අයත් වැල්ලම්පිටියේ පිහිටි තඹ කම්හලේ සේවය කරමින් සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් නවදෙනකුට අලුත්කඩේ අංක දෙක උසාවියේ මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා පොලිස් විරෝධය නොතකා ඇප ලබා දුන් බවටත්, එය නඩු වාර්තාවේ සඳහන් කර නොමැති බවටත් චෝදනා කරමින් වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාන මහතා අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් කර ඇත. 14 May 2019
‘තත්ත්වය පාලනය කරන්න උපරිම බලය යොදවනවා’ රටේ ඕනෑම පෙදෙසක කලබලකාරී තත්ත්වයක් ඇතිවුවහොත් එය පාලනය කිරීම සඳහා උපරිම බලය යොදවන බවත්, අවශ්‍ය වුවහොත් හදිසි තත්ත්වය මත ඇති බලතල අනුව වෙඩි තැබීමට වුවද පියවර ගන්නා බවත් යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා කියයි. 14 May 2019
තවුහීත් ජමාත් තහනම් කළ ගැසට් පත්‍රය එයි ජාතික තවුහීත් ජමාත් සංවිධානය ඇතුළු සංවිධාන 3ක් තහනම් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරිණි. 14 May 2019
ජනපති - අගමැති වගකීම බාරගෙන වැඩ කරන්න රට තුළ විශාල අසමගියක් ඇතිවී ඇති බවත් මෙම තත්ත්වය ආරම්භ වූ දා සිටම මහා සංඝරත්නය හා රටේ විද්වතුන් නොයෙක් අවස්ථාවලදී ප්‍රකාශ කළත් රජය ඒ සම්බන්ධව වගකීමක් බාර නොගත් බවත් එම නිසා රට තුළ මෙවන් තත්වයක් උද්ගත වී ඇති බවත් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන නාහිමිපාණෝ පවසති. 13 May 2019
වයඹටම පොලිස් ඇඳිරිනීතිය ඇතිවී තිබෙන තත්ත්වය පාලනය කිරීම පිණිස වයාම ක්‍රියාත්මක වන පරිදි වයඹ පළාතටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පැනවූ බව පොලිසිය කියයි. 13 May 2019
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026