(විනීතා එම් ගමගේ)
එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වයක් පිළිබඳව 2022, 2023 , 2024 වසර වලදී සළකා බලන්නැයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී කියා සිටියේ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
2025 වසරේ දී තමන් ඡන්දය නොඉල්ලන බව ද ඔහු එහි දී සඳහන් කළේ යැයි ද මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේය.
හර්ෂ ද සිල්වා මහතා මේ අදහස් පළ කළේ විපක්ෂ නායක කාර්යාලයේ අද (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ හර්ෂ ද සිල්වා මන්ත‍්‍රීවරයා මෙසේ ද පැවසීය.
‘‘ මන්ත‍්‍රී කණ්ඩායමේ සාකච්ඡාවේ සියලූම දේවල් මම සටහන් කර ගත්තා. පිටු 14 ක සටහනක් තිබෙනවා. සිදුවුණ මූලික කාරණාව නායකතුමා කිව්වා ගිය පාර 33 දෙනෙක් කතා කළා, ඒවාට සවන් දුන්නා, ඔහු අසනීප වෙලා සිටියේ ඔහුට බොහෝ දෙනා දුරකතනයෙන් කථා කළා, කථා කල බොහෝ දෙනෙක් කිව්වේ මේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යන්න, ඔබ තුමා අවශ්‍ය නම් සජිත් පේ‍්‍රමදාස කරු ජයසූරිය මහත්වරුනුත් සම්බන්ධ කර ගන්න නමුත් නායකත්වය ඔබතුමා තියා ගන්න කියලා.
2025 දි තමන් ඡන්දය නොඉල්ලන බවත් එතුමා කීවා. 2022, 2023 වෙනකොට නායකත්වයේ වෙනසක් කරන්න අවස්ථාවක් ලබාදෙන්නම් කියල කිව්වා. එතුමා දිගින් දිගටම කථා කලා.
උතුරු නැගෙනහිර ඡන්ද කඩාවැටීමකට ලක්වෙලා තියෙනවා කිව්වා. අපි අපේ ඉලක්කය කරගත යුත්තේ ඒ ප‍්‍රදේශවල තියෙන ඡන්ද රැකගැනීම සහ ඡන්ද ප‍්‍රතිශතය වැඩි කිරීමයි කියල කිව්වා. ඒ සඳහා තමයි එතුමාගේ නායකත්වය ඉදිරියට ගෙන යා යුත්තේ කියල කිව්වා.
ඉන් පසු රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ අදහස වුණේ නායකතුමනි අපි මන්ත‍්‍රීවරුන්ගේ අදහසට සවන් දෙන්න ඕන කියන එකයි. ඔබට කතා කරන පුද්ගලයින් ඔබ සිටිය යුතුයැයි කිව්වත් බිම් මට්ටම එහෙම නැහැ කිව්වම, නායකත්වයේ කිසි වෙනසක් වෙන්නේ නැහැ කියා නායකතුමා කිව්වා.
අගමැති අපේක්ෂකයා කවුද කියා විමසුවාම එය කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කරාවි කියල කිව්වා. සුජීව සේනසිංහ මහතා කථා කරන්න හැදුවම කථා කරන්න අවස්ථාව දුන්නේ නැහැ. නමුත් ඔහු කථා කළා. නායකතුමනි ඔබ හිතන දේ නොවෙයි මහපොළවේ තියෙන්නේ කියා ඔහු කීවා. ඔහු එය දිගින් දිගටම කිව්වා.
හරින් ප‍්‍රනාන්දු මහතා කථා කරන්න හැදුවම රනිල් වික‍්‍රමසිංහ මහතා කිව්වේ කතා කරන්න අවශ්‍ය නැහැ මේක ඉවර කළ යුතුයි කියලයි. නමුත් හරින් මන්ත‍්‍රීවරයා කථා කළා. ඊළඟට කබිර් හෂිම් මහතා කථා කලා.
අනතුරුව අකිල් විරාජ් මහතා ඔහුට පිළිතුරු දෙමින් දැඩි ලෙස දෝෂාරෝපණය කළා. ඊළඟට අජිත් පෙරේරා මහතා කතා කරමින් බිම් මට්ටමින් ලොකු ප‍්‍රශ්න තිබෙන බව කීවා. ඔහු කිව්වා 2024 වනතුරු ඔබ නීත්‍යානුකූල නායකයා, නමුත් මහ පොළවේ යථාර්ථය ඔබ වටහා ගත යුතුයි කියලා.
ඊළගට අශෝක් අබේසිංහ මන්ත‍්‍රීවරයා අදහස් දක්වමින් කියා සිටියේ ඔහු පෝලින් බූත් 90 ක් සමඟ කථා කළ බවයි. ඒ කවුරුවත් රනිල් වික‍්‍රමසිංහ නායකතුමා සමග ඡන්දයකට යන්න සුදානම් නැහැ කියා කිව්වා. රංජිත් මද්දුම බණ්ඩාර මහතා යළිත් අදහස් දක්වමින් ඒකාධිපතියෙක් වෙන්න එපා, ප‍්‍රජාතන්ත‍්‍රවාදයකට ඉඩ දෙන්න කියා ආයාචනා කලා.
පසුව සජිත් පේ‍්‍රමදාස මහතා යෝජනාවක් ගෙනාවා, අපි මත විමසුමක් පවත්වා බහුතර මතය බලමු කියා. එය නීත්‍යානුකූල එකක් විය යුතු නැහැ, කියා ඔහු කීවා. ඒක දීර්ඝ ලෙස කල්පනා කරල කියන්නේඑය ප‍්‍රබුද්ධ විසඳුමක් යැයි ද ඔහු කීවා.
යළිත් අජිත් පී පෙරේරා මහතා කථා කරමින් රජය දඩයමක් පටන්ගෙන ඒ නිසා ඉදිරියේ අසීරු කාලයක් ඒවි, කෙසේ වෙතත් අපි රාජපක්ෂ කඳවුර එක්ක සම්බන්ධ නැහැ, අපි ජනතාව වෙනුවෙන් සටන් කරමු ඒ අවස්ථාව ලබා දෙන්න කියා කීවා. නමුත් මතවිමසුමක් පවත්වන්න නායකතුමා කැමති වුනේ නැහැ.
යළිත් සජිත් පේ‍්‍රමදාස මහතා කීවා අපි මහත්මා එකඟතාවයකට එමු, මත විමසුමක් පවත්වමු එතකොට ඉදිරියට යා හැකියි කියා.
මේ අවස්ථාවේ දී හර්ෂණ රාජකරුණා මන්ත‍්‍රීවරයා කීවා අපි මත විමසුමක් තියන්න අවශ්‍යද කියා බලන්න මත විමසුමක් පවත්වමු කියා. එවිට එහි සිටි 50 කට වඩා නැගිට්ටා. ඉන්පසු පොඩි පොඩි බහින් බස් වීම් වුණා. වජිර අබේවර්ධන මහතා සමග හෙම මේ බහින් බස් වීම් වුණා.
ඉන් පසු නායකතුමා කිව්වා මම සති අන්තයේ කරු ජයසූරිය මහතා සහ සජිත් පේ‍්‍රමදාස මහතා සමග සාකච්ඡා කරනවා, ඊට පස්සේ එන සතියේ යළි කථා කරමු කියා මෙතන හැම දෙනාම නැහැ කියාත් කීවා. නමුත් අපේ කණ්ඩායමේ 77යි. එයින් 39 ක් හිටියාම ඇති නේ කියන මතය ආවා.

ඒ එක්කම නායකතුමා නෑ නෑ ඡන්දයක් අවශ්‍ය නැහැ කියා කණ්ඩායම් රැස්වීම අවසන් කර නැගිට ගියා. 12 දෙනෙක් ඔහු එක්ක ගියා. 52 ක් එහි සිටියා.
ඒ අවස්ථාවේ රංජිත් මද්දුම බණ්ඩාර මහතා කීවා මේ කණ්ඩායම සජිත් මහතාගේ නායකත්වයෙන් සාකච්ඡාව ඉදිරියට ගෙනයමු කියා. එයට කැමතිව 52 දෙනාම සජිත් මහතා වෙනුවෙන් අත ඉස්සුවා. හරින් මේ සියල්ල වීඩියෝ කළා. මේක නීත්‍යානුකූලව එජාප නායකත්වය තෝරාගැනීමේ ඡන්දයක් නොවුනත් එයින් එජාප මන්ත‍්‍රී අදහස පිළිඹිබු වෙනවා. සජිත් පේ‍්‍රමදාස මහතා අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරියට ගෙන යාම අපේ අරමුණයි. ’’ යැයි ද හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් පී පෙරේරා මහතා මාධ්‍ය හමුව අමතමින් මෙසේ කීය.
‘‘ එක්සත් ජාතික පක්ෂයට එක නායකයෙක් නොව නායකත්ව මණ්ඩලයක් අවශ්‍යයි. නව මුහුණුවරක් අවශ්‍යයි. මහජන ඡන්දයෙන් පත්වූ මන්ත‍්‍රීවරුන් ලෙස අපි ඒ වෙනස වෙනුවෙන් පෙනී සිටිනවා. රනිල් වික‍්‍රමසිංහ මහතා මියයනතුරු මේ පක්ෂයේ නායකයා විය යුතු යැයි කියන කිහිප දෙනෙක් මේ පක්ෂයේ සිටිනවා. ඔවුන් හිතන්නේ වික‍්‍රමසිංහ මහතා ගියොත් පක්ෂය ඉවරයි කියලයි.
නමුත් මේ පක්ෂයට නායකත්වය දෙන්න පුළුවන් කිහිපදෙනෙක්ම අපි දකිනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ අපි දරන මතය ගැන සළකා බලන්න, අලුත් නායකයෙක් ලබා දෙන්න කියා අපි නායකතුමන්ගෙන් ඉල්ලා සිටිනවා. එතුමාට කවුද කිව්වලූ එතුමා ගියොත් පක්ෂය ඉවරයි කියලා. අපි ඒක වැරදි බව පෙන්වා දුන්නා. මේක සුලූතර මතයක් බව පෙන්වා දුන්නා. අපට අවශ්‍ය ඊළඟ ඡන්දයට අලූත් මුහුණුවරකින් එන්නයි.’’ යැයි ද අජිත් පී පෙරේරා මහතා කීය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.
‘‘හැට නම ලක්ෂයකට සතුට ගෙනා දෙවැනි මාසයේ රතුලූණු මංකොල්ල කන තත්ත්වයකට රට වැටිලා. උඩින්ම දීපු බද්දේගම රතුලූණු මංකොල්ල කාලා. ඉතිහාසෙවත් අහල තියෙද මේවා.
අපේ කවුරු හරි ඉන්නවද දන්නේ නැහැ පක්ෂය ඇතුලේ අර්බුද හදලා ආණ්ඩුවට ලබන ඡන්දෙදි තුනෙන් දෙක අරන් දෙන්න. මෙතෙන්දි අපි කණ්ඩායමක් යනවා මේ ප‍්‍රශ්නය නිරාකරණය කරන්න. තව කණ්ඩායමක් යනවා මන්ත‍්‍රී දඩයමට එරෙහිව. මන්ත‍්‍රී දඩයම සඳහා මේ වනවිට සී සීඞී එකේ මන්ත‍්‍රීවරුන් අටක් දහයක් ලැයිස්තු ගත කර තියෙනවා කියා ආරංචියි. පිරිසක් පක්ෂ දෙකට කඩන්න හදනවා. තව පිරිසක් මන්ත‍්‍රී දඩයමේ යනවා. ඒ අතරේ පවුලක් රට කනවා.
වෙන දෙයක් තියා රන්ජන් රාමනායක මන්ත‍්‍රී තුමා වෙනුවෙන් පෙනී හිටි නීතිඥවරයාගෙනුත් කටඋත්තර අරන්. මෙන්න පැතූ වෙනස. 69 ලක්ෂයට සතුටු ද කියලයි අහන්න වෙන්නේ. මේ පරණ එක අලූත් මුහුණකින් ඇවිත් තියෙන බවයි පෙනෙන්නේ. අලූත් ආරංචිය හඬපට හඬකවල පෙන්වන එකයි.
ඊයේ රන්ජන් රාමනායක මහතා හමුවූ අවස්ථාවේ එතුමා කිව්වා පැයකට දාන්න පුළුවන් ද පැයකට දාන්න පුළුවන්ද කියල අහන හඬපටයේ ගෝඨාභය කියන වචනය බට් කරල කියල. ඔහු කියා ඇත්තේ වෙන නමක්ලූ. මේවා පැහැදිලි නියම ගේම් ටිකක් සෙට් වෙමින් තියෙනවා. එක පිරිසකට ඕන පක්ෂයේ අර්බුදයක් නිර්මාණය කරල අපි එතැන තියලා අපේ කට වස්සන එකයි. රන්ජන් ගේ හඬපටයයි පක්ෂයේ අර්බුදයයි පෙන්නලා අපි එතැන තියන්න හදන්නේ. අපි ඕකට අහුවෙන්නේ නැහැ. අපේ ඉදිරි වැඩ පිළිවෙළ අපි ඉදිරියට ගෙන යනවා. ’’ යැයි ද හරින් ප‍්‍රනාන්දු මහතා කියා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ සී අලවතුවල මහතා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ද මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් කවදා හෝ යනතුරු ඉන්න වෙනවා. ඕක ගන්න නම්... පොහොට්ටුව වගේ අලුත් පක්ෂයක් හදන් ඉදිරියට යන්න.
එතුමා ගියොත් නෙවේ, සජිත් ආවොත් තමයි ප්‍රශ්නේ, නායකත්වය කියන්නේ ඡන්ද දිනන්න පුළුවන් සහ බුද්ධියෙන් කටයුතු කරන්න පුළුවන් පුද්ගලයෙක්.. සජිත්ට බුද්ධියක් නෑනේ..
එයා චුත වෙන්නේ 2022ද?
(රන්ජන්ගේ හඬපටයයි, පක්ෂයේ අර්බුදයයි පෙන්නලා අපි එතැන තියන්න හදන්නේ. අපි ඕකට අහුවෙන්නේ නැහැ. අපේ ඉදිරි වැඩ පිළිවෙළ අපි ඉදිරියට ගෙන යනවා.) එසේ නම් රජයට විපක්ෂයක් වනවා මිස එජාපයට විපක්ෂයක් නොවී නොමේරූ වැඩ නොකර පක්ෂය සහ නායකයා ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාම ඔබලාගේ රාජකාරිය විය යුතුයි. එජාපය තුළ සත්‍ය වශයෙන්ම අර්බුද ඇතිකරන්නෙත් අනවශ්‍ය මාධ්‍ය ප්‍රකාශ තබමින් ඇතුලේ කිවයුතුදේ එළියේ කියමින් පක්ෂය විනාශ කිරීමට උත්සාහ කරන්නෙත් සජිත් වටා සිටින ඔබලාමයි. සජිත් ඔහුගේ දැනුම, උගත්කම සහ හැකියාවන් පිළිබඳව විවේචනයක් ඔහුම කරගත යුතුයි. ඔහු සිටින්නේ අධිතක්සේරුවකයි. සත්‍ය වශයෙන්ම පක්ෂයේ විනය කඩකර තිබෙන කණ්ඩායමට විනය පරීක්ෂණ තබා පක්ෂයෙන් ඉවත් කළයුතුය. නැතිනම් මෙම පක්ෂය ඉදිරියට ගෙනයා නොහැකිය. පක්ෂයේ සිටින අවස්ථාවාදී කණඩායම් ඉදිරියටත් මෙසේ කටයුතු කළහොත් පක්ෂය රැකගන්නා එජාපකයන් සිරිකොතට පැමිණ ඔවුන්ව එලවා දමන දිනය වැඩි අෑතක නොවේ. එජාප නව නායකයකු අවශ්‍ය නමුත් එම පුද්ගලයා සජිත් නම් නොවේ.
නායකත්වය රැකගමු. මේ පරාජියෙක් නායකයා කිරීමට කෙරෙන උත්සාහයක් මිස පක්‍ෂය හෝ පාක්‍ෂිකයා නගා සිටුවීමට දරන උත්සාහයක් නොවේ. නායකත්වයට සුදුසුම කරු ජයසූරිය මහතා මිස අට පාස් කෙනෙක් නොවේ.
අපි මොන ආකාරයට කතා කළත් රනිල් උන්නැහේ තමයි පක්ෂයක් හැටියට යූඑන්පී කියන නාමය අරන් ගියේ... කපටිකමින් සහ බුද්ධියෙන් නමුත් වර්තමාන තත්වය ගැන පොඩි සැකයක් එනවා මොනවා වෙයිදෝ කියලා. මොකද මේ හැම දෙයක්ම දේශපාලන නාටක...
දැන් ඔන්න අලුතින් පක්ෂ ලියාපදිංචි කරනවා. ඔයාලා වෙන පක්ෂයක් හදාගෙන යන්න. කරුණාකරලා ඔය පරණම පක්ෂය රනිල් මැතිතුමන්ට රැකගෙන ඉදිරියට යන්න දීලා.
මොකද? දොස්තරලා දින දුන්නද?
අවසානය වනතෙක් රනිල්ම සිටිය යුතුයි.
සේනානායක පරම්පරාව ජයවර්ධන, ප්‍රේමදාස කාලයේ එක්සත් ජාතික පක්ෂයේ ගාම්භීරත්වය විනාශ කර, සිංහල බොදු ඡන්ද පදනම කාබාසිනියා කර, ඉතුරු ටිකත් නැත්තටම නැති කරන්න තමයි 2022 වෙනකම් ඉන්න හදන්නේ.... පොහොට්ටුව වගේ අලුත් පක්ෂයකින් ඉදිරිපත්වෙලා පාර්ලිමේන්තු ඡන්දෙදී රනිල් කණඩායම ගෙදර යැව්වා නම් අනාගතයක් තියේවි..
මෛත්‍රී පොලොන්නරුවෙන් ඡන්දෙ ඉල්ලනවලු... එයට එකතු වෙන්න. අද ඔයාලට ඔහොම වුනේ කොහෙවත් යන කෙනෙක්ට එන්න කියලා... තමන්ගේ කරපිටින් අරන් ගිහින් ජනාධිපති කරපු එක එයා පක්ෂේ රැකුවද? නායකයාට කරපු දේ දැක්කද? අන්තිමට නැවත පක්ෂය ඉදිරියට නොඑන්න වැඩේ කරලා මාරුවුණා. අද මෛත්‍රී නිසා තමයි ඔයාලට ජනතාව අහිමිවුණේ... රනිල්ට මොලේ තිබුණට අවංකකම නැහැ. නායකයා නීතිගරුක වෙන්න ඕනෑ. රනිල් මෛත්‍රීගේ පක්ෂේ ලොකු හොරුන්ව ආරක්ෂා කෙරුවා. දැන් සනීපද? තමන්ගේ පක්ෂේ ගෝලයකුට තම තැන දෙන්න නැකැත් බලනවා. එදා මෛත්‍රිට අත නොදී සජිත්ට හෝ වෙන කෙනෙකුට අත දුන්නා නම් දීලා හොරු ටික අැල්ලුවා නම් අදටත් ජනාධිපතිකම් දරනවා. දැන් 2022 එනකම් ඉන්නලු නිර්භීත කට්ටිය තීරණයක් අරගන්න දිනන්න පුළුවන්..
තව අවුරුදු දෙකයිනේ. එතකම් ඉවසුවා නම් මොකද?
කාටවත් ප්‍රශ්නයක් නෑනේ දැන්. තමන්ම ඉල්ලන් කෑවා. ඇත්තම කිව්වොත් රනිල් කියන්නේ වර්ල්ඩ් ක්ලාස් මාස්ටර් මයින්ඩ් පොරක්. සාමාන්‍ය පෙළවත් නැතුව මිනිහෙකුට හැප්පෙන්න නෙමේ හිතන එකත් අපරාදේ. රනිල්ට රටක් පාලනය කරන්න බෑ!!. හැබැයි ලාංකීය දේශපාලනයට රනිල්ගේ නායකත්වය අනිවාර්යයෙන් අවශ්‍යයි !!.
මේ තියෙන්නේ බලයට කෑදරකම පිළිබඳ හොඳ නිදසුනක්. 1970 වේ බලයට ආ සිරිමා බණ්ඩාරනායක 1972 ව්‍යවස්ථාවේ පිටදාලා අවුරුදු දෙකකින් කාලය දිගු කරගත්තා. ජේ.ආර්. ඒකාධිපති වෙන්න පුළුවන් ව්‍යවස්ථාවක් හදාගත්තා. මහින්ද, චන්ද්‍රිකා ව්‍යවස්ථාව වෙනස් කරනවයි කියලා පොරොන්දු දීලා බලයට ඇවිත් ඒ පොරොන්දු කැඩුවා. රනිල්ට ඕනෑ කොහොම හරි එල්ලිලා ඉන්න. සජිත් කොහොම හරි රිංගන්න බලනවා. ලෝකයේ සියලුම දේශපාලුවන් බලයට කෑදරයි. මෙතන තියෙන්නෙත් එකේම දිගුවක්. නමුත් දියුණු රටවල එහෙම පුද්ගලික වාසියට ව්‍යවස්ථාව වෙනස් කරන්න බැහැ. හැබැයි, අපේ දේශපාලුවන්ට හිතෙන හිතෙන දේ කරන්න පුළුවන්... ඒ කොහොමද? විරුද්ධවෙන්න ඕන දේටත් හුරේ දාන වහල්ලු වටේටම පිරිලා ඉන්න හින්දා...
නායකතුමනි, මහපොළවේ යථාර්ථය තේරුම් ගන්න. ඔබට මනාපයක් නැත. කරුණාකර යන්න.
පක්ෂයේ සිටින අවස්ථාවාදී කණඩායම් ඉදිරියටත් මෙසේ කටයුතු කළහොත් පක්ෂය රැකගන්නා "එජාපයින්" සිරිකොතට පැමිණ ඔවුන්ව එලවා දමන දිනය වැඩි අෑතක නොවේ.
හයියෝ... එන්න. එන්න. අපි කොහොමත් යූඑන්පීයට කතිරෙ ගහන්නේ නැහැ.
අර ප්‍රජාතන්ත්‍රවාදය රකින මුරදේවතාවා ඉන්නෙත් ඔය පක්ෂයේම නේද්? එයාටවත් බැරිවුණාද, ප්‍රජාතන්ත්‍රවාදීව ඔය වැඩේකරන්න...? එයා ඇමෙරිකන් එම්බසි එකත් එක්ක එකතුවෙලා ප්‍රජාතන්ත්‍රවාදය රැකගනියි.
රනිල් පක්ෂ නායකත්වයෙන් අයින් විය යුත්තේ වෙන කිසිවක් නිසා නොව ඔහු අදක්ෂ නායකයෙක් නිසා. 2025 වෙන කොට එක්සත් ජාතික පක්ෂයක් තිබෙයිද කියලා සැක සහිතයි.
අවුරුදු දෙකක් කියන්නේ සෑහෙන කාලයක්... මොනවා හරි අංචියක් අදින්න.. නැතිනම් අන්කුර් වැඩක් ප්ලෑන් කරලා කරන්න. එහෙමත් නැතිනම් බෑණා පොඩ්ඩගේ ට්‍රේනින් එක ඉවරකරගන්න ඇතිතරම් කල් තියෙනවා. එතකල් පුතාලා කොට ඇදගෙන යන්න ඔහොම දිගටම...
අැති යන්තං... තව පොඩ්ඩෙන් UNP එක නායකයා වෙනස් කරලා ඡන්දෙ දිනනවා. එ් බයත් ඉවරයි.
ගෙවුණු වසර 25 තුළ රනිල් එජාපය වසර 50ක් ආපස්සට ගෙනිච්චා. මේ වගේ බලයට කෑදර අයෙක් ආසියාවේම නැහැ. ඊට අනුබල දෙන 15ක් විතර පක්ෂයේ ඉන්නවා. ඉස්සර තිබ්බ එජාපයට සින්නක්කරව ලියවුණු මැතිවරණ බලප්‍රදේශ.. හැම ඡන්දෙකදීම එජාපයයි දිනුවේ. අද ඒ සියල්ල නැතිවෙලා. හොඳම දේ සජිත් සහ පිරිස නව පක්ෂයක් අරඹන එකයි. එතැනදී නම් ජය සිකුරුයි.
නායකත්වය දෙන්නත් හරිහමන් පුද්ගලයෙක් බිහිවෙන්න ඕනෑ. නායකත්වය කියන වචනය ඕනෑම කෙනෙකුට බාරදෙන්න සුදුසු දෙයක් නෙමේ. ඒක ජනතාවට කරන ද්‍රෝහිකමක්... ඒ නිසා මේ ගැන හිතන සියලු දෙනාම, ගැලපෙන සුදුස්සෙක් ගැන හිතා මෙනෙහි කළොත් වඩාත් විශිෂ්ඨයි. මේ දඟලන්නේ ක්ලබ් ගානේ යන සෙල්ලක්කාරයින්... සමාජ සේවකයන් නෙමේ...
පක්ෂයේ නීතියට ගරු කරලා ඕනෑ අය අයින් වෙන්න. චණ්ඩිකම් කරලා පහුගිය ජනාධිපතිවරණයත් පැරදුණා. දැන් බලන්නේ පක්ෂය විනාශ කරන්න. ඔය කට්ටිය වෙනම පක්ෂයක් හදාගෙන යන්න.
මෙයාව ගෙදර යවන එක කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට බාරයි එහෙනම්... අවුරදු 20-30කට කලින් කරන්න තිබ්බ දෙයක්.. එ්ත් කමක් නැහැ දැන්වත් කරමු.
ඔබ නිවැරදියි. ඔබ මෙතෙක් කලක් පක්‍ෂයක් ලෙස එ.ජා.ප.ය රැකගත්තා. සජිත් හැමදාම පක්‍ෂය ගැනවත්, පාක්‍ෂිකයෝ ගැනවත්, ඉතිහාසය ගැනවත්, 1988/ 89 තමන්ගේ පියාණෝ මිනිස්සුන්ට මොනවද කරේ කියලාවත් දන්නේ නැතුව නායකයෙක් වෙන්න හදනවා. කියන දේ අහන් නැත්නම් වෙලාම බලන්න කියමු. රට ගැන දුකයි. ඒත් බැරිබව දන් නැති මෝඩයන්ට තමන්ම නැහෙන්න ඉඩ අරින්න ඕනේ. එයා දැනටමත් නටන්නේ රාජපක්‍ෂලාගේ පදේටනේ. හිටපු අගමැතිතුමා මේවා හොඳින් දන්නවා. එයා වෙලාව ආවාම කළයුතු දේ කරයි.
රනිල් හොඳ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වුණත්, හොඳ නායකයෙක් වුණත් අලුත් කෙනෙකුට අවස්ථාවක් මේ වෙලාවේ ලබාදෙන්න ඕනෑ... නැත්නම් පක්ෂේ කෑලිවලට කැඩිලා යයි.
රනිල් කියන්නේ රටටවත්, පක්ෂයටවත් ආදරය කරන මිනිහෙක් නෙමෙයි. මොහු හැමදාම ආදරය කරන්නේ තමන්ට විතරයි. ඔහු ඉතිහාසයේ ගත්ත හැම තීරණයක්ම ගත්තේ තමන්ගේ පැවැත්ම ගැන හිතලා විතරයි. මොහු තමයි මේ රටේ ශක්තිමත් විපක්ෂයක් සෑදීම වැළැක්වූයේ. පහුගිය ආණ්ඩු සමයේ රාජපක්ෂලාට විරුද්ධව වුවමනා තරම් ප්‍රබල දූෂණ, වංචා සාක්ෂි තිබියදී ඔවුන්ට නඩු පවරන්නේ නැතිව ඔවුන්ව ආරක්ෂා කලේ මොහු තමයි. කොටින්ම මේ රටින් ඉක්මණින්ම ඉවත්කළ යුතු කොඩිවිනය මොහුයි. කෙසේ හෝ එය කළයුතුයි.
බොහෝ නායකයින් දිගුකලක් නායකත්වයේ රැඳී සිටිනවිට ජනප්‍රියතාවය පහළ වැටී වෙනත් නායකයෙකු ඉල්ලා සිටීම සාමාන්‍ය ස්වභාවයයි. රනිල් මුහුණ දෙන්නෙත් මේ අභියෝගයි. ඔහු දිනාගත් මැතිවරණවලට වඩා පරාජය වූ මැතිවරණ අති විශාලයි. එබැවින් එවැනි අයෙක් තව දුරටත් නායකත්වයේ රැඳී සිටීමට උත්සාහ කිරීම පාක්ෂිකයින්ටත් පක්ෂයේ දේශපාලන දැක්ම පිළිගන්න ජනතාවත් අතරමං කිරීමක්... දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල නායකයින් ආදර්ශයට ගන්න. ඔවුන් එක ඡන්දයක් හෝ පැරදුනොත් මොහොතක් වත් නායකත්වයේ රැඳී සිටින්නේ නැත.
කොන්දේසි විරහිතව රනිල් පක්ෂය හැර යා යුතුයි. එජාපයට මෙවන් අභාග්‍යසම්පන්න තත්වයකට අද වැටෙන්න සිදුවූයේ අන්කවරෙක්වත් නිසා නොව ඔහුගේම ප්‍රායෝගික නොවූ හිතුවක්කාර ප්‍රතිපත්ති නිසාමය. ඔහු සැබෑ නායකයකු වශයෙන් කටයුතු කළා නම් මැතිවරණවලදී තරග කිරීමට ආදේෂකයින් පත්කළේ කුමක් නිසාද? අනික ඔහු පක්ෂය වෙනුවෙන් සහ පාක්ෂිකයින් වෙනුවෙන් කල දෙයක් නැත. හැබැයි මහින්ද රාජපක්ෂට අවශ්‍ය ලෙස සියල්ල ඉටු කළේය. රනිල්ගේ මෙම ක්‍රියාවලිය ගෝඨාගේ ආගමනයට ආශිර්වාදයක් විය. උගත් යූඑන්පී පාක්ෂිකයින් නැවත කිසිදා මේ පවතින UNP යට ඡන්දය නොදෙනු ඇත. රනිල්ගේ නාදයට වැඩ සහ වැඩ බැරි පැරදුණු සජිත්ගේ පිලට වඩා සිය දහස් ගුණයක් ගෝඨා ඉදිරියෙන් සිටින බව මතක්කර දිය යුතුව ඇත. මැතිවරණයෙන් පසු මහින්දගේ දූෂිත නඩයෙන් ඈත්ව එළිය සහ වියත්මග කණ්ඩායමත් සමග ගෝඨා අන්කවරදාටත් වඩා හොඳින් රට ඉදිරියට ගෙනයන බව ලියා තැබිය යුතුයි. එසේම ගෝඨා පාලනය යටතේ වැරදිකළ සහ කරන පක්ෂ විපක්ෂ කාටත් නියත වශයෙන්ම අච්චු ලැබෙනු ඇත. UNP යට විපක්ෂයේ භූමිකාව රඟපෑම හැරුණු කොට කළහැකි අන් කිසිවක් නැත.
එහෙම නම් ඡන්ද දායක අපිත් එජාපයට ඡන්දෙ දෙනවද? නැද්ද? කියන එකත් 2022න් පස්සේ සලකලා බලන්නම්..
රනිල් මැතිතුමන් මේ ගේම දෙන්නේ ඔබතුමන්ම විසින් ඉහළට එසවූ අය විසින්මයි. අම්මා, තාත්තා, දූදරුවෝ නොහඳුනන කාලෙක මේ සිදුවීම් ගැන කුමන කතාද?
එළුවා නම් නරියට කාලයක් සීමාවක් දුන්නෙම නෑ. එ්ත් මේ එළුවා බෑ කිව්වොත්... අනේ කාලේ, වනේ වාසේ කිව්වලු...
කුරුඳුවත්තේ හාමු මහත්තයා එහෙම ලේසියෙන් පස්ස ගහන කෙනෙක් නොවෙයි. එ්ක බොලා දැනගත්තොත් හොඳයි.
ඒ කියන්නේ දිගටම මැරෙනකල්ම ඉන්න හිතාගෙනද ඉන්නේ? එහෙම නැතිනම් බොරු ගෝරියක් පෙන්නලා ඡන්ද ප්‍රචාරක වැඩසටහනක්ද?
මැරනකල් ඔහු තමා තීරණ ගන්නේ. හරිම කෑදරයි.
එක්සත් ජාතික පක්ෂය කියන්නේ ඔය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පමණක් නොවෙයි. දැන් මන්ත්‍රීවරුන්ට නායකත්වය වෙනස් කරන්න තියෙන වගේ උනන්දුවක් ඕනෑකමක් තමන් බලයට පත්කළ ජනතාවට සේවයකරන්නත් තිබුනානම් ජනාධිපතිවරණය පරදින්නේ නැහැ. දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන සැලසීම, රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීම, දුම්රිය සේවාව විධිමත්ව පවත්වාගෙන යාම ආදී දේවල්වලට සැලකිල්ලක් දැක්වුයේ නැහැ.