( පුෂ්පකුමාර ජයරත්න )
වෛද්‍ය මෙහොමඩ් සාෆි ෂියාබ්දීන් මහතාට සම්බන්ධ නඩුවේ විශේෂ නඩු භාණ්ඩයක්ව තිබූ ඒ මහතාගේ නිවසේ සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතියේ පටිගත කිරීම් ඇතුළත් දෘඩ තැටි කොටස ජනවාරි 20 දිනට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද(16) සැකකාර වෛද්‍යවරයාට නියෝග කළේය.
පසුගිය වසරේ මැයි 24 වන දින කුරුණෑගල මූලස්ථාන පොලීසිය සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී නඩු භාණ්ඩයක් ලෙස සැකකාර වෛද්‍යවරයාගේ නිවසේ සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතියේ පටිගත කිරීම් සහිත කොටස කුරුණෑගල පොලීසිය බාරයට ගෙන නඩු භාණ්ඩයක් ලෙස නම් කර එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර තිබූ බවද, නමුත් පෙර සිටි නිලධාරියෙක් විසින් එය නැවත වෛද්‍යවරයාටම ලබා දීමේ සිදුවීම් මුල් කරගනිම්න් යළි ඒවා සිය බාරයට ලබා දෙන්නැයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කළ ඉල්ලීමක් අනුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
සැකකාර වෛද්‍යවරයා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු කුරුණෑගල පොලීසියෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගැනීමෙන් පසු සියලුම නඩු භාණ්ඩ සමග ලිපි ලේඛනද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බාරයට ගෙන තිබූ බවද ඒ මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රංජන් ඔක්කොම දේවල් ගබඩා කරගෙන ඉඳලා මෝඩ වුණාට මෙයා එහෙමයි කියල මං නම් හිතන්නේ නෑ.
නඩු භාණ්ඩයක් නැවත චූදිතයාටම බාරදුන් ඒ දූෂිත නිලධාරියා ගැනද නීතිය ක්‍රියාත්මක විය යුතුයි. දැන්නම් ඔය පටිගත කිරීම් වෙනස් කරලා ඇති. කොයිතරම් දූෂිත මිනිසුන්ද රාජකාරියේ යෙදිලා ඉන්නේ...? මේ සේරම පවිත්‍ර කළ යුතුයි.
පරක්කුයි. නිදහසට කරුණු හොයන් ඉවරයි කාලයත් එක්ක. අපරාධකරුවන් නිදහස් වෙන්නේ ඕවා නිසා..
මේ රටේ ඉන්නේ නූගත් මෝඩ ජනතාවක් කියලා පොලිසිය හිතුවද? ඔය හාර්ඩ් ඩිස්ක් එකේ තියන වීඩියෝ ටික දැනටමත් මකලා ඇති... දැන් කට්ටිය පිළිතුරු ලියන්න එපා. මැකුව ඒවා නැවත ගන්න පුළුවන් කියලා... එසේ නැවත ලබාගත නොහැකි ආකාරයට මකන්නත් පුළුවන්. හරි පුදුමයි නඩු භාණ්ඩ අාපහු දෙනවා නම් පාවිච්චි කරන්න. ඔය උසාවිවල දිරදිරා තියන ලී කොටන්, වාහන වගේ දේවල් අාපහු දෙන්න ඒ මිනිසුන්ට අපරාදේ විනාශවෙනවා..
පුදුම වැඩක්......... නඩු භාණ්ඩ නැවත චූදිතයටම භාරදීලා. මුලින්ම අල්ලන්න ඕන ඒ දූෂිත නිලධාරියව. ඊටත් වඩා පුදුම ඒ නඩු භාණ්ඩ නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන්න කියලා ඉල්ලීමක් කළහම බොහොම විවේක පාඩුවේ නියෝගයක් දෙනවා තව 20 වෙනිද වෙනකල් කලුත් දීලා. කරන්න තියෙන්නෙ හැකි ඉක්මනින් ඒවා අත් අඩංගුවට ගැනීම නෙවෙයිද? 20 වනිදා වෙනකොට එහි තිබෙන දේවල් නැවත ලබාගන්න බැරිවෙන්නම වෙනස්කරන්න බැරිවෙයි කියල කාටද කියන්න පුලුවන්. අනේ මන්දා මේව අහනකොට හිතෙනව සමහර අය කැකිල්ලෙ රජ්ජුරුවො ගාව පන්තිවත් ගිහිල්ලවත්ද කියලා.
අබුද්දස්ස කාලේ මොන ගොනාද නඩුවට අදාළ දේවල් හොරාටම දෙන්නේ ?
අර නුවර පැත්තේ පල්ලියකින් අල්ලපු කඩු නැවත දෙන්න හදපු පොලිසිය මේ වගේ දේවල් කරන එක පුදුමයක් නොවේ. දැන් ඉතින් ඒකේ තිබිච්ච දේවල් මකලා දාන්නත් ඇති... නිකම්මත් මැකිලා යනවලුනේ අර රිය අනතුර වෙලාවේ වුණා කියනවා වගේ...
ශාෆි වෛද්‍යවරයට කරන්නේ අසාධාරණයක් වග මෙරට ඉන්න මම අඳුනන වෛද්‍ය වරුන්ගේ මතයයි. සිසේරියන් එකක් කරන අවස්ථාවේ ශල්‍යාගාරය තුල තව වෛද්‍ය කිහිපදෙනෙක් සහ හෙදියන් සිටින අවස්ථාවේ, ඒ සියලුදෙනාගේ ඇස් වහලා ඔය කියන සැත්කම කරන්නේ කොහොමද. මෙම වෛද්‍ය වරයාගේ නඩුව අහන්න ඕනෙ වෛද්‍යවරු නැතුව උසාවියක නොවේ. පරීක්ෂණයකට එන්න කිව්වට කීදෙනාද ගියෙ.