IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


වෛද්‍ය ෂියාබ්දීන්ගේ නිවසේ සී.සී.ටී.වී.දෘඩ තැටිය සී.අයි.ඩීයට දෙන්න’යි නියෝග

( පුෂ්පකුමාර ජයරත්න )

වෛද්‍ය මෙහොමඩ් සාෆි ෂියාබ්දීන් මහතාට සම්බන්ධ නඩුවේ  විශේෂ නඩු භාණ්ඩයක්ව තිබූ  ඒ මහතාගේ නිවසේ සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතියේ පටිගත කිරීම් ඇතුළත් දෘඩ තැටි කොටස ජනවාරි  20 දිනට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද(16)  සැකකාර  වෛද්‍යවරයාට නියෝග කළේය.

 පසුගිය වසරේ මැයි 24 වන දින කුරුණෑගල මූලස්ථාන පොලීසිය සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී  නඩු භාණ්ඩයක් ලෙස සැකකාර වෛද්‍යවරයාගේ නිවසේ සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතියේ පටිගත කිරීම් සහිත කොටස කුරුණෑගල පොලීසිය බාරයට ගෙන නඩු භාණ්ඩයක් ලෙස නම් කර එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර තිබූ බවද, නමුත් පෙර සිටි  නිලධාරියෙක් විසින් එය නැවත වෛද්‍යවරයාටම ලබා දීමේ සිදුවීම් මුල් කරගනිම්න්  යළි ඒවා සිය බාරයට ලබා දෙන්නැයි පවසමින් අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තු නිලධාරීන් කළ ඉල්ලීමක් අනුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
 
සැකකාර වෛද්‍යවරයා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු කුරුණෑගල පොලීසියෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගැනීමෙන් පසු සියලුම නඩු භාණ්ඩ සමග ලිපි ලේඛනද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බාරයට ගෙන තිබූ බවද ඒ මහතා සඳහන් කළේය.



අදහස් (10)

වෛද්‍ය ෂියාබ්දීන්ගේ නිවසේ සී.සී.ටී.වී.දෘඩ තැටිය සී.අයි.ඩීයට දෙන්න’යි නියෝග

Mahee Thursday, 16 January 2020 07:30 AM

රංජන් ඔක්කොම දේවල් ගබඩා කරගෙන ඉඳලා මෝඩ වුණාට මෙයා එහෙමයි කියල මං නම් හිතන්නේ නෑ.

:       9       152

සේන Thursday, 16 January 2020 07:39 AM

නඩු භාණ්ඩයක් නැවත චූදිතයාටම බාරදුන් ඒ දූෂිත නිලධාරියා ගැනද නීතිය ක්‍රියාත්මක විය යුතුයි. දැන්නම් ඔය පටිගත කිරීම් වෙනස් කරලා ඇති. කොයිතරම් දූෂිත මිනිසුන්ද රාජකාරියේ යෙදිලා ඉන්නේ...? මේ සේරම පවිත්‍ර කළ යුතුයි.

:       0       282

Viraj Thursday, 16 January 2020 08:16 AM

පරක්කුයි. නිදහසට කරුණු හොයන් ඉවරයි කාලයත් එක්ක. අපරාධකරුවන් නිදහස් වෙන්නේ ඕවා නිසා..

:       11       111

Nuwan Thursday, 16 January 2020 08:24 AM

මේ රටේ ඉන්නේ නූගත් මෝඩ ජනතාවක් කියලා පොලිසිය හිතුවද? ඔය හාර්ඩ් ඩිස්ක් එකේ තියන වීඩියෝ ටික දැනටමත් මකලා ඇති... දැන් කට්ටිය පිළිතුරු ලියන්න එපා. මැකුව ඒවා නැවත ගන්න පුළුවන් කියලා... එසේ නැවත ලබාගත නොහැකි ආකාරයට මකන්නත් පුළුවන්. හරි පුදුමයි නඩු භාණ්ඩ අාපහු දෙනවා නම් පාවිච්චි කරන්න. ඔය උසාවිවල දිරදිරා තියන ලී කොටන්, වාහන වගේ දේවල් අාපහු දෙන්න ඒ මිනිසුන්ට අපරාදේ විනාශවෙනවා..

:       0       179

GuneThursday, 16 January 2020 09:16 AM

නුවන් ඔබ අහනවා "මේ රටේ ඉන්නේ නූගත් මෝඩ ජනතාවක් කියලා පොලිසිය හිතුවද" කියලා. උත්තරය "ඔව්". මේ නඩුවේ අන්තිම දවස් ටිකේ නීතිපතිගේ කට්ටියයි, ශානිගේ කට්ටියයි අධිකරණයේදී කියපු දේවල් බෝහෝ දෙනෙකුට මතක ඇති. නඩුවක් පවරන්න සාක්ෂි නැහැ කියලයි කිව්වේ. ඒ අනුව බඩු ආපහු දුන්නා. දැන් අපිට කොලේ වහලා පොඩි ඇස්බැන්දුමක් දාන්නයි යන්නේ. ඇයි? "මේ රටේ ඉන්නේ නූගත්, මෝඩ ජනතාවක් කියලා පොලිසිය හිතන නිසා"...

:       0       169

Jaya Thursday, 16 January 2020 09:50 AM

පුදුම වැඩක්......... නඩු භාණ්ඩ නැවත චූදිතයටම භාරදීලා. මුලින්ම අල්ලන්න ඕන ඒ දූෂිත නිලධාරියව. ඊටත් වඩා පුදුම ඒ නඩු භාණ්ඩ නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන්න කියලා ඉල්ලීමක් කළහම බොහොම විවේක පාඩුවේ නියෝගයක් දෙනවා තව 20 වෙනිද වෙනකල් කලුත් දීලා. කරන්න තියෙන්නෙ හැකි ඉක්මනින් ඒවා අත් අඩංගුවට ගැනීම නෙවෙයිද? 20 වනිදා වෙනකොට එහි තිබෙන දේවල් නැවත ලබාගන්න බැරිවෙන්නම වෙනස්කරන්න බැරිවෙයි කියල කාටද කියන්න පුලුවන්. අනේ මන්දා මේව අහනකොට හිතෙනව සමහර අය කැකිල්ලෙ රජ්ජුරුවො ගාව පන්තිවත් ගිහිල්ලවත්ද කියලා.

:       0       194

beau Thursday, 16 January 2020 10:02 AM

අබුද්දස්ස කාලේ මොන ගොනාද නඩුවට අදාළ දේවල් හොරාටම දෙන්නේ ?

:       0       148

Aris Thursday, 16 January 2020 10:37 AM

අර නුවර පැත්තේ පල්ලියකින් අල්ලපු කඩු නැවත දෙන්න හදපු පොලිසිය මේ වගේ දේවල් කරන එක පුදුමයක් නොවේ. දැන් ඉතින් ඒකේ තිබිච්ච දේවල් මකලා දාන්නත් ඇති... නිකම්මත් මැකිලා යනවලුනේ අර රිය අනතුර වෙලාවේ වුණා කියනවා වගේ...

:       10       158

AmarapaalaFriday, 17 January 2020 04:56 AM

ගෝඨාභය මහත්තයා ආපු ගමන් ඔක්කොම නඩු තීන්දු රිවර්ස් වෙනවා වගේ ....හෙහ් හෙහ්

:       0       4

Kumar Friday, 17 January 2020 02:55 AM

ශාෆි වෛද්‍යවරයට කරන්නේ අසාධාරණයක් වග මෙරට ඉන්න මම අඳුනන වෛද්‍ය වරුන්ගේ මතයයි. සිසේරියන් එකක් කරන අවස්ථාවේ ශල්‍යාගාරය තුල තව වෛද්‍ය කිහිපදෙනෙක් සහ හෙදියන් සිටින අවස්ථාවේ, ඒ සියලුදෙනාගේ ඇස් වහලා ඔය කියන සැත්කම කරන්නේ කොහොමද. මෙම වෛද්‍ය වරයාගේ නඩුව අහන්න ඕනෙ වෛද්‍යවරු නැතුව උසාවියක නොවේ. පරීක්ෂණයකට එන්න කිව්වට කීදෙනාද ගියෙ.

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 384 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site