හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමට පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කර ඇතැයි නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.
පක්ෂයේ තීරණවලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවට පක්ෂ මහලේකම්වරයා අද පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාෂිකාවද වේ
COMMENTS
රන්ජන් රාමනායක සහ විමුක්ති පුතා සමඟින් නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් හදන්න. එ.ජා. පක්ෂය පස්සේ යනවාට වඩා එයට අනාගතයක් වගේම නම්බුවකුත් තිබෙනවා. ශ්‍රී ලංකා නි.ප. විනාශ කිරීමේ වගකීම මහින්ද, මෛත්‍රීපාල වගේම මෙතුමියත් වගකිව යුතුයි. පැරණි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පොහොට්ටුවටවත්, එ.ජා. පක්ෂයටවත් කැමති නැත. ශ්‍රී ලංකාවේ සිටින අසරණම පාක්ෂිකයින් ඔවුන්ය.
අනේ පව් අප්පා අත්තනගල්ලේ කුමාරිහාමි, දෙමාපියන් දෙන්නගේ නමත් කෑවා, අපේ රටත් කෑවා. රටේ බලයේ හිටිය කට්ටිය බලය අතහැරලා පැත්තකට වෙලා ඉන්න බැරි හේතුව මොකද කියලා රටේ ජනතාව වන අපි ඒ ගැන දෙසැරයක් නෙමෙයි සියක් වාරයක් සිතිය යුතුයි. මේවායේ හිටිය කට්ටියම දන්නවා මේකෙ තියෙන රස මොකක්ද කියලා...? මේ ඔක්කොම ඉන්නේ රටේ ජනතාව වන අපිට ආදරයට නෙමෙයි. බල තණ්හාවටයි.
ඉත්තෑවාගේ ගේ කැබැල්ලෑවා අල්ලා ගත්තා කියනවලු...
එහෙමනම් පක්ෂයේ තීරණ වලට පටහැනිව වැඩ කරපු අය තව ඕන හැටියේ ඉන්නේ?
අම්මෝ අපිටත් එයාව එපා. එයා එජාපයට හොඳයි.
මෙතුමිය ඉතින් රටෙත් නෑනේ. ඉඳලා හිටලා දුවගෙන එනවා රටට විනයක් කටින්න බලාගෙන. පුදුම ද්‍රෝහී මානසිකත්වයකින් තමයි පෙළෙන්නේ...
මොනවා වුණත් පක්ෂය වෙනුවෙන් ජීවිත දුන්නු අය...
මොනවා වුණත් පක්ෂය වෙනුවෙන් ජීවිතය දුන්නු අය...
චන්ද්‍රිකාගේ දේශපාලනික හැසිරීම පක්ෂ නායිකාවකට කොහෙත්ම ගැලපුනේ නැහැ. වතාවක් කඩාගෙන ගිහින් වෙන පක්ෂයක් පිහිටෙව්වා. නායකත්ව ගුණාංග කිසිවක් ඇයට තිබුනේ නැහැ. දෙමව්පියන්ගේ පරම්පරා නාමය පමණයි තිබුනේ. ඉතින් පාක්ෂිකයින් කොහොමද එකහිතින් තමන්ගේ නායිකාව කියලා වටේ රොක් වෙන්නේ? බණ්ඩාරනායක යුවලගෙන් පසු පක්ෂය ජෝකරයන් අතට පත්වුණා. අදටත් චන්ද්‍රිකා එලෙව්වා කියලා පක්ෂය ගොඩගන්න තරම් පෞරුෂයක් ඇති නායකයෙක්, ජනතාවගේ ආදරය දිනාගත් නායකයෙක් දැන් පක්ෂයේ නැහැ.
ක්‍රෝධය හා වචන හැසිරවීමේ නොමණා පිළිවෙත නිසා අන්තිමට මේ ඇය ලබාගත් ප්‍රතිඵලයි.
සිරිසේනගේ ගතිය මෙයින් මොනවට ප්‍රදර්ශනය කර තිබෙන්නේ අන් කිසිවක් නිසා නොව එදා සිරිසේන ශ්‍රීලනිපයේ තීන්දුවට පිටුපා එජාපය සමග එක්ව ජනාධිපති කිරීමට මුල් වූයේ අන් කිසිවෙක් නොව චන්ද්‍රිකා නිසායි. සිරිසේන සහ දයාසිරි යන දෙදෙනාම ශ්‍රීලනිපයේ තීන්දුවලට පිටුපා එජාපය සමග එක්ව ක්‍රියා කළ දෙදෙනෙකි. සිරිසේන ජනාධිපති වී ශ්‍රීලනිපයේ නායකත්වය ගැනීමෙන් පසු ශ්‍රීලනිපය එජාපය සමග සම්මුති ආණ්ඩුවකට යෑමේ තීන්දුවට පිටුපා වෙනම පක්ෂයක් හදාගෙන ක්‍රියා කළ මහින්ද රාජපක්ෂ ඇතුළු එදා තමන් යටතේ සිටි මන්ත්‍රීවරුන්ට එරෙහිව සිරිසේන අබ මල් රේණුවක විනය ක්‍රියාමාර්ගයක් නොගෙන අද චන්ද්‍රිකාට එරෙහිව ක්‍රියා කිරීම යනු පහත්ගතිය හැර අන් කිසිවක් නොවේ.
ශ්‍රීලනිපය මේ පාර ඉවරටම ඉවරයි.