IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කසළ කන්දේ දුමාරයක්: පාසලක්-පෙර පාසල් 2 ක් වහයි

(එම්. කේ. නන්දසේන)

කතරගම වැඩිහිටිකන්ද පාමුල කසළ කන්දකට කිසියම් පිරිසක් ගිනි තැබීමෙන් නිකුත් වූ අහිතකර දුමාරය හේතුවෙන් ඒ ආසන්නයේ පිහිටි දෙටගමුව විදුහල සහ පෙරපාසල් දෙකක් අද(21) වසා දැමීමට පියවර ගෙන තිබේ.

ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ උපදෙස් මත පාසලේ විදුහල්පතිවරයා සහ පෙරපාසල් බලධාරීන් මෙම පියවර ගෙන ඇත.

මෙම කසළ කන්දේ දුමාරය පිළිඳව දැන, එය පරීක්ෂා කිරීමට ගිය නිලධාරීන් පවා ක්ලාන්ත වී තිබිණි.

වැඩිහිටිකන්ද පාමුල, තේක්ක රක්ෂිතය සීමාවේ අනවසරයෙන් බැහැර කර තිබූ කසළ කන්දට ඊයේ(20) රාත්‍රියේ පිරිසක් ගිනිතැබීම හේතුවෙන් අද උදෑසන පටන් අධික දුමාරයක් සහ ඉටි පිළිස්සෙන දුර්ගන්ධයක් නිකුත්වෙමින් තිබිණි. මේ සම්බන්ධයෙන් විමසිලිමත් වූ ජනතාව කතරගම පොලිසියට සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට දැනුම් දී ඇත.

කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල් රංගන මහතා ජල බවුසර් දෙකක් සමග සේවකයින් පිරිසක් එම ස්ථානය වෙත යවා ගින්න නිවාදැමීමට පියවර ගෙන තිබුණි.

ඉකුත් 11 වැනිදා කතරගම ප්‍රදේශයට හොරණ කර්මාන්ත ශාලාවකින් බැහැර කළ අපද්‍රව්‍ය රැගත් ලොරි පැමිණි බවත්, කසළ ගොඩබෑමට පැමිණි ලොරි රථවලට ග්‍රාම නිලධාරිනිය සහ ප්‍රදේශවාසීන් විරෝධය දැක්වීම මත රියදුරන් කතරගම පොලිසිය අත්අඩංගුවට ගත් බවත් කතරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා කීය.

එයින් එක් ලොරියක් කසළ  එම ස්ථානයට බැහැර කර පිටව යාමත් සමඟ ම අත්අඩංගුවට ගත් බවත්, මෙම කසළ එම රථයෙන් බැහැර කළ කසළ බවත් ඔහු පැවසීය.
 
මෙම ලොරි රථ දෙකෙහි රියදුරු දෙදෙනා සහ සහායකයා තිස්සමහාරාම අධිකරණය හමුවට පැමිණවිමෙන් පසු ඇප මත මුදාහැර තිබූ බවද, එම කුණු කසළවල සාම්පල හෙට(22) අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතව තිබූ බවද ඔහු කීය.

කතරගම සෞඛ්‍ය කාර්යාලය විසින් තණමල්විල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ බුද්ධික කරුණාරත්න මහතාට මේ සම්බන්ධයෙන් දැනුම් දී තිබූ අතර, ඒ මහතා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට කළ දැනුම්දීමකට අනුව පාසල වසා දැමීමට උපදෙස් දී ඇත.



අදහස් (5)

කසළ කන්දේ දුමාරයක්: පාසලක්-පෙර පාසල් 2 ක් වහයි

දිමුත් Tuesday, 21 January 2020 09:16 AM

මහ මෝඩ මිනිස්සු. පරිසරය දූෂණය වෙලා මිනිස්සු ලෙඩ වෙනවා කියලා දන්නැද්ද?

:       0       12

රවින් Tuesday, 21 January 2020 09:29 AM

ඉක්මනින්ම හොයලා බලලා ඔය වැඩේ පිටිපස්සේ ඉන්න කට්ටියව කසළ ගිනිගන්නා ස්ථානයට ඉතාම ආසන්නව රඳවා තබන්න. උසාවියෙත් කාලය ඉතුරුයි. දඬුවමත් උපරිමයෙන්.

:       1       10

Nimal ... Tuesday, 21 January 2020 09:42 AM

අවුරුදු 72 ක් රට පාලනය කළා. කුණු ටික ක්‍රමාණුකූලව ඉවත් කර ගන්න බෑ. ඒ උනාට කතාව නම් ඩිජිටල් යුගයකට යන්න. අනේ හනිච්චන්. ඔය 225 ආඬි 7 දෙනෙකුටවත් දුන්නානම් හොඳ නැද්ද ?

:       0       5

athuraWednesday, 22 January 2020 04:25 AM

ඔතන 225 ට තව එකක් එකතු කල යුතුයි.

:       0       0

Kumar Tuesday, 21 January 2020 05:54 PM

කුණු කඳුවල ගිනි ඇතිවෙන එක ස්වභාවික දෙයක්. මෙවැනි කුණු කඳු තුල සිටින බැක්ටෙරියා වර්ග මීතෙන් වායුව නිපදවන අතර ඒ හේතුවෙන් අධික උෂ්ණත්වයක් ඇතිවෙනවා. ගිනි ඇවිලෙන්නේ අධික උෂ්ණත්වය නිසයි. එම වායුව මුලුකන්ද තුලම පැතිර ඇති නිසා වතුර දමල නිවන්න හැකි ගින්නක් නොවේ. දැන් ගිනි ඇවිලී ඇත්තේ වායුවට මිසක් කසල වලට නොවේ.

:       6       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site