IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


රන්ජන්ට බන්ධනාගාර නිලධාරීන්ගෙන් අවවාද

( ජයන්ත සමරකෝන්)
 රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන  පාර්ලිමේන්තු  මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට මැගසින් බන්ධනාගාර නිලධාරීන්  අවවාද කර ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

 බන්ධනාගාරය තුළදී ඒ ආඥාපනතට  අනුව හැසිරීමටත්  නිලධාරීන් සමඟ කටයුතු කිරීමේදී එහි  ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙස  ඔහුට අවවාද කර ඇතැයි ද දැනගන්නට ඇත.

 මන්ත්‍රීවරයාගේ සුව දුක් විමසීම සඳහා ඊයේ ( 18)   එහි ගිය පිරිසක් ඇද ඇතිරිලි දෙකක් එකට එක් කර සකස් කරන ලද මෙට්ටයක්  වැනි උපකරණයක් ලබා දීමට තැත් කළද එය නිලධාරීන් විසින් වළක්වා ඇතැයිද  කියති.

ඒ අනුව ඔවුහු ඒවා නැවත රැගෙන විත් තිබේ. මන්ත්‍රීවරයා මේ වන විට මැගසීන් බන්ධනාගාරයේ ‘ජී‘ වාට්ටුවේ රඳවා සිටි.
එළැඹෙන 29 වැනි දින ඔහු යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
 
 



අදහස් (20)

රන්ජන්ට බන්ධනාගාර නිලධාරීන්ගෙන් අවවාද

rana Sunday, 19 January 2020 05:12 AM

සිර ගෙදර වෙන දේ කියවන කොට රන්ජන්ගේ ජිවිතයට අනතුරක්දෝ සිතේ ?

:       2047       2625

Warnakulasuriya Sunday, 19 January 2020 08:30 AM

ඉතිහාසය ගැන බලන විට එම සිතුවිල්ල නිවැරදියි. බොහෝ දෙනා ඒ ගැන සැක කරනවා. ඉවසීමෙන් කටයුතු කීරීමට අපි රංජන්ට කියමු.

:       168       266

samanSunday, 19 January 2020 09:11 AM

බන්ධනාගාර තුළ ඊට අදාළ නීතිරීති ඇත. ඒවාට අනුකූල වීම සාමාන්‍ය දෙයක්. තේරුම් නොගෙන මෙතන බොරුවට අඬලා වැඩක් නෑ.

:       290       715

Warnakulasuriya Sunday, 19 January 2020 10:53 AM

සමන්, බන්ධනාගාර නීතිවලට අනුකූලව වෙන්න ඇති නේද මීට ඉහත කලකදි හමුදාවෙන් ඇවිත් විශාල පිරිසක් නිරපරාදේ ඝාතනය කළේ..? තව නීතියට අනුකූලව වෙන්න ඇති පසුගිය කාලේ අත්අඩංගුවට පත්වූවන් ආයුධ පෙන්වන්න ගිහින් මරණයට පත්වුනේ.. දැනට සිරගතව සිටින රංජන්ගේ ප්‍රධාන සතුරාට රාජ්‍ය අනුග්‍රහය ලැබෙමින් පවතින මොහොතක අසරණ රංජාට දෙවියන්ගේම පිහිටයි! අපිට කණගාටු රංජන්ට ක්‍රියාත්මක අදාළ නීතිරීති බොහෝ අයට ක්‍රියාත්මක නැති එකයි.

:       882       980

janahitha Monday, 20 January 2020 04:40 AM

හමුදාවෙන් ඇවිත් විශාල පිරිසක් නිරපරාදේ ඝාතනය කළේ.. ඔවුන් බොහොමයක් මිනීමරුවන් මරණ දණ්ඩනය නියමකළ පිරිසක් අවි ආයුධ ඔවුන්ට ලබාදුන්නේ වැලිකඩ නියාමකයන් ඔවුන් ප්‍රහාර එල්ල කළ හමුදාව ඇවිත් ප්‍රතිප්‍රහාර දුන්න මරණ දඬුවම ක්‍රියාත්මක කළා වැඩේ හරි හෝ වැරදි වුණත් රටේ අපරාධත් පාලනය වුණා අද ඉන්දියාවත් අපි අනුගමනය කරනවා...

:       60       136

fernandoSunday, 19 January 2020 01:41 PM

රන්ජන්ට අනතුරක් කළොත්... ඒ කරපු කෙනාගේ පවුල්වල ඉඳලාම ගෙවන්න සිදුවේවි..!!!

:       195       194

ලුම්බිණි Sunday, 19 January 2020 05:15 AM

බන්ධනාගාරයේ සුව පහසුකම් හැමෝටම ලැබෙන්නේ නැහැ. ඒවා ලැබෙන්නේ මොන මොන වගේ කට්ටියටද කියල අපි දන්නවානේ.

:       256       957

Amula Sunday, 19 January 2020 06:28 AM

ඒ කෙසේ වෙතත් අපේ රට ගොඩාක් පිරිහිලා. අපේ උගත් යැයි සැළකෙන ජනතාව, අගමැතිලා ඇමතිලා ගොඩක් විදෙස් රටවලට යනවා. ඒ රටවල්වල ජීවත් වෙනවා. ඇයි මිනිසුන්ට බැරි මේ ක්‍රමේ වෙනස් කරන්න? මේ ඔක්කොම දේශපාලන මායාවල්.......

:       1       133

Asela Sunday, 19 January 2020 07:16 AM

රිමාන්ඩ් බන්ධනාගාරය කියන්නේ වැරදි කරපු අයට දඩුවම් ලබා දෙන තැනක් නොවේ. සැකකරුවන් ඇප ලැබෙනතුරු රදවා තබා ගන්නා තැනක් පමණයි. ඉතින් ඇයි ඔවුන්ට මෙට්ටයක ,පැදුරක, හෝ අඩුගානේ රෙද්දක් එලාගෙනවත් නිදාගන්න දෙන්නේ නැත්තේ ? කවුරු හරි හේතුව කියනවද ?

:       27       556

චන්දදාසSunday, 19 January 2020 01:22 PM

අසේල මහතාගේ කථාව සියයට සියයක් හරි මේ මන්ත්‍රීතුමා දැනට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේය. මෙතෙක් ඔහු වරදක් කළ බව ඔප්පුවීද නැත. මෙය කිසිවෙකුගේ හෝ පළිගැනීමක් විය හැකිය. එසේ මෙතුමා දැනටත් ජනතා වරමින් මන්ත්‍රී තනතුරක් දරණ කෙනෙකි.

:       16       243

jim kuruMonday, 20 January 2020 01:17 AM

මතකනේ ජෙනරාල් සරත් ෆොන්සේකාට වූන දේ...

:       1       36

lankaMonday, 20 January 2020 08:54 AM

ඇයි නීති අංශවල කට්ටියට ඔබට වගේ මේ ගැන කල්පනා නොවන්නේ කියන එක ප්‍රශ්නයක්. ඕනෑම කෙනෙක්ව සැකයට අත්අඩංගුවට ගන්න පුළුවන්... එහෙම වුණාම දඬුවම් විඳින වරදකරුවන්ට වගේ සලකන්න පුළුවන්ද? මේ අවස්ථාවේ කරන්න තියෙන්නේ රන්ජන්ගේ බඩු මුට්ටු නඩු භාණ්ඩ ලෙස අධිකරණය බාරේ තියාගෙන ඔහුව එළියට දාන එකයි. කොහොමත් අධිකරණයේ හැටි මේ මුළු ලංකාවම දන්නවා. නොදියුණු නූගත් රටවල වගේ නෙමෙයි, ගොඩක් දියුණු රටවල්වල හරියටම සාක්කි එකතු කරන තෙක් කෙනෙක්ව අත්අඩංගුවට ගන්නෙත් නැහැ. ගන්නත් බැහැ. මේවා ලංකාවේ නීති අංශ දන්නේ නැද්ද?

:       0       15

Sudu Sunday, 19 January 2020 08:18 AM

තවත් සුනාමියක්......

:       3       5

Nimal Sunday, 19 January 2020 09:42 AM

කූඩුවේ දාන්න තරම්වත් වටින්නේ නැහැ..

:       159       4

Siyama Sunday, 19 January 2020 12:14 PM

පව් අප්පා අවසරයක් අරන් අමාරු කෙනෙක් ඉන්නවා නම් ගෙදර ගෙනිහින් තියාගන්න...

:       91       86

" සත්‍ය "Sunday, 19 January 2020 01:39 PM

අපි ඔක්කෝටම අමාරු තමයි.. රන්ජන්ගේ හඬ පටි නිසා තමයි.. මේ රට මොනතරම් ජරාවෙලා... කුණුවෙලා.. ඕජස් ගලන තුවාලයක් බවට පත්වෙලාද කියලා සාක්ෂි ඇතිවම ඔප්පු වුනේ. අනික පිටරටවල සහ වෙනත් තැන්වල තියලා තියෙන "නියම පටි" එළියට ආවොත් ඔය සුදෝසුදු රෙදි ඇඳන් දියවන්නාවේ ගව ගාලේ ඉඳන් රට කන හොර රැළගේ "නිරුවත" එළිවේවි... එදාට රන්ජා රජෙක් කියලා රටේ බහුතරයක් පිළිගනීවි.

:       460       672

ශිරෝ Monday, 20 January 2020 07:43 AM

රංජන් රජෙක් වන්නේ ඔහු වැනිම විකෘති වූ මනසක් ඇති අසභ්‍ය හැසිරීම් රටාවක් ඇති මිනිසෙකුට පමණයි. ඔහුගේ තිරශ්චීන ගති පැවතුම් අමතක කළද අප විසින් මතක් කරගත යුතු වන්නේ, ඔහු මේ සියල්ල පටිගත කරන්නේත් ඒවා සුරක්ෂිතව ළඟ තබා ගන්නේත් සාමාන්‍ය ජනතාවගේ යහපත සඳහා නොවන බවත් අවස්ථාවාදී ලෙස ඔහුට ප්‍රයෝජනය ලබා ගැනීම සඳහා බවත්ය. මේ හඬපට හරහා ඔහු ඒ වනවිටත් යම්යම් පුද්ගලයන්ගෙන් බිය ගන්වා කප්පම් ලබාගන්නටද ඇතිබව ඔහුගේ හඬපටයක ඇති දෙබසකින් තේරුම්ගත හැක. ඔහුට, ඔහුගේ දේශපාලන පක්ෂයට, ඔහුගේ හිතවතුන්ට අවශ්‍ය ලෙස නීතියට අතපොවා ඇති අතර බිය වැද්දීම් හා තර්ජනය කිරීම් හරහා ඔහුට අවශ්‍ය දේ සිදුකරගෙන ඇත. එමෙන්ම අද කාලයේ ගමේ ගැහැණියකවත් නොසොයනා ලෙස අනුන්ගේ කුණු කන්දල් හා අතිශය පුද්ගලික කාරණා හාර හාරා අසා දැනගැනීමේ ආසාවකින් ඔහු පෙළී ඇත. කිසිවෙකු විසින් ඔහුගේ හඬපට පරීක්ෂා කිරීමක් සිදු නොකරන්නට අදටත් ඔහු රහසේ නීතියට අතපොවමින්, බිය වද්දමින්, තමන්ගේ සහ සහචරයන් කටයුතු සිදුකරමින් රටටද වින කටිමින් සිටිනු ඇත.

:       221       106

මෝ Monday, 20 January 2020 01:26 PM

මතකයි නේද හාමුදුරුවන්ටත් ජම්පරේ ඇන්දුවා.

:       1       15

gamekolla Thursday, 23 January 2020 06:27 AM

ඔව් මතකයි ඊයේ පෙරේදා හාමුදුරුවන්ට වෙඩි තිබ්බ නිරපරාදේ. ඒවගේම හාමුදුරුකෙනෙක් කොල්ලෙක් මැරුවා නිරපරාදේ වාහනේට හප්පලා. මේවා දකින්නද බලන්නද ඡන්දෙ දුන්නේ? ආණ්ඩුව පාන්ඩුව වෙලා.

:       0       0

Nana Wednesday, 22 January 2020 04:03 PM

හරිම දුකක් දැනේ අපේ රට ගැන. තමන් වෙනුවෙන් ජීවිතය පරදුවට තබා සටන් කල මිනිහෙක් ගැන වැරදි ලියන රටක් මේක..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 384 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site