( ජයන්ත සමරකෝන්)
රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට මැගසින් බන්ධනාගාර නිලධාරීන් අවවාද කර ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
බන්ධනාගාරය තුළදී ඒ ආඥාපනතට අනුව හැසිරීමටත් නිලධාරීන් සමඟ කටයුතු කිරීමේදී එහි ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙස ඔහුට අවවාද කර ඇතැයි ද දැනගන්නට ඇත.
මන්ත්‍රීවරයාගේ සුව දුක් විමසීම සඳහා ඊයේ ( 18) එහි ගිය පිරිසක් ඇද ඇතිරිලි දෙකක් එකට එක් කර සකස් කරන ලද මෙට්ටයක් වැනි උපකරණයක් ලබා දීමට තැත් කළද එය නිලධාරීන් විසින් වළක්වා ඇතැයිද කියති.
ඒ අනුව ඔවුහු ඒවා නැවත රැගෙන විත් තිබේ. මන්ත්‍රීවරයා මේ වන විට මැගසීන් බන්ධනාගාරයේ ‘ජී‘ වාට්ටුවේ රඳවා සිටි.
එළැඹෙන 29 වැනි දින ඔහු යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිර ගෙදර වෙන දේ කියවන කොට රන්ජන්ගේ ජිවිතයට අනතුරක්දෝ සිතේ ?
බන්ධනාගාරයේ සුව පහසුකම් හැමෝටම ලැබෙන්නේ නැහැ. ඒවා ලැබෙන්නේ මොන මොන වගේ කට්ටියටද කියල අපි දන්නවානේ.
ඒ කෙසේ වෙතත් අපේ රට ගොඩාක් පිරිහිලා. අපේ උගත් යැයි සැළකෙන ජනතාව, අගමැතිලා ඇමතිලා ගොඩක් විදෙස් රටවලට යනවා. ඒ රටවල්වල ජීවත් වෙනවා. ඇයි මිනිසුන්ට බැරි මේ ක්‍රමේ වෙනස් කරන්න? මේ ඔක්කොම දේශපාලන මායාවල්.......
රිමාන්ඩ් බන්ධනාගාරය කියන්නේ වැරදි කරපු අයට දඩුවම් ලබා දෙන තැනක් නොවේ. සැකකරුවන් ඇප ලැබෙනතුරු රදවා තබා ගන්නා තැනක් පමණයි. ඉතින් ඇයි ඔවුන්ට මෙට්ටයක ,පැදුරක, හෝ අඩුගානේ රෙද්දක් එලාගෙනවත් නිදාගන්න දෙන්නේ නැත්තේ ? කවුරු හරි හේතුව කියනවද ?
තවත් සුනාමියක්......
කූඩුවේ දාන්න තරම්වත් වටින්නේ නැහැ..
පව් අප්පා අවසරයක් අරන් අමාරු කෙනෙක් ඉන්නවා නම් ගෙදර ගෙනිහින් තියාගන්න...
රංජන් රජෙක් වන්නේ ඔහු වැනිම විකෘති වූ මනසක් ඇති අසභ්‍ය හැසිරීම් රටාවක් ඇති මිනිසෙකුට පමණයි. ඔහුගේ තිරශ්චීන ගති පැවතුම් අමතක කළද අප විසින් මතක් කරගත යුතු වන්නේ, ඔහු මේ සියල්ල පටිගත කරන්නේත් ඒවා සුරක්ෂිතව ළඟ තබා ගන්නේත් සාමාන්‍ය ජනතාවගේ යහපත සඳහා නොවන බවත් අවස්ථාවාදී ලෙස ඔහුට ප්‍රයෝජනය ලබා ගැනීම සඳහා බවත්ය. මේ හඬපට හරහා ඔහු ඒ වනවිටත් යම්යම් පුද්ගලයන්ගෙන් බිය ගන්වා කප්පම් ලබාගන්නටද ඇතිබව ඔහුගේ හඬපටයක ඇති දෙබසකින් තේරුම්ගත හැක. ඔහුට, ඔහුගේ දේශපාලන පක්ෂයට, ඔහුගේ හිතවතුන්ට අවශ්‍ය ලෙස නීතියට අතපොවා ඇති අතර බිය වැද්දීම් හා තර්ජනය කිරීම් හරහා ඔහුට අවශ්‍ය දේ සිදුකරගෙන ඇත. එමෙන්ම අද කාලයේ ගමේ ගැහැණියකවත් නොසොයනා ලෙස අනුන්ගේ කුණු කන්දල් හා අතිශය පුද්ගලික කාරණා හාර හාරා අසා දැනගැනීමේ ආසාවකින් ඔහු පෙළී ඇත. කිසිවෙකු විසින් ඔහුගේ හඬපට පරීක්ෂා කිරීමක් සිදු නොකරන්නට අදටත් ඔහු රහසේ නීතියට අතපොවමින්, බිය වද්දමින්, තමන්ගේ සහ සහචරයන් කටයුතු සිදුකරමින් රටටද වින කටිමින් සිටිනු ඇත.
මතකයි නේද හාමුදුරුවන්ටත් ජම්පරේ ඇන්දුවා.
හරිම දුකක් දැනේ අපේ රට ගැන. තමන් වෙනුවෙන් ජීවිතය පරදුවට තබා සටන් කල මිනිහෙක් ගැන වැරදි ලියන රටක් මේක..