(මනෝප‍්‍රිය ගුණසේකර)
පාර්ලිමෙන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා සමඟ එක්වී බොරු සාක්කි සෑදීම සඳහා කුමන්ත‍්‍රණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇඹිලපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය මහතාට එරෙහිව වරෙන්තුවක් ලබාගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙස නීතීපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්‍ෂවරයාට අද (23) නියම කළේය.
පාර්ලිමෙන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතාගේ හඬපට වලින් අනාවරණය වන අන්දමට රන්ජන් රාමනායක මහතා අධිකරණ විනිසුරුවරුන්ගේ කටයුතු වලට මැදිහත් වන බවක් පෙනෙන්නට ඇති බවත් විනිසුරු ගිහාන් පිළපිටිය මහතා රන්ජන් රාමනායක මහතා සමඟ එක්ව බොරු සාක්කි සෑදීම සඳහා කුමන්ත‍්‍රණය කළ බව විමර්ශන වාර්තා අනුව පෙනී යන හෙයින් නීතීපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාට එලෙස නියම කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමෙන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතාට සහ විනිසුරු ගිහාන් පිළපිටිය මහතාට එරෙහිව වෙනම නඩු කටයුත්තක් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසද නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාට උපදෙස් ලබාදී ඇති බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත්කළ විමර්ශන උධෘත හඬපට හා කරන ලද සාකච්ඡාවලදී ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගැනීමෙන් අනතුරව නීතීපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාට එලෙස උපදෙස් ලබාදී ඇතැයි පැවසු රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර විනිසුරු ගිහාන් පිළපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙසද නීතීපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාට වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමෙන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා අධිකරණ විනිසුරුවරුන් ඔවුන්ගේ බලතල ක‍්‍රියාත්මක කිරීමේදී හෝ කර්ත්‍යවය ඉටු කිරීමේදී නීත්‍යානුකූල බලයක් නොමැතිව ඔවුන්ගේ කටයුතු වලට බලපෑමක් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ (17 වැනි වැනි සංශෝධනයේ ) 111 (ඈ) 02 වැනි උප වගන්තියට ඇති විධිවිධානයන් යටතේද විනිසුරු ගිහාන් පිළපිටිය මහතා දණ්ඩ නීතී සංග‍්‍රහයේ 190 වැනි වගන්තිය යටතේද වැරදි කොට ඇති බවට කරුණු අනාවරණය වන බව නීතීපතිවරයාගේ මතය වී ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළාය.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමෙන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා සහ විනිසුරු ගිහාන් පිළපිටිය මහතාට එරෙහිව අලුතින් නඩුවක් ආරම්භ කරන ලෙසද ඔවුන් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තුවක් ලබාගැනීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසටද උපදෙස් ලබාදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගැන කලින් ලියන්න වෙලා තිබ්බේ නැහැ. නීතිපති කරලා තියෙන මේ නියෝගය සම්පූර්ණයෙන්ම වැරදියි. නීතිපතිට බලයක් නැහැ හිටපු හෝ ඉන්න නඩුකාරයෙක්ව අත්අඩංගුවට ගන්න හෝ ඔහුගෙන් ප්‍රකාශයක් ගන්න කියලා පොලිසියට ඕඩරයක් දෙන්න. කොහේ තියෙන නීතියක්ද මේ? නීතිපති කියන්නේ ස්වාධීන පුද්ගලයෙක් නෙමෙයි. ඔහු රජයේ නීති උපදේශක. පුද්ගලයාගේ ස්වභාවය අනුව රජයට නීති උපදෙස් දෙනවා වෙනුවට ඔහු රජයෙන් කියන දේ කරන කෙනෙක් වෙන්න පුළුවන්. මේ නියෝග සම්පූර්ණයෙන්ම වැරදියි. නඩුකාරයෙක් ගැන කිසියම් ප්‍රශ්නයක් තියෙනවා නම් නීතිපතිට පුළුවන් ඒ ගැන පරීක්ෂණයක් කරන්න විතරයි. පොලිස්කාරයින්ට බැහැ නඩුකාරයෙක්ගෙන් ප්‍රශ්න කරන්න. නීතිපති පරීක්ෂණයක් කරන්න කිව්වහම, එකක් ඒක ලිඛිතව අදාළ නඩුකාරයට යවන්න ඕනේ... අනික ඒ පරීක්ෂණය කරන්න ඕනේ අග්‍ර විනිශ්චයකාරයා හෝ අධිකරණ සේවා කොමිසම නම් කරන විනිශ්චය සභාවක් මගින්. පරීක්ෂණයට අදාළ හඬපට දෙන්න ඕනේ එතැනට. එකම දේ අග්‍ර විනිශ්චයකාරයට පුළුවන් ඒ නඩුකාරයාගේ වැඩ නවත්තන්න විනිශ්චය සභාවේ තීරණය එනතුරු. එම විනිශ්ච සභාව තමයි තීරණය කරන්න ඕනේ නඩුකාරයා වැරදිද එහෙනම් ඔහුගේ වැඩ තහනම් කරනවද? මාස කීපෙකට හෝ ඔහුව තනතුරින් නෙරපනවද? කියන එක...
මේක සම්පූර්ණ වැරදි පූර්වාදර්ශයක්. වහල් ආණ්ඩුව තව නඩුකාරයෙක්ට අලියෙක් ගැන පවරපු නඩුවත් වැරදියි. නඩුත් ආණ්ඩුවේ බඩුත් ආණ්ඩුවේ වෙන්න බැහැනේ. මට මතක හැටියට මම ඒ දවස්වල ඊට විරුද්ධව ඉංග්‍රීසි වෙබ් අඩවියකට ලිව්වා. කෝ මේ අග්‍ර විනිශ්චයකාරතුමා? මක්කරනවද? තමන් සේවය කරන උත්තරීතර ආයතනයත් තමන් යටතේ ඉන්න විනිශ්චයකාරවරුන්ගේත් අයිතිවාසිකම් දේශපාලකයින්ට සහ නීතිපතිට කඩ කරන්න ඉඩ දීලා බලා ඉන්නවා නම් සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ කවුද? අග්‍රවිනිශ්චයකාරයා දේශපාලකයින්ට බය නොවී අධිකරණයේ උත්තරීතරභාවය ආරක්ෂා කරන්න කටයුතු කරන්න ඕනේ. වහාම නීතිපති නඩුකාරයින්ට එරෙහිව දීලා තියෙන මේ නීතිවිරෝධී නියෝග අවලංගු කරලා අධිකරණයෙත්, විනිශ්චයකාරවරුන්ගේත් ගෞරවය ආරක්ෂා වෙන විදිහට ඔවුන් ගැන පරීක්ෂණ කරන්න තමන් හෝ අධිකරණ සේවා කොමිසමේ හෝ නැති විනිශ්චයකාරවරුන් 3ක් 5ක් හෝ 7ක් ඇතුලත් විනිශ්චය සභාවක් පත් කරන්න ඕනේ. ඒ සභාව විසින් චෝදනාවට ලක්වෙලා ඉන්න නඩුකාරයින්ට අදාල හඬපට හෝ වෙනත් සාක්ෂි විමර්ශනය කරලා ඉක්මන් තීන්දුවක් දෙන්න ඕනේ... ඔවුන් වරදකරුවන්ද නැතිද කියලා... වරදකරුවන් නම් දෙන්න පුළුවන් ලොකුම දඬුවම සේවයෙන් පහ කිරීම හෝ මාස ගාණකට වැඩ තහනම්..
නීතිය අකුරටම ක්‍රියාත්මක කළයුතුමයි මේ දෙන්නට. මෙයාලා නිසා ශ්‍රී ලංකා අධිකරණය සහ නීති පද්ධතිය, ව්‍යවස්ථාදායකය හෑල්ලුවට ලක්වෙලා මිනිස්සුන්ගේ විශ්වාසය නැතිවෙලා තියෙන්නේ... මේකත් ඡන්ද කොලමක් නොකර හරියට නඩු අහලා නිසි දඬුවම් ලබාදිය යුතුයි.
තවත් වැරැද්දක් දැක්කා. නීතිපතිට බැහැ පාර්ලිමේන්තුවට ඕඩර්ස් දෙන්න. කොහේ තියෙන බලයක්ද? මම කියන්නේ අර වෝහාරික තොරතුරු සභාගත කිරීම/නොකිරීම ගැන. නීතිපති කියන්නේ රජයේ නිලධාරියෙක්. පුද්ගලයාගේ හැටියට ඔහු දේශපාලන රූකඩයක් වෙන්නත් පුළුවන්. පාර්ලිමේන්තුව කියන්නේ මහජන ඡන්දයෙන් පත් වෙන උත්තරීතර ආයතනයක්... පාර්ලිමේන්තුව කොහොමද නීතිපති දෙපාර්තුමේන්තුවට දෙවෙනි වෙන්නේ? නීතිපතිට බලයක් නැහැ පාර්ලිමේන්තුව කරන කියන දේ තීරණය කරන්න. ඒ ගැන තීරණය කරන්න පුළුවන් කථානායකවරයාට විතරයි. පාර්ලිමේන්තුවට බලය තියෙනවා ඕනේ වෙලාවක නීතිපතිව පාර්ලිමේන්තුවට කැඳවලා ඔහුගෙන් කාරණා විමසන්න හෝ නිදහසට කරුණු අහන්න. ඒ මොකද කිව්වා නම් නීතිපති ඇතුළු සියලු රජයේ නිලධාරීන් පාර්ලිමේන්තුවට යටත්... මේ වැරදි දැම්මම හදන්න. අනේ ඇත්තටම පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු තෝරාගන්න ඡන්දෙට අමතරව අයිකිව් ටෙස්ට් එකක් තියන්න ඕනේ.. අඩුම ගානේ තමන් නියෝජනය කරන පාර්ලිමේන්තුවේ බලතල ටිකවත් දන්නවද කියලා බලන්න...
රන්ජන් ඔවුන්ට බලපෑම් කර ඇත්නම් ඔවුන් පසුගියේ රජයේ නායකයින්ට සහ මහාධිකරණ විනිසුරන්හට නොදැන්වූයේ මන්ද..?
යහපාලනය කියන බෝර්ඩ් එක එල්ලගෙන මොවුන් නීතිය කොයි තරම් අවභාවිතා කරලද කියලා දැන් තමයි තේරෙන්නේ. අර මහාචාර්ය විජේසූරිය වගේ කට්ටිය කොහෙද දන්නේ නැහැ හැංගිලා ඉන්නේ?
තවත් තියෙනවා කියන්න. ජනාධිපති කරන අධිකරණ පත්වීම් ගැන. තමන්ට විරුද්ධව අධිකරණයේ නඩු ගොඩක් තියෙන ජනාධිපතිවරයෙක් අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කිරීම වැරදියි. වෙනත් විනිසුරුවරයන් පත් කිරීමත් වැරදියි. ඉංග්‍රීසියෙන් කවුරුත් දන්නවා කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් කිව්වහම. ඔහුට පුළුවන් තමන්ගේ නඩුවල අනාගතය ගැන හිතලා තමන්ට අවනත වෙන පුද්ගලයෙක් එම තනතුරුවලට පත් කරන්න. කොහොමටත් විධායකය හෝ ව්‍යවස්ථාදායකය අධිකරණ පත්වීම් කිරීම සම්පූර්ණයෙන්ම වැරදියි. ඒ බලය තියෙන්න ඕනේ අධිකරණ සේවා කොමිසමට විතරයි. අධිකරණයේ ඉහළ තනතුරු බොහොමයක් දේශපාලක පත්වීම්... නම කිව්ව ගමන් මිනිස්සු කියනවා කොයි කල්ලියේද කියලා...? ඉතින් පහළ උසාවිවල ඉන්න මිනිස්සුත් හිතනවා දේශපාලකයින් ලව්වා උසස්වීම් ගන්න. මේක වෙනස් වෙනකම් ස්වාධීන අධිකරණයක් බලාපොරොත්තු වෙන්න බැහැ...
අප විස්වාස කරනවා රටක නීතියක් නැත්නම් එරටේ දියුණුවක්ද නැති බවය. නීතිපති යනු බලයේ ඉන්න රජය කියන කියන දේ කලයුතුද යන්න තේරුම් ගැනීමට රොකට් සයන්ස් අවශ්‍ය නැත.
දැන් නීතිපති ඉන්නේ ජනාධිපති වගේ ඇත්තටම ඕවා නීති පතිගේ ඕඩර් නොවේ ජනධිපති කරන්නේ බළලුන් ලවා කොස් අට බාවන එක ඔය කරන්නේ දේශපාලනය.
දැන් නීතිපති තමයි සියලු තීරණ ගන්නේ. කවුද මේ නීතිපතිට උපදෙස් දෙන පුගලයා කියන එකයි වැදගත් කරුණ.
නීතිය මෙතරම් අවභාවිත වෙනවා නම් එකට හේතුව මොකද ? මහජනයගේම නීතිය ගැන නොදැනුවත්කම නිසාමයි. වෘත්තියවේදීන් සහ සිවිල් සංවිධාන මේ කටයුතු ගැන මහජනයා දැනුවත් කලයුතුයි. නැතිනම් ඉදිරියේදීත් එන ඕනෙම ආණ්ඩුවක් මහජනයාගේ නොදැනුවත්කම උපයෝගී කරගෙන නීතිය තම වාසියට යොදාගන්න එක නවත්වන්න බැහැ.
Champa කියන විදියට නම් මට හිතෙනවා රන්ජන් එක එක්කෙනාට කතාකරලා වැඩ කර ගනිපුවා හරි කියලා. මොකද ඒ කරපු වැඩේට එරෙහිවයි මේ ක්‍රියාමාර්ග කවුරු හරි අරන් තියෙන්නේ...