(ඉන්දිකා රාමනායක)
හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතනයෙන් සංවාදයේ යෙදුනු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ඇඹිලිපිටිය මහධිකාරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගෙන් අද (19) පැය තුනකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගත්තේය.
රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතනයෙන් සංවාදයේ යෙදුන බව කියන දැනට සේවයෙන් යෙදී සිටින විනිසුරුවරුන්ගෙන් වහාම ප්‍රකාශ සටහන් කරගන්නා ලෙසට නීතිපති දප්පුලද ලිවේරා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්වරයාට කර තිබූ නියෝගයකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෙම ප්‍රකාශ ලබාගෙන තිබුණි.
අපරාධ කොට්ඨාසය කළ දැනුම් දීමකට අනුව මහධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අද පෙරවරු 10.00 ට පමණ එහි පෙනී සිටි අතර මෙම ප්‍රශ්න කිරීම පස්වරු 1.00 දක්වා පැවැත්විණි.
රන්ජන් රාමනායක මහතා සංවාදයේ යෙදුන බව කියන විශ්‍රාමික මහධිකරණ විනිසුරු පද්මිණි එන් රණවක හා දැනට වැඩතහනමට ලක්ව සිටින බද්දේගම මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල යන මහත්වරුන්ගෙන් ඉදිරියේ දී සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතව ඇත.
එම පැමිණිල්ල විභාගය ද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මේ ආකාරයේ පැමිණිල්ලක් ගිහාන් පිලපිටිය මහතා 2015 වසරේ දී අධිකරණය සේවා කොමිසම වෙත යොමුකර ඇති අතර එය එවකට සිටි පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා වෙත යොමුකර තිබුණ ද එම පැමිණිල්ල සම්බන්ධයෙන් කිසිඳු පියවරක් ගෙන නොතිබුණ බවද මහධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා දෙවන වරට සිදුකළ පැමිණිල්ලේ සඳහන් වන බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතනයෙන් සංවාදයේ යෙදුන බව කියන දැනට සේවයෙ යෙදී සිටින විනිසුරුවරුන් රන්ජන් රාමනායක විසින් හෝ වෙනත් රජයේ ඇමතිවරු ඔවුනට යම් පෙලබවීමක් විමසීමක් කලේනම් එම විනිසුරුවරුන් හිටපු අගමැතිවරයාට හෝ ජනාධිපතිවරයාට හෝ අගවිනිසුරුවරයාට නොදන්වා සිටියේ මන්ද ? සහ අධිකරණය ස්වාධින ආයතනයක් බැවින් කිසිවකු හෝ කිසිවක් පිළිබද කිසිවකුට හෙළිකිරීමට විනිසුරුවරුන්හට නොහැකිබව රන්ජන් රාමනායකට නොකිවේ මන්ද ? වරද කර ඇත්තේ යමක් පිළිබද විමසීමද ? විමසූ පුද්ගලයාද ? නොඑසේනම් විමසන පුද්ගලයාට තොරතුරු හෙලිකිරීමද ? හෙලිකල පුද්ගලයන්ද ?