රාජිතට ඇප අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද (30) නියෝග කළේය. 30 December 2019
සම්බන්ධන්ට ගිය රජයෙන් නිවසක් ලබාදීලා හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා දෙමළ ජාතික සන්ධානයේ නායකයා වශයෙන් කටයුතු කරන තාක්කල් පාවිච්චි කිරීම සඳහා විපක්ෂ නායක නිල නිවස පසුගිය ආණ්ඩුව විසින් විශේෂ කැබිනට් තීන්දුවක් මගින් ලබාදී ඇත. 29 December 2019
රාජිත බන්ධනාගාර රෝහල වෙත මාරු කිරීම අත්හිටුවයි නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබන රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු අමාත්ය පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න මහතා බන්ධනාගාර රෝහලට රැගෙනයාම සඳහා අද (29) එහි ගිය බන්ධනාගාර නිලධාරීන්ට පැය පහකට අධික කාලයක් රස්තියාදු වී හිස් අතින් ආපසු පැමිණීමට සිදුවී තිබේ. 29 December 2019
රාජිත බන්ධනාගාර රෝහලට අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ නාරහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි හිටපු අමාත්ය රාජිත සේනාරත්න මහතා බන්ධනාගාර රෝහල වෙත අද (29) මාරුකර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 29 December 2019
රාජිත රිමාන්ඩ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්ය රාජිත සේනාරත්න මහතා ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් ශලිනි පෙරේරා මහත්මිය අද (27) නියෝග කළාය. 27 December 2019
‘රාජිත අත්අඩංගුවට ගෙන නෑ‘ -නි.සො. ජනරාල් හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා මෙතක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් පොලිස් ආරක්ෂාව යටතේ ලංකා පෞද්ගලික රෝහලේ හෘද ඒකකයේ ප්රතිකාර ලබන බවත් නීතිපති නියෝජනය කරමින් නියෝජ්ය සොලිස්ටර් ජනරාල් දීලීප පීරීස් මහතා අද (27) අධිකරණයට කරුණු වාර්තා කළේය. 27 December 2019
රාජිත රෝහල් ගත කෙරේ හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී ඇතැයි ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට තිබේ. 26 December 2019
සීඅයිඩීය-එස්ටීඑෆ් රාජිතගේ නිවස වටලති වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් කොළඹ 7 ජාවත්තේ පිහිටි නිවසට මේ වන විට පැමිණ තිබේ. 26 December 2019
රාජිතගේ නීතිඥවරු අධිකරණයට ගෙනා මෝසම යළි ඉවත්කර ගනිති තමා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් ලබාදුන් වරෙන්තුව ආපසු කැඳවන ලෙස ඉල්ලා හිටපු අමාත්ය රාජිත සේනාරත්න මහතා කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට අද ( 26) මෝසමක් ඉදිරිපත් කිරීමට පැමිණියද යළි එය ඉවත් කර ගැනීමට කටයුතු කර තිබේ. 26 December 2019
ගෙවල් දෙකේම රාජිත නෑ සුදුවෑන් මාධ්ය සාකච්ඡාව සම්බන්ධයෙන් අධිකරණයෙන් විවෘත වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්ය රාජිත සේනාරත්න මහතා ඔහුගේ නිල නිවසේ හෝ ඔහුට අයත් වෙනත් කිසිදු නිවෙසක හෝ නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ (25) පැවසීය. 26 December 2019
රාජ්ය ඇමතිවරුන්ට වැඩ පවරන්න උපදෙස් රාජ්ය ඇමතිවරුන්ට විෂයන් හා කාර්යයන් නිල මට්ටමින්ම පවරාදීම සඳහා ඔවුන්ට අයත් විෂයන් සහ කාර්යයන් පවරමින් ගැසට් නිවේදන නිකුත් කිරීමට පියවරගන්නා ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා සියලූම අමාත්යංශ ලේකම්වරුන්ට ලිඛිතව දැනුම්දී ඇත. 25 December 2019
හිටපු ඇමැති රාජිත අත්අඩංගුවට ගන්න නියෝග හිටපු අමාත්ය වෛද්ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහෙස්ත්රාත් ආර් බී නෙළුම්දෙණිය මහතා අද(24) නියෝග කර තිබේ. 24 December 2019
පාඨලීට ඇප රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්ය පාඨලී චම්පික රණවක මහතා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය අද (24) නියෝග කළාය. 24 December 2019
රාජිතගේ විදෙස් ගමන් තහනම් කරයි සුදුවෑන් සිද්ධියට අදාළ මාධ්ය සාකච්ඡාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්ය රාජිත සේනාරත්න මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේඛ මහේස්ත්රාත් ප්රියන්ත ලියනගේ මහතා අද(23) නියෝගයක් නිකුත් කළේය. 23 December 2019
රාජිතගෙන් තෙවැනි වරටත් අපේක්ෂිත ඇප අයැදුම්පතක් සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වමින් ඇප මත මුදාහරින්නැයි ඉල්ලා හිටපු අමාත්ය රාජිත සේනාරත්න මහතා තෙවැනි වරටත් අපේක්ෂිත ඇප අයැදුම්පතක් අද (23) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. 23 December 2019
රාජ්ය ආයතනවලට විදේශ ගිවිසුම් තහනමක් රජයේ අමාත්යාංශවලට, පළාත් සභාවලට සහ රාජ්ය ආයතනවලට විදේශ රාජ්යයන්, තානාපති කාර්යාල හෝ විදේශ ආයතන සමඟ ගිවිසුම් වලට එළැඹීම වහාම ක්රියාත්මක වන පරිදි තහනම් කරමින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විශේෂ චක්ර ලේඛයක් නිකුත්කර ඇත. 23 December 2019
මහජන සාමය සඳහා ජනපති සන්නද්ධ හමුදා කැඳවයි රට පුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා කැ ඳවීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. 22 December 2019
ගං වතුරෙන්- නාය යෑමෙන් දිවයින පුරා පවුල් 9,962 ක් අවතැන් දිවයිනේ දිස්ත්රික්ක 13 කට බල පා ඇති තද වැසි, ගං වතුර, නායයෑම් අවදානම් ඇතුළු ආපදා තත්ත්වයන් හේතුවෙන් පවුල් 9,962 කට අයත් 34,842 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි. 22 December 2019
ගංවතුරට ගසාගෙන ගිය බස් රථයක මගීන් 54ක් මුදාගනියි ගංවතුරට ගසාගෙන ගිය බස් රථයක කොටුවීසිටි කුඩාදරුවන්, ගැබිණි මවුවරුන්, කාන්තාවන් ඇතුළු මගීන් 54 දෙනෙකු පොලොන්නරුව ගල්ලෑල්ල ප්රදේශයේදී අද(21) අළුයම මුදාගත් බව පොලොන්නරුව පොලීසිය කියයි. 21 December 2019
රාජිතගෙන් යළිත් අපේක්ෂිත ඇප අයැදුම්පතක් සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමා අත්අඩංගුවට ගැනීම වළකා ඇප මත මුදාහරින්නැයි ඉල්ලා හිටපු අමාත්ය රාජිත සේනාරත්න මහතා නැවත අපේක්ෂිත ඇප අයැදුම්පතක් අද(20) අධිකරණයට ඉදිරිපත් කර ඇත. 20 December 2019
රාජිතගේ ඇප අයැදුම්පත නිෂ්ප්රභා කෙරේ සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට වළක්වාලන ලෙස ඉල්ලමින්, හිටපු අමාත්ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ අපේකෂිත අයැදුම්පත කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය අද(20) නිෂ්ප්රභා කළාය. 20 December 2019
මාසයකට කෝටි 15 ක අතිකාල කළ හැටි සොයයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින්ට සැප්තැම්බර් මාසයේ අතීකාල දීමනා වශයෙන් කෝටි 15කට වඩා ගෙවා ඇති බැවින් ඒ සම්බන්ධව වහාම තමන්ට සවිස්තරාත්මක වාර්තාවක් ලබාදෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්ය මහින්ද අමරවීර මහතා එම සංස්ථාවේ සාමාන්යාධිකාරීවරයාට අද (19) දැනුම් දුන්නේ ය. 19 December 2019
පාඨලී 24 දක්වා යළි රිමාන්ඩ් හිටපු අමාත්ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය අද (19) නියෝග කළාය. 18 December 2019
කෘෂිකර්මය කෝටි දෙකේ කුලී බිල්ඩිමෙන් ඉවතට රුපියල් දෙකෝටියකට වැඩි මාසික කුලියක් ගෙවමින්, රාජගිරිය ප්රදේශයේ නව මහල් පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යන කෘෂිකර්ම අමාත්යාංශය එතැනින් වහාම ඉවත්කර එම අමාත්යාංශය පෙර පවත්වාගෙන ගිය බත්තරමුල්ලේ ගොවිජන මන්දිරයට රැගෙන යෑමට අනුමැතිය ගැනීම සඳහා වූ විශේෂ කැබිනට් පත්රිකාවක් කැබිනට් මණ්ඩලයට අද (18) ඉදිරිපත් කිරීමට නියමිතය. 18 December 2019
පාර්ලිමේන්තුව අනිවාර්යෙන්ම මාර්තුවේදී විසුරුවනවා පළාත් සභා ඡන්දයට පෙර මහ මැතිවරණය පවත්වන බවත් ලබන මාර්තු මාසයේදී පාර්ලිමේන්තුව අනිවාර්යෙන් විසුරුවන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 16 December 2019
ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය අත්අඩංගුවට පැහැරගැනීමට ලක් වූ බව සඳහන් කරමින් අසත්ය තොරතුරු ඉදිරිපත් කළැයි කියන සිද්ධියට අදාළව ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්රැන්සිස් නැමැත්තිය නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(16) අත්අඩංගුවට ගෙන ඇත. 16 December 2019
සබරගමුවේ ගුරු පත්වීම් 500ක් අත්හිටුවයි ගුරු පත්වීම් ලිපි ලබාදීම හදිසියේ දින නියමයක් නොමැතිව අත්හිටුවීමෙන් තමන් දැඩි අසීරුවට ලක්වූ බව සබරගමු පළාතේ නව ගුරුපත්වීම් ලැබීමට තෝරාගත් උපාධිධාරීහු අද (16) පැවසූහ. 16 December 2019
ශ්රී ලන්කන් ගුවන් සේවයේ මුල් පුටුව අශෝක් පතිරගේට ප්රමුඛ පෙළේ ව්යාපාරිකයෙකු වන අශෝක් පතිරගේ මහතා ශ්රී ලන්කන් ගුවන් සේවයේ නව සභාපතිවරයා ලෙස පත්කරනු ලැබ ඇත. 16 December 2019
රජයේ අමාත්යාංශ වලට සුළු සේවකයන් බඳවා ගැනීම අත්හිටුවයි රජයේ අමාත්යාංශ සහ දෙපාර්තමේන්තුවලට සුළු සේවකයන් බඳවා ගැනීම අත්හිටුවන්නැයි මුදල් අමාත්යාංශය සියලුම අමාත්යාංශවලට සහ දෙපාර්තමේන්තුවලට උපදෙස් දී ඇත. 15 December 2019
පක්ෂ නායකත්වය ගැන සංශෝධනය සකසන්නැයි රනිල් කියයි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට හිමිව තිබෙන බලතල, වගකීම් සහ ධූර කාලය ආදී සියලූ ක්රියාපටිපාටියන් ඇතුළත් පක්ෂ ව්යවස්ථාවට ගෙන ආ යුතු සංශෝධනය වහාම සකස් කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්රී ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතාට අද(15) දැනුම් දුන්නේය. 15 December 2019
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026