ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන අශෝක් පතිරගේ මහතා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නව සභාපතිවරයා ලෙස පත්කරනු ලැබ ඇත.
අශෝක් පතිරගේ මහතා සොෆ්ට්ලොජික් සමූහයේ සභාපතිවරයා ද වේ.
මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන අශෝක් පතිරගේ මහතා, ශ්‍රීලංකන් ගුවන්සේවයේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසින් පත් කර තිබේ.
සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. මොහොමඩ් විසින් මීට අදාළ පත්වීමේ ලිපිය නිකුත් කර තිබෙන අතර මේ අනුව දෙසැම්බර් 13 දින සිට අශෝක් පතිරගේ මහතාගේ පත්වීම බලපැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකාවේ දැවැන්ත සමාගම් සමූහයක් වන සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් හි නිර්මාතෘවරයා වන අශෝක් පතිරගේ මහතා එහි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂවරයා ද වේ.
ඔහු යටතේ මේ වන විට ක්‍රියාත්මක සමාගම් සංඛ්‍යාව 50 ඉක්මවනු ලබන අතර 11,000කට අධික කාර්ය මණ්ඩලයක් ඒවායේ සේවයේ නිරත වේ. සිල්ලර වෙළෙඳ ව්‍යාපාර, විලාසිතා, සෞඛ්‍ය, මූල්‍ය, තොරතුරු තාක්ෂණ, විවේකාස්වාද, රක්ෂණ, රථවාහන යන අංශයන් හි අශෝක් පතිරගේ මහතාගේ ව්‍යාපාර විහිදී පවතී.
මෙරට ප්‍රමුඛතම ආරෝග්‍යශාලා ජාලයක් වන ආසිරි රෝහල් සමූහය, මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම් වන Softlogic Capital PLC, Softlogic Finance PLC, රක්ෂණ ක්ෂේත්‍රයේ Softlogic Life Insurance PLC, විලාසිතා අංශයේ දැවැන්ත සමාගමක් වන ඔඩෙල්, ඒ මහතාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක සමාගම් කිහිපයකි.
මේ වන කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් 7 ක නායකත්වය ඔහු සතුය. මීට අමතරව NDB බැංකුවේ උප සභාපතිවරයා වන ඔහු NDB Capital Holdings හි සභාපතිවරයා ද වේ.
(125)
පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ
ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම
ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.
වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ශ්රී ලන්කන් ගුවන් සේවයේ මුල් පුටුව අශෝක් පතිරගේට
ධම්ම Monday, 16 December 2019 07:05 AM
ලාභ උපයන්න පුළුවන් සැලැස්මක් ඇත්නම් පමණක් බාර ගන්න. පස්සේ බයිලා ගහන්න නම් එන්න එපා.
janahitha Monday, 16 December 2019 09:17 AM
ලාභ ලබන්න නම් නව ගුවන් යානා යෙදවිය යුතුයි. සිදු වුණේ වෙනත් දෙයක්... ඇණවුම් කරන ලද ගුවන් යානා අවලංගු කර ගෙවපු වන්දි මුදල් ඩොලර් කෝටි ගණනක් ගසා කෑමයි. කබීර් ඇමතිතුමා විරුද්ධ වුණා ඔය ගසාකෑමට එයාගෙන් අහන්න.
Prasad Lakmal Monday, 16 December 2019 07:09 AM
කාලෝචිත තීරණයක්... අත්හදා බැලීම් කරකර මේ වගේ ආයතන ගොඩගන්න බෑ. රටට වැඩක් කරපු, වැඩ පෙන්නපු දක්ෂ මිනිස්සු මේ වගේ තැන්වලට පත්වෙන්න ඕනෑ. අපේ රටේ "රට ගොඩදාන මිනිස්සු"...
Thilina Monday, 16 December 2019 07:14 AM
ඡන්දය දුන් නොදුන් සුවහසක් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරමින් වෙනස් ගමනක් යන ගෝඨාභය ජනාධිපතිතුමනි, ඔබට තෙරුවන් සරණයි ..
lalithm Monday, 16 December 2019 07:16 AM
බොහෝවිට හරි වැඩක් වේවි... ඉස්සර එක කාලෙක හැරී ජයවර්ධන මහතාත් ඔය පුටුවේ හිටියා. ඒ කාලේ හොඳට තිබුණා කියලා අපි අහලා තියෙනවා. බිස්නස් දන්නා අයෙක් ඉන්න ඕනේ බිස්නස් ගොඩගන්න.
kap Monday, 16 December 2019 07:32 AM
මේක පුද්ගලීකරණය නොකර කිසිදා ගොඩගන්න බෑ. මේක සොෆ්ට් ලොජික් එකටම වික්කා නම් හරි... එමිරේට්ස් එකේ කාලේ විතරයි මේක ලාභ ලැබුවේ. එ්ත් එක් කෙනෙක්ගේ පෞද්ගලික තරහ නිසා ඒ අයව එලවා ගත්තා...
wimal Monday, 16 December 2019 07:40 AM
සුබ අනාගතයක්...!!!
Nandalal DE SILVA - France Monday, 16 December 2019 07:43 AM
මෙයාත් රාජපක්ෂ පවුලේ මස්සිනා කෙනෙක් නම්, හැම ශ්‍රී ලන්කන් ගුවන් මගියෙකුටම පැරෂුටයක් බැගින් ටිකට් පත සමග බෙදාදිය යුතුවෙනවා..! වැඩක් කරන්න පුළුවන් කෙනෙකුට මෙවැනි වැදගත්, වගකීම් සහිත උසස් තනතුරක් භාරදුන්නා නම් තවදුරටත් අපේ ගුවන් යානා ලාභ සහිතව පියාසර කරාවි...
Sunil Paris , FranceMonday, 16 December 2019 08:08 AM
නොදන්නා දේ නොකිය හිටියා නම් නේද වැදගත්..!!! පොඩ්ඩක් හොයලා බලලා ලියන්න.. නොදන්නා දේ ලියන්නන් වාලේ ලියන්නේ නැතුව...!!!
Lakmal Monday, 16 December 2019 08:59 AM
නන්දලාල් සිල්වා ඔයා ඇත්තටම ප්‍රංශයේද ඉන්නේ? මොකද ප්‍රංශය වගේ දියුණු රටක ඉන්න කෙනෙක් ඔය වගේ ගොන් කතා කියයි කියලා හිතන්න අමාරුයි..
janabala Monday, 16 December 2019 09:22 AM
ප්‍රංශය තියෙන්නේ දෙමටගොඩ පාලම ගාවද? පතිරගේ මහතා සමග අපි වැඩ කළා ඉතාම දක්ෂ ව්‍යාපාරික මහතෙක් දකුණේ සරල මනුෂ්‍ය ගති ඇති දුර දක්නා නුවණක් ඇති මහතෙක් ශ්‍රීලන්කන් ගොඩගන්න අමාරුයි. නව ගුවන් යානා යෙදවීම අත්හිටුවා වන්දි මුදල් වලින් කෝටි ගණන් වංචා කර ඇත.
shanthi Monday, 16 December 2019 01:31 PM
කොහොමත් ප්‍රංශය කියන්නේ ලංකාව වගේ හිඟන, ජරාගති ඇති මිනිස්සු ඉන්න ( හොඳ ගතිගුණ තියෙන ශ්‍රී ලාංකිකයින්ට අගෞරවයක් නොවේවා ), හොරු රජ කරන මෝඩයෝ ඉන්න රටක් නොවෙයි. ඒබව ඔබ නොදන්නා එකයි අරුමය.
ධනාMonday, 16 December 2019 10:22 AM
ප්‍රංශයෙත් සියයට තුනේ ඩයල් ඉන්නවා... ඒ කියන්නේ
ලලිත් Monday, 16 December 2019 08:05 AM
ඉතාම හොඳ තීරණයක්... අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකන් ගොඩ...
arunaMonday, 16 December 2019 10:23 AM
නිකම් හැඟීම් මත නිගමන එපා. මා දන්නා තරමින් මොහුට මෙම කර්මාන්තය පිළිබඳ කිසිඳු පළපුරුද්දක් හෝ සුදුසුකමක් නැහැ. ලෝකයේ බොහෝ ගුවන් සමාගම් පාඩුවට පවත්වාගෙන යන්නේ. AIR හබ් සහිත (ඩුබායි වැනි) ගුවන් සමාගම් තමා ලාභයට පවත්වාගෙන යන්නේ. මෙවැනි තත්වයක් තුළ මෙවැනි පුද්ගලයෙකුට මෙවැනි සමාගමක් ගොඩ ගත හැකිද යන්න සැකයි.
ලුම්බිණි Monday, 16 December 2019 08:46 AM
අපි බලා සිටිමු.
Lion Monday, 16 December 2019 08:50 AM
හොඳ පත්කීරීමක්. අපි දන්නවා ලාභ ලබපු ආයතනයට උනේ මොකද කියලා....... දේශපාලුවන්ට යට උනොත් ඔබ මේ රටේ ඇතිකරගත් නමත් විනාශ වෙයි.
janabala Monday, 16 December 2019 09:28 AM
රනි මහතා පත් කරන්න තිබුණේ රෝයල් ගෘප් එකත් එක්ක....එක්කෙනෙක්ගේ පඩිය මිලියන 7ක්..
රජීව් දොම්පේ Monday, 16 December 2019 09:42 AM
සුදුසුකම් තියෙන අයට රජයේ රැකියාවලට අයැදුම් කරන්න කියනවා. අතයටින් බොහෝ පත්වීම් කර අවසානයි. ජනතාව අන්දන එක නවතින්නේ කවද්ද?
sudathMonday, 16 December 2019 12:19 PM
ආ ඔයා දොම්පේද ? හිතා ගන්න පුළුවන්.
Maalaka Monday, 16 December 2019 10:21 AM
මෙයා ගැන දන්න දේ කියන්න බයයි.
Raveendra Monday, 16 December 2019 10:58 AM
දිව්‍යලෝකේ හෝ අපායේ වැඩකරපු කෙනෙක් උනත් එය අපට අදාළ නැත. අවංකව රටට වැඩක් කිරීමට හැකි නම් එයයි මහජනතාව බලාපොරොත්තු වන්නේ. මොහු පොහොසතෙක් ද දුප්පතෙක්ද කව්රුන්ද, මොහුට අර කොම්පැනි මේ කොම්පැනි තියෙනවද නැද්ද අදාලම නැත.
විපරමා Monday, 16 December 2019 11:28 AM
කිසිම උගත්කමක් නැති, සුදුසුකමක් නැති කලින් හිටපු පවුල් පාලනේ කෙනාට වැඩිය මොහු කෙරෙහි විශ්වාසයක් තියන්න පුලුවන්... බලමුකෝ මොකද වෙන්නේ කියලා.
ඉරේෂ් එස් කුමාර Monday, 16 December 2019 11:31 AM
මේක බිස්නස් එකක්... බිස්නස් දන්නා කෙනෙක් පත්වෙච්ච් එක හොඳයි. ශ්‍රී ලන්කන් සමාගමට හොඳ කලක් උදාවේවි...
ජොනි ඉලංගරත්න Monday, 16 December 2019 11:56 AM
නිමල්, වෙල්ගමලා, ධම්මික පෙරේරා පත් කරලා අත් පුච්ච ගත්තා නේද, කවද හැදෙයිද මේ අය. එයාලයින් එක නැත්තටම නැති වෙයි මේ පාර.