බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයේ දිනය වරද්දාගනී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කතානායක කරු ජයසූරිය මහතා වෙත භාරදුන් විශ්වාසභංග යෝජනාව වැරදි දිනයක් සහිතව ඉදිරිපත් කිරීම හේතුවෙන් නැවත ඉදිරිපත් කිරීමට සිදුව ඇතැයි වාර්කා වේ. 17 May 2019
ඇමැති රිෂාඩ් හමුදාපතිගෙන් උදව් ඉල්ලයි පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියෙන් පසු යුද හමුදාව දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවකු සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා තමාගෙන් අවස්ථා දෙකකදී කරුණු විමසා උදව්වක් ඉල්ලු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද (16) කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 16 May 2019
විපතට පත්වූවෝ වන්දි උත්සවය වර්ජනය කරති කටුවාපිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට වන්දිගෙවීම සඳහා අද(16) මීගමුවේ කාදිනල් කුරේ මධ්‍යස්ථානයේදී පැවැත්වූ උත්සවයේදී, මාධ්‍ය කැඳවා ප්‍රචාරණාත්මක වාසි සහ දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කළේ යැයි විරෝධය පළකරමින් වන්දිලාභීහු පිරිසක් වන්දිගෙවීමේ උත්සවය වර්ජනය කර පිටව ගියහ. 16 May 2019
ලාංකික තිදෙනෙක් සිරියාවේ අයිඑස් ත්‍රස්ත පුහුණුවක සිරියාවේ අයි.එස්. ත්රස්තවාදීන් සමඟ පුහුණුව ලබන ශ්‍රී ලාංකිකයන් තිදෙනකු විසින් මෙරටට එවන ලද රුපියල් ලක්ෂ 40කට අධික මුදලක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනූජා ජයතුංග මහත්මියට ඊයේ (15) දැනුම් දුන්නේය. 16 May 2019
සහරාන්ගේ බිරිඳ - දියණිය සීඅයිඩීයට තවුහීත් ජමාත් සංවිධානයේ නායක සහ මෙන්ම ෂැංගි‍්‍රලා හෝටලයේ බෝම්බකරුවකු වන මොහොමඩ් සහරාන් හසීම් නැමැත්තාගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා කාදර් නැමැත්තිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 15 May 2019
වැල්ලම්පිටිය පොලිස්ථානාධිපති සහරාන් කල්ලියට ඇප දීමේ ඇත්ත කතාව කියයි පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ ඉන්සාෆ් අහමඩ් නැමැත්තාට අයත් වැල්ලම්පිටියේ පිහිටි තඹ කම්හලේ සේවය කරමින් සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් නවදෙනකුට අලුත්කඩේ අංක දෙක උසාවියේ මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා පොලිස් විරෝධය නොතකා ඇප ලබා දුන් බවටත්, එය නඩු වාර්තාවේ සඳහන් කර නොමැති බවටත් චෝදනා කරමින් වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාන මහතා අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් කර ඇත. 14 May 2019
‘තත්ත්වය පාලනය කරන්න උපරිම බලය යොදවනවා’ රටේ ඕනෑම පෙදෙසක කලබලකාරී තත්ත්වයක් ඇතිවුවහොත් එය පාලනය කිරීම සඳහා උපරිම බලය යොදවන බවත්, අවශ්‍ය වුවහොත් හදිසි තත්ත්වය මත ඇති බලතල අනුව වෙඩි තැබීමට වුවද පියවර ගන්නා බවත් යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා කියයි. 14 May 2019
තවුහීත් ජමාත් තහනම් කළ ගැසට් පත්‍රය එයි ජාතික තවුහීත් ජමාත් සංවිධානය ඇතුළු සංවිධාන 3ක් තහනම් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරිණි. 14 May 2019
ජනපති - අගමැති වගකීම බාරගෙන වැඩ කරන්න රට තුළ විශාල අසමගියක් ඇතිවී ඇති බවත් මෙම තත්ත්වය ආරම්භ වූ දා සිටම මහා සංඝරත්නය හා රටේ විද්වතුන් නොයෙක් අවස්ථාවලදී ප්‍රකාශ කළත් රජය ඒ සම්බන්ධව වගකීමක් බාර නොගත් බවත් එම නිසා රට තුළ මෙවන් තත්වයක් උද්ගත වී ඇති බවත් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන නාහිමිපාණෝ පවසති. 13 May 2019
වයඹටම පොලිස් ඇඳිරිනීතිය ඇතිවී තිබෙන තත්ත්වය පාලනය කිරීම පිණිස වයාම ක්‍රියාත්මක වන පරිදි වයඹ පළාතටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පැනවූ බව පොලිසිය කියයි. 13 May 2019
කුඩාඔය ඉඩමකින් ආයුධ තොගයක් වැල්ලවාය කුඩාඔය කොමාන්ඩෝ පුහුණු පාසලට යන මාර්ගයේ මුස්ලිම් ජාතිකයකුට අයත් ඉඩමක තිබී අද (13) විශාල අවි ආයුධ තොගයක් සොයා ගෙන ඇතැයි කුඩාඔය පොලීසිය පවසයි. 13 May 2019
හලාවත කලබලය දුර දිග යයි ශ්‍රී ලංකා තව්හීත් ජමාත් සංවිධානයේ හලාවත කාර්යාලය හා යාඥා කිරීමේ මධ්‍යස්ථානය වශයෙන් හලාවත වට්ටක්කලිය පවත්වා ගෙන ගිය නිවසට හා එහි තාප්පයකට අද (12) මැර ප්‍රහාරයක් එල්ල වී ඇති බව හලාවත පොලිසිය කියයි. 12 May 2019
ටෙලෝ හිටපු මන්ත්‍රී සිවාජිලිංගම්ට හමුදාව ඕනෑවෙයි ‘හමුදාව උතුරු පළාතෙන් මුළුමනින්ම ඉවත්කළ යුතු යැයි මම කියන්නේ නැහැ. ඒකීය රටක් තුළ ජනතාවගේ ආරක්ෂාව සදහා ආරක්ෂක හමුදාවත් සිටිය යුතුයි‘ යැයි දෙමළ ඊලාම් විමුක්ති සංවිධානය හෙවත් ටෙලෝ පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. කේ. සිවාජි ලිංගම් මහතා පැවසීය. 12 May 2019
අයිඑස්ලා ඉන්දියාවේ පළාතක් නම්කරති ඉන්දියාව තුළ තමන් “පළාතක්” ස්ථාපිත කළේ යැයි අයි.එස්. සංවිධානය පළමු වරට නිවේදනය කර ඇත. 11 May 2019
වැල්ලම්පිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකුගෙන් ප්‍රශ්න කරයි මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වූ මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාෆ් අහමඩ්ට අයත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන් නව දෙනාට අධිකරණයේ ඇප නියම කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ වලට අදාලව කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩ බලන අධ්යක්ෂ පොලිස් අධිකාරී උදය හේමන්ත මහතා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුගෙන් පැය අටකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ඇතැයි පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය කියයි. 09 May 2019
ඊබ්රාහිම්ගේ ගෝලයින්ට ඇප ලැබුණේ නිලධාරියකුගේ වරදින්ද වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි සේවකයන් 9 දෙනා ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මගින් පරීක්ෂණයක් අරඹා තිබේ. 08 May 2019
සහරාන්ගේ සගයෙක් නිදහස් කරගන්න පොලිස්ථානාධිපතිට අල්ලස් දෙන්න යයි හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ පහක අල්ලසක් දීමට තැත් කළ පුද්ගලයකු අල්ලස් හා දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අද (8) අත්අඩංගුවට ගනු ලැබීය. 08 May 2019
ජනපතිගේ විරෝධය නොතකා ටැබ් දෙන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය රජයේ පාසල්වල අ.පො.ස උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගනක 183,000 ක් නොමිලේ ලබාදීමේ ව්‍යාපෘතිය ජනාධිපතිවරයාගේ විරෝධය නොතකා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇතැයි වාර්තා වේ. 07 May 2019
වැඩි මිලට රුසියාවෙන් ගෙන්වූ පිළිකා එන්නත් ප්‍රමිතියෙන් තොරයි මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට ලබා දීමට රුසියාවෙන් ගෙන්වූ එන්නත් 2017 වසරේදී එරටින් අනුමත නොකරන ලද බෙහෙත් එන්නත් යැයි මහරගම පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය ගිහාන් ගුණසේකර මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් අද (07) පැවැසීය. 07 May 2019
සහරාන්ගේ ගෝලයාගේ නිවස සීඅයිඩී බාරයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ දෙමටගොඩ මහවිල ප්‍රදේශයේ සිටි ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ නායකයා ලෙස හැදින්වෙන මොහොමඩ් සහරාන්ගේ ප්‍රධාන ගෝලයකු බව කියන කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඉල්හාම්ගේ සිද්ධියට අදාළ නිවස බාරගත් බව අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (07) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය. 07 May 2019
තවුහිත් ජමාත් තවත් කඳවුරක් නුවරඑළියේ තව්හිත් ජමාත් සංවිධානය විසින් නුවරඑලිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණු කදවුරක් සොයාගත් බව පොලීසිය කියයි. 06 May 2019
ආගමන විගමන පරිගණක පද්ධතිය ගැන අනතුරු ඇඟවීමක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය පෞද්ගලික ආයතනයක් මගින් සකස් කිරීම හා නඩත්තු කිරීම නිසා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල ගැටලුවක් මතුව ඇතැයි එම දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 05 May 2019
සහරාන්ගේ කඳවුරක් කාත්තන්කුඩියෙන් සොයාගනී ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා විසින් පවත්වාගෙන ගිය පුහුණු කඳවුරක් ලෙසට සැලකෙන ස්ථානයක් පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය විසින් සොයා ගෙන තිබේ. 05 May 2019
පිටුවහල් කළ මධූෂ් ලංකාවට ඩුබායි පැවති උපන්දින සාදයකදි අත්අඩංගුවට පත්ව මාස තුනකට අධික කාලයක් එරට අත්අඩංගුවේ සිට මෙටට පිටුවහල් කළ සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් අද (5) අලුයම මෙරටට පැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය . 05 May 2019
ඇමැති රිෂාඩ් රට යයි කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළින් විදෙස් ගත වූ බව එහි ආරංචි මාර්ග කියයි. 03 May 2019
පාලම් පිපිරවීමේ සැලැස්මක් ඉස්ලාමීය අන්තවාදීන් විසින් කොළඹ නගරයට ඇතුළු වන පාලම් පුපුරුවා හැරීමට සූදානම් වන බවට පොලිසියට තොරතුරු ලැබී ඇතැයි බලධාරීහු කියති. පාස්කු ඉරිදා කළ බෝම්බ පිපිරීම් මාලාවට අනුබද්ධ තවත් බොහෝ කුමන්ත්‍රණ ඇතැයි ද ඔව්හු අවවාද කරති. 03 May 2019
සිවුරු - අඳනකඩ - හමුදා ඇඳුම් සමඟ මුස්ලිම් ජාතිකයන් 2ක් අල්ලයි වැලිමඩ දඹවින්න ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී සිවුරු, අඳනකඩ සහ යුද හමුදා ඇඳුම් තොගයක් සමඟ මාංචු යුගළක් ළඟ තබාගෙන සිටි මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙකු අද (3) අත්අඩංගුවට ගෙන ඇතැයි වැලිමඩ පොලීසිය පවසයි. 03 May 2019
පුපුරණ ද්‍රව්‍ය සහිත වාහන 20 ක් උතුරට පුපුරණ ද්‍රව්‍ය සවිකළ වාහන 20 ක් දකුණේ සිට උතුරට පැමිණ ඇති බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇති හෙයින් උතුරට ඇතුළුවන සහ පිටවන සියලු වාහන දැඩි පරීක්ෂාවකට ලක්කරන බව හමුදාව පවසයි. 02 May 2019
කාන්තා ඇඳුම් 28ක් සමඟ මුස්ලිම් ජාතිකයන් 2ක් අත්අඩංගුවට තිහාරියේ සිට වෑන් රථයකින් ප්‍රවාහනය කළ සුදු පැහැති සායවල් 28 ක් සමඟ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු අනුරාධපුරයේදී සැකපිට අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 02 May 2019
පාස්කුදා ප්‍රහාරයේ ත්රස්තවාදීන්ගේ වත්කම් තහනම් කිරීමට යයි පාස්කු දින මෙරට දී මරාගෙන මැරෙන ප්‍රහාර 8 ක් එල්ල කළ ත්‍රස්තවාදී කණ්ඩායමේ වත්කම් තහනම් කිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 01 May 2019
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026