(අනීෂා මානගේ)
“ලබන අවුරුද්දේ ණය වාරිකයයි පොලියයි ගෙවාගන්න රජයේ ආදායම මදි වෙනවා. අමාරුකම් විඳගෙන අපි හැමකෙනෙක්ම කටයුතු කරන්න ඕනෑ” යැයි මගී ප්‍රවාහන, විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ පැවසූයේ අද(24) අඟුණකොළපෑලැස්ස නිවසේදී පැවැති තංගල්ල ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.
මට මේ රටේ අවධානම තේරුණා. රටේ මිනිස්සුන්ට හිඟා කන්න වෙනවා බඩගින්නේ මැරෙන්න වෙනවා මේ යන විදියට ගියානම්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් ඒ අභියෝගය තිබෙනවා. ලබන අවුරුද්දේ ණය වාරිකයයි, පොලියයි ගෙවාගන්න රජයේ ආදායම මදි වෙනවා. කොහොමද අපි රට කරන්නේ. මේවා අලුතින් හිතන්න වෙන දේවල්. සමෘද්ධිය වැඩි කළා ලක්ෂ හයකට. රාජ්‍ය සේවයට විශාල ප්‍රමාණයක් ඇතුළු කළා. මේවා නවත්වන්න බැහැ රජය වෙනස් වුණා කියලා.
මැතිවරණ පොරොන්දු ඉෂ්ඨ කරන්නත් වෙනවා. මේ ඔක්කොම කරන්න අපිට ලොකු අමාරුවක් තිබෙනවා. ඒ අමාරුව විඳගෙන අපි හැමකෙනෙක්ම කටයුතු කරන්න ඕනෑ. අඩු තරමේ රැකියාවක් ලැබෙනකල් ගෙදර වත්ත වගා කරන්න. අපිට අවශ්‍ය මිරිස් ටික රටේ හදාගත්තත් ඇති. අවුරුද්දට වරායවල් දෙකක් හදන්න පුළුවන් මිරිස් රටින් ගේන්නේ නැත්නම්. ගුවන්තොටුපොළවල් තුනක් හදන්න පුළුවන් අවුරුද්දකට මිරිස් කන එක රටින් ගේන එක නැවැත්තුවොත්. මේ අවධානම අපි තේරුම් අරගෙන අපි එය කරන්න පටන් ගමු. ඒ ඉල්ලීම රටේ ජනතාවගෙන් ඉල්ලනවා. රටේ දේශීය නිශ්පාදනය අපි ශක්තිමත් කරමු.
රටේ ජනතාව බඩු මල්ල දිහා බලාගෙනවත්, දෙනවා කියන දේ දිහා බලාගෙනවත් නෙවෙයි ඡන්දය භාවිතා කළේ. රට ගැන සිතා භාවිතා කළ ඡන්දයක් ලෙසයි අපි මෙවර ඡන්දය දකින්නේ. රට මුල් කරගත් ඡන්දයක් මේ රටේ ඉතිහාසයේ තිබුණා නම්, අපේ සිංහල බෞද්ධකම මුල්කරගත් ඡන්දයක් ජයග්‍රහණය කළා නම් එම පළවෙනි අවස්ථාව 16වැනිදා තිබුණා. සමහරු ඡන්දේ දාලා ඡන්ද පෙට්ටියට වැඳලා ගිහිල්ලාත් තිබුණා.
සමහරු නම් සිමෙන්තිත් ගත්තා. සමහරුන්ට නිවාස ණයත් හම්බවුණා. හැබැයි රට හදන ඡන්දය ඒ අය භාවිතා කළා. ඒ විශ්වාසයෙනුයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ජයග්‍රහණය මුල් වුණේ. අද පත්ව තිබෙන ජනාධිපතිවරයාට සෘජුව තීරණ අරගෙන කටයුතු කරන්න සම්පූර්ණ බලය ලැබී තිබෙනවා. වෙනදා බලයට පත් වුණාම බලයට පත්කළ අන්තවාදීන් විශාල පිරිසක් තනතුරුවල රැකෙන්න දෙන්නේ නැහැ. අන්තවාදීන්ට වුවමනා විදියටයි ජනාධිපතිවරයා සහ ආණ්ඩුව හසුරුවන්න සූදානම් වෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කිසිදු අන්තවාදියෙකුගේ ක්‍රියාවකට යටත් වෙන්නේ නැතුව ස්වාධීනව කටයුතු කරන්න හැකියාව තිබෙනවා.
මම ඒ කාලයේත් කියූ දෙයක් තමයි අපිට එක්සත් ජාතික පක්ෂයත් එක්ක ආණ්ඩු කරන්න බැහැ කියන එක. අවුරුදු දෙකකට කලින් කිව්වේ. අපිට තේරුණා ඒක ගැලපෙන්නේ නැහැ. ඒ අයගේ අදහස් මේ රට ගොඩනගන්න නෙවෙයි තිබෙන්නේ. අපි හිටපු ජනාධිපතිතුමාටත් කිව්වා මේ අයත් එක්ක ගමනක් නැහැ කියලා. අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට සහය පළ කරන්න තීන්දු කළ දවසේ තමයි රටේ මධ්‍යස්ථව සිටි ජනතාව තීන්දු කළේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට සහය පළ කරන්න. ‘


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුම්බලා කෑවනම් විදවපන් කියලද කියන්නේ?
කන්න එපා. බොන්න එපා. බඩගින්නෙ මළත් කමක් නෑ. සිංහල බෞද්ධ අපේ ආණ්ඩුවක් අපි බිහි කෙරුවා.
රට වෙනුවෙන් දවසකට වේලක් කෑවොත් ඇති. මීට කලින් සිංහල බෞද්ධකම තහනම් කොරලා තිබුන නිසා.
එහෙමද? මේවා කොයි කාලේ ගත්ත ඒවද දන්නවද?
පැරණි වාර්තා වාදනය කිරීම රට සංවර්ධනය කිරීමට උපකාරී නොවේ. ඔබත් ඇමතිවරයෙක්. මෙම තත්වය ඔබ දන්නා බැවින් රට වෙනුවෙන් මුදල් උපයා ගැනීමේ කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ඔබ සැමට නොහැකි විය. එබැවින් දැන් රට වෙනුවෙන් මුදල් උපයා ගැනීම සඳහා හොඳ වැඩසටහනක් ආරම්භ කරන්න.
ඕකනේ ඕනේ කිව්වේ
බොරු කතා පැත්තකින් තියලා ප්‍රතිඅපනයනය කිරීම නවත්තන්න, උදාහරණයක් ලෙස දේශීය ගම්මිරිස් ගොවියාට පහුගිය කාලෙ මොකද වුනේ? එවැනි දේ නතර කලොත් දේශීය ගොවියා උද්‍යෝගිමත් වේවි .
අපිද ණය ගත්තේ
අවුරුදු 5ක් හිටියා ඕක කියන්න. මේ වගේ මිනිස්සු.
ණයයි පොලියයි ගෙවන්න ආදායම මදි අපේ පෙජරෝ වලට නොමිලේ ඉන්ධන ගැහුවම.
හොඳමයි ඇමතිතුමා! අපි බඩගින්නෙ හරි ඉන්නම්. ඔයාල සතුටින් ඉන්න හොදේ...
හිටපු අයයි පත් වෙච්ච අයයි සේරම කියන්නේ එකම සින්දුව.
හරි අපි බඩගින්නේ එක වේලක් කාලා ඉන්නම්. ඔය 225ම දවසක් ඇර දවසක් කාලා එක මාසයක් ඉඳියිද? අපේ පටි තද කරගන්න කියන්න ඉස්සෙල්ලා පහුගිය අවුරුදු ගණනක් වෙලේ ඉඳන් හොරකම් කරපු සල්ලි ටික ඔය තමතමන්ගේ හිතවතුන්ට ආපහු ගෙවන්න කියන්න. අපේ නිකන් දෙන ඡන්දෙ අරගෙන (හිගාකාලා) පරම්පරා ගණනකට හම්බ කරපු සල්ලි ආපහු දුන්නොත් මේ රටේ සමස්ත ණය මුදලින් 150% කට වැඩිය ගෙවලා ඉවර කරන්න පුළුවන්. හොරකම් කරපු ගණන් මිමි පොදු ජනයාට වැඩියෙන් හොඳින් දන්නවා නේද? දේශපාලුවන් ටික පොදුජන බඩටමයි ගහන්න හදන්නේ...
එතකොට කවුද දන්නැහැ මෙච්චර ගත්තේ...? මහජනයා ගොනාට අන්දන්න හදනවද? ඔය හිටපු සහ කරපු අය ඔක්කොම වගකියන්න ඕනෑ එ්කට...
රටින් මිරිස් ගේන්නේ නැත්නම් වරායවල් දෙකක් ගුවන් තොටුපළවල් දෙක තුනක් හදන්න පුළුවන් කිව්වා... ඇයි කර්මාන්ත වැඩි දියුණු කරන්න, අපනයන වැඩිකරන්න වගේ රට ඉස්සරහට ගෙනියන ක්‍රමවලට මුල්තැන දෙන්න කල්පනාවක් නෑ... ඔලුවට එන්නෙම ගුවන්තොටුපළවල්, වරායවල් වගේ ඒවා විතරයි නේද? ඔහෙලගේ ඉදිරි දැක්ම ගැන හිනාවෙනවද? අඬනවද? කියලා හිතා ගන්න බැරුවයි ඉන්නේ...
එහෙනම් පටි තද කරගමු නේද? එ්ත් ඉතින් ඡන්ද කාලේ නම් මෙහෙම කතාවක් ඇහුනේ නැහැනේ?
ණය අරගෙන හොරකම් කළාම වෙන්නේ ඕක තමා.
මුලින්ම ඇමති හා මන්ත්‍රිවරුන්ගේ වියදම් කපා හරිමු. ඒ වගේම එතුමන්ලාගේ විශ්‍රාම වැටුප් කපාහරිමු.
අවුලක් නැහැ.. අපේ ආණ්ඩුවනේ... ගෑස්, තෙල්, විදුලිය, වතුර, ටැක්ස් වැඩිකරමු. ගෙවන්නත් ඕනනේ ණය...
අවුලක් නෑ ගෙදරම වගා කරගෙන කන්නම්. රට බේරාගත්තනේ... දැන් නම් නොකා මැරුණත් කමක් නෑ.
දෙවෙනි පින්තුරය දැක්කහම බලාපොරොත්තු කඩවීම හොඳට නිරූපනය වෙනවා.
අමරවීර මහතාණෙනි, මේ හඬ ඔබේද? ඇයි මගෙ දෙයියෝ මේ ගැන හාංකවිසියක්වත් 16 වැනිදාට කලින් නොකිව්වේ?
මමත් කියන්නේ 70-77 කාලයට යමු කියලා...
රට නයකරේ අපිද? ඔය පිටරටවල හංගලා තියෙන ඒවා ගෙනාවොත්... කවුද ඒවා හොරා ගත්තේ? ඔයාලම තමයි
හිටපු අයයි, පත්වෙච්ච අයයි සේරම කියන්නේ එකම සිංදුව. 69 ලක්ෂයටයි 54 ලක්ෂයටයි ඉතින් සොරිම තමයි. දෙගොල්ලම පිට කසා ගනී. අපි ඉතින් කටු ඉඹුලක ඇතිල්ලෙන්න ඕනේ. මේ ණය ගත්තේ අපිව සුඛිත මුදිත කරන්නනේ? අපිට අඩු මොනවද? මාර ජොලියක් ගත්තනේ ණය අරන්. මේ රටේ වහල්ලු ඉන්නකම් මොවුන්ට රජ සැප....
".. මට මේ රටේ අවදානම තේරුණා. රටේ මිනිස්සුන්ට හිඟා කන්න වෙනවා. බඩගින්නේ මැරෙන්න වෙනවා. මේ යන විදියට ගියා නම්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් ඒ අභියෝගය තිබෙනවා. ලබන අවුරුද්දේ ණය වාරිකයයි, පොලියයි ගෙවාගන්න රජයේ ආදායම මදි වෙනවා..." ලැජ්ජා නැති හැටි..!!! මේ අවධානම ඔබ දැනගෙන හිටියා නම්.. ඇයි ඒ අවදානම අභියෝගයක් ලෙස බාරගන්න ඉදිරිපත්වුණු රොහාන් පල්ලෙවත්ත මහත්මයාට ජයග්‍රහණය කරන්නට තමන්ගේ අනුගාමිකයින්ව ධෛර්යමත් නොකළේ..? ඔබ රටට නොවෙයි ඔබගේ ජීවිතය සුඛිත මුදිත කරගන්න උත්සාහ කළා...!!! යමෙක් රටට අවංකවම ආදරේ නම් ඔහු පක්ෂයට නොවේ රටට ආදරේ විය යුතුයි. අපේ රටේ ඉන්නේ රටට නොව "පක්ෂයට" ආදරේ කරන පිස්සන් පිරිසකි. ඔබ කියන විදිහට හිඟාකන්න, මැරෙන්න වුනොත් වෙන්නේ ශ්‍රීලනිප, පොහොට්ටු සහ එජාපයටත් ඡන්දය දුන්න "ගෝත්‍රික වහල්ලුන්ට" බව අමතක නොකරන්න. තව දෙයක් ..2020 ඔක්තෝබර් වෙනකොට.. ඔබලාට සිදුවෙනවා රොහාන් පල්ලෙවත්ත ළඟ දණින් වැටී ඉල්ලන්න "අනේ අපේ ණය ටික කොන්සොලිඩේට් කරන්න ක්‍රමයක් කියාදීලා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් උදව්කරන්න.." කියලා බැගෑපත් වෙන්න. අනිවාර්යයෙන්ම මෙය සිදුවෙනවා.!!!
බයවෙන්න කාරි නැහැ. කැළණි විහාරයට නාගලොවින් ධාතුන් වහන්සේලා වැඩමවලා. හාමුදුරුවෝ ණය ගෙවන්න කටයුතු කරලා දේවි...
මේ ණය ගත්තේ අපිව සුඛිත මුඛිත කරන්නනේ? අපිට අඩු මොනවද? මාර ජොලියක් ගත්තනේ ණය අරන්. මේ රටේ වහල්ලු ඉන්නකම් මොවුන්ට රජ සැප.
පිටරටින් එන පාන් පිටි, ගෑස්, පෙට්‍රල්, ඩීසල් වගේ ඒවා වැඩි කරලා ණය ගෙවන්න ඕනෑතරම් සල්ලි හොයාගන්න පුලුවන්නේ. පරණ වාහන පුලුවන් තරම් හදන් පාවිච්චි කරන්න මිනිස්සු හුරු කරන්න අලුත් වාහන ගෙන්වන එක පුලුවන් තරම් සීමා කලා. අනික ඔබලාත් පෙට්‍රල් කරන වියදම් අඩු වාහන පවිච්චි කරනවකෝ... දැක්කනේ අර ඇමති කෙනෙක් ලක්ෂ හයක් ආයේ දීලා තිබුණා පෙට්‍රල් දීමනා විදියට ලැබුණු සල්ලි කියලා. ඒ වගේ මුදල් නාස්ති නැතිකරන්න ඕනෑ. අනික දේශීය නිෂ්පාදනවලට මිනිස්සු යොමු කරන්න ඕනෑ. එතකොට ඉබේම පිටින් එන එක අඩුවෙනවා.
රැස්වීමේ මිනිස්සුන්ගේ මුහුණු දිහා බලන්න. ඇටිකෙහෙල් කාපු උගුඩුවන් වගේ. මේකට රනිල් හා සජිතුත් වගකියන්න ඕනෑ.. ඊළඟ ඡන්දෙදීවත් එජාපය හා පොහොට්ටුවන් පරාජය කරන්න වෙනවා.
හා... අපි විතරක් පටි තද කරගන්නම්. 225ම පිස්සු කෙලින්නකෝ...!!!
සුපුරුදු බයිලා පටන්ගෙන වගේ. කරුණාකරලා ඔබ යටතේ ඇති ආයතනවල ලාභ පෙන්වන්න. වියදම් අවම කරන්න. ඔබගේ සුඛෝපබෝගී ජීවන රටාව වෙනස්කර ගන්න. එලෙසින් ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න. එවිට එතුමා ආර්ථිකය කළමණා කරගනීවි.
ණය ගෙවන්න බැරි නම්, මේ රට සුද්දෙකුට දීලා මකබෑ වෙයව්... රටේ ජනතාවට පව් නොදී. ආයෙත් ආවා මෙතන නාහෙන් අඬ අඬා උඩු බුරන්න... මෝඩයින් ඉදිරියේ සිංහ වෙස් අරගෙන" කරනවා නම්, කරපල්ලා හරියට... බැරි නම්, පලයව් අහකට"
මෙය ක්‍රමවත් ශාක්‍යතා අධ්‍යයනය නොකර, කොමිස් හා තම දේශපාලන ප්‍රතිරූප වර්ධනය උදෙසා කළ ව්‍යාපෘති නිසා සිදුවූවකි. සමහර වැඩ සඳහා ගෙවිය යුතු ණය පියවීමට වසර දහස් ගණනකින් ඉන් ලැබෙන ආදායම් මදිය... සිදු වූ දේ කුමක්ද? වගකිව යුත්තන් කවුරුන්ද යන්න හංගා ගෙන කියන්නේ අපිට පටි තද කර ගන්න කියලා නේද? අපි පරාදයි. නුඹලා හැමදාමත් දිනුම්. මේ වගේ වැඩ ඉදිරියේ දී නවතින්නේද නැත.
ඇයි මගේ සංතෝ මෙහෙම කියන්නේ මේ හදිස්සියේම? මගේ මුළු පංචස්කන්ධයම දාලා පිච්චිලා ගියා නොවැ... හුස්මක් ගන්නවත් ඉඩක් දුන්නේ නැත්තේ ඇයි? පහුගිය කාලෙම ඇහැව්වේ ඇස්දෙක එෆ් එම්. උදේ ඉඳලා හවස් වෙනකල්ම එ්කේ කිව්වේ සහන මලු දෙනවා කියලා.. බදු අඩුකරනවා කියලා, පහසු ණය දෙනවා කියලා.. ටෙලිෆෝන් අඩුකරනවා කියලා. අන්තිමට කිව්වා "මේ දැන්වීමකි" කියලත්. ආසාවේ වැඩිකමටම වෙන මොනවත් ඇහැව්වේ නැහැ. සොමි ලෝකෙක ඉඳලා අවීචි මහා නරකාදියට කඩා වැටුණා වගේ දැනුණා රත්තරනේ මේ කතාව අහලා. මට නම් පිස්සු වගේ..!.
අපි කිව්වා නේද හෙට අනිද්දට හිඟා කන්න වෙන්නේ නෑ කියලා. එතකොට අපිට හිනාවුණා. මෙයා කියන ඒවා නම් ඒ තරම් ගණන් ගන්න එපා. වැල යන පැත්තට මැස්ස ගහන මිනිස්සු. කවුරු දිනුවත් ජනවරම කාගේ වුණත් ඉත්තෑවා ගෙදරට රිංගගත්ත කැබැල්ලෑවා වගේ ඇමැතිකම් වලට රිංගා ගන්නවා. හොහොම වුණත් දැන් රට, ජාතිය බේරාගත්ත බණඩාරනායක පාලනය කාලේ වගේ, සිරිමාවොගේ කාලේ වගේ බඩගින්නේ ඉන්න. හෙට අනිද්දා රට රටවල් වලින් ජාතිවාදී සම්බාධක දාපුවාම අර අන්ත ජාතිවාදීන්ට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැති බවත් මතක තියාගත්තොත් හොඳයි.
ණය ගත්තා නම් ගෙවන්න ඕනෑ, ලක්ෂ දෙකේ තුනේ ණය අරගෙන ඉතාම අමාරුවෙන් ඒවා ගෙවන අහිංසක මිනිස්සු පවා දන්නවා ණය ගන්නේ පොලිය එක්ක ගෙවන්න කියලා, ඒ දෙය තමුන්නාන්සේලා නොදන්නවා වෙන්න බැහැනේ.., ඉතින් කාවද මේ රවට්ටන්නේ? කෝටි දාස් ගණනින් ගන්න ණය මුදල් වලින් වංචා කලේ කවුද? ඒවායින් කිසිම ආදායමක් නොලැබෙන මවාපෑම් සෝභන ඉඳිකිරීම් කලේ කවුද? මේ අපි නෙවෙයි, ඉතින් ඇයි අපි පටි තද කරගන්න ඕනේ? තමුන්නාන්සේලා සියලුම සැපපහසුකම් සහිතව ජීවත් වෙමින් හෙම්බිරිස්සාවක් හැදුණත් රට ගිහින් බෙහෙත් ගන්නකොට අහිංසක අපේ පටි තද කරගන්න කීම හරිද? ඉස්සෙල්ලා අපට පෙන්වන්න මෙන්න මේවා අපි කරනවා, අපි මේ පහසුකම් ගන්නේ නෑ, අපි අපේ වියදම් කපනවා කියලා, එහෙම කළොත් රට ගැන හිතලා අපේ යුතුකම අපි කරන්නම්...
ගෙදරින් ගෙනත් බේරන්න.
බද්රානි, ඔයා කඩේ ගියේ මේ අයට නේද...? ඔබ ඇවිල්ලා මේ කට්ටියගේ වහල් අයෙක් පමණයි...!!!
බඩගිනි උනාට කමක් නෑ මහත්තයෝ අපට ඉන්න රටක් තියෙනවානෙ!
ණය වාරිකයයි පොළියයි ගෙවන ආකාරය... කැබිනට් ඇමතිවරු 16යි... පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 60යි. පළාත්සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 7000 අහෝසියි.... මැතිවරණ සියල්ල අවුරුදු 5කට එකවරකදී ජනාධිපති සහ මහා මතිවරණ පැවැත්වීම. මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි. සියලුම මොටරථ බයිසිකල් ගෙන්වීම වසර 5කට නවතා දැමීම, සියලුම ආහාර වර්ග රටින් ගෙන එම නැවතීම .... ඩියුටි ෆ්‍රී ක්‍රමය අහෝසි කිරීම, සියලුම රජයේ පාඩු ලබන ආයතන සමාගම් යටතට ගැනීම. පිටරට ඉගෙනීමට යොදන විදේශ විනිමය නවතා දැමීම. නමුත් දේශපාලන වාසි තකා මේ කිසිවක් ක්‍රියාත්මක නොවේ.
පහුගිය දිනක චීනෙන් කියලා තිබුනා, අපේ රටේ තිබෙන විශාල ණය කන්ද ගෙවා ගැනීමට උදව් වෙන්නම් කියලා. ඔබට අමතක උනාට, අපට මේවා අමතක නැත. චීනත් මීයක් කඩන්නේ අත ලෙවකන්න නොවෙයි කියල මේ වාර්තා කියවන මගේ ආච්චි කියනවා.
මම අහන්නේ ආයේම ඇයි මේ වගේ අයව මේ ආණ්ඩුවට ගත්තේ? මේ අය තමයි තිබුණු ආණ්ඩුවේත් හොරා කකා හිටියේ... කෝ වෙනසක් නැද්ද දැන්වත්? හොරා කන්න හදන්නේ පේන විදිහට පුරුදු විදිහට.. දැක්කාමත් අපිට දැන් අප්පිරියයි ඇත්තෙන්ම කිව්වොත් ...!!!
මිරිස් කරලට, පරිප්පු සීයට නැහෙන්නේ නැතුව පිටරටට යන ලොකුලොකු වියදම් අවුරුද්දකට දෙකකට නවත්තලා බලන්න. වාහන ආනයනය, පිටරට චාරිකා නවත්තන්න. සුපිරි ආහාර, ඇඳුම් පැළඳුම්, ඉලෙට්‍රෝනික් බදු ගෙන්වන එක වහා නවත්තන්න. ලක්ෂ 69 ක් ඡන්දෙ දුන්නේ ඒකටයි.
මේක අහපු ඔය පින්තූරවල ඉන්න ආච්චිලා කී දෙනෙකුට "හාර්ට් ඇටෑක්" හැදුණද දන්නේ නැහැ නේද? හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මැතිතුමා පටන්ගත් සුවසැරිය ගිලන් රථ කිහිපයක් ඔය ඇමතිවරුන්ගේ රැස්වීම් ලඟට ගෙන්වා තබා ගත්තොත් මේ අයට ඡන්දෙ දාපු අයගේ ජීවිත බේරාගන්න පුළුවන් වෙයි...! කොහොම වුණත් ඒ ගෘහණියන්ගේ මුහුණු නම් වේලිච්ච කෙහෙල් කොළ වගේ මැලවිලා!!! අර පහුගිය ඡන්දයකදී ඡන්ද වැඩ සඳහා 100 කොළ හිඟාකෑවා වගේ.. මේ රජයේ මැතිඇමැතිවරු පැමිණෙන රැස්වීම් වේදිකාවල තඩි පින්කැට තබා, "අපි හිඟන්නෝ. ණයයි පොලියයි ගෙවන්න ආදායම මදි... මේ කැටේට රුපියල් සීය බැගින් හැමෝම දමන්න" කියා බෝඩ් ලෑල්ලක් එල්ලුවොත් රාජපක්ෂ ණය කන්ද සමහරවිට ගෙවාගන්න බැරි වෙන එකක් නැහැ!!! ට්‍රයි කරලා බලමුද, උදය මහත්තයෝ?
මිනිස්සුන්ව රවට්ටලා බලය ගත්තට මොකෝ දැන් හිර වෙලා. දැන් පටි තද කරගන්නලු. කොරන්න බැරි මගුල් බදාගන්නේ නැතුව ඉන්න ඕනා. කෝ බල තන්හාව ඔලුවට ගහලනේ තියෙන්නේ. දැන් ඡන්දේ දීපු අයට විතරක් නෙවෙයි නොදීපු අයටත් පරිප්පු කන්න වෙලා. පව් මේ රටේ මිනිස්සු.
මෙයා මොන ආණ්ඩුව ආවත් ඇමති. එකම කතාවම තමා කියන්නෙත් . වෙනස පැහැදිලිද?
ජාතිවාදයෙන් විතරක් රටක් පාලනය කරන්ඩ බැරි බව දැන් කට්ටියට වැටහීගෙන එනවා වගේ.
රාජ්‍ය පාලනය ලබාගන්න කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා බලයට එන්නේ අපට සේවය කරන්නද?
"මිරිස් නැතිව හොදි කන්නම්" "සීනි නැතිව තේ බොන්නම්" ලොක්ක අපිට කියනවා නම් කන්නේ නැතිව වුණත් අපි ඉන්නම්...
මොනවද මේ කියවන්නේ? මිරිස් වවලා ගුවන්තොටුපොළවල් හදන්න හදන්නේ...? තව ගුවන්තොටුපොළවල් හදලා කොමිස් ගහගන්න හිතාගෙන ඇති.
"ජාති ආලය" යනු "හොරකම" ට සමාන පදයකි.
ආරාම වලට නම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ නේද?
මහින්ද මහතා ගිය සතියේ හෙලිකොප්ටරයෙන් දළඳා වඳින්න ආවා. නිවුස් වලට කිවේ දළදා වැඳපුදා ගත්තා කියා විතරයි. ලංකාවේ වගකීම් නැතුව වැඩකිරීම සහ මහජනතාව දැනුවත් කර රටේ මුදල් ඉතිරි කිරීමට මාධ්‍ය දායකත්වය නොදෙන එක් අවස්ථාවක්... මෙහිදී උපකල්පන වියදම මාධ්‍ය ආයතන වලින් ප්‍රසිද්ධ කළ යුතුයි. මම හිතන විදියට මිලියන 5ක් විතර ඒ සඳහා වියදම් කළා. කොස්ට් කොම්පෝනන්ට් බැලිය යුතුමයි. දේශපාලකයින් ඇත්තටම මුදල් ඉතිරි කරනවද? නැතිනම් කොච්චර නාස්ති කරනවද? යන්න සෙවිය යුතුයි.
ගහන්න බලන්න බහුතරය අත් පුඩියක්...
දේශපාලුවන් කරන නාස්තිය අනවශ්‍ය වියදම් දිහා බලනකොට ඒවට වගකියන්න ඕනෑ ඔවුන්ම තමයි.
මේ නම් එන්නේ මොකක් හෝ බද්දක් ගහන්න තමයි...
ණය ගත්තේ අපිට නෙමෙයිනේ. ඔබලගේ සුඛවිහරණයට නේ... ඒ නිසා ඔබලා බඩ ඇතුළට ඔබාගෙන බෙල්ට් තදකර ගන්න.
ආ එතකොට දැන් අපි තවත් නොකානොබී ඔහෙලට සැපත් දීලා ණයත් ගෙවන්න ඕනද? තව ටික දවසකින් ඔහෙලගේ සැපවාහන වලට ආණ්ඩුවෙන් මුදල් අනුමත කරගෙන එහෙම වැඩ පටන් ගන්න එපැයි. ඔහෙලට කන බොන දේවල් යා දෙනවද මන්දා...? තව වැඩි දවසක් යන්න කලින් ඡන්දෙ දුන්නු කෙනෙක් හොයා ගන්න බැරි වෙන එක නම් මට විශ්වාසයි.. මොවුන්ගේ නාස්තියයි, අසාමාන්‍ය වියදම් ටිකයි, රට සවාරියි නවත්වන්න ජනාධිපතිතුමා.. එතකොට වාරිකයි ණයයි ඔක්කොම ගෙවලා රටේ දියුණුවටත් වැඩ කරන්න සල්ලි එකතු වෙයි.
විපක්ෂයේ ඉන්නකොට මේ අයට තියෙන මොලය බලය තියෙනකොට පල්ලෙහාට බහිනවා. කරන්න පුළුවන් හින්දනේ ආවේ. කෝ දැන් ආර්ථික පර්යේෂණ ඒකකයේ ටික. ඒ දවස්වල කෙස් පැලෙන තර්ක ගෙනාවේ ආර්ථිකය ගොඩගන්න ක්‍රම කියලා...
අනේ අර අනුර කොලුවා කිව්ව ණය ගෙවන ක්‍රමේ.. ඒ කොලුවා මෙහෙම කියන එකක් නැහැ.
අනුර කුමාර දිසානායක මහතා ඔහුගේ දේශපාලන වේදිකාවල රට වැටී තිබෙන තත්වය හොඳට පැහැදිලි කළා. තමුන්ලා බලයට ආපුවාම තමා කියන්නේ රට පාලනය කලේ ඔබලාය. අත සෝදා ගන්න එපා... ඔබලා වගකිව යුතුය. ප්‍රථමයෙන් රටකරවන පාලක පන්තිය ආදර්ශමත් වන්න.
කාලකන්නි ජාතියක්... මිරිස් පැලේ හිටුවන්න ඕනෑ දේශපාලකයින් පළමුවෙන් දෙවනුව ජනතාව ඔයාම තම යහපාලන යූඑන්පී බෝට්ටුවට නැගලා අපිට මඤ්ඤොක්කා කන්න කිව්වේ දැන් ඔන්න කකුලෙන් අදින්න හදන්නේ අයෙමත් යූඑන්පී යට කඩේ යන්න..
පොල්කටු අරගෙන හිඟමනේ යමු...
ඇපල්, මිදි, දොඩම් වගේ ඒවා රටින් ගේන එක නවත්තන්න බැරිද?
රටයි, ජනතාවයි රවටන එක මෙරට පාලකයින්ගේ සෙල්ලමක්..
කවුරු දිනුවත් ඔය කතාව අහන්න වෙන බව මම නම් දැනගෙන හිටියා. එහෙම වුණාට මැතිවරණ වේදිකාවල මවන්නේ සුරංගනා ලෝක...
නිවට නායකයා තමන්ගේ වැසියන්ගේ බඩට ආමන්ත්‍රණය කරනවා. වීර නායකයා තම වැසියන්ගේ ගරුත්වයට ආමන්ත්‍රණය කරනවා. ප්ලේටෝ, මෙතන බොහොමයක් ඉන්නේ බඩගෝස්තරවාදියෝ බව පෙනෙනවා නමුත් රටේ ඉන්නේ බොහොමයක් ගරුත්වයක් ඇති මිනිස්සු. වීරයෙක් ඉදිරියට ආවාම ඔවුන් ඒකරාශී උනා.
දැන්වත් තේරුණාද?
ඉතිං ඹ්ක කියන්න ඔයා ඕනයැ. මොකටද ඇමතිකම ගත්තේ. අපිට බඩගින්නේ ඉන්න මං ඇමතිකමෙන් කාලා ඉන්නම් කියන්නද. අනෙක ගිය පාර ආණ්ඩු කලේ අපියැ. ඹයාලාටමනේ බලය තිබුණේ... මේ බැරීමනං ගෙදරට වෙලා ඉන්නවද ප්ලීස්...
එක්කෙනක් කියනවා අදායම මදි කියලා. ඊළඟ මොහොතේ එ් කෙනාම කියනවා බදු අඩුකරනවා කියලා. රජයට ආදයම ලැබෙන බදු කප්පාදු කළාම ආදායම අඩුවෙනවා නේද?