IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


මහින්ද යළිත් අගමැති තනතුර අබියස

වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිනයේ ඉල්ලා අස්වීමෙන් පසුව මීළඟ අගමැතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සූදානමින් සිටින බව රජයේ ප්‍රකාශකයෙක් පැවසී යැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.

අගමැති තනතුරෙන් තමන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් හෙට (21 වැනිදා) ඒ බව ජනාධිපතිවරයාට දන්වන බවත් වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

වසර 2005 දී ශ්‍රී ලංකාවේ පස්වැනි විධායක ජනාධිපතිවරයා වීමට පෙර මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා වී සිටියේය.



අදහස් (21)

මහින්ද යළිත් අගමැති තනතුර අබියස

Gune Wednesday, 20 November 2019 01:27 PM

පළපුරුද්ද අනුව, කතානායක තනතුරට චමල් මන්ත්‍රීතුමාත්, මහා මාර්ග හා ආර්ථික කටයුතුවලට බැසිල් මැතිතුමාත් සුදුසුයි. අධිකරණ අමාත්‍ය ධුරයට නාමල් මන්ත්‍රීතුමාත්, ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් ධුරය යෝෂිත මහතාත් යෝජනා කරමි.

:       110       272

saliya Wednesday, 20 November 2019 01:30 PM

ඇමති මණ්ඩලයේ මෙන්ම වගකිව යුතු තනතුරු කිසිවක් දූෂිතයින්ට නොදෙනු ඇත. පිරිසිදු පාලනයක් අත ළඟ.

:       114       8

sirimal Wednesday, 20 November 2019 01:41 PM

මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක් ලැබෙනවා ස්ථිරයි. ඉන්පස්සේ ගෝඨාභය මහත්තයට අවශ්‍ය ආකාරයට වැඩ කටයුතු කෙරුනොත් හොඳයි. කලින් සිදුවුන වැරදි වලින් පාඩමක් ඉගෙනගෙන එම වැරදීම ඊටත් වඩා පරෙස්සමින් කරන්න එහෙම ගියොත් අනාතයි.

:       0       8

danuka chirantha Wednesday, 20 November 2019 03:13 PM

ඡන්දෙට යනකන් පින් අගමැති පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති, කලින් දින 100දි රනිල් පින් අගමැති උනා වගේ, ඡන්දෙන් දින්නම ආයෙත් අගමැති. සුබ පැතුම්!

:       61       3

winodh Wednesday, 20 November 2019 03:16 PM

2005 විතරක් නෙමෙයි, 2018 ත් මහින්ද මැතිතුමා අගමැති වෙලා හිටියා

:       56       7

karolis Wednesday, 20 November 2019 03:23 PM

ගෝඨාභය ට පින් සිද්ද වෙන්න අගමැති කම ආයෙත් හම්බ උනා කියලා මතක තියා ගන්න ඕනේ.

:       6       43

Wedage Wednesday, 20 November 2019 03:27 PM

ලෝකෙන්ම පළවෙනි රට. අයියයි මල්ලියි, ජනාධිපති සහ අගමැති. හොහොමද වැඩේ.

:       1       146

Rata Perata Wednesday, 20 November 2019 04:20 PM

මේක ඉතින් අලුත් දෙයක් නෙමෙයි නේ? මේක තමයි සැලැස්ම.

:       0       117

almeida Wednesday, 20 November 2019 04:25 PM

බලයට තියෙන කෑදරකමක තරම. විශ්‍රාම සුවයෙන් ඉන්න හිතක් ඇත්තෙම නැද්ද? නැවතත් මුළු පවුලම එකතුවෙලා රටේ 80% හොදම අමාත්‍යංශ ටික බෙදාගෙන කන්න වගේ හදන්නේ. ගොනා හැරෙන්නේ පොල් පැලෙට කිව්වලු!

:       126       291

Chathuri Wednesday, 20 November 2019 04:41 PM

දැන් නම් ටිකක් හරි නින්ද යයි, පෙරුම් පිරුවේ මල්ලිගේ තැනට, නමුත් ඒක ලැබුණානම් තද නින්දට යනවා. මල්ලිත් සමගනම් මම දන්නේ නැහැ , මට මතක නැහැ ෆයිල් හැන්ගිලි බොරු.

:       40       71

chandiThursday, 21 November 2019 04:00 AM

මෙන්න මෙයා බොරුවට කියවනවා. පැරදුනාට දුකයිද නංගී?

:       152       163

චන්න Wednesday, 20 November 2019 04:56 PM

වර්ජන කරන්න දෙන්න එපා

:       1       8

Perera Wednesday, 20 November 2019 05:30 PM

ජයවේවා!!!!

:       107       21

IK Wednesday, 20 November 2019 07:23 PM

ජයවේවා උතුමාණෙනි!

:       110       29

සමන් ඔස්ට්‍රලියා Wednesday, 20 November 2019 11:03 PM

ජයවේවා

:       205       58

Ruwan Wednesday, 20 November 2019 11:54 PM

මේ මහත්තයා ගිය අවුරුද්දෙත් අගමැති වුනා නේද?

:       1       151

Naushi Thursday, 21 November 2019 02:27 AM

එයා අගමැති වෙනවා ඊට පස්සේ ගෙදර යනවා. එයාට දැන් ඒක ගානක් නැහැ.

:       23       90

Bamunuarachchi Thursday, 21 November 2019 02:28 AM

මේ මහත්තයා ගිය අවුරුද්දෙත් අගමැති වුනා නේද? ඔව් ඒ පෙන්නුවේ පෙරනිමිති. කස ගහලා පෙන්නුවා පෙරහැර එනවා අයින් වෙන්න ලැහැස්ති වෙන්න කියලා.

:       101       51

ajith Thursday, 21 November 2019 03:38 AM

ඒ කියන්නේ නැවතත් පරණ තැටියම තමයි. ලේබලය විතරයි අලුත්. ඔහොම යං ඔහොම් යං

:       0       171

Chanak los angeles Thursday, 21 November 2019 03:56 AM

මේ මහත්තයා ඉහල ඉඳන් පහලට එනවා වෙන මහත්මයාලා පහල ඉඳන් ඉහලට ගිහින් විශ්‍රාම යනවා ...

:       55       145

BamunuarachchiThursday, 21 November 2019 08:03 AM

ඔලුවෙන් හිටගෙන බැලුවාම ඔහොම තමයි පෙනෙන්නේ. කිසිම මහත්තයෙක් ඉහලට ගිහිල්ලා විශ්‍රාම ගියේ නැහැ එක්කෝ පහලට වැටුනා නම් නැතිනම් ඉහලින් තල්ලු කලාම විශ්‍රාම ගියා. ඒගොල්ලෝ විශ්‍රාම ගියේ බැරිකමට. මහින්දට තාම හැමදේම පුළුවන්. එහෙනම් මොකටද විශ්‍රාම යන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 372 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2166 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1643 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site