වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිනයේ ඉල්ලා අස්වීමෙන් පසුව මීළඟ අගමැතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සූදානමින් සිටින බව රජයේ ප්‍රකාශකයෙක් පැවසී යැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.
අගමැති තනතුරෙන් තමන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් හෙට (21 වැනිදා) ඒ බව ජනාධිපතිවරයාට දන්වන බවත් වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
වසර 2005 දී ශ්‍රී ලංකාවේ පස්වැනි විධායක ජනාධිපතිවරයා වීමට පෙර මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා වී සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළපුරුද්ද අනුව, කතානායක තනතුරට චමල් මන්ත්‍රීතුමාත්, මහා මාර්ග හා ආර්ථික කටයුතුවලට බැසිල් මැතිතුමාත් සුදුසුයි. අධිකරණ අමාත්‍ය ධුරයට නාමල් මන්ත්‍රීතුමාත්, ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් ධුරය යෝෂිත මහතාත් යෝජනා කරමි.
ඇමති මණ්ඩලයේ මෙන්ම වගකිව යුතු තනතුරු කිසිවක් දූෂිතයින්ට නොදෙනු ඇත. පිරිසිදු පාලනයක් අත ළඟ.
මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක් ලැබෙනවා ස්ථිරයි. ඉන්පස්සේ ගෝඨාභය මහත්තයට අවශ්‍ය ආකාරයට වැඩ කටයුතු කෙරුනොත් හොඳයි. කලින් සිදුවුන වැරදි වලින් පාඩමක් ඉගෙනගෙන එම වැරදීම ඊටත් වඩා පරෙස්සමින් කරන්න එහෙම ගියොත් අනාතයි.
ඡන්දෙට යනකන් පින් අගමැති පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති, කලින් දින 100දි රනිල් පින් අගමැති උනා වගේ, ඡන්දෙන් දින්නම ආයෙත් අගමැති. සුබ පැතුම්!
2005 විතරක් නෙමෙයි, 2018 ත් මහින්ද මැතිතුමා අගමැති වෙලා හිටියා
ගෝඨාභය ට පින් සිද්ද වෙන්න අගමැති කම ආයෙත් හම්බ උනා කියලා මතක තියා ගන්න ඕනේ.
ලෝකෙන්ම පළවෙනි රට. අයියයි මල්ලියි, ජනාධිපති සහ අගමැති. හොහොමද වැඩේ.
මේක ඉතින් අලුත් දෙයක් නෙමෙයි නේ? මේක තමයි සැලැස්ම.
බලයට තියෙන කෑදරකමක තරම. විශ්‍රාම සුවයෙන් ඉන්න හිතක් ඇත්තෙම නැද්ද? නැවතත් මුළු පවුලම එකතුවෙලා රටේ 80% හොදම අමාත්‍යංශ ටික බෙදාගෙන කන්න වගේ හදන්නේ. ගොනා හැරෙන්නේ පොල් පැලෙට කිව්වලු!
දැන් නම් ටිකක් හරි නින්ද යයි, පෙරුම් පිරුවේ මල්ලිගේ තැනට, නමුත් ඒක ලැබුණානම් තද නින්දට යනවා. මල්ලිත් සමගනම් මම දන්නේ නැහැ , මට මතක නැහැ ෆයිල් හැන්ගිලි බොරු.
වර්ජන කරන්න දෙන්න එපා
ජයවේවා!!!!
ජයවේවා උතුමාණෙනි!
ජයවේවා
මේ මහත්තයා ගිය අවුරුද්දෙත් අගමැති වුනා නේද?
එයා අගමැති වෙනවා ඊට පස්සේ ගෙදර යනවා. එයාට දැන් ඒක ගානක් නැහැ.
මේ මහත්තයා ගිය අවුරුද්දෙත් අගමැති වුනා නේද? ඔව් ඒ පෙන්නුවේ පෙරනිමිති. කස ගහලා පෙන්නුවා පෙරහැර එනවා අයින් වෙන්න ලැහැස්ති වෙන්න කියලා.
ඒ කියන්නේ නැවතත් පරණ තැටියම තමයි. ලේබලය විතරයි අලුත්. ඔහොම යං ඔහොම් යං
මේ මහත්තයා ඉහල ඉඳන් පහලට එනවා වෙන මහත්මයාලා පහල ඉඳන් ඉහලට ගිහින් විශ්‍රාම යනවා ...