ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහා සංඝරත්නයේ ආශිර්වාද මැද ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද ( 19) සිය ධුරයේ වැඩ කටයුතු ආරම්භ කළේය.
ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර රුවන්වැලි මහා සෑ රඳුන් අභියසදී ඊයේ ( 18) දිවුරුම් දුන්නේය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේහි සභාපති මහාචාර්ය ජී එල් පීරීස් යන මහත්වරුන්ද , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්ද අමරවීර, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.







(ඡායාරූප ජනාධිපති මාධ්‍ය අංශය )
COMMENTS
ඔබතුමාට තුණුරුවන්ගේ ආශීර්වාදය .... අපේ රටවැසියන් හරිම අසරණයි. මේ රටේ එකම නිතිය ස්ථාපිත කරන එක රටේ පළවෙනි පුරවැසියාගේ ඉඳලා අන්තිම පහළ ඉන්න කෙනාත් සමාන වෙන්න ඕනේ. මේ මත් උවදුරෙන් රට ගලවාගන්න. අපේ මිනිස්සු, අනාගත පරම්පරාව විනාශ වෙලා. හැමතැනම බාර්. මේවා සීමා කරන්න මුළු රටම එක නීතියක් යටතේ විනයගරුක කරන්න. පස්පව් වලින් වැළකී සිටින සමාජයක් බිහි කරන්න. ඔබතුමාට ධෛර්යය ශක්තිය ලැබෙන්න ඕනේ. මේ රට නැවත ධර්මදීපයක් කරන්න හැකිනම්.....
සාමාන්‍ය පුද්ගලයෙක් වශයෙන් මමත් එතනින් මගේ වාහනයෙන් ගමන් කළා. පාර වසා තිබීමක් හෝ මාර්ග බාධක දමා තිබීමක් තිබුනේ නැ. ජනාධිපතිවරයා තමන්ගේ වැඩේ කරනවා, රට සාමාන්‍ය විදිහට යනවා. නියමයි නව ජනාධිපති තුමනි. ඔහොම යමු. කොයි දේටත් විරුද්ධ වන කුහක විරුද්ධවාදීන් මොනවා කිවත්, ඔබතුම මේ රට නිසි මගට ගන්න. චිරන් ජයතු.
අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාට අපගේ උණුසුම් සුභ පැතුම්! විශේෂයෙන්ම පහත දැක්වෙන ශිර්ෂ යටතේ ඔබතුමාගෙන් මේ රටටත් මුළු මහත් ජනතාවටත් සෙතක් වේ යයි විශ්වාශ කරන බැවිනි. 1 නීතයේ ආධිපත්‍ය රට තුල නැවත ස්ථාපිත කිරීම 2 රටට සහ ජනතාවට පිඩාවක් ගෙන දුන් හිංසාකාරී ප්‍රජාතන්ත්‍රවාදය අතුගාදමා රට නිවැරදි දිශානතියකට ගෙන යාහැකි එඩිතර දුරදර්ශි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම. 3 ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් සිදුකෙරෙන ජනපිඩක වෛද්‍ය, ශිෂ්‍ය , ප්‍රවාහන, මාධ්‍ය, රාජ්‍ය සේවක, ගුරු සංගම් මෙකි නොකී වර්ජන වලට නොබියව නොසැලී තිත තැබීම. මේ සඳහා මෙරට ජනතාවගේ ආශීර්වාදය නොඅඩුවම ඔබතුමාට ලැබෙනු ඇත. 4 ව්‍යවස්ථාවෙන් සහතික කළ සියලු වරප්‍රසාද සියලුම පුරවැසියනට ලබාදීම 5 බෞද්ධ ආගමට මුල්තැන. 6 රටේ සංවර්ධන කටයුතු වේගවත් කිරීම 7 උද්ධමනය අඩුකොට ඒක පුද්ගල ආදායම වර්ධනය කිරීම. 8 දුෂණය දුරුකොට රටතුල සංහිඳියාව ඇති කිරීම. මේ පණිවුඩය සජිත් ප්‍රේමදාස අප පක්ෂය ගැන නොතකා ඔහු ගැන පමණක් කියමින් රග දැක්වූ ඒක පුද්ගල පාලනයකට තිත තැබීමට තීරණය කළ පිරිසිදු එජාප පාක්ෂිකයන්ගෙනි.
ජයවේවා ජනපති තුමනි !
තෙරුවන් සරණින් මගේ රට ආරක්ෂා වේවා! රට සෞභාග්‍ය වේවා!! ඒ සඳහා ඔබතුමාට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබී චිරාත් කාලයක් වැජඹේවා!!!
සුභ පැතුම්.! විභාගයකින් පසු සුදුසුකම් ඇති... විභාගය සමත් වන අය පමණක් පාර්ලිමේන්තුවට යා හැකි නීති කඩිනමින් ගේන්න. සමස්ත ජනතාවගේ එකම පැතුම මෙයයි.
හැරවුමක ඇරඹුම. ජයවේවා ජනාධිපති තුමනි යෝධබල වෙර විරිය ලබාගෙන මවු බිමට මගේ වාසනා...
තෙරුවන් සරණයි !
සියලු බාධක මැඩගෙන එඩිතරව රට ඉස්සරහට ගෙනියන්න අවස්තාවාදීන්ට හොදින් උත්‍තර දී සියලුම රටවැසියන්ට සෞභාග්‍ය ලගා කිරීමට ශක්තිය වාසනාව ලැබේවා. තුනුරුවන්ගේ ආශීර්වාදය, සියලු දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදය ලැබේවා!
ලොකුම හොරෙක් හිටපු සහ අලුත් ජනාධිපති ළඟටම වෙලා ඉන්නේ..............
ලොකුම හොර සෙට් එක පිටිපස්සේ ඉන්නවා පේනකොට අප්පිරියයි.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අපගේ ගෞරවණිය ශුභාශිංසනය මෙයින් පුදකරමු. ජනාධිපතිතුමනි ඔබතුමා අද දින රාජකාරි කටයුතු ආරම්භ කිරීම අපි දුටුවෙමු. මේ වනවිට රාජ්‍ය සේවය අන්තයටම පිරිහී ඇත. රජයේ දෙපාර්තමෙන්තුවකින් සාමාන්‍ය වැසියෙකුට සේවයක් ලබාගැනීම ඉතාම දුෂ්කර කාර්යක් බවට පත්වී ඇති බව ඔබතුමා නොදන්නවා විය නොහැකිය. මේ අතරින් රජයේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ප්‍රධාන තැනක් ගනී. එහි රාජකාරි කරන්නවුන් කටයුතු කරන්නේ ඔවුන් කවදාවත් විශ්‍රාම නොයන්නවුන් ලෙසයි. සතියේ දිනක ඔබතුමා හදිසියේ එහි ගියහොත් විශ්‍රාමිකයින් කොපමණක් තම අවස්ථාව එන තෙක් එහි රැදී සිටිනවාදැයි දැක ගතහැකිය. විශ්‍රාම ගොස් විදේශ ගතව ආපසු පැමිණි විශ්‍රාමිකයින්ට කරන කෙණෙහිලි අපමණයි. අවුරුදු ගණන් ඔවුන්ගේ විශ්‍රාම වැටුප නොගෙවා සිට, නොයෙකුත් හේතු දක්වමින් විශ්‍රාම වැටුප පමා කරන අතර නැවත නැවතත් නොයෙකුත් අනවශ්‍ය ලියකියවිලි ඉල්ලමින් එය නොගෙවීමට මගක් පාද ගැනීමට කටයුතු කරයි. රාජ්‍ය සේවයෙන් නියමිත කාර්ය ලබා ගැනීමට නම් වහාම ජංගම දුරකථන රාජකාරි ස්ථානයට රැගෙන යාම , ඇමෙරිකාවේ මෙන් තහනම් කළ යුතුයි. ඔබතුමන්ගේ කාරුණික අවධානය මේ ගැන යොමු වේවා !
ඇතැම් අය පී.බි. ජයසුන්දර ගැන විරුද්ධ මතයක් දරනවා. ඇත්තෙන්ම මාත් ඒ අතරින් අයෙක්. නමුත් මට හිතෙන්නේ ගෝඨා යන්න හදන පාර වෙනම එකක් කියලයි. අපිට මතකයි ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ලේකම් ධුරයේ සිටි කාලයේදීත් ජයසුන්දර පිළිපැද්දේ එවක අමාත්‍යවරයාගේ නියෝග පමණි. එසේනම් ගෝඨාට මේ මොහොතේ අවශ්‍ය තමන්ගේ ඍජු නියෝග පිළිපදින ලේකම්වරයෙක් බව හැගේ. කොහොම නමුත් අපි බලා සිටිමු.. ගෝඨා ගැන ඇති ගෞරවය එලෙසම රකිනු ඇතැයි විශ්වාස කරමු.
ආපු ගමන් හොරු ලං කරගෙන......
සහෝදරයින්, ඥාතිපුත්‍රයින් සහ හොරකම් කර ඇති පුද්ගලයින් ඔබේ මාර්ගයෙන් ඉවත් කර ගමන යන්න. මේ අය තවමත් ඔබ අසල ගැවසෙන බව අප දකිනවා. විශ්‍රාමික හමුදා නිලධාරීන්ගෙන් වැඩක් ගන්න බලන්න. මිනීමරුවන් සහ කුඩුකාරයින් කිසි විටක නිදහස් කරන්න ගොස් කළු පැල්ලම් තවරා ගන්න එපා. සුභ ගමන්...!
හොරෙක් පිටිපස්සෙන් ළඟටම වෙලා ඉන්නවා දැක්කම පහුගිය දවස් දෙකේ තිබුන සතුට නැතිවෙලා ගියා.
අපගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමු.
හැමෝම ලස්සනට බුදුන් වඳිනවා දැක්කම හිතට හරිම සැනසිල්ලක් දැනෙන්නේ.
සමහරු දැක්කම බඩ දඟලනවා.
නියම සෙට් එකක් එකතුවෙලා ඉන්නවා. ඔහොම යන්.. ඔහොම යන්....
ජනාධිපති ධුරය ගැන පුරෝකථනය කළ කේන්දර ස්වාමිවරුන් කොහේද? ඔවුන්ගේ ග්‍රහලෝකයේ විවේකීව සිටිය හැකිය.
මඩ ගහන්න විතරයි දන්නේ මෝඩ බයියෝ. තේරෙයි........ කල් යයි.
ඔබතුමාත් ඔය ටික ලං කරගත්තොත් ඔබටත් වෙන්නෙ 2015 වෙච්ච දේම තමා.
ඔබතුමා ටිකක් විවේක ගත්තොත් හොඳයි. ඔබට ජය.
ඔබතුමා ජනපති වූ ප්‍රථම කතාවදී කිවේ විශ්ව විද්‍යාල වල නව පර්යේෂණ කල යුතු බවය අපගේ විශ්ව විද්‍යාල විවිද අයගේ අතකොලු පමණයි. ලෝකයේ ශ්‍රේණිගතකිරීම් අනුව විශාල පසු බෑමක් ඇත බටහිර පරිදී අපේ විශ්ව විද්‍යාල ද වෙනස් විය යුතුයි.
ඇමතිලා 15 දෙනෙක් පමණක් තියා ගන්නවා කිව්වද. එහෙමවුනොත් මේ කට්ටිය මරා ගනියි නේද.? වැඩේ හොඳයි , යුද්දයක් වගේ තියෙයි , 55 අඩු උගතුන් විය යුතුයි.
වටේ ඉන්න හොරු හදුනාගෙන ඒ අයගෙන් මිදිලා ජනතාව වෙනුවෙන් නිවැරදිව කැප වෙන්න ඔබට හැකි නම් එයයි අපේ බලාපොරොත්තුව. අපිට තවත් හොරු රංචුවක් නම් එපා. එහෙම වුනොත් ඔබටත් අනිත් අයට අත් වුන ඉරණමම අත් වේවි. ඔබව තෝරාගත් ජනතාවගේ එකම සිහිනය ඉදිරියට යන රටක් විනා අගාධයට යන රටක් නොවේ. මේක සිංහල බෞද්ධ රටක්. ලෝකෙටම තියෙන එකම සිංහල බෞද්ධ රටයි මෙය. අපිට මේ රට මෙහෙමම තියෙන්න ඕන.