(කුරුණෑගල අධිකරණ - රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
"රාජ්‍ය සේවකයින් සද්භාවයෙන් කරන ක්‍රියාවන් ඔවුන්ට පාරා වලල්ලක් වන්නට කිසිසේත් අප ඉඩ දෙන්නේ නැහැ. බුද්ධ ජයන්තියට සිල් රෙදි බෙදන්න කියලා මහා සංඝරත්නයෙන් ඉදිරිපත් කල යෝජනාව අනුව එදා විධායක ජනාධිපතිවරයා ලෙස මා දුන් නියෝගය ක්‍රියාත්මක කළ ලලිත් වීරතුංග මහත්තයටයි, අනූෂ පැල්පිට මහත්තයටයි එදා ජම්පර් ඇන්දුවා." යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (23) දහවල් කුරුණෑගලදී පැවසීය.
වීරඹුගෙදර රන්වලගෙදර ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ නව දහම් පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාට එක් වෙමින් අගමැතිවරයා එසේ කීය.
වැඩිදුරටත් කතාකල අගමැතිවරයා,
‘‘තවමත් ඒ නඩුව යනවා. මෙවැනි තත්වයකින් රජයේ සේවකයා මුදවා ගතයුතුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වෙනම විශේෂ පනතක් ගෙන ආ යුතුයි. නමුත් දැන් තියෙන්නේ සුලුතරයක් සහිත ආණ්ඩුවක්. විරුද්ධ පක්ෂය වැඩියි. ආණ්ඩු පක්ෂයක් විදිහට අපට අඩුයි. නමුත් අපි දෙගොල්ල එක්තරා විදිහක සහයෝගයකින් මාස 3ක් මැතිවරණයකට යනතෙක් කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒකට කතානායකතුමා මැදිහත් වෙලා කටයුතු කරනවා. ජනතා වරම තියෙන්නේ අපිටයි. ඒ වරම අනුව ඔවුන් කටයුතු කිරීම අපි එක පැත්තකින් අගය කරන්න ඕනෑ. අපිට ඒ වෙලාවේ මන්ත්‍රී ධුර එකසිය හතලිස් ගණනක් තියෙනකොට මේ අද අභාවප්‍රාප්ත වෙලා ඉන්න දි.මු. ජයරත්න අගමැතිතුමා ඉවත්වෙලා ගියා. 42ක් තිබුණු පක්ශයේ නායකයාට අගමැතිකම දුන්නා.
මේක තමයි මම අගමැතිවෙලා කරන පළවෙනි රාජකාරිය. දැන් මම බුද්ධ ශාසන ඇමති නිසා අයිතියකුත් තියෙනවා ආරාධනා කළාම එන්න. අද අපට පන්සල් තියෙනවා. නමුත් හාමුදුරුවරු නැහැ. හුඟක් පන්සල් වැහිලා. ඒක අපට ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. ඒ පන්සල් නගා සිටුවීම නායක ස්වාමීන් වහන්සේලාට ඇති කාර්‍යභාරයක් වෙනවා. රජයෙන් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට අපි කටයුතු කරනවා. වසර කීපයකට පසු පළවෙනි වතාවට තමුන්නාන්සේලා සියලු දෙනා එකතුවෙලා ආණ්ඩුවක් පිහිටුවා ගත්තා.
අපට තියෙනවා ලොකු වගකීමක්... ඒ වගේම මේක තාවකාලික ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවේ ඇමති මණ්ඩලය 15 දෙනයි. කැබිනට් එක පහලොවට බස්සනකොට පළාත් සභාවේ ඇමති මණ්ඩලය හතරේ ඉඳලා දෙකට බස්සනවා වගේ වැඩක් මේක. 15 දෙනෙක් තෝරනකොට ප්‍රශ්න තියෙනවා. සුදුස්සෝ ඉන්නවා. සුදුස්සෝ අපමණයි. ඒ සුදුස්සන්ට 15 නිසා ඇතිවුන හිත් අමනාපකම් මම දන්නවා. ඒ වුණත් ඔවුන් රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් මේ මාස කීපය කැපකරන්න අපට පුලුවන් කියන ආත්ම ශක්තිය ඔවුන්ට තිබුණා. ඔවුන් මට කිව්වේ අපිත් මහන්සියෙන් වැඩ කළා. ඒ නිසා හිත් වේදනාවක් තියෙනවා. නමුත් අපි රටක් වෙනුවෙන් කරන කැපවීම කරන්න සූදානම් කියලයි. ඒක අපි අගය කරනවා.‘‘ යැයි පැවසීය.
ඇමෙරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කටුගස්තොට උපරත්න හිමියන්ගේ ආරාධනයෙන් අගමැතිවරයා මෙම අවස්ථාවට එක්වූ අතර දහම් පාසල් ගොඩනැගිල්ල ව්‍යාපාරික රංජිත් වීරසිංහ මහතාගේ මූල්‍ය පරිත්‍යාගයෙන් ඉදිකර තිබිණ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් මීට පස්සේ සද්භාවයෙන් ගසාකනවා. මරු තියරිය.
නීති පොතේ සද්භාවය විස්තර කරන්නේ 'නිසි සැලකිල්ල හෝ අවධානය නොමැතිව කරනු ලැබූ කිසිවක් සද්භාවයෙන් කරන ලද සේ නොසැලකේ' කියලයි. සිල් රෙදි බෙදපු අය නිසි සැලකිල්ල යොමුකලා නම් අවධානය යොමුකලා නම් දන්නේ නැද්ද ඒක නීති විරෝධී බව. ආයතන සංග්‍රහයේ තියෙනවා ඇමතිවරයා නියෝග කළත් ඒ නියෝගය නීතිවිරෝධී බව පෙරලා ඇමතිවරයාට පහදා දුන් බවට ඔප්පු කළ නොහැකි නම් ඒ රජයේ සේවකයා වරදක් කරන බව. නීතිය අර්ථ නිරුපනය කළ යුත්තේ අධිකරණය මිස දේශපාලකයන් නොවේ.
15 හොදටම ඇති. මලයට වැඩේ ලස්සනට කරගෙන යන්ඩ ඉඩදෙන්න.
ඔබතුමන්ලාගේ උත්සයට මගේ ප්‍රණාමය!
ගෝඨා හදන්නේ ප්‍රබුද්ධ පිරිසක් එක්ක ගමනක් යන්න.. කොහොම නමුත් අපි පිළිගන්නවා අයෙක් ප්‍රබුද්ධ වෙච්ච පළියටම ඔහුට දේශපාලනය කරන්න පුළුවන්ද කියන ගැටළුව, මම හිතන්නේ මේ රටේ දේශපාලකයින්ට වඩා බුද්ධිමත් කාර්යශූර නිළධාරීන් තමයි ඒ ඒ අමාත්‍යංශ වල විශාල කාර්‍යයක් කරන්න පත් කල යුත්තේ. මහින්ද සහ ගෝඨා කල යුත්තේ ඒ බුද්ධිමත් උගත් නිළධාරීන්ට තම කාර්‍යයන් ඉටු කිරීමට බාධා නොකරන ලෙස ඇමතිලාට දැන්වීම පමණයි. එහෙම වෙනවනම් කොයි ඇමතියෙක් දාගත්තත් අපට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මහින්ද මහත්මයාගේ පුර්ණ සහයෝගය 69 ලක්ෂයක ජනතාවෙන් අයෙක් විදිහට බලාපොරොත්තු වෙනවා, මම දන්නවා ඒ 69 ලක්ෂය විතරක් නෙවෙයි සමස්ථ රටවැසියාගේම බලාපොරොත්තුවත් ඒකමයි කියලා.
අප කව්රුත් සද්භාවයෙන්,තම හිතට එකගව අවංකව තව කෙනෙකුට හෝ මිනිසුන් වෙනුවෙන් සේවයක් කළේ නම් ඔහු හෝ ඇය එහි හොද ප්‍රතිඵල ලබා ගැනීම සක්කරයටවත් වැලැක්විය නොහැක. ස්වභාවධර්මය විසින් ඔහුව හෝ ඇයව ආරක්ෂා කරනු ඇත. ස්වභාවධර්මයගේ එම ආරක්ෂා කිරීමට කිසිදු පක්ෂ, පාට බේදයක් නොමැත. එමෙන්ම තම රටට ,මිනිසුන්ගේ සාමකාමී පැවැත්මට ස්වභාවධර්මයට වින කරපු සහ කරන කෙනෙක්ට හෝ යහතින් ජීවත්වීමට නොහැකි වූ බව අතීතය හොදින් කියාදී ඇත. එවන් වැඩිදෙනෙකු මහා මර්ගවලම වැලිගම් බලා ගිය ගමන අප රටේ ඕනෑවටත් වඩා උදාහරණ ඇත.එබැවින් අපට මොන බලය තිබුනත් ස්වභාවධර්මයගේ දඩුවම් වලින් බේරීමට නොහැකි බව මාර්ගවල මියගිය ලොක්කන් පිලිබදව සොයා බැලීමේදී අප සියල්ලෝටම හොදින් අවබෝධ වෙනු ඇත.
සිල් රෙදි බෙදීම නෙවේනෙ වරද උනේ. ඡන්දෙ තියෙන අතරෙ අපෙක්ශකයෙක් ප්‍රචාරය කරපු එකනේ වරද.
සද්භාවයෙන් කරන ඒවා මැතිවරණයකදි තමුන්ට වාසි සහගත නොවිය යුතුයි. කිසිවෙකුට තමන්ගේ පුද්ගලික ධනයෙන් පිං දහම් කර ගැනීමට නීතියෙන් අවසර ඇත. ණයට කන රටක රාජ්‍ය නිලධාරින් කළ යුත්තේ සද්භාවයෙන් පොදු දේපොළ අරක්ෂා කිරීම බව පාලකයන් ඔවුන්ව දැනුවත් කළයුතුව ඇත.
අගමැතිතුමනි, පිටරට වලට සංඝයා වහසේලා ගොඩක් ගිහින් ඉන්නවා. ඒ ගොල්ලන්ට ආරාධනා කරන්න ලංකාවට ඇවිත් අවුරුද්දකට මාස තුනක් වත් භික්ෂුන් වහන්සේලා නැති පන්සල් වලට ඇවිත් සේවය කරන්න කියලා.
සද්භාවයෙන් කරන සෑම කටයුත්තක්ම නීත්‍යානුකූල විය යුතුයි. සිල් රෙදි බෙදීම හොඳ දෙයක් උනත් ඒ සඳහා TRC එකේ මුදල් කිසිම අනුමැතියකන් තොරව භාවිතා කරපු එක වැරදියි. රජයේ මුදල් ඔබතුමාලගේ හිතුමතේට වියදම් කිරීම වැරදි බව දැන්වත් තේරුම් ගන්න.
ඇමතිකම් නොලැබෙන හෝ බලතල නැති ඇමතිකම් ලැබෙන අය අනිවාර්යෙන්ම හිත අමනාප කරගෙන ඉන්නවෙනවා. මෙයාල මන්ත්‍රීවරු උනාට සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය ඒක තමා. කවුරුත් කැමතියිනේ තනතුරුවලට.
ඔන්න පටන් ගත්තා.
සත්භාවයේ අංග ලක්ෂණ වනුයේ TRC මුදල් බුද්ධශාසන අමාත්‍යංශයට ලබා ගැනීමයි.
මහත්තයෝ, අපිත් බොහොම අමාරුවෙන් තමයි ජීවිතය ගෙනයන්නේ. මේ රට හදන්න ඇමතිකම් 15 ක් වැඩියෙනුත් ඇති. අනේ කරුණාකරලා මන්ත්‍රීලා විදියට රටට සේවය කරන්න පුළුවන් කියලා පෙන්නලා දෙන්න. ජනාධිපතිකම හදා ගත්ත වගේ පාර්ලිමේන්තුවත් හදා ගන්න. ජනතාව උදවු කරාවී. එකපාරක් පාඩමක් ඉගන ගත්ත නේද? ජනතාව රවටන්න එපා මේ පාරනම්.
පුදපු ගමන් කාපි යකා කිව්වලු. මෙයා තාමත් පරණ සුත්තරෙමයි ගහන්නේ. තාම හැදිලා නැහැ. ජනාධිපතිතුමනි, ඊළඟ මැතිවරණෙට මේ ඔක්කොම එළවලා වියතුන්ට නාම යෝජනා දෙන්න. නැත්නම් වියත් මඟ විපත් මඟක් වී එළිය බඩඑළියක් වෙනවා නොඅනුමානයි.
සද්භාවයෙන් කරන දේවල් ඡන්දයක් ලග තියාගෙන කරන එකයි ප්‍රශ්නේ. එදා ඔබතුමාලත්, මෙදා සජිතුත් කරේ එකම දේයි. සද්භාවයෙන් ජනතාවට දෙන්න ඕනෙනම් හැම වෙසක් පෝයට පොසොන් පෝයට , නත්තලට නීත්‍යනුකුලව දෙන්න. ඡන්දයක් ලග එනකොට සද්භාවය එන එක තමයි ප්‍රශ්නේ.
ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලාවත් නැද්ද?
වැඩේ කියන්නෙ වීරතුංග මහත්මයගේ වෙලාවට බුද්ධ ජයන්තිය ඡන්දෙ දවස්වලටම යෙදුනනේ.
විධායක බලතල තිබෙන්නේ සිල් රෙදි බෙදන්න නොවේ. රට ණය බරින් මිරිකිලා, ගත්ත ණය සහ පොළිය ගෙවා ගන්න අලුතෙන් ණය ගන්න වෙලා තිබෙන අවසථාවක මහජන මුදලින් සිල් රෙදි බෙදීම කොහොමද හොඳ දෙයක් වෙන්නේ ?
මෙවැනි කතා පන්සල් වල කියමින් යාම මෙතුමාගේ පරණ සිරිතයි. ඕනෑම අකටයුත්තක් වෙනුවෙන් සංඝ සමාජයේ අනුමැතිය මෙතුමාට එමගින් ලැබේ. මෙතුමන්ලා කුමක් කියා ඡන්දය ගත්තද යන්නේ පරණ පීල්ලේම බව සිහි බුද්ධියක් ඇති සියල්ලටම වැටහෙනු ඇත. ගෝඨාභය මහතා කුමන ප්‍රතිසංස්කරණ කිරීමට අදහස් කළද මෙතුමා යන මග නැවැත්වීමට නොහැකිවනු ඇත. මන්ද මහින්ද නොමැති ගෝඨාභය කෙනෙක්ද බිහිනොවෙන නිසාය. 69 ලක්ෂයට වනුයේ නැවතත් බැණ බැණ සිටීමටය. සමහරවිට එම නිදහසත් ඇහිරෙනු ඇත.
ගිය පාරත් ඔය වගේ කතා කියන්න ගිහින් තමා 2015 ජනතාවට සැලකුවේ. මේ පාරත් අපිව ගොනාට ඇන්දුවොත් 2021 දී අපි බලාගන්නම්.
සිංහල ආණ්ඩුවට මේ වචනය ඉතාම කාලෝචිතයි. අගමැතිතුමනි, පෙර මෙන් දුන්න දේ කාලා ජනතාව ගෙදරට වෙලා ඉන්නේ නැහැ . රටේ බහුතරයක් අවදියෙන්. දැකත් නොදැක්ක වගේ නොඉද දුෂණයට වංචාවට ඉඩ නොතබන්න.
කොච්චර පහත් දැනුමක්ද තියෙන්නේ කියලා මේ කතා වලින් පේනවා. ගෝඨාභයත් නැති කරලා තමයි මෙයා නවතින්නේ.
ගෝඨාභයගේ ඡන්ද කඩන මැෂිමක් මෙයා. අපි ඡන්දෙ දුන්නේ ගෝඨාභයට මිසක් මෙයාට නෙවෙයි. මතකනේ ජනේලේ?
මෙයා සත්බාවයෙන් කරපු දේවල් අපි නොදන්නවා නෙවෙයි.
ඇමති නැලවීම නෙමේ. ඡන්දෙ දීපු ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්න ..! කලිනුත් ඔබට වැරදුන බව අමතක කරන්න එපා ..!
සද්බාවය ගෙන හරියටම විග්‍රහ කරයි නීතිය ගෙන හොඳටම ඉගෙනගත්තු කෙනෙක්... කටට වචන ආපු පලියට ඕවා කිව්වා කියලා වැඩක් නැහැ.
ඔහොම කියකියා එකඑක නඩු ෆයිල් එක වහමු.. එතකොට සද්භාවයෙන් කරපු හොරකම් නිසා අවුලක් නැහැ කියලා අර ඡන්දෙ දුන්නු ගොන්හරක් ටිකත් තප්පුලන්න ගනීවි.. අනේ අර මලයෙකුට වෙච්ච දෙයක්.. මේ අයියන්ඩි එක්ක යනකොට මෙහෙම වෙයි කියලා අපි නම් දැනගෙන හිටියා.. අපිට පක්ෂ වැඩක් නැහැ.. රට ගොඩ ගන්න එකයි අවශ්‍ය.. දැන්ම මෙහෙම කියනවා නම් තව ඉස්සරහට අපිට ලැම්බෝගිනි රේස් එහෙමත් බලන්න ලැබෙයි මගේ හිතේ..
මේ නොකියා කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ඇමතිකම් වැඩිකරනවා කියන එක නොවේද? හිත් අමනාපකම් නැතිකරන්නත් එක්ක ඉතින් දෙන්න වෙනවානේ. මෙච්චර ලොකු කැනඩාවේ ඉන්නෙත් ඇමතිවරුන් 25යි. ගෝඨාභය මැතිතුමාට වැඩේ කරගෙන යන්න දීලා පැත්තකට වුනා නම් හොඳයි නේද?