නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.
අමාත්‍ය මණ්ඩලය 15 දෙනකුගෙන් සමන්විත වන අතර රාජ්‍ය අමාත්‍යවරු ලබන සඳුදා දිවුරුම් දීමට නියමිතය.

01.අගමැති මහින්ද රාජපක්ෂ - මහජන ආරක්ෂාව සහ නීතිය හා සාමය,මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන, නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම්, බුද්ධ ශාසන,සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය

02.නිමල් සිරිපාලද සිල්වා - අධිකරණ මානව හිමිකම් සහ නීතී ප්‍රතිසංස්කරණ අමාත්‍ය

03.ආරුමුගන් තොණ්ඩමන් - ප්‍රජා සවිබලගැන්වීමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය

04.බන්ධුල ගුණවර්ධන - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය

05.ජනක බණ්ඩාර තෙන්නකෝන් - රාජ්‍ය පරිපාලන,ස්වදේශීය කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය

06.පවිත්‍රාදේවි වන්නිආරච්චි - කාන්තා සහ ළමා කටයුතු සමාජ ආරක්ෂණ, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය

07.ජොන්සටන් ප්‍රනාන්දු - මාර්ග සහ මහාමාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍ය

08.විමල් වීරවංශ - කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව හා සංවර්ධන සැපයුම් කළමනාකාර අමාත්‍ය

09.ඩලස් අලහප්පෙරුම - අධ්‍යාපන,ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය

10.මහින්ද අමරවීර - මගී ප්‍රවාහන කළමනාකරණ හා විදුලිබල හා ශක්ති කාර්ය හා කර්තව්‍ය අමාත්‍ය

11.එස් එම් චන්ද්‍රසේන - පරිසර හා වනජීවී හා ඉඩම් සංවර්ධන අමාත්‍ය

12.රමේෂ් පතිරණ - වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය

13.ප්‍රසන්න රණතුංග - කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන, සංචාර සහ ගුවන් සේවා අමාත්‍ය

14.චමල් රාජපක්ෂ - මහවැලි,කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන, අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍ය

15.දිනේෂ් ගුණවර්ධන මහතා - විදේශ සබඳතා, රැකී රක්ෂා සහ කම්කරු සබඳතා, නිපුණතා සංවර්ධන අමාත්‍ය

16.ඩග්ලස් දේවානන්ද - ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය




(ඡායාරූප - චතුර එස් කොඩිකාර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පිළුනු හොද්දට අලුත් අල ගෙඩියක් නේ ?
සෞඛ්‍යය?
මම මේ උඩහටයි පල්ලෙහාටයි ගියා නඩු හබ එහෙම නැති අය ඉන්නවද බලන්න. බොලේ, ඉන්නවනේ. ඒ ගැන සන්තෝසයි. ඉදිරියේදී හදිස්සියේ ඇමතිවරු රැස්වීකට ආවේ නැතත් අගමැතිට තනිවම වුනත් ඇමති මණ්ඩල රැස්වීමක් පවත්වන්න පුළුවන් වීමත් ලොකු දෙයක්.
මට පුදුම සන්තෝෂයි. මම මග බල බලා හිටියෙ ඒ පරණ කට්ටිය ආයේ පත් වෙනකල්.
රෝහිත අබේගුණවර්ධනටයි, ප්‍රසන්න රණවීරටයි නොදුන්න එක ලොකු අඩුවක් නේද?
මේ පත්වීම් ලබා දී ඇති ආකාරයෙන්ම පැහැදිලිවෙන්නේ මොවුන්ගේ පක්ෂග්‍රාහී බවය. අන්‍යාගමික අමාත්‍යවරුන් පත් නොකළේ එමනිසා වෙනි.
සංස්ථා සහ මණ්ඩල සදහා සභාපතිවරුන් සහ අධ්‍යක්ෂක මණ්ඩලයන් පත් කිරිමේදි ඔවුන් තෝරා ගැනිමේ මණ්ඩලයක් පත්කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.පසුගිය කාලයේ පැවති කාලසිමාවේදි පැවති දේශපාලන ප්‍රවාහය සම්බන්ධයෙන් ජනතාවගේ තිබුණේ දැඩි අකමැත්තක්. ඒ නිසා ඉදිරියේදි ජනතාවගේ ආකල්ප වෙනස් කරන ආකාරයේ වැඩකොටසක් කිරිම අපේ යුතුකමයි. එය අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන්ව තිබෙන සහන ජනතාවට ලබා දිය යුතුයි.ඉතා වැදගත් කරුණක් වන්නේ රාජ්‍ය ව්‍යවසාය සහ සංස්ථා පාඩු ලැබීමයි. ඒවා භාණ්ඩාගාරයට බරක් නොවන්න කටයුතු කළ යුතුයි. එම සංස්ථා සදහා සභාපතිවරුන් සහ අධ්‍යක්ෂක මණ්ඩලයන් සදහා ඊට සුදුසු පුද්ගලයන් ඇත්නම් ඒ අයගේ නම් තමන් වෙත දන්වා එවන ලෙස ජනාධිපතිවරයා මෙහිදි සදහන් කර සිටියා.
හරිම අපූරුයි. ඔන්න ඉතින් අන්තිමට නපුරු පිසාචයයි ටින් ටිනුයි බොහෝම කාලයක් සතුටින් ජීවත් උනා. ලස්සනට මිනිස්සු රවට්ටනවා දෙපැත්තෙම කට්ටිය. අවුරුදු පහක් යන්න කලින් විසුරුවන්නෙ නෑ මෙයාල මොනව කිව්වත්. මොකද අලුත් මන්ත්‍රී දුවලා පුතාලගෙ විශ්‍රාමෙට කෙළවෙන හින්දා. වහල්ලු හැමදාමත් පිල් බෙදිල මරා ගද්දි මෙයාල හොදට තම තමන්ගෙ මඩි තර කරගන්නවා.
සේරම අලුත් මුහුණු නේද ? මේ පාර හොදට කරයි.
දැනට නම් පහළොවයි...
රටක කොදුනාරටිය බඳු අධ්‍යාපනයඇමති කෙනෙක් නැති රටක්. පරණ හොරු රැළත් එක්ක ජනාධිපතිතුමාට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ලොකු දෙයක් කරන්න එතුමාට දිරිය ශක්තිය ලැබේවා කියලා පතමු.
මේකද ගෝඨා පම්පෝරි ගහපු කණ්ඩායම? අඹේවල ඉන්නේ මේ අය දන්න අයද?
ඇත්තෙන්ම මේ ඇමති මණ්ඩලයේ සමහර අය කොළේ ඉරා ගත්ත අය. ඔවුන් ජනතාවට සේවය කරාවිද යන්න ප්‍රශ්නයක්.
නියම විද්‍යානූකූල දැනුම අනුව ඇමතිකම් බෙදලා දීලා තියෙන්නේ ?
දුෂණ චෝදනා සහ දුෂණ නඩු තියන අයට තනතුරු දෙන්න නැහැ කිව්වා. එහෙමනම් කොහොමද වීරවංශට ඇමතිකම් ලැබුනේ?
ජොන්ස්ටන්? වීරවංශ? ප්‍රසන්න? මේ තුන්දෙනාටම අධිකරණයේ නඩු තියෙනවා. අධ්‍යාපනයට, සෞඛ්‍යට ඇමතිවරයෙක් නැද්ද? අපි හිතුවා 15 න් ඉවර වෙයි කියලා. සඳුදට රාජ්‍ය ඇමතිලා එනවලු. ඊට පස්සේ නියෝජ්‍ය ඇමතිවරැ ඒවි. අන්තිමට මේකත් 100 පනියි. සනීපයි නේද?
සේරම පරණ වයින්. ගෝටාභය විතරයි වෙනස්. පරණ සේරම ජනතාව දන්නා රජ බඩු. නිර්පාක්ෂිකව රටගැන හිතන අය (පාවෙන ඡන්ද) ලැබෙන්න ඇත්තේ බෝතලේට. නමුත් ඔහු කිසිම ඇමතිකමක් ලබාගෙන නැහැ. ජනතාව බලාපොරොත්තු වුන ආර්ථික / ආරක්ෂාවවත් ඔහු ලබා ගනී කියා. එමනිසා මෙයත් පුස්සක් වෙයිද?
පරණ තක්කාලි දාල හදපු සෝස් එක වගේ...
පේන විදියට නම් අාඬි හත්දෙනා සහ කැඳහැලිය වගේ...
වැඩක් නැත. පරණ සෙට් එකම තමයි. ජනාධිපතිටවත් බයේ හොරකම් නොකර හිටියොත් ඒ ඇති...
වහල්ලුන්ගේ විග්‍රහය මොකක් වෙයිද? මහේෂ් සේනානායක කීව දේවල් දවසින් දවස ඇත්ත වෙනවා
වීරවංස, ප්‍රසන්න සහ ජොන්ස්ටන් නැවතත් ඇමතිවරු? වියත්මඟ ඡන්දෙ දුන්නු අපට විපත් මඟක් වෙන්නයි යන්නේ.
අති සුපිරියි...!!! කියලා වැඩක් නැහැ. එළකිරි..!!!
කලින් පොරොන්දු වූ ආකාරයටම චෝදනා කිසිවක් නැති, නඩු හබ නැති තරුණ ජවය සහිත ලංකා ඉතිහාසයේ තේරී පත් කෙරුණු හොඳම ඇමති මණ්ඩලය පත් කිරීම ගැන අපගේ ප්‍රසාදය. ජයවේවා...!!! ඔහොම යමු. තුනෙන් දෙක ගත්තට පස්සේ වෙන දේ හිතාගන්න අමාරු නැහැ.
වියත්මගේ විදියටම ප්‍රසන්න, ජොන්ස්ටන්, වැනි අපරාධ නොකරපු බුද්ධිමතුන් යොදවලා තියෙන්නේ.
වීරවංස, ප්‍රසන්න සහ ජොන්ස්ටන් නැවතත් ඇමතිවරුද? අයියෝ...!!!
කලබල වෙන්න එපා.. ඇමැති මණ්ඩලය පත් කලේ මාස තුනකට. මොකද මේ පිරිස අපට කොච්චර අප්‍රසන්න වුණත් යම්යම් දේශපාලන තීන්දු තියෙනවා නොගෙන බැරි. පොඩ්ඩක් මේ පිරිස දිහා බලන්න. මොවුන්ගෙන් කීයෙන් කී දෙනාද ඊළඟ මහමැතිවරණයෙන් දිනන්නේ... ඒ නිසා වැඩිය හිතන්න යන්න එපා. අනිත් කාරණාව, ඇමතිලා නෙවේ ආයතන සභාපතිවරුන් සහ අධ්‍යක්ෂක පත් කරන්නේ ජනාධිපති විසිනුයි. එහිදී ගෝඨාභය ඔහුගේ වියත්මග සමග සම්බන්ධ වූ පරිණත පිරිසක් පත්කර ගනියි. එමෙන්ම ඇමැතිලාගේ ආසනවලින් පිරිස් ගෙනත් පුරවන්න බැරි බවත් ඔහු දන්වා තිබෙනවා. තවද, රැකියා දීමේදී දිළිඳු පවුල් වලට ප්‍රමුඛතාවය දීමට ක්‍රියා කරන ලෙස දන්වා තිබෙනවා. ඒ නිසා කට්ටිය කලබල වෙන්නෙපා. මඩ ගහන්නත් එපා. ඉවසලා ඉන්න. මහමැතිවරණයේදී වියත් අපේක්‍ෂකයින් ඉදිරිපත් කළාම ඔවුන්ට ඡන්දය දීලා ඔවුන්ව පාර්ලිමේන්තුවට ගේන්න.
නියමයි මේ පාරනම් ඇමති කම් දෙක තුනක වැඩ එක්කෙනෙකුට පවරලා... වැඩේ නම් ගොඩක් හොඳයි වගේ පින් පඩි කන එක නවතිනවා සෑහෙන්න..
මගේ රට කවදාවත් හැදෙන්නේ නැහැ...
රජින්ද, රටේ ජනතාවගේ හැටියට හිතන්න දෙයක් නැහැ. මහමැතිවරණයේදී ඔවුන් ජය ලබනවා නිසැකයි. එවිට ඔබ කියාවි ඒ අයව ජනතාව පිළිඅරගෙන තිබෙනවා කියලා... මේ ප්‍රධාන දේශපාලන බලවේග දෙකට මේ තත්ත්වයෙන් ඉවත් වෙන්න කවදාවත් නොහැකියි. මේක රට ගැන හිතන ජනතාව තේරුම් ගතයුතුයි. දූෂිතයින් සහ කසිප්පු මුදලාලිලාගේ සහයෙන් තොරව මේ රටේ බලයට පත්වීම සිහිනයක් විය හැකියි. යක්කුන්ගෙන් වැඩ ගත්තා නම් දොලපිදේනි ලබාදිය යුතුමයි.
අනේ කෝ ගම්මන්පිලලා....? මේවාට සුදුසු නැහැ වගේ...
රටක පාලනයේදී හිතවත්කම් මත තනතුරු දිය නොහැක. මක්නිසාදයත් මුදල්, මහජන මුදල් රටේ යහපතට පාවිච්චි කරමු...
ජනාධිපති තෝරාගත්තෙත් ජනතාවනේ. මේ වැඩෙත් ජනතාව බාර ගන්න ඕනෑ.. කඩේගිය සැමට උසස් ඇමති ධුර... මේවා අප්පිරිය වුණු නිසානේ ජනතාව අලුත් ආණ්ඩුවක් පත්කර ගත්තේ. මහින්දට සේවය කරපු සේරම ඉන්නවා. හරියට සුළු ඡන්ද නැතිව දින්නා වගේ.. හොරු නැතිව ආණ්ඩුව කරන්න බැහැ වගේ. නීතියක් නැති රටක් වෙලා... නඩු දමන, නොඅසන රටක්... පුදුම කලකිරීමක් තියෙන්නේ... අමාත්‍ය ධුරයක් ගන්න විමල්ගේ සුදුසුකම් මොනවද? වෙනස මේකද?
මේ මොන කැඳ හැලියක්ද? වැඩියෙන්ම කෑ ගහපු දඟලපු අයට තමයි ඇමතිකම් ලැබිලා තියෙන්නේ. කොහොම වුණත් අයියලා මල්ලිලා ටික නම් ගොඩගිහින් වගේ... ඔහොම යං...
අපි ඡන්දේ දීලා යවපු අයම තමයි ඇමැති මණ්ඩලේ පත්කරන්නේ. නැතුව ජනාධිපතිට හිතෙන කෙනෙක්ට ඇමතිකම් දෙනන බැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් තුළ කොහොම වුණත් ඇමැති මණ්ඩලේ අඩුකරපු එක හොඳයි. දැන් හොරකම් නොවෙන්න වග බලාගන්න ඕනේ... ඡන්දෙන් මිනිස්සු පත්කළේ ජනාධිපති විතරනේ. දැන් මහමැතිවරණයේදී මේ වෙනස දිගටම කරන්න.
දැන් සැපද?
කොහොම වුණත් අර ආර්ථිකේ ගැන පුරසාරම් දෙඩුව කෙනාට ආර්ථිකේ දීලා නැහැනේද? දීලම බැලුවා නම් තමයි හොඳ. එතකොට මධ්‍යසාර පිළිබඳ විශේෂඥයාට එ්ක දීලත් නැහැ. හරි ජංජාලයක් වෙන්නයි යන්නේ.
කියන කොට එහෙමයි. කරන කොට මෙහෙමයි.
වරදකරු කරපු කෙනෙක්ව ලේකම් වුණා. දැන් මේ වගේ කැබිනට් එකක් පත්කරගෙන. අර ශ්‍රී ලංකා කාරයෝ ටික හේත්තුවුනේ රට බේරගන්න කියලා නේද? එතකොට ඇමතිකම් ගත්තේ පවුල බේරගන්නද? මදැයි මිනිස්සු වෙනසක් බලාපොරොත්තු වුණා. හැමදාම රැවටීම තමයි. නරියට කුකුල්ලු දුන්නා වගේ ජොනීට වරාය දීලා නේද...?
ෆීල්ඩ් මාෂල්තුමාටත් ආරාධනා කර ඔහුගෙනුත් වැඩක් ගන්න බලන්න...
මුදල් ඇමැතිකම දෙන්නේ මහින්දටමයි. රජයට නාගලොවෙන් වැඩමවූ ධාතූන් වහන්සේලා පිහිටයි.
මෙතන පරණ මිනිස්සු හොරු යැයි කියන අයටයි මේ කියන්නේ... ඔබලා ඕක කියන්න පාර්ලිමේන්තුව විසුරුවන්න නොදී පෙන්ෂන් එකට කෑදරකමේ ඕකේ එල්ලිලා ඉන්න අයට... ඔවුන් අයින් වුණා නම් ඡන්දෙකින් අලුත් මිනිස්සු පත්කරගන්න තිබුණා. ගෝඨාභය මහත්තයා මිනිස්සු මවන්නද නැත්තම්...
ඇමතිධුර ලබාදීමේ දුෂ්කර කාර්යයට උදව් කරනු පිණිස තමා ඇමති ධුරයක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ බව කියන්නේ අැමැතිධුරයක් කියන්නේ මේ අයට දෙන තෑග්ගක්ද? හරි නම් මෙයා කතා කරපු විදියට වැටුපක් නොගෙන සේවය කරන්න එපැයි. දෙන්න සුදුසු ඇමති කමක් නැහැ ඒකයි මේ...
අධිකරණයට දෙවියන්ගේම පිහිටයි. අධිකරණය නම් ඉතින් නිදිම තමයි.
කතාව මෙසේ නම්... ඉන්දික, රත්තරන්, මහින්දානන්ද, ජොන්ස්ටන්, ලන්සා, එස් බී, නාමල්, සරණ, බැසිල්, දිලුම් අමුණුගමලාගේ පොහොට්ටු අපේක්ෂකත්වය ඉදිරි මැතිවරණයේදී දෙන්නේ වියතුන්ටද? නැත්නම් මේ අයටමද?
ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, මහින්ද අමරවීර, නිමල් සිරිපාල වගේ අය පිරිච්ච සෙට් එකක් නෙවෙයි අපි බලාපොරොත්තු වුනෙ.. බලාගෙන ගියාම ආයේම කැරකෙන්නේ පරණ තැටිය..!!! අපරාදේ අපේ සිංහල ඡන්ද.. හැමදාම කලේ මේ සේරම අපිව රවට්ටපු එකයි. ගියපාර අය කලේ දින 100ක් කියලා මහා මැතිවරණෙ තියනකම් මාර බොරු පොරොන්දු දීලා මිනිස්සු රවට්ටපු එක... ඊට පස්සේ ඔවුන්ගේ වැඩ පටන් ගත්තා. මහා බැංකුව සුද්ධ කළා. බදු ගැහුවා නහුතෙට. දුන්නු ගේම ලස්සනට මේ පාරත් මේ සෙට් එක දාගෙන අපිටම දෙයි වගේ ...!!!