එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා අද(20) අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව අගමැති කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා අද(20) අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව අගමැති කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

COMMENTS
අවාසනාවකට මෙන් ඔබ අපේ රටට හෝ යුගයට ගැලපෙන නායකයෙකු නොවීය. සුවබර විවේක දිවියක් ප්‍රාර්ථනා කරමි..
විපක්ෂ නායක තනතුර යනු කිසිම වැඩක් නොකර ඉහළම ප්‍රතිලාභ ලැබියහැකි තනතුරකි. බැනුම් නැත, තෙවැනියට බලවත්ම පුරවැසියා වේ. විදේශ සංචාර ලැබේ. නිල නිවාස ඇතුලු අනෙකුත් සියලුම පහසුකම් ලැබේ. කළයුතු එකම දෙය නම් විවේචනය කරමින් කකුලෙන් ඇදීම පමණි.
හොදට ඇද පැළදගෙන ලංගම බස් එකේ ටිකට් නොගෙන හොරට යන මිනිහෙක් හිටියලු. දවසක් කොන්දොස්තර එයාට කියුවලු අනේ සර් ටිකට් එකක් ගන්න කියල. ඒපාර මහා හයියෙන් කොන්දට බනින්න ගත්තලු. කොන්ද කියුවලු අනේ සර් ටික්කො පැනල ඇල්ලුවොත් මගේ රස්සාවත් නැති වෙනවනේ කියල. ඒත් අර ටයි කෝට් දාපු හොරා කෑගහනවලු. මේක බලන් ඉන්න බැරුව රියදුරාට මල පැනල හොද කුණුහරුපයකුත් කියාගෙන යකඩ පොල්ලකුත් අරන් ටයි කෝට් දාපු හොරා ලගට ඇවිත් කියුවලු ඔලුව කුඩු කරගන්නේ නැතුව ටිකට් එකක් ගනින් යකෝ කියල. ආන්න එහෙම කියන්න එපැයි. මේ කොන්දොස්තරය හරියට කියුවේ නෑනේ. දෙන්න මල්ලි මට ටිකට් එකක් කියල ටිකට් ගත්තලු.. යන්නේ නෑ කිව්ව රනිල්ටත් හරියට කියන්න කොන්ද පණ තියන නායකයෙක් ආවා. ඔය දැන් අස්වෙලා යන්නේ පූස් පැටියා වගේ.
රටම සතුටු වෙන කාරණයක් විය හැකියි.
අපොයි හිත වෙනස් වෙන්න ඉස්සෙල්ලා මැතිවරණය තියන්න. නැතිනම් ආපහු එයි.
ෂුවර් ද...? එතකොට පක්ෂ නායකකම සියල්ල දත්ට දෙනවාද...?
දැනට ලැබෙන ජනතා සහ පාක්ෂික ප්‍රතිචාර අනුව දේශපාලනයෙන් සමුගෙන යන්න කාලය හරි...
පව් දෙයියනේ......සජිත් ඉල්ලන් කාලා. අන්තිමට රනිල් සර්ට තමයි ගෙදර යන්න උනේ.
දැන් හිටිය ඇති අනේ. ටිකක් පැත්තකට ගිහින් පක්ෂේ නායකකමට කුලල් කාගන්න. මොකද මේ රට ඔයාගේ බුදලයක් නෙවෙයි. ඔයාට තව ටික කාලයක් උනාට මගේ රටට අනාගතයක් තියෙන්න ඕනේ. ඒක නාස්ති නොකර පැත්තකට උනානම් ඒකත් ඇති මේ රට වෙනුවෙන් අන්තිම මොහොතේ.
ගොඩක් හොදයි. ඉක්මනට යන්න.
මට හිතුනෙම නැහැ රනිල් ගෝඨාට මෙච්චර බයයි කියලා.
අගමැති ධුරයෙන් අයින් වුණාට, පක්ෂ නායකත්වයෙන් අයින් වෙන්නේ නැහැ. නැවතත් විපක්ෂ නායක. 1994 සිට අද දක්වා ඔහු එක්කෝ අගමැති. එක්කෝ විපක්ෂ නායක.
අග්‍රාමාත්‍ය ධූරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා අස් වී සිටින අතර හෙට දිනයේදී නව ඇමති මණ්ඩලය දිවුරුම් දීමට නියමිතලු. අගමැති ධූරය මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමටත් අමාත්‍ය මණ්ඩලය බෙදී යාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 12 ක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 03 වශයෙන් සිදුවන බවයි කියන්නේ.
පක්ෂ පාට භේදයෙන් තොරව හිතනවානම් මෙය එතරම් හොඳ තත්වයක් නොවේ . රටක ජනාධිපතිවරනයක් පාර්ලිමේන්තු මැතිවරනයක් පලාත්, නරගසභා සහ වෙනත් මැතිවරන වෙන් වෙන්ව පවත්වන්නේ මහජන මතය අනුව එක්තරා කාලසිමාවකට යටත්වයි. මේ ක්‍රමයට අනුව මෙසේ වෙන් වෙන් මැතිවරන පවත්වා පලක් නොවනු ඇත. එක් මැතිවරනයක ප්‍රතිපල අනුව අනිත් ආයතන නියොජිතයන්ද ඉල්ලා අස්විය යුතුනම්.. සමස්තයක් ලෙස මෙය රටකට අහිතකර බව මගේ හැගිමයි (පක්ෂ පාට අදාල නැත ගියවරද එය මෙසේ සිදුවිය)
මේ තීරණය ගන්න තිබුනේ, ජනාධිපතිවරනයට හුඟක් ඉස්සෙල්ලයි... " තණ්හාය ජායතී සෝකෝ "
මෙසැරේ "බ්‍රේකින් නිව්ස්" දාන්නේ වෙන කට්ටියක්.
යන අතක් බලාගෙන යන්න මහත්තයෝ මේ රටේ ජනතාවට පව් නොදී. පක්ෂය පමණක් නොවේ, මේ රටේම විනාශයට පළමුව වගකිව යුත්තා. ඔබ තමයි. ඔබගේ බලය වෙනුවෙන් මේ මුළු රටේම ජනතාව මුලා කළා. අවුරුදු හතරහමාරක් පඹයෙකුව මහා පුටුවේ තබාගෙන ඔබලා නැටුවේ නාඩගමක්.
බොහොම හොඳයි සිරිකොතෙනුත් අයින් උනොත්.
ලොකුම ලොකු දෙයක්.
කොහොම උනත් රට ගැන හිතලා ගත්තු හොද තීරණයක්
කල් මරන්නේ නැතිව ඉස්සර උනානම් මිනිස්සුන්ගේ ගෞරවයට ලක්වෙන්න තිබුනා.
තව ටිකක් කල් අරගෙන යන්න.
දේශපාලන ඉතිහාසයේ මෙතුමා තරම් විවේචනයට උපහාසයට අවලාදයට පාත්‍ර වූ වෙනත් දේශපාලකයෙක් නොමැත. සජිත්ගේ පරාජයට මොහු වගකිව යුතු යැයි පවසන පක්ෂයේම උදවියට මම කියනවා එදා රජයට එන ලද දුෂ්ට ක්‍රියා මාර්ග පරාජය කලේ රනිල් විසින් 19 ශක්තිමත් කර තිබු නිසාවෙන් කියා. එහෙම නොවන්න සජිත්ට ඉල්ලන්න එජාපයක් ඉතුරු නොවන්න තිබුනා. බේධ අමතක කරන්න ශක්තිමත්ව මුහුණ දී ඉදිරි මැතිවරණය දිනන්න බලන්න. ජලය මෙන් වන්න. අවශ්‍ය තැන නවතින්න, කඩාගෙන යා යුතු තැන කඩාගෙන යන්න. බිඳගෙන යා යුතු තැන බිඳ ගෙන යන්න, විනාශ කරගෙන යා යුතු තැන විනාශ කරගෙනම යන්න...
හාපෝ යන්න යන්න.... අවුරුදු 10කට ඉස්සෙල්ලා නේ යන්න තිබුනේ.
හෙට ඉර පායයිද කියලත් විශ්වාස නෑ
එක්සත් ජාතික පක්ෂය පවුල් පක්ෂයක් නොවෙයි. ඔබතුම ඉවත්වී වෙන කෙනෙකුට තැනක් දෙන්න. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!
ලොකු දෙයක්. ආයේ එන්න එපා.
ආසියාවේ අාශ්චර්ය යළිත් මේ පින්බිමට පහළ වේ... දීර්ඝායුෂ වේවා...!!! ඔබේ වටිනාකම අනාගතයේදී මේ මව්බිමට තේරෙයි. ඔබේ වැඩවල ප්‍රතිඵල ඉදිරි අවුරුදු දෙකේ තේරෙයි.
ලොකු දෙයක්.........