( අජන්ත කුමාර අගලකඩ)
නව ආණ්ඩුකාරවරු 6 දෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්හ.
ඒ අනුව සීතා අරඹේපොළ මහත්මිය බස්නාහිර ආණ්ඩුකාරවරිය ලෙසද , විලී ගමගේ මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද , රාජා කොල්ලුරේ මහාතා ඌව ආණ්ඩුකාර ලෙසද , ඒ.ජේ.එම් මුසම්මිල් මහතා වයඹ ආණ්ඩුකාර ලෙසද , ටිකිරි කොබ්බෑකඩුව මහතා සබරගමුව ආණ්ඩුකාරවරයා ලෙසද ,ලලිත් ගමගේ මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද දිවුරුම් දුන්හ.
ඉතිරි පළාත් තුන සඳහාද නව ආණ්ඩුකාරවරුන් අද (21 ) දිවුරුම් දීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොරොන්දු ඉෂ්ඨ වෙන පාටක් නම් පෙනෙන්නේ නැහැ ..
වහාම විග්නේශ්වරම් ඉවත් කරන්න.
69 ලක්ෂයක් බලාගෙන ඉන්නේ. ඒ අයව රවට්ටන්න එපා.
ආණ්ඩුකාරයා යනු ඒ ඒ පළාතට සිටින ජනාධිපතිගේ නියෝජිතයාය. විධායකයේ ප්‍රධානියා වන ජනාධිපතිවරයෙකුගේ සියලුම කාර්යයන් රාජ්‍ය යන්ත්‍රණය විසින් ඉටු කෙරේ. ඒ නිසා ආණ්ඩුකාර තනතුරු යනු අපේ බදු මුදල් නීත්‍යනුකුලව නාස්ති කිරීමට හදාගත් උපාය මාර්ගයක් පමණකි.