(** මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි)
කරූ ජයසූරිය මහතා ඉදිරියටත් කතානායක ධුරයේම තබා ගැනීමට රජය තීරණය කර ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
කතානායක ධුරයේ තවදුරටත් කටයුතු කරන ලෙස ආණ්ඩුවේ නායකයන් දෙදෙනකු කරූ ජයසූරිය මහතාට දැනුම් දී ඇතැයි ද පැවසේ.
මේ අනුව මහ මැතිවරණය පැවැත්වෙන තෙක් පිහිට වූ ආණ්ඩුව මාස තුනක පමණ කාලයක් පවතින අතර එම කාලය තුළ කතානායකවරයා ලෙස කරූ ජයසූරිය මහතාම කටයුතු කරනු ඇතැයි පැවසේ.
පාර්ලිමේන්තුවේ මෙන්ම ව්‍යවස්ථාදායක සභාව සහ පාර්ලිමේන්තු කමිටු ආදියෙහි බලධරයා වන්නේද කතානායකවරයාය.
වර්තමාන කතානායකවරයා ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් ඒ සඳහා වෙනත් මන්ත්‍රීවරයකු පත්කිරීම පාර්ලිමේන්තුවේ රහස් ඡන්ද විමසීමකින් සිදුවිය යුතුය. වර්තමාන පාර්ලිමේන්තුවේ බහුතරය එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ සතුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය පොහොට්ටුවේ වැඩක්. විපක්ෂ නායකකමයි, පක්ෂ නායකකමයි දෙකම නැති කිරීමේ කුමන්ත්‍රණයක්. සිංහල ඡන්ද සදා ලෝක පූජිතට වඩා කරූට ඇත.
පරිස්සමට... අනිත් පැත්තට යටින් වැඩ කරයි.
කොහොම වුණත් පාර්ලිමේන්තුවේ විකාර කියන එක්කෙනෙකුට වඩා මේ මනුස්සයට හැදියාවක් තියෙනවා. මේ ටික කාලෙට මෙයාම හිටපුදෙන්... අර සම්බන්ධන්ට දුන්නු විපක්ෂ නායකකමේ ප්‍රතිලාභ තවමත් දෙනවද කියලා දැනගන්න පුළුවන්ද?
පහුගිය දවසක අපේ තරුණම තරුණ මන්ත්‍රීතුමාට පුටුව නැතිවුණාද?
ගරු කතානායක කරූ ජයසුරිය මැතිතුමාගේ අපක්ෂපාති බව රජය විරෝධී 2018 ඔක්තෝබර් 26 දා එතුමා පැහැදිලිවම පෙන්වා දුන්නා. වර්තමාන පාර්ලිමේන්තුවේ ඇමතිකම් හොබවන, මිරිස්කුඩු, ජල බෝතල් ප්‍රහාරය, ආසන, මයික්‍රෆෝන් ආදිය කඩා විනාශකරපු මැරයන්ට එරෙහිව එතුමා ඉන්පසුවවත් කතා නොකිරීම එතුමාගේ මහගු උතුම් ගුණයක් බව ඔහුගේ විරුද්ධවාදීන් පවා රහසේ ප්‍රකාශ කර තිබෙනවා ! නිහතමානිව, සන්නද්ධ හමුදා නිලධාරියෙකු මෙන්ම, උගත් බුද්ධිමත් නායකයෙක් හැටියට, නව මැතිවරණය දක්වා තව දුරටත් කථානායක තනතුරේ සේවය කිරීම දැනට සිටින සහ ලඟදි තේරී පත්වන මන්ත්‍රීන්ට උසස් ආදර්ශයක් වේවායි පතමු !
පහුගිය දවසක කාටුනයක තිබුණු අපේ තරුණම තරුණ මන්ත්‍රීතුමාට පුටුව නැතිවුනාද?
ඇත්ත තත්ත්වය ඕක නෙමෙයි.. කතානායක තේරිය යුත්තේ මන්ත්‍රී ඡන්දයෙන්. එසේ යෝජනාවක් ගෙනැවිත් ඡන්දයක් තිබ්බත් දිනන්නේ එජාපයයි. වැඩි ආසන ප්‍රමාණයක් තියෙන්නේ ඔවුන්ට. ඒක නිසා ආණ්ඩුව පරදින එකෙන් වැළකෙන්න ඔය පියවර අරගෙන ඇත්තේ...
කරු ජයසූරිය මැතිතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිනිසෙක්...!!! පක්ෂ භේදයෙන් තොරව සුබපතමි ඔබට...