(ටී.කේ.ජී.කපිල සහ නිමන්ති රණසිංහ )
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනියුක්ත පොලිස් නිලධාරීන් 704 දෙනෙකු විදේශගත වීමට උත්සාහ දැරුවහොත් වහාම ඒ පිළිබඳව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දන්වමින් ආරක්ෂක අමාත්‍යංශය අද(25) ආගමන විගමන දෙපාර්තමේන්තුට ලිපියක් යොමුකර තිබේ.
මෙම නිවේදනය අද අලුයම ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත ලැබී තිබේ. එම නිවේදනයේ සඳහන් නාම ලේඛනය පරිගණකගත කිරීමට පියවර ගෙන ඇතැයි කටුනායක ගුවන් තොටුපළ, ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලයේ සහකාර පාලක සුජීව රත්නායක මහතා පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා තම දෙපාර්තමේන්තුව දැනුවත් නොකර සිය පවුල ද සමග ඊයේ(24) දහවල් 12.50 ට ස්විට්සර්ලන්තය වෙත යෑමෙන් පසු මෙම නියෝගය පනවා තිබේ.
COMMENTS
දැන් රටටම දැනෙනවා.... රජයේ නීතිය කාටත් පොදුයි.
මේ ගොල්ලෝ ආරක්ෂක අංශවලට සම්බන්ධ අය නොවේද? කළහකාරී, කණ්ඩායමක් වත්ද? මේක පුදුම වැඩක්! කවුද අප්පා මේවා කරන්නේ..?
නීතීය කාටත් පොදුවිය යුතුමයි...
ආයෙමත් "රාජපක්ෂ නීතිය" ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන වගෙයි. යම් පුරවැසියෙකුගේ විදේශගතවීමේ අයිතිවාසිකම නැති කිරීමට නම් ඒ සම්බන්ධ චෝදනා, සාක්ෂි සහ තොරතුරු උසාවියකට ඉදිරිපත් කර විනිසුරුතුමාට පිළිගත හැකි හේතුවක් ඇත්නම් පමණක් ඒ සඳහා වාරණ නියෝගයක් නිකුත් කිරීම හෝ ගමන් බලපත්‍රය උසාවිය, පොලිසිය භාරයට ගැනීම කළ හැකියි. දැන් එච්චර කරදර වෙන්න ඕනෑ නැහැ. එක ටෙලිෆෝන් කෝල් එකෙන් ඔක්කොම නීතිය "අවනීතිය" වෙනවා.
පව් අසරණයෝ !!! ඇඟිල්ලෙන් ඇනලා කියන්න දෙයක් නැහැ. අපිට තේරෙනවා..
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු වසන් කළ වැරදිකරුවන් මේ අතර සිටිනවා.
සතුරා පහරදී විනාශ කරනවා මිසක් හුරතල් නොකළ යුතුයි කියන එක ජනාධිපතිතුමාට අලුතෙන් කියලා දෙන්න වැඩක් නැහැ.
මොවුන්ට ඇති චෝදනා ප්‍රසිද්ධ කළයුතු අතර, මෙම නියෝගය අධිකරණයක් මාර්ගයෙන් පැමිණිය යුතුයි. නැතහොත් මෙලෙස ඕනෑම පුරවැසියෙකුගේ අයිතීන් උල්ලංඝනය කිරීමට පාලන අධිකාරියට හැකිවනු ඇත. කවදා හෝ තමන්ට මෙය සිදුවනතාක් දේශපාලන කණ්ණාඩි කුට්ටම මිනිස්සු ගලවන්නේ නම් නෑ.
මෙය බරපතල ලෙසම එම නිලධාරීන්ගේ මානව අයිතිවාසිකම් කඩ කිරීමක් ලෙස සැලකිය යුතුයි. ඔවුන් කලේ තමන්ට හිමි රාජකාරිය වන අතර, එමගින් රටේ හොරකම්, මිනීමැරුම් සහ වංචාවන් ගැන සෙවීම ඔවුන්ට තහංචි දැමීමට හේතුවක් වන්නේ කෙසේදැයි බලධාරීන් ජනතාවට පැහැදිලි කළ යුතුයි. මෙය හොරුන් විසින් නීතිය අතට ගැනීමට සමාන වන අතර යුක්තිගරුක, යහපත් ජනතාව විසින් පිළිකුලට භාජනය කළ යුතුවේ. එමෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව විසින් මේවා පිළිබඳව දැඩි අවධානයක් යොමු කරනු නිසැකය. මෙම පාලකයන් විසින් දැනටම රට දේශපාලන වශයෙන් ජාතීන් වශයෙන්, ආගම් වශයෙන් බෙදා වෙන්කර ඇත. එය සිරියාව සහ සෝමාලියාවට වඩා දරුණු වනු ඇත.
සාලි.... සෑම් ඕක කියන්න ගිහිල්ලා නිකරුණේ රිමාන්ඩ් කරලා ඉන්න රණවිරුවන්ට...පොලීසියේ නීතිය රටින් පිටවෙනවා නම් රජයේ සේවකයෙක් වශයෙන්, රජයෙන් අවසර ගත යුතුයි. නීති පොත බලන්න... මෝඩයා වගේ නොලියා...
හොඳ වැඩක්... වරදක් කරලා නැත්නම් හොරෙන් පනින්න ඕනේ නෑනේ... මේකේ හොඳින්ම කියලා තියෙනවා අවසර අරගෙන යන්න පුළුවන් කියලා. ඉතින් ගෝත්‍රික වැඩි අය කියන්නේ මේක මානව හිමිකම් උල්ලංඝනයක් කියලා...
නියමයි ජනාධිපතිතුමනි, මහකෙනාවත් හොයාගෙන ඔහුටත් නීතිය ක්‍රියාත්මක කරන්න.
2010 සරත් ෆොන්සේකාට වුණු දෙය තමන්ටත් වෙයි කියලා ඔවුන් තුළ බයක් තියෙන්න පුලුවන්. මේ තහනම් නියෝග හරහා ඒක වඩ වඩාත් වැඩිවෙන්න පුළුවන්. අනවශ්‍ය වැඩ කරන්න ගිහින් ලැබුණු බලේ නැතිවෙන්නත් පුලුවන්. මොකද දැන් රටේ පාවෙන ඡන්ද ප්‍රමාණය වැඩියි.
කෝ මේ යහපාලනයට සහ පොහොට්ටුවට කඩේ ගිය කට්ටිය...? දුකයි සන්තෝසයයි බෙදා හදා ගන්නවද?
අදහස් ලියන්නා කොහොම ලිව්වත්, එය තේරුම්ගන්න දැන් ඉන්න අය ගොඩාක් බුද්ධිමත්...
මේකේ සඳහන් කරලා තියෙන්නේ නිසි අවසරයකින් තොරව කියලා. මුළු රාජ්‍ය සේවකයන්ටම මේක පොදුයි. එය ඇත්තෙන්ම හොඳ තීරණයක්...
තමා අතේ කිසි වරදක් නැතිනම් නිශාන්ත මහත්මයා පැන ගියේ ඇයි? බුද්ධි අංශ නිලධාරීන්ට අසාධාරණ ලෙස චෝදනා එල්ල කෙරුණු බව පසක් නොවේද?
ආරක්ෂක ලේකම් මාධ්‍ය සංදර්ශන දාන අතරේ බුද්ධි අංශවලටත් හොරෙන් මිනිහා පැනලා... එන්ජීඕ උදව් කරන්න ඇති...
දැන් සැපද? ඔහොම යන්, ඔහොම යන්...
අධිකරණයෙන් වරදකරුවන් වී මරණ දඬුවම නියමවූවන්ට සමාවදීම නම් හොඳ වැඩක් නෙවෙයි.
කළ හොඳ පස්සෙන් එනවා වගෙයි. ඔහොම යමු.
ඉතාමත් වැදගත් කාලෝචිත තීරණයක්.! දේශපාලනිකව සහ රාජ්‍ය නොවන සංවිධානවලට අනුව පසුගිය රජය සමයේ සිදුවූ ජාතික හානිය මෙතෙකැයි කියන්න බැහැ. දැන් අපට වැටහෙනවා එවකට අපේ බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන මේ රට පත්කළ ඒ දුෂ්කර කාලයන්ට බොහෝ පිරිසක් වගකිව යුතු බව... ඔවුන්ට උපරිම දඬුවම් ලබාදිය යුතුයි..
මම හිතන්නේ CID නිලධාරීන් කරලා තියෙන්නෙ ඉහලින් එන නියෝග අනුව රාජකාරිය. ආණ්ඩුව වෙනස් වුනා කියලා රාජකාරිය හරියට කරලා තිබේ නම් වැරදිකරුවන් වෙන්න ඉඩක් නැහැ.
ආණ්ඩුව වෙනස් උනා රාජකාරිය හරියට කල අයට අසාධාරණයක් නොවිය යුතුයි. නමුත් කරපු රාජකාරිය හරිද වැරදිද කියලා දේශපාලන බලපෑම් මත තීන්දු ගන්නවානම් සාධාරණයක් බලාපොරොතු වෙන්න බෑ. අනික රටේ නීතිය සාධාරණව ක්‍රියාත මක නම් දේශපාලන බල පෙරළියත් සමග නිදහසේ ඉඳපු අය හොරු වෙන්නත් හොරු නිදහස් වෙන්නත් බෑ. එහෙම වෙනවා නම් ඒ රටේ නීතිය පිළිබද විශ්වාසය බිද වැටෙනවා.
2015 පෙරළියේදී මේ ලෙස පළි ගත්තද ? .. සිතන්න යමක්
දේශපාලනය පැත්තක තියලා අපි බැලුවොත් මේ පරණ දඩයම් සඳහා වන අත්හදා බැලීමක් විතරයි. මාධ්‍යයයි, මිනිස්සුයි, විපක්ෂයයි මේවා පිළිබඳව මුනිවත රකීනම් රට කෙටිකලක් තුළ අඳුරු යුගයක් කරා ගමන් කරනු ඇත. අධිකරණ වාරණයකින් මිස මෙවැන්නක් නොකළ යුතුයි. මේ තුළ අන්තර්ගත පළිගැනීම තේරුම් නොගැනීම පොහොට්ටු ළදරු මන්ද මානසිකත්වය පෙන්නුම් කරනවා..
මේ අතර නාමල් රාජපක්ෂට රට යාමට අවසර!!