රටේ ජනාධිපතිවරයා ලෙස ලැබී ඇති විධායක බලතල රටේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට කිසි විටෙක පසුබට නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුරාධපූර රුවන්වැලි සෑ රඳුන් අභියසදී දිව්රුම් දීමෙන් අනතුරුව අද (18) ජාතිය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කිරීමේදී රටේ ඒකීයත්වයට, ස්වාධීනත්වයට ගරු කරන ලෙස සියලු විදෙස් රටවලින් ඉල්ලා සිටින බවද එහිදී ජනාධිපතිවරයා පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
‘රටේ සිංහල ජනතාවගෙන් පමණක් මැතිවරණය ජයග්‍රහණය කළ හැකිව තිබුණත් දමිල හා මුස්ලිම් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළා. අපේක්ෂා කළ අයුරින් ඒ සහය ලැබුණේ නැහැ. නමුත් ජනාධිපතිවරයා ලෙස නැවතත් මා ඉල්ලා සිටිනවා රටේ අභිවෘද්ධිය උදෙසා සියලු දෙනාට එකතුවන ලෙස.
වසර ගණනක ඓතිහාසික දේවල්, අපේ කම , ආරක්ෂා කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට කටයුතු කරනවා. ආගමික හා ජාතික අනන්‍යතාව රැකගෙන ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කරනවා . ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා ගෙන ආ යෝජනා ඉටු කරමින් රටේ අනාගත පරපුරට ආඩම්බරයෙන් ජීවත් විය හැකි රටක් නිර්මාණය කරනවා. ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම රජයේ මූලික වගකීමක්. ප්‍රතිපත්ති ප්‍රකාශයේ සියලු දේ ඉටු කිරීමට ධූරකාලයේදී කැප වෙනවා. 21 වැනි ශත වර්ෂයේ අභියෝගතාවලට ජනතාවට මුහුණ දීමට තමා සෑම ක්ෂේත්‍රයක තාක්ෂණිත්වය පුළුල් කරනවා .‘ යනුවෙන් පැවසීය.
ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා සහය ලබාදුන් මැති ඇමැතිවරුන්, පාක්ෂිකයින් ඇතුළු සියලු දෙනාට ස්තූතියද පිරිනැමීය . අනතුරුව එහිදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනයට සුබ පැතීමද සිදු කළේය.
සබැඳි
හත්වැනි විධායක ජනපති දිව්රුම් දෙයි




( ඡායාරූප -දයාරත්න ඇඹෝගම)




( ඡායාරූපය ලහිරු හර්ෂණ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමු ජාතිය ඇමතීම විශිෂ්ටයි. ඔබතුමා වෙනුවෙන් ලබා දුන් ඡන්දය පිලිබඳ ආඩම්බරයි. චිරං ජයතු ජනපති තුමනි.
මොන විධායක බලතල ගැනද මේ කියන්නේ? 19 සංශෝදනයෙන් පසුවද ?
මගේ ජීවිතේ දැකපු අද්විතීයම ජාතිය ඇමතීමයි. රටත් ජාතියත් ආගමත් ගැන කිව යුතු සත්‍ය එලෙසින්ම කියා ඇත. සිංහලයින් දැනගත යුතුයි තමන්ගේ නායකයා ලෙහෙසි පහසු අයෙක් නොවන බව. එය සැබවින්ම අපට ආඩම්බරයකි.
දේවෝ වස්සතු කාලේන - සබ්බ සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝච - රාජා භවතු ධම්මිකෝ.
ආඩම්බරයි ඔබට ජයෙන් ජයම වේවා !
සිංහයෙක් දුටුවෙමි.
රජෙකුගේ කතාවක් වගේ. සැබෑ සිංහල රජවරු සියලු ජාතීන්ට සාධාරණව සැලකුවා. මම දමිළ වුනත් ඉගෙන ගත්තෙ ආනන්දේ. මම දන්නවා ජාතින් අතර ත්‍රස්ත අදහස් නෑ. ඒවා ඇත්තේ දේශපාලනයේ. අපිට වෙනම රටක් වෙනම පාලනයක් ඕන නෑ. ඒක ඕන අපි වෙනුවෙන් කියල පෙනී ඉන්න නායකයන්ටයි. සාධාරණ සාමයට ඒකීයත්වයට කැමති දමිළ නායකයින් අපේ පළාත් වලට පත් කරන්න කියන එක හඩ නගා නොකීවත්..... අපේ පැතුමයි. කතෝලික සහෝදරයින් වගේ අපිටත් රටේ ඕනම තැනක නිදහසේ ඉන්න පුලුවන්නම්... අනිත් ඕනම කෙනෙකුට අපේ පැතිවලත් නිදහසේ ඉන්න පුලුවන්නම් තව මොනවද ඕන ? අන්න ඒ ඒකීය රාජ්‍යය හදන්න කියල අපි නව ජනපතිතුමාගෙන් ඉල්ලා හිටිනවා. දෙවි පිහිටයි !
රටටත්, ඔබටත් යහපතක්ම වේවා. ලෝකය ඉදිරියේ අභිමානයෙන් මගේ රට කියන්න පුළුවන් තැනකට මේ රට ගෙනියන්න ඔබට රුවන්වැලි මහා සෑ රජුන්ගේ අාශිර්වාදය රැකවරණය ලැබෙත්වා !!!!!
ඔබගේ අදහසට ගරු කරනවා. මොහු දේශපාලන සංස්කෘතිය වෙනස් කරාවි කියලා හිතනවා.
අයියලා, බෑනලා සහ හොර රංචුව එලවලාම රට හදන වැඩේට අතගහන්න. නැත්නම් පරණ හොරකම් සහ කොමිස් ගැහිලි නැවත සිදුවෙයි.
ජීවිතයේ මම අහපු විශිෂ්ඨතම ජාතිය ඇමතීමෙ කතාව.. ජාතිය කෙළින් සිටවන්න සිංහයෙක් ලැබුණා වගේ හැඟීමක් දැනුණා. චිරං ජයතු ජනාධිපතිතුමණි.
ඔබතුමා රජෙක් වගේ නායකයෙක් වේවා , එමෙන්ම ඔබට ඡන්දය නොදුන් මිනුසුන් ඔබ වෙත නැඹුරු කර ගැනිමයි නියම සාර්ථකත්වය විය යුත්තේ. මුලු රටම ඔබ දෙස දෑස් දල්වා බලා සිටින්නේ මේ පින් බිම සාරවත් දේශයක් කරන තෙක්ය. ඔබට ඡන්දය නොදුන්නත් ඔබට සියලු ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලැබී මේ රට දියුණු කිරීමට හැකි වේවා.
ශ්‍රීලංකා මාතාවගේ නව ජනාධිපති ලෙස පත්වූ ගෝඨාභය රාජපක්ෂට අපගේ උණුසුම් සුබ පැතුම් !!! නවතම මුල් පුරවැසියා වූ ඔබ ඉදිරියේ අතිමහත්වූ ගැටලුවලට අවංකව පිළිතුරු සෙවීමට හැකිවේවා යන්න අපගේ එකම බලාපොරොත්තුවයි.
ඔබතුමා ගැන සහ රාජපක්ෂ පවුල ගැන විශ්වාසයක් නැති වුණත්... 1. විධායක බලතල පවුල වෙනුවෙන් අවභාවිතා නොකරොත් 2. අඩුම ගානේ මහ බැංකු හොරු ටිකවත් ඉතාම ඉක්මනට හිරේට දැම්මොත් 3. රටේ දේපල බුදුදහම අනුව හොරා නොකෑවොත් (මොකද ඔබතුමාට තව අඩුමගානේ වසර 10 කින් මේ සියල්ල හැර යන්න වෙන නිසා - හදවත් රෝගය අනුව- පරලොවට වැඩක් කරගන්න හොඳම අවස්ථාව - මෙය නපුරු සිතින් කියන්නක් නොව බුදුදහම අනුව අපි වැඩියෙන්ම සිහිපත් කළ යුත්තේ පුරුදු කළ යුත්තේ හොඳ මරණයකට මුහුණදීම මිස ජීවත්වීමට හොරකම් මැරකම් කිරීම නොව) 4. පැවැති සාමකාමී මැතිවරණ ක්‍රියාදාමය වෙනස් නොකළොත් මේ රටේ වීර පුරන් අප්පුලා කැප්පෙටිපොල වැන්නවුන් අතර ඔබේ නමත් මිනිසුන් හොඳ විදිහට කියාවි. බලන්න සිරිසේනට මිනිසුන්ගෙන් ලැබුණු බාල තැන ඔබට හා මහින්දට නොලැබුණේ මොනවා වුණත් යුද්ධයට ඔබලා දුන් දායකත්වය නිසා. මේක තමයි ඔබ ඉපදුණු රටට හොඳ දෙයක් කරන්න ලැබෙන අන්තිම අවස්ථාව..., එහෙම කළොත් ඔබ තව වරක් මේ රටේ ජනාධිපති වෙනවා.
හිරේ ඉන්න මිනීමරුවෝ, කුඩුකාරයෝ නිදහස් කරන්න ගිහින් නිකන් කළු පැල්ලම් නම් ගාගන්න එපා. අපි ඡන්දෙ දුන්නේ ඒවාට නෙවෙයි.
සිංහල, දමිල, මුස්ලිම් යනවචන වෙනුවට "ශ්‍රී ලාංකික" කියන තනි වචනයෙන් ජාතිය ආමන්ත්‍රණය කරන්නට ඔබතුමාට හැකිවේවා..!!!.
මැතිඳුනි, කලින් අය නටපු සාටක කෝළම මෙතනින් නවත්වලා බුද්ධිමත් දේශපාලනයක යෙදෙමු.
බොහොම ආඩම්බරය අපට ජනාධිපති තුමනි ඔබ චිරාත් කාලයක් වැජබේවා.
ඔබතුමාගේ ප්‍රකාශනයේ ඔබතුමා දක්වන අදහස් ඉතාමත්ම අගයකොට සලකමි. ඔබතුමා ගැන වපර ඇහෙන් බලා සිටි මම වගේ අය ඔබතුමාව තේරුම් ගත යුතු කාලය ඇවිත් තිබේ. ජාතික සමගිය උදෙසා ඔබතුමා දරන උත්සාහයට දෙමළ ජනතාවත් එක්වෙමු. ඔබතුමාට දේවාශිර්වාදය ලැබේවා...!!!
අර බේබිලා ටික නම් කිට්ටු කරගන්න එපා. දේශපාලනයේදී ඔබතුමා කිට්ටුවටවත් ගන්නේ නැතිව ඉන්නතාක් කල් ඇඟට ගුණයි...
මෙය කදිම අවස්ථාවක්... ඔබගේ නාමය සදා රැකගන්න මේ දෙරණේ... ජනතාව ඔබ කෙරෙහි තිබ්බ විශ්වාසය, සිහිනය මල්ඵල ගන්වන්නට හැකිවේවායි පතමි...
මම දැක්කා මහාචාර්ය නලින් සිල්වා ඔහුගේ " කාලය" අඩවියේ මෙහෙම ලියල තියෙනවා. උපුටා ගැනීම " ජාතික ජනාධිපතිට මෙරට ජාතියක් ගොඩනැගීමේ ප්‍රශ්නයක් නැහැ. එය පළමුවැනි ගෝඨාභය රජුගේ මුණුබුරකු වූ ගැමුණු රජු විසින් කෙරී අවුරුදු දෙදහසකට වැඩියි. ගැමුණු රජු මෙරට සිංහල බෞද්ධ රාජ්‍යයක් ගොඩනැගුවා. ගෝඨාභය රාජපක්‍ෂට ඇත්තේ ඒ සිංහල බෞද්ධ රාජ්‍යය යළි ගොඩනැගීමේ කාර්යයට මුල පිරීමයි. තමාට ඡන්දය නුදුන්නත් ගෝඨාභය දෙමළ කතා කරන ජනයාත් මුස්ලිම් ජනයාත් තම දරුවන් සේ රකීවි. ඔවුන්ට ආරක්‍ෂාව ඇත්තේ සිංහල බෞද්ධ රාජ්‍යයක් පමණයි. ඒ ගැනත් අනෙක් ප්‍රශ්න ගැනත් අපි පසුව සාකච්ඡා කරමු." උපුටාගැනීම අවසන්. හිස්බුල්ලා, තොණ්ඩමාන්, වීරවංශ, ගම්මන්පිල, මහින්දානන්ද, ජොන්ස්ටන් වැනි කට්ටිය ලංකර ගත්තොත් ඔය වැඩේ හරියට කෙරෙයිද ?
ඔබතුමාට දැන් තියෙන අභියෝග තමයි නිරර්ථක වැඩ වරජන නිදහස් අධ්‍යාපනයට බාධාකරන අවස්ථාවාදී ශිෂ්‍ය කණ්ඩායම් පුද්ගලික බස් මාෆියාව පාරිභෝගිකයා ගසා කන කළු කඩ සකලවිද ජාවාරම් කරුවන් තරුණ ජනතාවගේ අසහනය මේ ටික සාර්ථක කරගන්න ඔබතුමාට ඕනෑවටත් වඩා ශක්තිය ධෛර්යය තියෙනවා.. ඔය බලතල නිසි පරිදි යොදාගෙන...
චිරං ජයතු ජනාධිපතිතුමනි, ලැබූ 5 වසර ගැනද සිතන්න... ඉදිරියට ඇති පස්වසර නැවත ලබන්නට රටට වැඩදායක රජෙක් වෙන්න.
කතා වැඩක් නෑ. අපි වැඩ ගැන බලාගෙන ඉන්නවා.
යුද්ධය නිමාකරන්න බෑ කියලා කිව්වා. කලා, සිංහල ඡන්ද වලින් විතරක් ජනාධිපති කෙනෙක් පත් කරන්න බෑ කිව්වා.
ජයෙන් ජයම වේවා ගෝඨාභය මැතිදුනි, සිංහල ජාතියට ඔබතුමා නිසි තැන දෙන බව විශ්වාසයි. ඔබතුමාගේ කතාව විශිෂ්ටයි .
අපි ඇබිති කාලයේ අහපු කවියක් තියෙනවා.. අනේ කුහුඹියනේ කියලා, මේක අහල අහලාම අපේ මිනිස්සුන්ගේ මොළේට වැටිලා තියෙන අදහසක් තමයි රජෙක් ඕනෑ කියන එක, රජකමට කිට්ටු විධායක ජනාධිපති ක්‍රමයට සිංහලයෝ ඔච්චර ලැදි එකයි... කණගාටුව කියන්නේ අපේ මිනිස්සු තරම් දීන, වහල් ජාතියක් තවත් නැහැ කියලයි. බලන්න අපේ ඇමරිකන් ජනාධිපතිගේ රටේ.. නිදහස දිනාගත් හැටි, පළමු ජනාධිපති රාජාණ්ඩු ක්‍රම ප්‍රතික්ෂේප කරලා මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වැඩ කළ හැටි, මිනිසුන්ගේ අයිතිවාසිකම් නිදහස, කතා කිරීමේ නිදහස වෙනුවෙන් ව්‍යවස්ථාවක් හැදූ හැටි, අවුරුදු 300කට අතීතේ සිටි ඇමරිකන් මිනිස්සුන්ට වඩා අන්ත පසුගාමී දීනයන් ටිකක් තමයි අද අපේ රටේ ඉන්නේ... මට කියන්න තියෙන්නේ අනේ මිනිසුනේ නුඹලාට කොන්දක් ලැබෙන්නේ කවද්ද කියලයි. විධායක ජනාධිපතික්‍රම අහෝසි කරන්න. දේශපාලකයන් පස්සේ යාම නවත්තන්න.. මිනිස්සුනේ මොලේ පාවිච්චි කරන්න..
ව්‍යවස්ථාවට බොරු කරලා පත්වුණු පත්වීමක්.
කතාව ඉතාම අගෙයි. අපි බලාපොරොත්තු වෙනවා, දළදා මාලිගාව ඉදිරිපිට හෝ කිසිම තැනක මිනිසුන්ට හිරි හැර වෙන සේ කාර් රේස් පැදීම, බදු වංචාව සඳහා කාර් ගෙන්න වීම, නෑ දෑ යන්ට තනතුරුදී හිතුමතේ වැඩ කිරීමට ඉඩ දීම, පාර්ලිමේන්තුවේ කුණු හරුප කියන මිරිස් කුඩු ගසා සන්ඩුවීම් කරන නුගත් පත් කිරීම වැනි වැදගත් දේවල් නැවත්වීමට පියවර ගැනීම. ඔබතුමාට , දැන් වටේ ඉන්න පිරිසගෙන් කොටසක් හලන්නට වෙයි.
අපේ මහපාරවල සාමාන්‍ය මගියෙකුට ගමන් කරන්න බැරි වී තිබෙන, නීති ගරුක රථ වාහන හිමියෙකුට තම වාහනය නිදහසේ ආරක්ෂිතව මහා පාරක පදවන්නට අසීරු වී තිබෙන මහා මාර්ගවල විනය උල්ලංගනය කිරීම ගැනත් සැලකිලිමත් වුනොත් අගෙයි ජනාධිපති තුමෙනි. එතරමට මහා මාර්ගවල විනය අද පිරිහිලා.
සුදෙල්මිගේ කතාව දැකලා මට ලියන්න හිතුනා. හදවත් රෝග එතරම් ලොකු ප්‍රශ්න නෙවෙයි හරියට ප්‍රවේසම් වුනොත්. මම බයිපාස් එක කලේ 1993. දැන් අවරුදු 26 ක් වෙනවා. මගේ වයසේ ඕන කෙනෙක් එක්ක මම අද වුනත් තරගෙට දුවන්නම්.
අපි ඔබෙන් බලාපොරොත්තුවෙන්නේ එයයි. ආරක්ෂාව කියන එක ත්‍රස්තවාදයටම සීමා වෙලා නැත.අපිට ආර්ථික ආරක්ෂාවත්, රටේ සිදුවන අල්ලස හොරකම් වලින්ද ආරක්ෂාව සපයා දෙන්න. පළාත් සභාවල සිදුවන අල්ලස් ගැනීමෙන් වෙනත් දූෂණ වලින් ජනතාව ආරක්ෂා කරන්න.
රට සිංගප්පුරුවක් කරන්න යන්නේ අධිකරණෙ නඩු තියන ජයසුන්දර ජනාධිපති ලේකම් කරලා, කමල් ගුණරත්න ආරක්ෂක ලේකම් එක්කද? ලංකාව සිංගප්පුරුවක් කරනවා කියල නේද කිව්වේ. ලංකාවේ ලී ක්වාන් යු අඩුම තරමේ සිංගප්පුරුව ගොඩනැගු අසහාය නායකයාගේ චරිතාපදානයවත් කියවලා තියනවද කියලා සැකයි.
දකුණේ සංහලයෙක්. අති විශිෂ්ඨයි කතාව. මෙතෙක් දැකපු, හදවතට දැනුණු විශිෂ්ඨ කතාවක්. තෙරුවන් සරණයි !