අගමැති මහින්ද රාජපක්ෂ මහතා සර්ව ආගමික ආශිර්වාද මැද අද (21) සිය ධුරයේ රාජකාරි ඇරඹුවේය.
අගමැති ලේකම් කාර්යාලයේ පැවැති මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම පාක්ෂිකයෝ විශාල පිරිසක්ද එක් වුහ.
මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් 1 ට පමණ ශ්‍රී ලංකාවේ නව අගමැතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්.! පසුගිය අවරුදු 4 තුල යහපාලකයන් විසින් කාබාසිනියා කරන ලද මව්බිම, ජනපති සමග එක් වී යලි යහ මගට ගැනීමට ශක්තිය දිරිය ලැබේවා.!
ලොකුම එක අයියට එහෙනම්. "අගමැති තනතුරට අමතරව ප්‍රතිපත්ති සැලසුම්, ක්‍රම සම්පාදන, ආර්ථික කටයුතු, නාගරික සංවර්ධන හා පරිසර" යන විෂයයන් කියන්නේ එසේ මෙසේ දේවල් නෙවෙයිනේ. වැඩිකල් යන්න කලින් පොහොසත් රටක් බව පෙන්වාවි.
අනේ අපොයි! අද ඉඳලා විශේෂ ප්‍රකාශ අහන්න බැරි වෙයි.
අගමැතිතුමාට සුබ පැතුම්. අගමැති තුමනි රටේ අනාගතය උදෙසා නව උගත් බුද්ධිමත් ඇමති පිරිසක් පත්කර ගන්න. අශෝබන ලෙස කතා කරන නුගත් හොරැ පිරිස් ලංනොකර ගන්න. අපගේ මව් බිමට ජයවේවා.!
ජනාධිපති චෝදනා ලැබූ අය කිට්ටු කරගන්නේ නැහැ කියල කීවට මෙතනනම් ඉන්නවා එහෙම කට්ටියක්ම.
අනේ අපොයි මේවා දකින්නද මිනිස්සු ඡන්දෙ දුන්නේ.
නෙළුම් පිපෙන්නේ මඩ ගොහොරුවල බව ඇත්තකි. නමුත් වටවී ඇති සුපුරුදු දූෂිත පිරිස සමගින් ඉදිරි ගමනක් ගැන සිතීමත් හීනයක් විතරක්ය...
ඡන්දෙට පෙර රටම කතා කල දියවන්නාවේ 225 ට මොකද වෙන්නේ? ආපහු ඒ කට්ටිය එක්කම නේද ගමන යන්න තියෙන්නේ. ආපහු දේශපාලනය ජරාජීර්ණ කරන්නනම් එපා මහත්තයෝ
ජනතාවටත් රටටත් දෙවි පිහිටයි
ඉසුරන්දි, ඔබගේ මතයට මම එකඟ වෙමි. 225න් හරි අඩකටත් වැඩියෙන් දැන් සුදනෝය.
යුද්ධයට දේශපාලන නායකත්වය ලබාදීම ඔබේ විශිෂ්ටතම ජාතික සේවයයි. ඒ ජයග්‍රහණය නිසා අපි ඔබට ඉතාම ආදරයෙන් සහ භක්තියෙන් තමයි මහ රජාණෙනි කිව්වේ. හැබැයි ඒ ලැබුණු ගැම්ම, තල්ලුව, ජනප්‍රසාදය නැතිකරගත්තෙත් ඔබමයි. වින්ස්ටන් චර්චිල් දෙවැනි ලෝක යුද්ධයේදී මිත්‍ර පක්ෂය ජයග්‍රණය කර ගෙනයන්න පුරෝගාමී වුනා. බ්‍රිතාන්‍ය වැසියන් ඔහුවත් මහ රජෙකු වශයෙන් සලකන්න ඇති. නමුත් ඊළඟ මැතිවරනෙන් ඔහු පරාජය වුනා. ලංකාවේ වගේමයි. කල්පනාවට ගත්තොත් කලයුතු දේ පැහැදිලියි කියල අපි හිතනවා.
ඉසුරන්දි, ඔබගේ මතයට මම එකඟ වෙමි. 225න් හරි අඩකටත් වැඩියෙන් දැන් සුදනෝය.
අගමැතිතුමන්ට සුබ පතන ගමන්ම කියන්න වෙනවා ඔය වටේට වැඳගෙන ඉන්න අයගෙන් ප්‍රවේසම් වෙන්න කියාලා.
ඔය සුබ පතන අය සමග පොහොට්ටුවේ ජයග්‍රහණය තහවුරු කළ සියලුම දෙනාම ඉතා උනන්දුවෙන් දූෂණයෙන් තොරව තමාගේ රාජකාරිය ඉටු කලොත් තමා හොඳ. කතාවෙන් ලංකාව දියුණු වෙන්නේ නැහැ.
හැටනම ලක්ෂයකගේ පැතුම!
කට්ටියගේ මුහුණු දැක්කම ඒක වඩාත් හොඳින් කරයි කියලා හිතෙනවා.
ඡායාරූපය බලලද එහෙම කිව්වේ?
චෝදනා තියන අය ගන්නෙ නෑලු.
පක්ෂ නායකයෝ මේ අය තමන්ගේ ලැයිස්තුවට ඇතුලත් කලහම පොදු ජනතාව වෙන කාටද ඡන්දය දෙන්නේ?
අගමැතිතුමනි, ජාතික පාසල් වලට 2 සිට 11 පන්ති දක්වාම දැනටත් ළමයි ඇතුලත් කරන්න ලියුම් එනවා අධ්‍යාපන අමාත්‍යාංශයෙන්. පරණ දින දාලා ලියුම් එන්නේ. වහාම සොයා බලන්න.