ශ්රී ලංකාවේ නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන මෙම උත්සවයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ඇතුළු මැති ඇමැතිවරු රැසක් මේ අවස්ථාවට එක්ව සිටිති.




(ඡායාරූප -චතුර එස් .කොඩිකාර )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මේ උණුසුම් සුභපැතුම්.
දැන් ඉතින් අර හොරු රැල එලවන්න.
ජයවෙවා...
2015 ජනවාරි 08, ඔබතුමා පරාජයවී යනවිට ,අපේ හිතට දැනුන වේදනාව අද තමයි ඉවර වුනේ. අද අපේ හිතට ජාතියට සහ මුළු රටටම අලුත් ජිවක් නැවතත් ලැබුනා, ඒ ගැන අප හදවතින්ම සතුටු වන්නෙමු .. "ගෝටා-මහින්ද , කමල්- ශවෙන්ද්‍ර " සංකලනයෙන් ශ්‍රී ලංකාව අභිමානවත් දේශයක් වෙනු ඇත.. ඒ විශ්වාසය සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම හදතුල ජනිතවී අවසානයි... නිදහස් රටක්-ඒකීය රටක්, නීතිගරුක පාලනයක් , අපේ එකම පැතුමයි. අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජයවේවා !!!!..
සුබ පැතුම්!!! මිනිස්සුන්ට වැඩ කරන්න.. රට ගොඩ ගන්න වැටිලා තියන තත්වෙන්... රට රාජපක්ෂ බුදලයක් කර ගන්න නම් එපා .. මේ රට මගෙත් රට ඔබෙත් රට..
අපේ මව්බිමට ජයවේවා ! තෙරුවන්ගේ ගුණ බලෙන් යහපත් අනාගතයක් උදාවේවා ! සියලු දෙනා එක්සත්ව රට ගැන හිතන්න ඕන කාලය එළඹී ඇත.
සුබපැතුම් !
පවුලේ සගයන් මෙන්ම සටනෙත් සගයන් වීම කොයිතරම් අපූරුද? මෙය අපේ කාටත් ආදර්ශයක්. නැතිම දේ තියන තැනුත් තියෙනවා කියො පෙන්නුවා නේද ? අද නැත්තෙත් මේකනේ. කවුරුත් හොඳින් හිතට ගත්තොත් කවුරුත් දිනුම්!
කරණාකරලා ඔයාගෙ හොර රැළ දක්කගෙන එන්න එපා. ගෝඨාට වැඩ කරන්න ඉඩ දෙන්න.
ඔබ දෙපළටත් රටේ ජනතාවටත් ජයවේවා !!!!! මෙතුවක් කල් පැවති දුර්දාන්ත යුගයෙන් මව් රට ගලවා ගැනීමට තෙරුවන් සරණින් ඔබ දෙපළට ශක්තිය දිරිය ලැබේවා !!!!
නව ජනාධිපති තුමාටත්, නව අගමැතිතුමාටත් අපගෙන් සුභ පැතුම්! අපේ රටනංවාලීමට ශක්තිය ධෛර්‍ය්ය ලැබේවා !
සුබපැතුම් !
සුභ අනාගතයක් !......
සෙට් එකම නඩු තියෙන කට්ටිය... පව් අපි... කාලය ඔප්පු කරයි කරගත් වින්නැහිය...
අයියා මල්ලිට දෙනවා, මල්ලි අයියට දෙනවා. මේ දෙන්නා එකතු වෙලා රටට මොනවහරි කරලා දුන්නොත් ලොකුම දෙයක්.
ඇති යාන්තං දැන් ඉතින් නින්ද යයි.
කලින් පාර වගේ රටේ ජාතික ධනය විනාස නොකර, නාස්තිය, දුෂණය අඩුකර සහ හිත මිතුරන්ට වැඩි සැලකිලි නැතුව ජනතා වෙනුවෙන් සේවය කරන්ඩ. සුබපැතුම්.!
මේ රටේ පාර්ලිමේන්තුව සුලු ජාතික නියෝජිත ග්‍රහණයෙන් මුදවා ගන්න හැකි වේවා..!
වහලුන් නොවන රටේ සිටින බුද්ධිමත් ජන කොටස බීමට සුදුසු ජලය නොමැති නිසා පිපාසයට පුන්නක්කු බීමට තරම් අවාසනා වන්ත වේ. තව ප්‍රතිඵල ඉදිරියේදී ලැබෙන්නට තිබේ.
පරණ පීල්ලට නොවැටුනොත් මේ ලංකාව නොවෙයි.