IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හත්වැනි විධායක ජනපති දිව්රුම් දෙයි

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති ලෙස  ගෝඨාභය රාජපක්ෂ මහතා අද ( 18)   දිවුරුම් දුන්නේය.‍
 

මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද  සුභ නැකතින් අනුරාධපූර රුවන්වැලි සෑ රඳුන් ඉදිරිපිටදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස  සිය දිවුරුම් දීම සිදු කළේය. 

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේදී  මෙම දිවුරුම් දීම සිදු කෙරුණ  අතර  ජනාධිපති ධුරය භාර ගැනීමේ නිවේදනය ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා  විසින් ප්‍රකාශයට පත් කළේය.

 ඊයේ  (17)   අවසන් වු  ජනාධීපතිවරණයෙන්  මහජන ඡන්ද  6,924,255 ලබාගත්  රාජපක්ෂ මහතා ජනාධීපතිවරයා ලෙස තේරී පත්විය.
 
හිටපු ජනාධිපති හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක , විපක් ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දින සැමරුමට සමගාමීව මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

මැති ,ඇමැතිවරු, තානාපතිවරුවරු ඇතුළු  දහස් ගණනක් පාක්ෂකයෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සබැඳි

හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය නම් ඔහු



අදහස් (1)

හත්වැනි විධායක ජනපති දිව්රුම් දෙයි

suranjith Monday, 18 November 2019 06:58 AM

ගරු ජනාධිපති තුමනි අපි ඔබට මැතිවරණයේදී සහයෝගය නුදුනෙමු එහෙත් ඔබතුම දැන් අපේ රටේ ජනයාගේ මුල් පුරවැසියාය සියලු ජාතීන්ට එක සේ සලකන්න. අපේ රටේ දියුණුව වෙනුවෙන් ඔබතුම ගන්න හොඳ දේවල් අපි අගය කරන්නෙමු. වැරදි දේ වැරදියි කියා කියන්නෙමු. ඔබතුමාට සුබ පතමු.

:       0       101

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site