ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අද ( 18) දිවුරුම් දුන්නේය.
මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද සුභ නැකතින් අනුරාධපූර රුවන්වැලි සෑ රඳුන් ඉදිරිපිටදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස සිය දිවුරුම් දීම සිදු කළේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේදී මෙම දිවුරුම් දීම සිදු කෙරුණ අතර ජනාධිපති ධුරය භාර ගැනීමේ නිවේදනය ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා විසින් ප්‍රකාශයට පත් කළේය.
ඊයේ (17) අවසන් වු ජනාධීපතිවරණයෙන් මහජන ඡන්ද 6,924,255 ලබාගත් රාජපක්ෂ මහතා ජනාධීපතිවරයා ලෙස තේරී පත්විය.
හිටපු ජනාධිපති හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක , විපක් ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දින සැමරුමට සමගාමීව මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
මැති ,ඇමැතිවරු, තානාපතිවරුවරු ඇතුළු දහස් ගණනක් පාක්ෂකයෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
සබැඳි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු ජනාධිපති තුමනි අපි ඔබට මැතිවරණයේදී සහයෝගය නුදුනෙමු එහෙත් ඔබතුම දැන් අපේ රටේ ජනයාගේ මුල් පුරවැසියාය සියලු ජාතීන්ට එක සේ සලකන්න. අපේ රටේ දියුණුව වෙනුවෙන් ඔබතුම ගන්න හොඳ දේවල් අපි අගය කරන්නෙමු. වැරදි දේ වැරදියි කියා කියන්නෙමු. ඔබතුමාට සුබ පතමු.