ශ්රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙසින් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17 වැනිදා) තේරී පත්විය.
සෙනසුරාදා (16 වැනිදා) පැවැති ජනාධිපතිවරණයේදී ඡන්ද ගණන් කිරීම් අද පස්වරුවේදී නිමාවට පත්වූ අතර පස්වරු 3.45 ට පමණ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙසින් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරන ලදි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිව තිබූ ඡන්ද සංඛ්‍යාව 69,24,255 ක් විය. ප්‍රතිශතයක් වශයෙන් එය 52.25 % කි.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා 41.99 %ක ඡන්ද ප්‍රතිශතයකට හිමිකම් කියමින් ඡන්ද 55,64,239 ක් ලබාගැනීමට සමත් විය.
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 4,18,553 ක් ලබා ගනිමින් තෙවැනි තැනට පත්ව ඇති අතර ඔහු ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය 3.16 % කි.
වසර දහයකට පෙර කොටි ත්‍රස්තවාදීන් පරාජයට පත් කළ යුද්ධයේ ප්‍රමුඛ හා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සහෝදරයා ද වෙයි.
ශ්‍රී ලංකාවේ ආගමික අන්තවාදය පරාජයට පත් කර ආරක්ෂාව තහවුරු කරන බවට පොරොන්දු දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය දියත් කළේය. ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වූ ජිහාද් අන්තවාදී ත්‍රස්ත සංවිධානයක් අප්‍රේල් 21 වැනිදා එල්ල කළ එම මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාර මාලාවෙන් 269ක් ජීවිතක්ෂයට පත්වූහ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය සොහොයුරා මෙන්ම එවකට සිටි ආරක්ෂක ලේකම්වරයාද වූ ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එක්ව ආරක්ෂක අංශවලට සාර්ථකව නායකත්වය දෙමින් 37 වසරක සිවිල් යුද්ධය අවසන් කළේය.
විශ්‍රාමික ලුතිනන් කර්නල්වරයකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා “ටර්මිනේටර්” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වේ. ඔහුගේ පවුලේ සාමාජිකයන්ම එම නම පටබැඳ තිබිණි.
055

COMMENTS
අපේ සුභ පැතුම් ! ජයවේවා ජනාධිපති තුමනි!!!
පාන් ගෙඩියක් 60 යි. හාල් කිලෝ එකක් 80 යි. ගව පාලනය මිනිස්සුන්ට දීපු වදයට අද ජනතාව පිළිතුරු දීල තියෙනවා.
මිනිස්සුන්ට සාධාරණ බඩු මිල අඩු කිරීමක් එජාප රජයෙන් ලැබුනේ නැහැ. තෙල් වලින් බඩු මිල ඉවත් කලොත් ජනතාවට දැන් තියෙන පෙට්‍රල් ඩීසල් මිල 50% කින් අඩු කරන්න පුළුවන්. ජනතාව ගසා කෑවට අද ජනතාව එජාපයට පිළිතුරු දීල තියෙනවා.
පාන් ගෙඩිය දුන්නේ 60 ට. හාල් කිලෝ එක 80 ට. දැන් කොහොමද යහපාලනයට මිනිස්සුන්ගේ පිළිතුර ? දැන් සැපද ?
ශ්රී ලාංකික මධ්‍යම පාංතිකයන්ට අස්වැසිල්ලකි. ජයග්‍රහණයකි.
මඩ ගැසීම් ගෝඨාගේ ජයග්‍රහණයට ලොකු උදව්වක් උනා.
ඔබතුමාට අපේ ආශිර්වාදය. තෙරුවන් සරණයි !
සුබපැතුම් ජනපතිතුමනි..., ජනතාව පෙර වැරදි සකසා ගත් සේම ඔබද පෙර වැරදි සකසාගෙන රට අධිවේගී සංවර්ධනයක් කරා ගෙන යනු ඇතැයි මාතෘ භූමියට පණ මෙන් ආදරය කරන සියලු ශ්‍රී ලාංකිකයන්ගේ එකම පැතුමයි. සිංහල ජාතියට සහ බුදුදහමට මූලිකත්වය දෙමින් ආරක්ෂා කරමින් එම සෙවනේ අනිකුත් ජාතීන්ටද සමගියෙන් ජීවත් විය හැකි සමාජයක්, රටක් අදට මෙන්ම මතු පරපුරටද දායාද කරන මෙන් අපි ඔබගෙන් ඉල්ලා සිටිමු. කවර හෝ අන්ත වාදයකට ත්‍රස්තවාදයකට ශ්‍රී ලාංකිකයන් යලි බේධ කරලිය නොහැකි අන්දමේ ශක්තිමත් පවුරක් නැවත ගොඩ නගා මෙම දේශය නැවතත් ආසියාවේ පමණක් නොව ලෝකයේම දිදුලන දේශයක් කිරීමේ වගකීම ඔබට බාරයි. අද සිංහලයින්ගේ අති බහුතර ඡන්දෙන් ජයගත්තා සේම 2023 සියලු ජාතීන්ගේ විශ්වාසය දිනා දෙමල, සිංහල භේදයක් නොමැතිව ලංකාවේ සියලුම පළාත්වලින් අති බහුතරය ලබා ඔබට ජය ගැනීමට හැකි වේවායි පතමි. බොරුව වපුරන අය කෙරෙහි විශ්වාසය නොතබා ජනතාව මත පමණක් විශ්වාසය තබා වැඩ කරන්න. ලංකා ඉතිහාසේ ඔබේ නම රන් අකුරෙන් ලියවෙනවා නොඅනුමානයි. තෙරුවන් සරණයි.
ආණ්ඩුව පෙරලෙන අන්තිම මොහොතේ පිටිමිල වැඩි කරලා ආපහු අඩු කළා. දැන් ආපහු ආණ්ඩුවක් නැති වෙලාවේ ඒක යලි කළා. මේ මාෆියාව ඉක්මනින්ම නැති කළ යුතුයි. ආයේ හෙට අනිද්දම කියයි පිටිමිල අඩුු කළා කියලා.
අලුත් ජනතා නායකයින් හදුන්වාදෙන ශක්තිමත් ජනතාවාදී අපේක්‍ෂකයින් සමග මහමැතිවරණයට ගොස් ශක්තිමත් ආණ්ඩුවක් සැදීමට අවස්ථාව ලැබේවා...!!
අපිට වහලුන් කිව්ව හිවල්ලු ටික කැලේ පැනලාද? දෙමල්ලු සහ මුස්ලිම් එජාපයට ඡන්දය නොදුන්නා නම් එජාපයින්ට ලැබෙන ඡන්ද ගණන කීයද? මේ ඔබලාට උත්තර දීම සඳහායි...
ප්‍රතිපත්ති මුලික පාර්ලිමේන්තුවක් හදන්න. ඡන්දෙකට කරන වියදම් ප්‍රමාණය සීමා කරන්න. අපේක්ෂකයෙකුට ඡන්දෙට වෙන වියදම අවම කරන්න, සීමා කරන්න.
බලන් ඉන්න. පටන්ගන්නේ ගෑස් වලින්. මොනවා කළත් යහපාලන කට්ටිය ගෑස් මිල රුපියල් 1000 න් අඩු කළා.
මේක බඩට වැඩිය රට, ජාතිය, ආගම ගැන හිතලා ඡන්දය දුන් ජනතාවගේ ජයග්‍රහණයක්. එම්.සී.සී ගිවිසුම හරහා මේ රට ඇමරිකාවේ යටත් විජිතයක් බවට පත්වීමට තිබු අනතුරින් මෙතුමා මුදවා ගන්නවා සිකුරුයි. මඩකලපුවේ ෂරියා විශ්ව විද්‍යාලය ආරම්භ කළා නම් මේ රට තවත් අරාබියක් වෙන එක නවත්වන්න බැහැ. අප්‍රේල් 21 ප්‍රහාරයට වගකිවයුත්තන් අධිකරණය හමුවට පමුණුවා ඔවුන්ට දඬුවම් ලබාදීම නුදුරු අනාගතයේදී එතුමා ඉටුකරාවි. නව ජනාධිපතිතුමාට සුභපැතුම් !
රටේ නීතිය, යුක්තිය අඩි හයක් පොළව යට නතර වනු ඇත.
ඔබ සැම සිනාවෙන්න. අපිට සතුටුයි. නමුත් අපිව අඩවන්න එපා අනාගතයේ.
සුබ පැතුම් !!! නමුත් ඔබතුමා රට රාජපක්ෂ බූදලයක් නොකර කෙලින් වැඩ කරන්න. ඔබතුමා රටේ ජනතාවගේ සේවකයෙක්.. මිනිස්සු හුඟක් බලාපොරොත්තු තියන් මේ ජනවරම ඔබට බාරදුන්නේ.. එම බලාපොරොත්තුව පලුදු නොකර රටට හොඳ හෙට දවසක් උදා කරාවි කියලා බලාපොරොත්තු වෙනවා... මේ මගේත් රට ඔබේත් රට.. අවංකව, රටට ආදරෙන් මහජනතාවට ආදරෙන් වැඩ කටයුතු කරාවි කියලා බලාපොරොත්තු වෙනවා... ඔබට ජය...!!!
අපේ සිංහල රටේ ඡන්දයකදී, දෙමළ මුස්ලිම් අන්තවාදී ඡන්ද වලින් කළ හැකි කෙන්ගෙඩියක් නැති බව මේ ඡන්දෙන් ඔප්පු වුණා. චිරං ජයතු ලංකා..!
දැන් ඔබතුමාට තියෙන්නෙ නිවැරැදි ගමනක් යන්න. අනවශ්‍ය අය ලං කරගන්න එපා. අනවශ්‍ය වැඩ කරන්න එපා. නැතිනම් ඔබටද ගෙදර යාමට සිදුවේ. බැදුම්කරයට සම්බන්ධ අය සහ පාස්කු ඉරිදා ප්‍රහාරකයින්ටද කුඩුකාරයන්ටද දඩුවම් කරන තුරු අපි විමසිල්ලෙන් සිටින බව මතක තබා ගන්න මැතිතුමනි.
බැංකු හොරුන්ව අල්ලන්නේ කවදාද?
මුස්ලිම්, දෙමළ මිනිස්සු ඡන්දේ දුන්නේ සිංහල අපේක්ෂකයට විතරයි.
මෙවර පුරවැසියන් ඡන්දය ප්‍රකාශ කළේ රට ගැන මිසක් බඩ ගැන සිතා නම් නොවෙයි. වැරදියට තේරුම් ගත්තොත් එය ජනාධිපතිවරයගේ පිරිහීමේ ආරම්භය වේවි..!!!
වියන්ගොඩටයි, දඹර අමිලටයි, පෝද්දල ජයන්තගේ සත්කාරය කළාට මම නම් අමනාප නැහැ.
නව ජනාධිපතිතුමාට සුබපැතුම්...!
මගේ ප්‍රණාමය ලංකා පුත්‍රයින්ට. දැන් ඔබ ලංකා මව නම් නිවාසය සුරැක ඇත.
ගෝඨාභය රාජපක්ෂ මැතිඳුනි, ඔබතුමාට අපගේ උණුසුම් සුබපැතුම්..!
ජගත් මහත්මා, මම දෙමළ... නමුත් අපි ඡන්දේ දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට...
නියමයි. රට නැවත සුද්ද කරලා ත්‍රස්තවාදී මුල් සිඳලන්න.
මැතිවරණ ප්‍රකාශයේ කියූ දේ පැත්තක තබලා ප්‍රකාශනයේ නැති 19 හදිසියේම සංශෝධනය කරන්න ඕනේ කියා සාටක කියන්නේ... එහෙනම් ඔවුන් යළිත් රටේ කරන්න යන දේ පැහැදිලියි. අපි කියනවා ඔවුන්ට මාස 6ක් පාලනය ගෙනයන්න බැරි වෙනවා කියා...
අපි දැන් බලමු මිලේනියම් චැලේන්ජ් අත්සන් කරන්නේ නැතිද කියා... රට බලෙන් විකුණපු සාටකයින්ට මේ ලැබෙන මුදල නොගත්තොත් තමයි ලෝක පුදුමය.. ඔබලාට එතකොට බලන්න හැකිවෙයි විමල් මොනවද කියන්නේ මොනවද කරන්නේ කියා...
ඇයි ලොස් ඇන්ජලිස් මෙච්චර මෝඩ?