සීමා නිර්ණ වාර්තාව ජනපතිට බාර දෙන්න - මැතිවරණ කොමිසම පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණ සමාලෝචන වාර්තාව ජනාධිපතිවරයා වෙත බාර දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ ලිපියක් යවමින් අද (11) ඉල්ලීමක් කර තිබේ. 11 April 2019
‘මංගලට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන එනවා’ මෙවර අයවැය යෝජනාවෙන් වැරදි දත්ත ඉදිරිපත් කර ඇති බව පවසමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා කොළඹදී පැවසීය. 11 April 2019
මණ්ඩතිව් කඳවුරු භූමිය මනින්න ආ මිනින්දෝරුවරු ආපසු යති යාපනය වේලනෙයි මණ්ඩතිව්හි පිහිටි නාවික හමුදා කඳවුරු භූමිය ප්‍රමාණයෙන් විශාල කිරීමට රජයෙන් ගෙන ඇති තීරණයට අනුව එම කඳවුරු භූමියේ මැනුම් කටයුතු කිරීමට අද (11) පැමිණි මිනින්දොරුවරු පිරිසකට දෙමළ ජාතික සන්ධානයේ හිටපු උතුරු පළාත් මන්ත්‍රීවරයකු වූ එම්.කේ සිවාජිලිංගම් ඇතුළු පිරිසක් විරෝධතාවක් සංවිධානය කර තිබිණි. 11 April 2019
වසර 5 ක් විදුලිය මිලට ගන්න රවීගෙන් යෝජනාවක් ඉදිරි වසර 5 ක කාලයක් සඳහා විදුලිය මිලදී ගැනීමේ යෝජනාවක් විදුලිබල බලශක්ති හා ව්‍යාපෘති සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා විසින් අද (9) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබු බව වාර්තා වේ. 09 April 2019
අද රෑ සිට පෞද්ගලික බස් රථ වර්ජනයක් පෞද්ගලික බස් රථ සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක් ඇරැඹීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික බස් සේවක සංගමය පවසයි. 09 April 2019
මාකඳුරේ මධූෂ් මේ සතියේදී ලංකාවට ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මේ සතිය ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පීරීස් මහතා අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතාට දැනුම් දුන්නේය. 09 April 2019
ලංවිම වැටුප් ගැටළුව ගැන වෘත්තීය සංගම් තීරණයකට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සහ ලංකා විදුලි පොදු සේවක සංගමය ඇතුළු අනෙකුත් වෘත්තිය සංගම් අද (08) කොළඹ දී ස්ථාන දෙකකදී රැස්වී ලංවිම සේවක වැටප් ගැටළුව පිළිබඳව තීරණ කිහිපයක් ගෙන තිබේ. 08 April 2019
‘ලසන්ත’ ඝාතනයට ගෝඨාට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක නඩුවක් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක නඩුවක් ගොනු කර ඇතැයි ආරංචි මාර්ග පවසයි. 08 April 2019
පළාත් මැතිවරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්නැයි කොමිසමෙන් ඉල්ලීමක් පළාත් සභා මැතිවරණය පවත්වන්නේ කුමන පනතකින්ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීමක් කරන්නැයි මැතිවරණ කොමිසම ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබේ. 07 April 2019
රජයේ විධායක නිලධාරීහු 35,000 ක් සංවර්ධන කමිටු වලින් ඉවත් වෙති රජයේ දීප ව්‍යාප්ත හා සමාන්තර සේවා විධායක නිලධාරීන් අප්‍රේල් 16 වැනි දා සිට රජයේ සියලුම සංවර්ධන කටයුතුවලින් මෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවලින් ඉවත්වීමට තීරණය කර ඇතැයි පවසයි. 07 April 2019
විදුලිය දෙන ව්‍යාපෘති යටගහලා රාජ්‍ය ආයතන සතුව ඇති මෙගාවොට් 200 ක විදුලි ජනන යන්ත්‍ර යොදා ගැනීමට අවසරය හා මෙගාවොට් 1400 ක් සුළං බලයෙන් විදුලිය ලබා ගැනීමට ඉල්ලුම් කළ 650 දෙනාට එම අවස්ථාව ලබාදී තිබුණා නම් කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකියාව තිබූ බව වාර්තා වේ. 07 April 2019
වෙලේ සුදාගේ මරණ දඬුවම ස්ථිරයි හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරුකොට මරණ දඬුවම් නියම කර සිටි ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැත්තාට පනවා තිබූ එම දඬුවම අද(05) ස්ථිර කළ අභියාචනාධිකරණය එම දඬුවමට එරෙහිව වෙළේ සුදා විසින් ඉදිරිපත් කළ අභියාචනය නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය. 05 April 2019
බණ්ඩාරගම ප්‍රා. සබේ ගාලගෝට්ටියක් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ පැවති විශේෂ සභා රැස්වීමේ දී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අද (5) ගුටි බැට හුවමාරුවක යෙදුණහ. 05 April 2019
මධූෂ් ගේන්න මාරපන ඩුබායි යයි ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 04 April 2019
අරලියගහ මැදුරේදී වෙඩි තබාගැනීමකින් එස්ටීඑෆ් සෙබළෙක් මරුට කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපිටදී පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළෙකු මීට සුළු මොහොතකට පෙර වෙඩි තබාගෙන මියගොස් ඇතැයි වාර්තා වේ. 04 April 2019
හදිසියට විදුලිය මිලදී ගන්න සමාගම් තුනක් විදුලි අර්බුදය විසඳීමේ අරමුණින් මෙගාවොට් 100 ක ධාරිතාවයක් හදිසි මිලදී ගැනීමක් ලෙස සිදු කිරිමට පෞද්ගලික සමාගම් තුනක් තෝරාගෙන ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 03 April 2019
අයවැයට ශ්රීලනිපය විරුද්ධ නොවන්නේ නම් ඒකාබද්ධය සාකච්ඡාවලින් ඉවත් වෙනවාලු අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධව ඡන්දය පාවිච්චි නොකරන්නේනම් නව දේශපාලන සන්ධානයක් ගොඩනැඟීම සදහා ඔවුන් සමඟ පවත්වන සාකච්ඡවලින් වහාම ඉවත්විය යුතුයැයි එකාබද්ධ විපක්ෂයේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විපක්ෂනායකවරයාට දැනුම්දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 03 April 2019
ලංවිම-කොමිසමේ ගැටුම විසඳෙන තෙක් කැබිනට් රැස්වීමට එන්නේ නෑ ලංකා විදුලි බල මණ්ඩලයත් , මහජන උපයෝගිතා කොමිෂන් සභාවත් අතර ඇති වී තිබෙන අර්බුදය විසඳා ගන්නා තෙක් තමා කැබිනට් රැස්වීම්වලට සහභාගි නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (2) කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 02 April 2019
විදුලිබල අමාත්‍යංශ ලේකම් ජනාධිපති කොමිසම හමුවට කැඳවයි විදුලිබල මණ්ඩලය සඳහා පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදීගැනීම සහ විදුලි බලාගාර වෙනුවෙන් ඉන්ධන ගෙන්වීමේදී සිදුවී ඇති බව කියන මහ පරිමාණ මුදල් වංචා සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු සඳහා කරුණු දැක්වීමට විදුලිබල අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතාට අද (02) සිදුවිය. 02 April 2019
රථවාහන වැරදි 5 ක අවම දඩය 25,000 රථ වාහන වැරදි පහක අවම දඩය රුපියල් 25,000 දක්වා වැඩි කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. 02 April 2019
මධුෂ්ගේ තවත් ගෝලයෝ දෙදෙනෙක් සීඅයිඩීය බාරයට පාතාල කල්ලි නායක මාකදුරේ මධුෂ්ගේ ඩුබායිහි පැවැත්වූ සාදයකට සහභාගී වී සිටියදී අත්අඩංගුවට ගත් පාතාලයට සම්බන්ධ තවත් පුද්ගලයින් දෙදෙනකු අද (02) උදෑසන කටුනායක ගුවන්තොටුපොලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 02 April 2019
කොකේන් කිලෝ 769 ක් විනාශ කිරීම ඇරැඹේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් පසුගිය වසර තුන තුළ මෙරටදී අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 10935 කට අධික වටිනාකමකින් යුත් කොකෝන් මත්ද්‍රව්‍ය කිලෝ 769 ක් සහ ග්‍රෑම් 464 ක ප්‍රමාණයක් විනාශ කිරීමේ කටයුතු කැලණිය ගෝනවල පිහිටි ඩී.එන්.එස් ගබඩා සංකීර්ණ පරිශ්‍රයේ දී මේ වන විට ආරම්භ වී තිබේ. 01 April 2019
මෙගාවොට් 100ක විදුලිය මිලදී ගන්න යයි මෙගාවොට් 100ක විදුලි ධාරිතාවයක් හදිසි මිලදීගැනීමක් ලෙස පෞද්ගලික අංශයෙන් ලබාගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ. 31 March 2019
දිමුත් පොලිස් ඇප මත මුදාහරී රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පොලිස් ඇප මත මුදා හැර ඇති බව වාර්තා වෙයි. 31 March 2019
මධූෂ් ගැන විමර්ශනයට හත් දෙනෙක් ඩුබායි සිට ශ්‍රී ලංකාවට එවීමට නියමිත මාකඳුරේ මධූෂ් සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවීමට හත් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් පත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 29 March 2019
ආණ්ඩුව වැය ශීර්ෂ කිහිපයක් පරදියි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ සහ මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂ දෙක අද පරාජයට පත් විය. 28 March 2019
කංජිපානි ඉම්රානුත් රහස් පොලිස් බාරයට ඩුබායිහිදී අත්අඩංගුවට ගත් කංජිපානි ඉම්රාන් නම් සැකකරු ද ලංකාවට එවනු ලැබ රහස් පොලිසිය බාරයේ සිටින බව පොලිස් ආරංචි කියයි. 28 March 2019
මධුෂ්ගේ පුංචි අම්මා ගොනු කළ පෙත්සම විසිවෙයි ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර උදර්පණ නීතියක් නොමැති හෙයින් මාකඳුරේ මධුෂ් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී විශේෂ කාර්ය බලකාය සහ රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බැවින් ඔහුව අත්අඩංගුවට ගැනීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහුගේ පුංචි අම්මා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය. 27 March 2019
විමල්ගේ බැංකු ගිණුම් වාර්තා පරීක්ෂාවට අධිකරණයෙන් අවසර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ බැංකු ගිණුම් වාර්තාවල නිරවද්‍යභාවය පරීක්ෂා කිරීමට අවසර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදි මහතා එම නඩුව ලබන ජුලි මස 29 වැනිදා කැදවීමට නියම කළේය. 27 March 2019
නදීමාල් පෙරේරා මුදා හරියි - බන්ධනාගාර නිලධාරියා සීසීඩී බාරයට බුඩායිහිදී අත්අඩංගුවට පත්ව සිට ශ්‍රී ලංකාවට එවන ලද ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මුදා හැරි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 27 March 2019
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026