කෝටි 4 ක් වංචාවට රේගු නිලධාරීන් දෙදෙනා අනිවාර්ය නිවාඩු
රුපියල් 40,000,000 රේගු බදු වංචා කරමින් මෙරටට ආනයනය කරන ලද බීඩි කොළ තොගයේ සිද්ධියට අදාළව සහකාර රේගු අධිකාරිවරයකු සහ රේගු පරීක්ෂකවරයකු අනිවාර්ය නිවාඩු යවා ඇතැයි ශ්රී ලංකා රේගුව කොළඹ අතිරේක මහේස්ත්රාත් ලෝචනා අබේවික්රම මහත්මිය හමුවේ අද (18) කරුණු වාර්තා කළේය.