(නාලක සංජීව දහනායක)
ඉස්ලාම් ත‍්‍රස්තවාදය මැඩලිය හැක්කේ බුද්ධි මෙහෙයුම් දැඩි කිරීමෙන් පමණක් බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (13) පැවසීය.
එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහි යුද්ධය ගොඩබිමින්, මුහුදින් හා ගුවනින් මෙහෙයවුවද අලූත් ත‍්‍රස්තවාදී උවදුර මර්දනය කිරීමට ප‍්‍රධාන වශයෙන්ම බුද්ධි මෙහෙයුම් දැඩි කළ යුතු බවද අගමැතිවරයා කීය.
ඉස්ලාම් ත‍්‍රස්තවාදය නතර නොකිරීම ලංකාවට පමණක් නොව කලාපයටම තර්ජනයක් වන බව කී අගමැතිවරයා අවට රටවල් ද එම අවදානම හොදින් තේරුම්ගෙන තිබෙන නිසා ත‍්‍රස්තවාදයට එරෙහි ඔවුන්ගෙන් සහයෝගය බලාපොරොත්තු විය හැකි බවද පැවසීය.
කොළඹ, නෙළුම්පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී අද (13) පැවැති ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 13 වැනි පාඨමාලාවේ උපාධි ප‍්‍රධානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවෙමින් අග‍්‍රමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
මෙහිදී මෙරට ත‍්‍රිවිධ හමුදා නිළධාරීන් මෙන්ම ඉන්දියාව, චීනය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, මැලේසියාව, මාලදිවයින, නේපාලය, ඕමානය, පාකිස්ථානය, රුවන්ඩාව, සවුදි අරාබිය, සුඩානය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල විදේශීය ශිෂ්‍ය නිළධාරීන් 157 දෙනෙකු උපාධි හිමිකර ගන්නා ලදී.
COMMENTS
ඉන්දියාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, මැලේසියාව, මාලදිවයින, ඕමානය, පාකිස්ථානය, රුවන්ඩාව, සෞදි අරාබිය, සුඩානය යන රටවල් ඔය කතාව හොදින් අහගෙන හිටියද දන්නේ නෑ.
ඡන්දයක් ළඟ එනවා වගෙයි...
අගමැතිතුමනි, මූලධර්මවාදී කණ්ඩායම් තමයි බොහෝවිට අවසානයේ ත්‍රස්තවාදීන් වෙන්නේත්... ඒකනිසා සියලුම පිළිගත් ආගම්වලින් කැඩී ගොස් ආගමික කණ්ඩායම් ලෙස කටයුතු කරන කල්ලි සොයා ඒවා තහනම් කරන්න එක්කෝ මර්ධනය කරන්න. අනික බුර්කාවත් තහනම් කරන්න...
අද ලොකෙම පිළිඅරන් තියෙන්නේ මුස්ලිම් ත්‍රස්තවාදය මුල් දුවපු, ලෝකයේ මෙතෙක් බිහිවූ ත්‍රස්තවාදී කණ්ඩායම් අතරින් වඩාත්ම මූල්‍ය සම්පත් ඇති, ඉතාම භයානක පෙළගැස්මක් ලෙස. එය මුල් දුවන්නට පෙර නැතිකළ යුතු යැයි සිතන එක හරි... බුදධි අංශයේ මෙහෙයුම් පටන් ගන්න තිබුණේ මීට බොහෝ කලකට පෙරයි.
අපේ සංස්කෘත සබ්බ්‍යත්වයට වින කරමින් ඉන්න තවත් වර්ගයක අන්තව්වාදී මූලධර්මවාදී විදේශ නඩ ගැනත් හොයන්න
හමුදා බුද්දි අංශ වෙහෙසට පත් කොරන්න එපා සිංහල අපි දෙන්නම් වැඩේ දකුණු ඉන්දියාවටම දුවන්න. ගියසැරේ තිබුනේ හම්බ ආන්ඩුවක් නිසා අපිට මුකුත් කරන්න බැරි වුණා.
තව සෙට් එකක් බන්දගත්තා නම් හරි පඩි ගෙවලා ඊළඟ බෝම්බ වැල පුපුරුවන්න.
මෙම අදහස් දක්වන පිරිස් අතරත් පේනවා ත්‍රස්තයින්ට මොනතරම් ලෙන්ගතුකමක්ද තියෙන්නේ කියලා. අගමැතිතුමනි! ඔබතුමාට මේ දේ කරන්න පුළුවන් ත්‍රස්ථවාදීන් හඳුනාගන්න පුළුවන් වෙන්නේ ත්‍රස්තයින් ගැන දැනුමක් අැති අයට හැර මන්ද බුද්ධිකයින්ට නෙමෙයි.
සියලුම කටයුතු සඳහා රටේ ආරක්ෂාව වෙනුවෙන් බුද්ධි අංශ සක්‍රීය කළයුතුයි කිව්වත් නොකිව්වත්...